ටර්ක්මෙනිස්තානය

ටර්ක්මෙනිස්තානය (i/tɜrkˈmɛnɪstæn/ හෝ i/tɜrkmɛnɪˈstɑːn/; ටර්ක්මෙන්: Error: }: text has italic markup (help), තුර්කි උච්චාරණය: ) යනු මධ්‍යම ආසියාවේ පිහිටි රටකි.

එය වයඹ දිගින් කසක්ස්තානයෙන් ද, උතුරින් සහ නැගෙනහිරින් උස්බෙකිස්ථානයෙන් ද, ගිනිකොණ දිගින් ඇෆ්ගනිස්ථානයෙන් ද, දකුණින් සහ නිරිත දිගින් ඉරානයෙන් ද, බටහිරින් කැස්පියන් මුහුදෙන් ද මායිම් වී පවතී.

ටර්ක්මෙනිස්තානය

Türkmenistan  (Turkmen)
ටර්ක්මෙනිස්තානය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Emblem
ජාතික ගීය: 
Garaşsyz Bitarap Türkmenistanyň Döwlet Gimni
ස්වාධීන, මධ්‍යස්ථ ටර්ක්මෙනිස්තානය රාජ්‍ය ගීය

Location of  ටර්ක්මෙනිස්තානය  (රතු)
අගනුවර
සහ විශාලතම නගරය
ඈශ්ගැබට්
නිල භාෂා(ව)ටර්ක්මෙන්
Inter-ethnic
languages
රුසියානු
ජනවාර්ගික කණ්ඩායම්
(2003)
  • 85% ටර්ක්මෙන්
  • 5% උස්බෙක්
  • 4% රුසියානු
  • 6% others
ජාති නාම(ය)ටර්ක්මෙන්
රජයඒකීය ජනාධිපති සමූහාණ්ඩුව
• ජනාධිපති
ගර්බන්ගුලි බර්ඩිමුහමෙඩොව්
අක්ජා නුබර්ඩියේවා
ව්‍යවස්ථාදායකයමෙජ්ලිස්
නිර්මාණය
1511
30 අප්‍රේල් 1918
13 මැයි 1925
• සෝවියට් සංගමයෙන් නිදහස ලබා ගන්නා ලදී
27 ඔක්තෝබර් 1991
• හඳුනාගෙන ඇත
25 දෙසැම්බර් 1991
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
491,210 km2 (189,660 sq mi) (53වන)
• ජලය (%)
4.9
ජනගහණය
• 2014 ඇස්තමේන්තුව
5,171,943 (117වන)
• ඝණත්වය
10.5/km2 (27.2/sq mi) (208වන)
දදේනි (ක්‍රශසා)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$82.151 billion
• ඒක පුද්ගල
$14,174
දදේනි (නාමික)2014 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$47.542 බිලියන
• ඒක පුද්ගල
$8,203
ගිනි (1998)40.8
මධ්‍යම
මාසද (2013)0.698
මධ්‍යම · 103වන
ව්‍යවහාර මුදලTurkmen new manat (TMT)
වේලා කලාපයUTC+5 (TMT)
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය+993
අන්තර්ජාල TLD.tm

ටර්ක්මෙනිස්තානය සියවස් ගණනාවක් තිස්සේ විවිධ ශිෂ්ටාචාරයන්ගේ සන්ධිස්ථානයක්ව පැවතුණි. මධ්‍යතන යුගයේ දී මර්ව්, ඉස්ලාමික ලෝකයේ මහා නගරයක් විය. එමෙන්ම එය සේද මාවතෙහි වැදගත් නැවතුම්පළක් ද විය. 1881 දී රුසියානු අධිරාජ්‍යයට ඈඳා ගත් ටර්ක්මෙනිස්තානය පසුව මධ්‍යම ආසියාවේ ප්‍රති-බොල්ෂෙවික් ව්‍යාපාරය තුල කැපී පෙනෙන අන්දමින් ක්‍රියාකාරී විය. 1924 දී ටර්ක්මෙනිස්තානය සෝවියට් සංගමයේ පාර්ශව ජනරජයක් (ටර්ක්මෙන් සෝවියට් සමාජවාදී ජනරජය [ටර්ක්මෙන් SSR]) බවට පත් වූ අතර 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමඟ එය, නිදහස් රාජ්‍යයක් බවට පත් විය.

ස්වාභාවික ගෑස් සම්පත් පිළිබඳ ලොව සිව්වන විශාලතම සංචිත ටර්ක්මෙනිස්තානය සතුව පවතී. රටෙහි වැඩි ප්‍රමාණයක් කරකුම් (කළු වැලි) කාන්තාරයෙන් ආවරණය වී පවතී. 1993 වසරේ සිට රජය මගින් පුරවැසියන්ට නොමිලයේ විදුලි බලය, ජලය සහ ස්වභාවික ගෑස් සපයනු ලබයි.

ජීවිතාන්තය දක්වා ජනාධිපති වූ සපර්මුරාට් නියාසොව් විසින් 2006 දී ඔහුගේ මරණය සිදු වන තෙක්ම ටර්ක්මෙනිස්තානය පාලනය කරනු ලැබුවේය. 2007 දී ගර්බන්ගුලි බර්ඩිමුහමෙඩොව් ජනාධිපති වශයෙන් ඡන්දයෙන් තේරී පත් විය. මානව හිමිකම් සංවිධාන වලට අනුව ටර්ක්මෙනිස්තානය ලොව වඩාත්ම මර්දනකාරී පාලනයක් සහිත රටවල් වලින් එකකි. මාධ්‍ය සහ ආගමික නිදහස ඉතා දැඩි සීමාවන්ට යටත් කොට ඇති අතර ස්වාධීන පරීක්ෂාවන්ට මුළුමනින්ම පාහේ ආවෘතකොට ඇත. මානව හිමිකම් පිලිබඳ ක්‍රියාකාරීන් සහ අනෙකුත් සමාජ ක්‍රියාකාරීන් ආණ්ඩුවේ පළිගැනීම්වලට ලක්වීමේ නිරන්තර තර්ජනයට මුහුණ පා සිටිති. ජනාධිපති බර්ඩිමුහමෙඩොව්, ඔහුගේ ඥාතින් සහ සමීපතමයන් සමඟ එකතුව පුද්ගලාරෝපණ ලබ්ධියක් ප්‍රවර්ධනය කරමින් පොදු මහජන ජිවිතයේ සියළු අංශ තමන් යටතට ගෙන අසීමිත වූ බලයක් භුක්ති විඳියි.

දේශගුණය

කරාකුම් කාන්තාරය ලෝකයේ වඩාත් වියළිතම කාන්තාර වලින් එකක් වන අතර එහි ඇතැම් ස්ථාන වල වාර්ෂික වර්ෂාපතන සාමාන්‍යය 12 mm (අඟල් 0.47) ක් පමණක් වෙයි. ඈශ්ගැබට් හි වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය 48.0 °C (118.4 °F) ක් වන අතර නිළ නොවන වාර්තා වලට අනුව රට තුළ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය, අමු දර්යා නදිය අසබඩ පිහිටි කරකි නගරයෙන් 51.7 °C (125.1 °F) ක් ලෙස 1983 ජුලි මාසයේ දී වාර්තා වී ඇත. රෙපිටෙක් ස්වභාව රක්ෂිතයෙහි වාර්තා වූ 50.1 °C (122 °F) ක උෂ්ණත්වය ටර්ක්මෙනිස්තානයේ පමණක් නොව කලින් සෝවියට් සංගමයට අයත් වූ සියළු රටවල් අතරින් වාර්තා වී ඇති වැඩිතම උෂ්ණත්වය ලෙස පිළිගනු ලබයි.

අමතර කියැවීම්

  • Brummel, Paul (2006). Bradt Travel Guide: Turkmenistan. Bradt Travel Guides. ISBN 978-1841621449.
  • Abazov, Rafis (2005). Historical Dictionary of Turkmenistan. Scarecrow Press. ISBN 978-0810853621.
  • Clammer, Paul; Kohn, Michael; Mayhew, Bradley (2014). Lonely Planet Guide: Central Asia. Lonely Planet. ISBN 978-1741799538.
  • Hopkirk, Peter (1992). The Great Game: The Struggle for Empire in Central Asia. Kodansha International. ISBN 978-1568360225.
  • Blackwell, Carole (2001). Tradition and Society in Turkmenistan: Gender, Oral Culture and Song. Routledge. ISBN 978-0700713547.
  • Kaplan, Robert (2001). Eastward to Tartary: Travels in the Balkans, the Middle East, and the Caucasus. Vintage. ISBN 978-0375705762.
  • Kropf, John (2006). Unknown Sands: Journeys Around the World's Most Isolated Country. Dusty Spark Publishing. ISBN 978-0976356516.
  • Rall, Ted (2006). Silk Road to Ruin: Is Central Asia the New Middle East?. NBM Publishing. ISBN 978-1561634545.
  • Theroux, Paul (28 May 2007). "The Golden Man: Saparmurat Niyazov's reign of insanity". The New Yorker.
  • Vilmer, Jean-Baptiste (2009). Turkménistan (French බසින්). Editions Non Lieu. ISBN 978-2352700685.{{cite book}}: CS1 maint: unrecognized language (link)


ආශ්‍රිත

බාහිර සබැඳි

    Government
    Other

Tags:

ටර්ක්මෙනිස්තානය දේශගුණයටර්ක්මෙනිස්තානය අමතර කියැවීම්ටර්ක්මෙනිස්තානය ආශ්‍රිතටර්ක්මෙනිස්තානය බාහිර සබැඳිටර්ක්මෙනිස්තානයඅසන්නඇෆ්ගනිස්ථානයඉරානයඋදවු:IPA/Englishඋස්බෙකිස්ථානයකසක්ස්තානයකැස්පියන් මුහුදගොනුව:En-us-Turkmenistan-2.oggගොනුව:En-us-Turkmenistan.oggප්‍රවර්ගය:Lang and lang-xx template errorsමධ්‍යම ආසියාවවිකිපීඩියා:IPA for English

🔥 Trending searches on Wiki සිංහල:

හරිත විප්ලවයශ්‍රී ලංකා ජාතික ගීයඊශ්‍රායෙල - පලස්තීන ගැටුමශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවපේශි පටකයමහා මංගල සුත්‍රයගුත්තිල කාව්‍යයශ්‍රී ලාංකීය සංස්කෘතියසඳකඩපහණමුඛ සංසර්ගයලිංගික සංසර්ගයකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපපැපොලශ්‍රී ලංකා‍වේ බුදු පිළිමකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයලංකා බැංකුවවිජයබා කොල්ලයවයඹ පළාත, ශ්‍රී ලංකාවහෙන්රි ජයසේනරන්ජන් රාමනායකදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමමුස්ලිම්පාලිත තෙවරප්පෙරුමවෘත්තීය අධ්‍යාපනයනිදහස් දිනය (ශ්‍රී ලංකාව)බ්‍රහස්පති ග්‍රහයාසිංහල වර්ණ මාලාවශ්‍රී ලංකාවේ කැටයම් කලාවපොදු නීතියයූටියුබ්කජුලංකාරාමයගාලු කොටුවශ්‍රී ලංකාවේ නර්තනයන්මත්ද්‍රව්‍යඅහිකුණ්ඨකදඹදෙණිය යුගයකොළඹසිංහල වෙදකමධර්මදූත ලූක් තුමාජංගම දුරකථනයේ උපතකාලී දෙවඟනසාර ධර්මපණිභාරතක්‍රිකට්ශ්‍රී ලංකාවේ දියඇලිබුදුගුණ අලංකාරයසිංහල අකාරාදි අනුපිලිවෙලමද්දුම බණ්ඩාරනාසාශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්2024 ගිම්හාන ඔලිම්පික්උඩරට නැටුම්එච්. ඇල් ද සිල්වාශ්‍රී ලංකාවේ නීති පද්ධතියකොහොඹා කංකාරියසඳකඩපහ‍ණේ විකාසනයහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්නෙප්චූන්බලශක්ති සංරක්‍ෂණයගිරවුශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයවැව්මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිතෝමස් අල්වා එඩිසන්ගුරුත්වාකර්ෂණයමොස්කව්දිළිඳුබවවිෂ්ණුඑස්‌. මහින්ද හිමිසත්තුහිරුශ්‍රී මහා බෝධිය, අනුරාධපුරනෙළුම් කුළුණආගම්බුලත් හපයා🡆 More