භෞමික ග්‍රහලෝක

භෞමික ග්‍රහලෝක, භූමිෂ්ඨ ග්‍රහලෝක, පෘථිවි-සදෘශ ග්‍රහලෝක හෝ පාෂාණී ග්‍රහලෝක යනු ප්‍රාථමික වශයෙන් සිලිකේට් පාෂාණයන්ගෙන් සමන්විත ග්‍රහලෝක වේ.

සෞර ග්‍රහ මණ්ඩලය තුල, භූමිෂ්ඨ ග්‍රහලෝකයන් වන්නේ සූර්යයා ට කිට්ටුවෙන් පිහිටා ඇති අන්තහ් ග්‍රහලෝක වෙති. භූමිෂ්ඨ යන්නට වූ ටෙරෙස්ට්‍රියල් යන ඉංග්‍රීසි වදනද පෘථිවි-සදෘශ යන්නට වූ ටෙලියුරික් යන ඉංග්‍රීසි වදනද බිඳී ඇත්තේ පෘථිවිය සඳහා වූ ලතින් වචන (ටෙරා සහ ටෙලියුස්) වලින් වන අතර, විකල්ප අර්ථදැකුමක් ලෙසින් මෙම ග්‍රහලෝක සියල්ල, යම් සංගණ්‍ය ආකාරයකට, "පෘථිවි-සදිසි" බවක් දැක්විය හැක.

භෞමික ග්‍රහලෝක
බුධ, සිකුරු, පෘථිවිය, සහ අඟහරු, හා සෙරෙස් වාමන ග්‍රහලෝකය, යන්නාවූ අන්තහ් ග්‍රහලෝක, ඒවායේ ප්‍රමාණයන් පරිමාණයට අනුව දක්වමින්.

භූමිෂ්ඨ ග්‍රහලෝක, බොහෝ විට ඝන පෘෂ්ඨයකට හිමි කමක් නොමැති විය හැකි හා විවිධ භෞතික කලාපයන් හි පැවැතිය හැකි හයිඩ්‍රජන්, හීලියම්, සහ ජලය යන්නෙහි කිසියම් සංයෝජනයක් ලෙසින් බොහෝ ලෙසින් පවතින වායුමය ග්‍රහලෝකයන් ගෙන් බෙහෙවින් වෙනස් වෙති.

ව්‍යුහය

සියලු භූමිෂ්ඨ ග්‍රහලෝක හිමි කම් කියන එකම දළ ව්‍යුහය: එය වටා පිහිටන සිලිකේට් ප්‍රාචාරයකින් සහ වැඩි වශයෙන්ම යකඩ වලින් සමන්විත, මධ්‍යගත ලෝහමය මධ්‍යයකි. සඳ සමාකාර වුවද, යකඩ මධ්‍යයක් විරහිත වෙයි. භූමිෂ්ඨ ග්‍රහලෝක අගාධයන්, ආවාටයන්, කඳු, සහ යමහල් වලින් යුතු වෙති. භුමිෂ්ඨ ග්‍රහලෝක සතු වන්නේ ද්විතීයික වායුගෝල — අන්තහ් යමහල් විදාරණයන් හෝ ධූමකේතු ගැටුම් හේතුවෙන් ජනනය වූ වායුගෝලයන්— වන අතර, මීට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ලෙසින් වායුමය යෝධයන් සතුවන්නේ, ප්‍රාථමික වායුගෝලයන් — මුල් සෞර නීහාරිකාව වෙතින් සෘජුව ඩැහැ ගත් වායුගෝලයන් — වෙති.

සිලිකන් සංයෝගයන් ප්‍රමුඛත්වය ගන්නා එකක් සහ, අංගාරමය කොන්ඩ්‍රොයිට් ග්‍රහකයන් හි අයුරින් කාබන් සංයෝගයන් ප්‍රමුඛත්වය ගන්නා තවෙකක් වශයෙන්, භූමිෂ්ඨ හෝ පාෂෘණී ග්‍රහලෝක දෙවර්ගයක් සෛද්ධාන්තිකව පවතිති. මේවා පිළිවෙලින්, සිලිකේට් ග්‍රහලෝක සහ කාබන් ග්‍රහලෝක (නොහොත් "දියමන්ති ග්‍රහලෝක") වෙති.

සෞර භූමිෂ්ඨ ග්‍රහලෝක

භෞමික ග්‍රහලෝක 
සෞර ග්‍රහ මණ්ඩලයෙහි, සඳු ඇතුලු භූමිෂ්ඨ ග්‍රහලෝකයන්හී සාපේක්‍ෂ ස්කන්ධයන්

පෘථිවියෙහි සෞර ග්‍රහ මණ්ඩලය සතු වන්නේ භූමිෂ්ඨ ග්‍රහලෝක සතරකි: බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු, සහ එක් භූමිෂ්ඨ වාමන ග්‍රහලෝකයක් වන, සෙරෙස්. ඝන පෘෂ්ඨයක් සතු වීම නිසාවෙන්, ප්ලූටෝ වැනි වස්තූන්, භූමිෂ්ඨ ග්‍රහලෝකයන්ට සමතාවයක් දක්වතත්, ඒවා සමන්විත වන්නේ බොහෝ අයිස්මය ද්‍රව්‍යයන්ගෙනි (බලන්න අයිස් වාමනයා). සෞර ග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමේදී, සමහරවිට මීට වඩා බොහෝ (ග්‍රහපිණ්ඩ) පවතින්නට ඇති මුත්, සෞර නීහාරිකාවෙහි ඉතිරි ලෝක සතර හා සංයුක්ත වී හෝ ඒවා නිසා විනාශ වී හෝ යන්නට ඇත. භූමිෂ්ඨ ග්‍රහලෝක අතුරින් එකක් පමණක්, එනම් පෘථිවිය, සක්‍රීය ජලගෝලයකට හිමි කම් කියන බවට ප්‍රත්‍යක්‍ෂ වී ඇත.

ඝනත්ව නැඹුරුතාවන්

සෞර භූමිෂ්ඨ ග්‍රහලෝකයන්, සෙරස් සහ ක්ෂුද්‍රග්‍රහයන් අතුරින් විශාලතම ද්වයය යන සියල්ල සැලකූ කල්හී ඒවායේ අසම්පීඩිත ඝනත්වය සාමාන්‍ය ප්‍රවණතාවක් වශයෙන් සූර්යයා සිට දුර වැඩිවත්ම ඝනත්වය අඩුවීමක් කරා නැඹුරු වන බවක් පෙන්නුම් කරයි.

වස්තුව මධ්‍යන්‍ය ඝනත්වය අසම්පීඩිත ඝනත්වය අර්ධ-මහා අක්ෂය
බුධභෞමික ග්‍රහලෝක  5.4 ග්‍රෑම්/සෙමී³ 5.3 ග්‍රෑම්/සෙමී³ 0.39 නඒ
සිතුරු භෞමික ග්‍රහලෝක  5.2 ග්‍රෑම්/සෙමී³ 4.4 ග්‍රෑම්/සෙමී³ 0.72 නඒ
පෘථිවිය භෞමික ග්‍රහලෝක  5.5 ග්‍රෑම්/සෙමී³ 4.4 ග්‍රෑම්/සෙමී³ 1.0 නඒ
සඳ භෞමික ග්‍රහලෝක  3.3 ග්‍රෑම්/සෙමී³ 3.3 ග්‍රෑම්/සෙමී³ 1.0 නඒ
අඟහරු භෞමික ග්‍රහලෝක  3.9 ග්‍රෑම්/සෙමී³ 3.8 ග්‍රෑම්/සෙමී³ 1.5 නඒ
වෙස්ටා භෞමික ග්‍රහලෝක  3.4 ග්‍රෑම්/සෙමී³ 3.4 ග්‍රෑම්/සෙමී³ 2.3 නඒ
පලාස් භෞමික ග්‍රහලෝක  2.8 ග්‍රෑම්/සෙමී³ 2.8 ග්‍රෑම්/සෙමී³ 2.8 නඒ
සෙරස් භෞමික ග්‍රහලෝක  2.1 ග්‍රෑම්/සෙමී³ 2.1 ග්‍රෑම්/සෙමී³ 2.8 නඒ

මෙම රීතියට ප්‍රධාන ව්‍යතිරේකය වන්නේ ස‍ඳෙහි ඝනත්වය වන අතර, තම අඩු ඝනත්වයට එය හිමි කම් කියනුයේ එහි අසාමාන්‍ය සම්භවය නිසාවෙනි. බහිෂ්-සෞර භූමිෂ්ඨ ග්‍රහලෝකයන් ද මෙම නැඹුරුව අනුව යන්නේද යන වග ගැන අනාවැකි පල කෙරුමට සාධක ප්‍රමාණවත් නොවේ.

බහිෂ්-සෞර භූමිෂ්ඨ ග්‍රහලෝක

    මෙයද බලන්න: සුපිරි-පෘථිවිය සහ ස්පන්ද ග්‍රහලෝකය
භෞමික ග්‍රහලෝක 
මෙම සිත්තර ප්‍රවාචනය පෙන්නුම් කරන ආකාරයේ පෘථිවි-ප්‍රමාණ ග්‍රහලෝකයන් සොයාගැනුමට SIM ප්ලැනට්ක්වෙස්ට් නිසාවෙන් අවකාශ ලැබෙනු ඇත.

ඒවායේ සත්කාරක තාරකාවන්හී විශාල වෙවුලුම් ඇතිකිරීමට සමත් බවක් නිරීක්ෂණය කෙරුම ඔස්සේ, අපගේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයන් බහුතරයක් වායුමය යෝධයන් බවට නිර්ණය කර ගෙන ඇත. කෙසේවෙතත්, බහිෂ්-සෞර ග්‍රහලෝකයන් ගෙන් කිහිපයක් හෝ භූමිෂ්ඨ බවට අනුමාන කෙරේ.

1990 ගණන් වල මුල් භාගයෙහිදී, පෘථිවියෙහි මෙන් 0.02, 4.3, සහ 3.9 ගුණයක ස්කන්ධයන් සහිත වූ පළමු බහිෂ්-සෞර ග්‍රහලෝකයන් සො‍යා ගැනුනේ PSR B1257+12 ස්පන්ද තාරකාව වටා පරිභ්‍රමණය වෙමින් තිබියදීය. ඒවා සොයාගැනුනේ අහම්බෙනි: ඒවායේ සංක්‍රාන්තිය නිසා‍වෙන් ස්පන්ද තාරකාවෙහි රේඩියෝ තරංග සම්ප්‍රේෂණයට බාධිත ඇති විය (ස්පන්ද තාරකාවක් වටා පරිභ්‍රමණය නොවන්නට, ඒවා කිසිදා සොයා නොගැනුමට ඉඩ තිබිණි).

පළමු භෞමික ග්‍රහයා වන 51 Pegasib තාරකාවක් අවට දි සොයා ගැනුනු අතර එය ඉතා විශාල භෞමික ග්‍රහයකු බවට තාරකා විද්‍යාඥයින් ඇස්තමේන්තු කළේ 51 Pegasib තරම් තාරකාවකට ළඟින් වෙන කිසිඳු වායු යෝධයකුට සිටිය නොහැකි බව විශ්වාස කල බැවිනි. කෙසේ නමුත් HD 2094586 නම් එවැනිම භෞමික ග්‍රහයකුගේ විෂ්කම්භයන් මිනුම් කල විට පෙනී ගියේ මේවා ඇත්තෙන්ම වායු යෝධයින් බවයි.

2005 වසරේ ජුනි මාසයේදී ‍‍ Fusing තරුවක් වටා හමුවුනු ප්‍රථම ග්‍රහයා Red dwarf star Gliese 876 වටා භ්‍රමණය වනු දක්නට ලැබුණි. එය පෘථිවි ස්කන්ධය මෙන් 5 සිට 7 ගුණයක් දක්වා වන අතර භ්‍රමණ කාලය පෘථිවි දින 2 කට සීමා වේ.

වර්ගීකරණය

භෞමික ග්‍රහලෝක 
කාබන් ග්‍රහලොවක සිත්තර ප්‍රවාචනය
  • සිලිකේට් ග්‍රහලෝක (Silicate planet)
  • යකඩ ග්‍රහලෝක (Iron planet)
  • හර රහිත ග්‍රහලෝක (Core-less planet)
  • කාබන් ග්‍රහලෝක (දියමන්ති ග්‍රහලෝක)(Carbon planet)
  • සුපිරි පෘථිවි (Super-Earth)

ආශ්‍රිත

  • Chthonian planet
  • Earth analog
  • List of potentially habitable exoplanets
  • Planetary habitability
  • Venus zone
  • List of gravitationally rounded objects of the Solar System

මූලාශ්‍ර

Tags:

භෞමික ග්‍රහලෝක ව්‍යුහයභෞමික ග්‍රහලෝක සෞර භූමිෂ්ඨ ග්‍රහලෝකභෞමික ග්‍රහලෝක බහිෂ්-සෞර භූමිෂ්ඨ ග්‍රහලෝකභෞමික ග්‍රහලෝක වර්ගීකරණයභෞමික ග්‍රහලෝක ආශ්‍රිතභෞමික ග්‍රහලෝක මූලාශ්‍රභෞමික ග්‍රහලෝකග්‍රහලෝකයපෘථිවියලතින්සූර්යයාසෞර ග්‍රහ මණ්ඩලය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී පාදස්ථානයදේශබන්ධු තෙන්නකෝන්රාජ්‍ය නොවන සංවිධානසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයඉතිහාසයථූපාරාමය, අනුරාධපුරසූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅනුරාධපුර පෞරාණික නගරයමානව සංවර්ධන දර්ශකයපළමුවන ලෝක යුද්ධයසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුශ්‍රී ලංකාවේ පළාත්නියුමෝනියාවකෘෂි කර්මාන්තයහෘදයාබාධයගාලු කොටුවඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවකළුතරඅශ්වයාඡායාරූප ශිල්පීධවල පත්‍රිකාවවන්නම්සාහිත්‍යයමොණර කුඩුම්බියතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයසිංහල අකාරාදි අනුපිලිවෙලමහනුවරයූටියුබ්උපායශීලී සැලසුම්කරණයසනත් ජයසූරියඋද්ධමනයප්‍රතිචක්‍රීයකරණයපොළොන්නරුව වටදාගෙයසේනක බිබිලේමනෝවිද්‍යාවමුතුරාජ‍වෙලහෙද සේවයමිනිස් මොළයසිංහල ටීකා සීපදබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාබුද්ධි ගලනයපහතරට නැටුම්කලා වැවලිංගික සංසර්ගික ඉරියව්සත්ත්ව වංශස්නායු පද්ධතියපර්යේෂණවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයවෙසක් උත්සවයසිකුරු ග්‍රහලොවමිකී මවුස්හින්දු ධර්මයආර්ය අෂ්ඨාංගික මාර්ගයමහින්දාගමනයඩන්කන් වයිට්නියඟයලාඕසයනිල්ලග්ගම බෞද්ධ ස්මාරකපංච නීවරණශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියඉන්දියාවේ ඉතිහාසයනිල් මානෙල්නෙළුම්විපස්සනාවකාංසා අක්‍රමතාවයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාකෘමියෝශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුඅර්ජුන රණතුංගතුලනාත්මක දේශපාලනයබුලත් හපයාසාරිපුත්ත රහතන්වහන්සේගල් විහාරයඅනුර කුමාර දිසානායකඅපරාධ නීතියචාල්ස් ඩාවින්🡆 More