නොබැඳි ජාතීන්ගේ සංවිධානය

නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM) යනු ලොව බල කඳවුරු සමග රූපාත්මකව තදින් බැඳීම හෝ එරෙහි වීම හෝ නොවීම හා තම රටේ සුබ සිද්ධියට අදාලව නිදහස් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වෙනුවෙන් පිහිටුවා ගත්, ස්වාධීන රාජ්‍යයන් සමූහයක එකමුතුවකි.

2012 වසර වන විට සංවිධානය සතුව සාමාජික රාජ්‍යයන් 120 දෙනෙකු සහ නිරික්ෂක රාජ්‍යයන් 17 ක් විය.

නොබැඳි ජාතීන්ගේ සංවිධානය
Non-Aligned Movement
Map of the world indicating members and observers of the Non-Aligned Movement
  සාමාජික රටවල්
  නිරික්ෂණ රටවල්
මූලස්ථානයජකර්තා, ඉන්දුනීසියාව
සාමාජිකත්වය
  • සාමාජිකයින් 120
  • නිරික්ෂකයින් 17
නායකයෝ
• මූලික තීරණයන්ට-
එළැඹීමේ අවස්ථාව
නොබැඳි රටවල රාජ්‍ය ප්‍රධානී සමුළුවලදී
• මහ ලේකම්
Hassan Rouhani
පිහිටුවීම1961 වසරේ පැවැති බෙල්ග්‍රේඩ් සමුළුවේදී
වෙබ් අඩවිය
csstc.org

නොබැඳි ජාතීන්ගේ සංවිධානය 1961 වසරේ බෙල්ග්‍රේඩ් හීදී නිල වශයෙන් පිහිටුවා ගන්නා ලදී. සංවිධානය පිහිටුවීම සඳහා ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍ය, ජවහර්ලාල් නේරු; ඉන්දුනීසියාවේ ප්‍රථම ජනපති, සුකර්ණෝ; ඊජිප්තුවේ දෙවන ජනපති, Gamal Abdel Nasser; ඝානාවේ ප්‍රථම ජනපති ක්වාමේ න්කෘමාහ්; සහ යුගෝස්ලෝවියාවේ ජනපති, Josip Broz Tito යන නායකයින් මගපෙන්වූ බව සඳහන් වෙයි. දෙවන ලෝක යුද්ධය අවසන්ව සීතල යුද්ධය ඇරඹීමත් සමග සෝවියට් දේශය සහ ඇමරිකාව ලෝකයේ බල කඳවුරු දෙකක් වශයෙන් නැගී සිටීමත්, ඔවුන් විසින් ලොව අනෙකුත් නව නිදහස් ජාතීන් සිය කඳවුරු වෙත හරවා ගැනීමට උත්සාහ දැරීම නිසාත්, ඉන් එකදු බල කඳවුරකටවත් ගැති නොවී තම රටේ සුබ සිද්ධියට අදාලව ස්වාධීන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තුන්වන ලෝකයේ ජාතීන්ට උවමනා වූ අතර, ඒ වෙනුවෙන් සකසා ගත් ස්වාධීන ප්‍රතිපත්ති අනුගමනය කිරීම, නොබැඳි පිළිවෙත නම් වේ.

වර්ථමානයේ ලෝකයේ රාජ්‍යයන් 120 ක් සාමාජිකත්වය හිමිකරගෙන ඇති නොබැඳි ජාතීන්ගේ සංවිධානයට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයන්ගෙන් තුනෙන් දෙකක් අයත්වන අතර, එය ලෝක ජනගහණයෙන් 55% ක් පමණ නියෝජනය කරයි. සංවිධානයේ සාමාජිකත්වය ලබාදීමේදී අදාල රාජ්‍යය සංවර්ධනය වෙමින් පවතින හෝ තුන්වන ලෝකයට අයත් කොටසක්ද යන්න මූලික වශයෙන් සලකා බලනු ලැබේ.

පංච ප්‍රතිපත්තිය

1954 දී ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විසින් චීන-ඉන්දු සබඳතාවන් පවත්වා ගැනීමේදී අනුගමනය කල යුතු ප්‍රතිපත්ති 5ක් පිළිබඳව සිය කථාවකදී විස්තර කල අතර එය පංචශීලය (Panchsheel) ලෙස හැඳින්විණි. මෙම ප්‍රතිපත්තීන් පසුව නොබැඳි ජාතීන්ගේ සංවිධානයේද මූලික හරයන් ලෙස පිළිගැණිනි. එම පංචශීලයන් වන්නේ:

  • එකිනෙකාගේ භෞමික අඛණ්ඩතාවයට සහ ස්වෛරීභාවයට ගරුකිරීම.
  • අන්‍යෝන්‍ය ආක්‍රමණයන්ගෙන් වැළකීම.
  • අන්‍යෝන්‍ය අභ්‍යන්තරික කරුණු වලට අත නොගැසීම.
  • සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය සුභසිද්ධිය පවත්වා ගැනීම.
  • සාමකාමී සහජීවනය පවත්වා ගැනීම.

සාමාජිකත්වය

නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය සඳහා වන අවශ්‍යතාවයන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික අවශ්‍යතාවයන් සමග බොහෝ දුරට සමාන වෙයි. වර්ථමාන සාමාජිකත්වය බලාපොරොත්තු වන රාජ්‍යයන්, 1955 සිට පිළිගැනෙන බැංඩුං මූලධර්ම ("Bandung principles") දහයට අනුකූල ප්‍රතිපත්තියක් පවත්වාගෙන පැවතිය යුතුය:

දස ප්‍රතිපත්තිය

  • එක්සත් ජාතීන්ගේ න්‍යායපත්‍රයෙහි සඳහන් මානව හිමිකම් සම්බන්ධ මූලික අරමුණු සහ ප්‍රතිපත්ති වලට ගරුකිරීම.
  • සියළුම ජාතීන්ගේ භෞමික අඛණ්ඩතාවයට සහ ස්වෛරීභාවයට ගරුකිරීම.
  • ජාතික ස්වාධීනත්වය වෙනුවෙන් වූ ව්‍යාපාරයන්ට පිළිගැනීම ලබා දීම.
  • ලොකු කුඩා සියළු ජාතීන් හා පුද්ගලයන් අතර සමානාත්මතාවය පිළිගැනීම.
  • වෙනත් රාජ්‍යයක අභ්‍යන්තර කරුණු කෙරෙහි ඇඟිලි ගැසීමෙන් හෝ මැදිහත්වීමෙන් හෝ වැළකීම.
  • එක්සත් ජාතීන්ගේ න්‍යායපත්‍රයට අනුකූලව, තනිවම හෝ සාමූහිකව යම් රාජ්‍යයකට තම ජාතිය රැකගැනීමේ ඇති අයිතියට ගරුකිරීම.
  • ඕනෑම රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයට හෝ දේශපාලනික ස්වාධීනත්වයට එරෙහිව, අනිසි බලය භාවිතය/ ආක්‍රමණයන් සිදුකිරීම හෝ එවැනි තර්ජන එල්ල කිරීමෙන් වැළකීම.
  • එක්සත් ජාතීන්ගේ න්‍යායපත්‍රයට අනුකූලව, ජාත්‍යන්තර වශයෙන් ඇතිවන මතභේද හා ගැටීම් සාමාකාමී ලෙස නිරාකරණය කිරීම.
  • අන්‍යෝන්‍ය අභිරුචියන් සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම.
  • සාධාරණත්වය සහ ජාත්‍යන්තර වගකීම්වලට ගරු කිරීම.

නොබැඳි ජාතීන්ගේ සමුළුවාරයන්

සාමාජික රටවල් වල රාජ්‍ය ප්‍රධානීන් සහභාගීවන නොබැඳි ජාතීන්ගේ සමුළුව, මෙම සංවිධානයේ ප්‍රධානතම හමුව වන අතර එය සෑම වර්ෂ කිහිපයකට වරක් සංවිධානයේ සාමාජික රටක් තුලදී පවත්වයි:

දිනය සත්කාරක රාජ්‍යය සත්කාරක නගරය
1 1961 සැප්තැම්බර් 1–6 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  යුගෝස්ලාවියාව බෙල්ග්‍රේඩ්
2 1964 ඔක්තෝම්බර් 5–10 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  එක්සත් අරාබි ජනරජය කයිරෝ
3 1970 සැප්තැම්බර් 8–10 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  සැමිබියාව ලුසාකා
4 1973 සැප්තැම්බර් 5–9 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ඇල්ජීරියාව Algiers
5 1976 අගෝස්තු 16–19 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ශ්‍රී ලංකාව කොළඹ
6 1979 සැප්තැම්බර් 3–9 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  කියුබාව හවානා
7 1983 මාර්තු 7–12 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ඉන්දියාව නව දිල්ලිය
8 1986 සැප්තැම්බර් 1–6 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  සිම්බාබ්වේ හරාරේ
9 1989 සැප්තැම්බර් 4–7 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  යුගෝස්ලාවියාව බෙල්ග්‍රේඩ්
10 1992 සැප්තැම්බර් 1–6 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ඉන්දුනීසියාව ජකර්තා
11 1995 ඔක්තෝම්බර් 18–20 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  කොලොම්බියාව Cartagena de Indias
12 1998 සැප්තැම්බර් 2–3 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  දකුණු අප්‍රිකාව ඩර්බන්
13 2003 පෙබරවාරි 20–25 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  මලයාසියාව ක්වාලාලම්පූර්
14 2006 සැප්තැම්බර් 15–16 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  කියුබාව හවානා
15 2009 ජුලි 11–16 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ඊජිප්තුව Sharm El Sheikh
16 2012 අගෝස්තු 26–31 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ඉරානය ටෙහෙරාන්
17 2015 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  වෙනිසියුලාව කැරකස්

නොබැඳි ජාතීන්ගේ සංවිධානයට 50 වසරක් සම්පූර්ණ වීමේ සංවත්සරය, 2011 සැප්තැම්බර් 5-6 කාලය තුල බෙල්ග්‍රේඩ්හීදී සමරනු ලැබිණි.

සභාපතිවරුන්

නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සභාපතිවරුන්
නම රාජ්‍යය පක්ෂය සිට දක්වා
Josip Broz Tito නොබැඳි ජාතීන්ගේ සංවිධානය  යුගෝස්ලාවියාව යුගෝස්ලාවියා කොමියුනිස්ට් ලීගය 1961 1964
Gamal Abdel Nasser නොබැඳි ජාතීන්ගේ සංවිධානය  එක්සත් අරාබි ජනරජය අරාබි සමාජවාදී සංගමය 1964 1970
Kenneth Kaunda නොබැඳි ජාතීන්ගේ සංවිධානය  සැමිබියාව එක්සත් ජාතික නිදහස් පක්ෂය 1970 1973
Houari Boumediène නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ඇල්ජීරියාව විප්ලවවාදී කවුන්සිලය 1973 1976
විලියම් ගොපල්ලව නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ශ්‍රී ලංකාව ස්වාධීන 1976 1978
ජේ. ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය 1978 1979
ෆිදෙල් කැස්ත්‍රො නොබැඳි ජාතීන්ගේ සංවිධානය  කියුබාව කියුබා කමියුනිස්ට් පක්ෂය 1979 1983
Neelam Sanjiva Reddy නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ඉන්දියාව ජනතා පක්ෂය 1983
Zail Singh ඉන්දියානු ජාතික කොංග්‍රසය 1983 1986
රොබට් මුගාබේ නොබැඳි ජාතීන්ගේ සංවිධානය  සිම්බාබ්වේ සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගමය 1986 1989
Janez Drnovšek නොබැඳි ජාතීන්ගේ සංවිධානය  යුගෝස්ලාවියාව යුගෝස්ලාවියා කොමියුනිස්ට් ලීගය 1989 1990
Borisav Jović සර්බියානු සමාජවාදී පක්ෂය 1990 1991
Stjepan Mesić ක්‍රෝඒෂියානු ප්‍රජාතන්ත්‍රවාදී සංගමය 1991
Branko Kostić මොන්ටිනීග්‍රෝ සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික පක්ෂය 1991 1992
Dobrica Ćosić නොබැඳි ජාතීන්ගේ සංවිධානය  යුගෝස්ලාවියාව ස්වාධීන 1992
Suharto නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ඉන්දුනීසියාව Partai Golongan Karya 1992 1995
Ernesto Samper නොබැඳි ජාතීන්ගේ සංවිධානය  කොලොම්බියාව කොලොම්බියානු ලිබරල් පක්ෂය 1995 1998
Andrés Pastrana Arango කොලොම්බියානු කන්සර්වේටිව් පක්ෂය 1998
නෙල්සන් මැන්ඩෙලා නොබැඳි ජාතීන්ගේ සංවිධානය  දකුණු අප්‍රිකාව අප්‍රිකානු ජාතික කොංග්‍රසය 1998 1999
Thabo Mbeki 1999 2003
Mahathir Mohamad නොබැඳි ජාතීන්ගේ සංවිධානය  මලයාසියාව එක්සත් මැලේ ජාතික සංවිධානය 2003
Abdullah Ahmad Badawi 2003 2006
ෆිදෙල් කැස්ත්‍රෝ නොබැඳි ජාතීන්ගේ සංවිධානය  කියුබාව කියුබා කමියුනිස්ට් පක්ෂය 2006 2008
Raúl Castro 2008 2009
හොස්නි මුබාරක් නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ඊජිප්තුව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 2009 2011
Mohamed Hussein Tantawi ස්වාධීන 2011 2012
මොහමඩ් මොර්සි නිදහස් සහ සාධාරණ පක්ෂය 2012
මහමුද් අහමදිනෙජාද් නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ඉරානය Alliance of Builders of Islamic Iran 2012 2013
Hassan Rouhani Moderation and Development Party 2013 වර්ථමානය තෙක්

සාමාජික සහ නිරික්ෂණ රාජ්‍යයන්

වත්මන් සාමාජික රාජ්‍යයන්

පහත දක්වා තිබෙන්නේ මහද්වීප අනූව බෙදන ලද, නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සාමාජික රටවල් වේ:

අමෙරිකාව

රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා 2006 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  බහාමාස් 1983 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  බාබඩෝස් 1983 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  බෙලීස් 1976
නොබැඳි ජාතීන්ගේ සංවිධානය  බොලිවියාව 1979 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  චිලි 1973 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  කොලොම්බියාව 1983 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  කියුබාව 1961
නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ඩොමිනිකා 2006 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ඩොමිනිකන් ජනරජය 2000 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ඉක්වදෝරය 1983 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ග්‍රෙනේඩා 1979
නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ගෞතමාලාව 1993 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ගයනා 1970 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  හයිටි 2006 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  හොන්ඩියුරාස් 1995
නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ජැමෙයිකාව 1970 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  නිකරගුවා 1979 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  පැනමාව 1976 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  පෙරූ 1973
නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ශාන්ත කිට්ස් සහ නේවිස් 2006 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ශාන්ත ලුසියා 1983 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස් 2003 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  සුරිනාමය 1983
නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ 1970 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  වෙනිසියුලාව 1989

ආසියාව

රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ඇෆ්ගනිස්තානය 1961 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  බහරේන් 1973 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  බංග්ලාදේශය 1973 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  භූතානය 1973
නොබැඳි ජාතීන්ගේ සංවිධානය  බෲනයි 1993 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  කාම්බෝජය 1961 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ඉන්දියාව 1961 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ඉන්දුනීසියාව 1961
නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ඉරානය 1979 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ඉරාකය 1961 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ජෝර්දානය 1964 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  කුවේටය 1964
නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ලාඕසය 1964 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ලෙබනනය 1961 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  මලයාසියාව 1970 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  මාල දිවයින 1976
නොබැඳි ජාතීන්ගේ සංවිධානය  මොන්ගෝලියාව 1993 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  බුරුමය 1961 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  නේපාලය 1961 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  කොරියාව, උතුරු 1976
නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ඕමානය 1973 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  පාකිස්ථානය 1979 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  පලස්තීන අධිකාරිය 1976 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  පිලිපීනය 1993
නොබැඳි ජාතීන්ගේ සංවිධානය  කාටාර් 1973 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  සවුදි අරාබියාව 1961 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  සිංගප්පූරුව 1970 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ශ්‍රී ලංකාව 1961
නොබැඳි ජාතීන්ගේ සංවිධානය  සිරියාව 1964 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  තායිලන්තය 1993 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  නැගෙනහිර ටිමෝරය 2003 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ටර්ක්මෙනිස්තානය 1995
නොබැඳි ජාතීන්ගේ සංවිධානය  එක්සත් අරාබි එමීර් රාජ්‍යය 1970 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  උස්බෙකිස්තානය 1993 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  වියට්නාමය 1976 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  යේමනය 1961

යුරෝපය

රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
නොබැඳි ජාතීන්ගේ සංවිධානය  අසර්බයිජාන් 2011 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  බෙලාරූස් 1998

ඕෂනියාව

රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
රාජ්‍යය සම්බන්ධවූ
වර්ෂය
නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ෆිජී 2011 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  පපුවා නව ගිනිය 1993 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  වනුටු 1983

පැරණි සාමාජික රාජ්‍යයන්

රාජ්‍යය සම්බන්ධව
සිටි කාලය
රාජ්‍යය සම්බන්ධව
සිටි කාලය
රාජ්‍යය සම්බන්ධව
සිටි කාලය
රාජ්‍යය සම්බන්ධව
සිටි කාලය
නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ආර්ජන්ටිනාව 1973-1991 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  සයිප්‍රස් 1961-2004 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  මෝල්ටාව 1973-2004 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  යුගෝස්ලාවියාව 1961-1992

නිරික්ෂකයින්

පහතින් දක්වා තිබෙන රාජ්‍යයන් සහ සංවිධාන තවමත් නිරික්ෂණ මට්ටමේ පවතී:

රාජ්‍යයන්

නිරික්ෂණ රාජ්‍යය නිරික්ෂණ රාජ්‍යය නිරික්ෂණ රාජ්‍යය නිරික්ෂණ රාජ්‍යය
1 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ආර්ජන්ටිනාව 2 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ආර්මේනියාව 3 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  බොස්නියා සහ හර්සෙගොවිනා 4 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  බ්‍රසීලය
5 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  චීන මහජන සමූහාණ්ඩුව 6 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  කොස්ටා රිකා 7 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ක්‍රොඒෂියා 8 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  එල් සැල්වදෝරය
9 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  කසකස්තානය 10 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  කියර්ගිස්තානය 11 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  මෙක්සිකෝව 12 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  මොන්ගෝලියාව
13 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  පැරගුවේ 14 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  සර්බියාව 15 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  ටජිකිස්තානය 16 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  යුක්රේනය
17 නොබැඳි ජාතීන්ගේ සංවිධානය  උරුගුවේ

සංවිධාන

  1. අප්‍රිකානු සංගමය
  2. අප්‍රිකානු-ආසියානු ජනතා සහයෝගීතා සංවිධානය
  3. අරාබි ලීගය
  4. පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලය
  5. Hostosian National Independence Movement
  6. Kanak and Socialist National Liberation Front
  7. ඉස්ලාම් සහයෝගීතා සංවිධානය
  8. South Centre
  9. එක්සත් ජාතීන්
  10. ලෝක සාම කවුන්සිලය
  11. International Institute for Non-Aligned Studies

මේවාද බලන්න

වැඩිදුර කියැවීම්

  • Hans Köchler (ed.), The Principles of Non-Alignment. The Non-aligned Countries in the Eighties—Results and Perspectives. London: Third World Centre, 1982. ISBN 0-86199-015-3 (Google Print)

Tags:

නොබැඳි ජාතීන්ගේ සංවිධානය පංච ප්‍රතිපත්තියනොබැඳි ජාතීන්ගේ සංවිධානය සාමාජිකත්වයනොබැඳි ජාතීන්ගේ සංවිධානය නොබැඳි ජාතීන්ගේ සමුළුවාරයන්නොබැඳි ජාතීන්ගේ සංවිධානය සභාපතිවරුන්නොබැඳි ජාතීන්ගේ සංවිධානය සාමාජික සහ නිරික්ෂණ රාජ්‍යයන්නොබැඳි ජාතීන්ගේ සංවිධානය මේවාද බලන්නනොබැඳි ජාතීන්ගේ සංවිධානය වැඩිදුර කියැවීම්නොබැඳි ජාතීන්ගේ සංවිධානය

🔥 Trending searches on Wiki සිංහල:

හින්නෝන්මාදයමූලද්‍රව්‍ය ලැයිස්තුවවොලිබෝල්මාළුනෙල්ලිපුරාවිද්‍යාවසමගි ජන බලවේගයයුනෙස්කෝසැළලිහිණි සන්දේශයජර්මනියදුටුගැමුණු රජදයානන්ද ගුණවර්ධනරසායනික සූත්‍රවැදි භාෂාවනිදි මාපිලාසරම්පඅපරාධහෘදයඅශෝක අධිරාජයායුගත්‍ර න්‍යායහේන් ගොවිතැනගම්පොල රාජධානියවෘත්තයකොළඹ පාසල් නාමාවලියමහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමණාකරණයශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරබුද්ධ චරිතයසිතේ ස්වරූපය හා පුද්ගල අනන්‍යතාවථූපාරාමය, අනුරාධපුරකොළඹ දිස්ත්‍රික්කයඅකුණුතත් වාද්‍ය භාණ්ඩසුසන්තිකා ජයසිංහරාවණා ඇල්ලකාඩ් ක්‍රීඩාශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අචෛත්‍යවිජය රජමොනරාරෝසඅළු ගිරවාස්නායු පද්ධතියඔලිම්පික්ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ ජාතික කොඩියසිංහල අක්ෂර මාලාවකොළඹ ජාතික කෞතුකාගාරයහෙළ ගණන් ක්‍රමයශ්‍රී ලංකාවේ ආදි වාසීන්රබින්ද්‍රනාත් තාගෝර්රුසියාවදකුණු පළාත, ශ්‍රී ලංකාවසිංහල ටීකා සීපදස්ත්‍රී පුරුෂ භාවයහෙන්රි ජයසේනහස්තරේඛා ශාස්ත්‍රයසීගිරියේ ඉතිහාසයළමා අපයෝජනයඉන්දියානු ජාතික කොංග්‍රසයගෝලීයකරණයපරිගණක දෘඩාංගසමාජ විද්‍යාවශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කසාම්ප්‍රදායික සිංහල විවාහඡායාරූප ශිල්පීසිංහල හෝඩිශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඋභය ජීවීන්ත්‍රිකුණාමලයසුඛෝපභෝගී භාණ්ඩඉස්සන් වගාවසෙංකඩගල පෙරහැර මංගල්‍යයසිංහබාහු රජශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුසිංහල ප්‍රස්ථාව පිරුළුදැල්පන්දුඅක්මාවශ්‍රී ලාංකීය සංස්කෘතිය🡆 More