අනුරාධපුරයේ පළමුවන කාශ්‍යප

ධාතුසේන රජුගේ දෙටු පුත් වූ කාෂ්‍යප කුමරු පර්වත රාජ/අලකපය මහ රජ වශයෙන් ද හදුන්වයි.

පල්ලව රාජ වංශික බිසවකගෙන් ලත් පුත්‍රයෙකු හෙයින් ඇය භින්න මාතෘක විය.මුගලන් කුමරු කාශප රජ දියණිය වෙතින් ධාතුසේන රජුට දාව උපන්නෙක් වූයෙන් ඔහු සමාන මාතෘක විය. හෙළ කුලසිරිතට අනුව සිංහාසනය උරුම වූයේ උභයකුල පාරිශුද්ධත්ව‍ය හිමි වූ මුගලන් කුමරුටය.දකුණු ඉන්දියාවෙන්වූ ආක්‍රමණයකදී භාරතීය සේනාව සමඟ යුධ වැදුණේ කාශ්‍යප කුමරුය. සිය ජයග්‍රහණයෙන් පසු පිය රජු‍ගෙන් ඔහු යුවරජු තනතුර බලාපොරොත්තු වුවත් එය ඉටු නොවීය.ඉන් කලකිරීමට පත් කාශ්‍යප කුමරු චූල වංශයට අනුව ක්‍රි‍‍:ව:112 දී විහාර සෙන්පතියා සමඟ කුමන්ත්‍රණය කර ධාතුසේන රජු සිහසුනෙන් නෙරපා හැර රාජ්‍ය පවරා දෙනු ලදි

වංශකථාගත තොරතුරු

පිතෘ ඝාතකයෙක් ලෙස කාශ්‍යප රජු වංශකථාවේ සඳහන් නිසා ඔහු ජනතා අප්‍රසාදයට පත්ව සිටියේ යැයි පූර්ව නිගමනය කළ හැකි වුවත් ඊට ඉඳුරා ම වෙනස් මතයක් වංශකථාගත තොරතුරු මතින්ම හෙළිවේ.දේශයේ අභිවෘද්ධියට ක්‍රියා කළ ද ධාතුසේන රජු සිය නැඟණිය ගින්නෙහි ලා පුලුස්සා මැරවීමට තරම් දරුණු හිතැත්තෙක් විය.එමෙන් ම ධාතුසේන රජ පල්ලව රාජ වංශික කාන්තාවක් හා විවාහ වී පල්ලව සේනාවක් රැගෙන ලක්දිවට විත් එවකට මෙහි පාලනය කළ ලම්බකර්ණ වංශිකයන් ඉවත් කොට පාලන බලය ලබාගත් මෞර්යයෙකි.ඇතැම් විට මේ පල්ලව පිරිස් සහයෝගය ද මව් පාර්ශ්වික ඥාතිත්වය මත කාශ්‍යප කුමරුට හිමිවන්නට ඇත.

එමෙන් ම ධාතුසේන රජු ජනප්‍රිය පාලකයෙකු වී නම් ඔහුගේ ඝාතනයෙන් පසුව කාශ්‍යප කුමරුට විරුද්ධව කැළඹීමක් ඇති විය යුතු ය.ඓතිහාසික පුරාවෘත්ත වලින් සනාථ වන්නේ ද මිගාර විසින් කාශ්‍යප රජුගේ බිසව හා කුමන්ත්‍රණය කර බිසව මඟින් රජු සීගිරි පර්වත මුදුනට ගොස් පෙරලා දමා හෝ වෙනත් ක්‍රමයකින් රජු මරුමුවට පත්කරන ලද බවකි.තවත් මතයක් නම් කාශ්‍යප විසින් ධාතුසේන රජුගෙන් ඉල්ලූ නිධානය නොදුන් නිසා කලා වැවේ බැම්මට තබා ධාතුසේන රජුට මැටි ගසා මැරූ බවයි.

වංශකථාවට අනුව කාශ්‍යප රජු සීගිරිය කරවූයේ මුගලන්ගෙන් එල්ල වේ යැයි සිතූ තර්ජනයට බියෙනි. එහෙත් එහි නටඹුන් වලට අනුව මහාචාර්යය පරණවිතාන සඳහන් කරන්නේ ; සීගිරියේ ඉදිකිරීම් සඳහා වැය කළ හත්කෝටියක ධනස්කන්ධය ද සුවිශාල මිනිස් ශ්‍රම ශක්තිය ද බලන කළ එහි බලකොටුවක් වශයෙන් ඇති අගය සීමා සහිත බවයි.සීගිරි කැටපත් පවුර , වේදිකාව කෙළවර පිහිටි මහා සිංහ රූපය , සිංහ ශරීරය තුළින් පර්වත ඉස්මත්තට විහිදුණු පියගැටපෙළ සහ පර්වත මුහුණත වූ ලලනා රූ රැගත් සිතුවම් යුධ බලකොටුවකට කිසිඳු සබඳතාවක් නොවූ අංග ලක්ෂණයන් බව පරණවිතාන මහතා පෙන්වා දෙයි.සීගිරි පර්වත මුදුණේ නටඹුන් අනුව මිනිස් වාසය සඳහා එහි වූයේ එක් කාමරයකින් වූ ගෘහයක් පමණි.ඒ අනුව සීගිරිය කලා කෞතුකාගාරයක් ,විනෝද මණ්ඩපයක් විය යුතු ය.

සීගිරිය-තාක්ෂණික කලාගාරයක්....

සීගිරිය යනු ස්වභාවික හා නිර්මාණශීලී ගෘහ නිර්මාණ ශිල්පය යන දෙයාකාරයම උපයෝගි කරගත් කලා භූමියකි.සීගිරිය අක්කර 1200ක පමණ භූමි භාගයක් වුව ද තවමත් එහි සංරක්ෂණය කර ඇත්තේ අක්කර 200ක් පමණි.වායුසමීකරණයන් නූතන තාක්ෂණයෙන් බිහිවුව ද සීතල මාළිඟා සංකල්පය අතීතයේ ද පැවති බවට ඔප්පු වන්නේ සීගිරියෙන් එවැනි නටඹුන් හමුවීම තුළිනි.මාළිඟා බිත්තිවල කුහර තුළින් ජලය ගලා යෑමට සැලැස්වීමෙන් උෂ්ණත්වය අඩු කිරීමට උත්සහා දරා ඇත.ලොව ප්‍රථමයෙන් කුරුගස් කලාව හෙවත් බොන්සායි ක්‍රමය ද ලොවට හඳුන්වා දී ඇත්තේ සීගිරිය තුළින් බවට මතයක් ඇත.එයට සාක්ෂි ලෙස විශාල මල් පෝච්චි 17ක් පර්වත ඉස්මත්තෙන් හමුව ඇත.එමෙන් ම කැටපත් පවුර මත රචනා වූ සීගිරි ගී වලින් ද එකල මහජනයාගේ කලාකාමී බව නිර්මාණශීලී බව , භාෂා විලාසය පිළීබඳ ව තොරතුරු අපට අනාවරණය වෙයි.


සීගිරි චිත්‍ර

‍තෙත බදාම‍යේ ඇඳි එකම බිතු සිතුවම් අපට සීගිරියෙන් හමු වේ. මෙම බදාමය සෑදීමට එකල චිත්‍ර ශිල්පියා හුඹස් මැටි,මී පැණි,දහයියා,කිරි ආදිය උපයෝගී කොටගෙන ඇත.අතීතයේ දී මෙහි චිත්‍ර 502 ක්( වර්තමාන පුරාවිද්‍යාත්මක සාධක වලට අනුව දහසකට වඩා සිතුවම් තිබී ඇත) පමණ තිබුන ද අද වනවිට දී මෙහි ශේෂව පවතින්නේ චිත්‍ර 22ක් පමණි.සියුම්,තෙත බදාම තලයක ඇඳි මෙම චිත්‍ර වියළීමට පෙර ඇඳ ගත යුතු වූ නිසා අවශ්‍ය ප්‍රමාණයට පමණක් බදාමය සකසා එවේලේ ම නිර්මාණය කර අවසන් කරන්න‍ට ඇත.රේඛා වැරදුණු සටහන් තැන තැන දක්නට ලැබීමෙන් සනාථ වන්නේ,අතිශය නිදහස් ආරයෙන් ඒවා එක එල්ලේම ඇඳ ඇති බවකි.

ජල තාක්ෂණය

ස්වයංක්‍රීයව අද ද ක්‍රියාත්මක වන ජලමල්,ජල උද්‍යාන නූතන ඉංජිනේරුවා ද මවිත කරවන සුලු ය.මෙහි සැලසුම්කරණය , තාක්ෂණය තුළ වර්තමාන ඉංජිනේරුවා පවා නොදත් දේ ගැබ්ව ඇත.පයිප්ප බට නොතිබූ යුගයක කාණු පද්ධතිය ක්‍රමවත්ව සකස් කිරීමෙන් මෙම ජල තටාක සඳහා ජලය ලබාගෙන ඇත. ඒ සඳහා එක පොකුණක ජලය අනෙකට යන පරිදි අනුපිළිවෙළට සකස් කර ඇත.


සාරාංශය

කලාකාමියෙකු වූ කාශ්‍යප රජුට සුන්දර පරිසරයක අවැසියාව මත කුවේරයාගේ ආලකමන්දාවටත් වඩා අලංකාර ලෙස සීගිරිය නිර්මාණය කළ බව පුරාවෘත්ත හෙළිදරව් කරයි.මෙම සුවිශාල කලා ශිල්ප ප්‍රමාණය නිමවීමට වසර 18ක් වැනි එක් රාජ්‍ය පාලන කාලයක් පමණක් ගතවීම ද සුවිශේෂ ය.සියවස් ගණනක කලා ශිල්ප ප්‍රමාණයක එකතුවක් අපට සීගිරිය තුළින් දැකිය හැක.කාශ්‍යප රජු සිය පියා මැරීම පිළිබඳව බලවත් ලෙස සිත් තැවුලට පත් වූ බැවින් බොහෝ සෙයින් පින් රැස් කළ බව සදහන් වේ.සීගිරිය අසල වූ පිදුරන්ගල වෙහෙර ද කාශ්‍යප රජුගේ ආගමික ගොඩනැඟීමක් වේ.පුරා වසර දහ අටක් රජ කළ කාශ්‍යප රජ විශාල ජන ප්‍රසාදයක් ලබා සිටි බව චූලවංශ කතුතුමා සඳහන් කරයි. මේ අනුව බලන විටදී කාශ්‍යප රජු ජන අප්‍රිය රජෙකු නොවූ බවත් සීගිරිය ද බලකොටුවක් නොවන බවටත් සිතීමට බොහෝ සාධක ඉතිරිව ඇති බව සඳහන් කළ හැකිය.






මූලාශ්‍ර

සිව්දෙස හා මුතුහර සඟරා ලිපි ආශ්‍රයෙනි.


‍වැඩිදුර කියැවුම්

  1. සීගිරි ගී
  2. සීගිරි ගීයෙහි භාෂා ලක්‍ෂණ#((සීගිරි චිත්‍ර ))


Tags:

අනුරාධපුරයේ පළමුවන කාශ්‍යප වංශකථාගත තොරතුරුඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යප සීගිරිය-තාක්ෂණික කලාගාරයක්....අනුරාධපුරයේ පළමුවන කාශ්‍යප සීගිරි චිත්‍රඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යප ජල තාක්ෂණයඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යප සාරාංශයඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යප මූලාශ්‍රඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යප ‍වැඩිදුර කියැවුම්අනුරාධපුරයේ පළමුවන කාශ්‍යප

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ දාගැබ්මානව අයිතිවාසිකම්මයිකල් ෆැරඩේකැබිලිත්තෑවේ සියඹලා ගස1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවහෘදයසිංහල ව්‍යාකරණමොස්කව්ත්‍රිවිද්‍යාකලාවපළමුවන ලෝක යුද්ධයඒ.ටී. ආරියරත්නසිංහබාහුමහාවංශයපණිභාරතකෝළම්මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායතෙරේසා මවුතුමියචාල්ස් ඩාවින්පිළිකාහබන් කුකුළාවයඹ පළාත, ශ්‍රී ලංකාවමී මැසි පාලනයඅඟහරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ දියඇලිහිරුධර්ම සංගායනාශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කඩිවි දශම වර්ගීකරණයබෝවන රෝගආකල්පකජුප්‍රභාසංශ්ලේෂණයඅෂ්ඨ විද්‍යාඉන්දුනීසියාවමනෝ විශ්ලේෂණවාදයපන්සිල්ඔලිම්පික්භෞමික ග්‍රහලෝකසෝනියා දිසාභාෂාවලිංගික සංසර්ගික ඉරියව්හෘදයාබාධයසැකිල්ලසමාජානුයෝජනයදෙමළ අක්ෂර මාලාවවිද්‍යාව2004 සුනාමියරක්‍ෂණයමහවැලි සංවර්ධන වැඩසටහනශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමැක්සිම් ගෝර්කිලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්ශ්‍රී ලංකාව ආවේණික මසුන්අවුරුදු කුමරිය තේරීමනායකත්වයසිංහල න-ණ ල-ළ බේදයඅහිකුණ්ඨකකෘමියෝවිජය රජකළු වදුරාථූපාරාමයදුටුගැමුණුගේ පාලනය සමයඇන්තූරියම්ප්ලේටෝඅනුරාධපුර රාජධානියක්‍රීඩාහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ජොහන්නස් කෙප්ලර්පාසල්විවාහයකුණකටුවාබුද්ධ ප්‍රතිමාමත්ද්‍රව්‍යත්‍රි ලක්ෂණශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියඋඩුනුවර ලංකාතිලක විහාරය🡆 More