ථෙරවාද බෞද්ධ සම්ප්‍රදායට අයත් විශිෂ්ට ගණයේ බුද්ධ ප්‍රතිමා ලැබෙන්නේ ශ්‍රි ලංකාවෙනි.
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "ශ්‍රී ලංකාවේ බුදු පිළිම" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR (2016 පෙබරවාරි) |
ලංකා බුදු පිළිමය ආන්ද්‍ර ශෛලියේ ආභාසය ලබා ප්‍රභවය වූවක් බව සාමාන්‍ය පිළිගැනීමයි.එසේ වුවද බුදු පිළිමය මුලින්ම පහල වූයේ භාරතයේ නොව ශ්‍රී ලංකාවේ යැයිද එහෙයින් එය ස්වාධීන කෘතියක් යැයි සිතන්නෝද වෙති. සිංහල බුද්ධ ප්‍රතිමා ශිල්පීහු සිය නිර්මාණයන්ට දේශීයත්වය සමාරෝපණය කළහ. මුල් යුගයේ සිට දහ වැනි සියවස දක්වා ශ්‍රී ලංකාවේ නෙළන ලද බුදු පිළිම වලින් අධිකතර සංඛ්‍යාවක් සිංහල නිර්මාණ ශිල්පීන්ගේ යැයි වෙසෙසා හැඳින්වීමට ප්‍රමාණවත් දේශීය ලක්ෂණ වලින් පරිපෝෂිතය. මුල් අවධියේ ලක්දිව බුදු පිළිම වලට මහායාන ආභාසය ලැබී ඇත්තේ අල්ප වශයෙනි.මෙයට ප්‍රබල හේතුව එකල අනුරාධපුර මහා විහාර සම්ප්‍රදාය අතිශයින් ප්‍රබලව පැවතීමය. මහා විහාර සම්ප්‍රදාය මහායානය දැඩිව ප්‍රතික්ෂේප කළේය. පොළොන්නරු අවධියේ සිට මහායාන බලපෑම වැඩි වශයෙන් සිදු වීම නිසා බුදු පිළිමය විෂයෙහිද ඒ ආභාසය දක්නට ලැබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ ප්‍රතිමා වල විදේශීය ලක්ෂණද දක්නට ලැබේ.
පිළිම වර්ග
ශ්‍රී ලංකාවේ නිමැවුණු බුදු පිළිම ඒවායේ ඉරියව් අනුව ප්‍රධාන කොටස් තුනකට වෙන් කළ හැකිය.
1.හිඳි පිළිම
2.හිටි පිළිම
3.සැතපෙන පිළිම
යනුවෙනි.
සෑම බුදු පිළිමයක්ම කිසියම් මුද්‍රාවකට අනුව සිදු කර ඇත.කලාතුරකින් ප්‍රතිමාවක මුද්‍රා ලක්ෂණ දෙකක් දැක ගැනීමට පුලුවන.සාම්ප්‍රදායික වශයෙන් පොදු සම්මුතියට පත් මුද්‍රා හයකි.
වීරාසන හෝ පද්මාසන ශෛලියෙන් හිඳ උඩ අතට හැර වූ වම් අත්ල මත දකුණු අත්ල පිහිටුවා වැඩ සිටී.උඩු කය කෙලින් තබාගෙන සිටී.කමටහනට සිත යොමු කරගෙන සිටී. මහා කරැණාවේත් මහා ප්‍රඥාවේත් උත්තරීතර අවස්ථාවයි.
බුදු හිමියනගේ ධර්ම දේශනා විලාසය සංකේතවත් කරනු ලබන මුද්‍රාවයි.දකුණු අත්ල පිටතට හරවා පපුවේ මට්ටමට තබාගෙන,එහි දබර ඇඟිල්ලෙන් හා මහපට ඇඟිල්ලේ තුඩු දෙක කවයක් සෑදෙන සේ එකට තබා ඇතුළට හැරැණු වම් අතේ ඇඟිල්ලක් ස්පර්ශ කරන අයුරින් පැවතීම ධර්ම චක්‍ර මුද්‍රාවේ ලක්ෂණයයි.
දකුණු අත උඩට නවා ඇඟිලි සම්පූර්ණයෙන්ම දිග හැර,අත්ල ඉදිරිපසට සිටින සේ විවෘතව තැබීම අභය මුද්‍රාවේ සාමාන්‍ය ලක්ෂණයයි.එහි සංකේතාර්ථය නිර්භයත්වය හෝ අභය දීමයි.
අත්ල පපු පෙදෙසට ප්‍රමාණ වන පරිදි දකුණු අත උඩට නවා,දබර ඇඟිල්ල මාපට ඇඟිල්ල උඩට කවයක් ඇති වන ආකාරයෙන් තබා සිටීම මෙහි ලක්ෂණයයි.බුදු හිමි විවිධ පුද්ගලයන් සමඟ වාද විවාද පැවැත්වූ අවස්ථාව මෙයින් සංකේතවත් වේ.
එනම් පොළොව ස්පර්ශ කිරීම යන්නය.දකුණු අත දකුණු දණ හිස උඩින් අත්ල ඇතුළතට සිටින අයුරින් සියලු ඇඟිලි දිගහැර පහතට යොමුව තිබීම මෙහි ලක්ෂණයයි.බුදු සිරිත හා බැඳුණු මාර පරාජයේදී බුදුන් වහන්සේ මිහිකත වෙත අත දිගු කොට සාක්ෂ්‍ය එළ වූ අයුරු මෙයින් ප්‍රකාශිත වේ.
දකුණත පහත් කොට,ඉදිරියට දිග හැර,අත්ල ඉදිරියට හරවා ඇඟිලි දිග හැර තිබීම මෙම මුද්‍රාවේ ලක්ෂණයයි.බෙහෙවින්ම මෙම ලක්ෂණය හිටි පිළිම වල දක්නට ලැබේ.
This article uses material from the Wikipedia සිංහල article ශ්‍රී ලංකාවේ බුදු පිළිම, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.