සාහිත්‍යය

භාෂාව උපයෝග කර ගනිමින් රසය ජනනය කරන කලාව, සාහිත්‍යය ලෙස හැඳින්වෙයි.සමාන හදවත යන්න සාහිත්‍යය යන වචනයෙන් අදහස් වෙයි.

එය හුදෙක් භාෂා වික්‍රමයක් පමණක් නොව මානව ජීවිතයේ විවිධ පැතිකඩ නිරූපණය කරන මාධ්‍යයකි. සාහිත්‍යය නිර්මාණය, රස වින්දනය හා විචාරය යන ක්ෂේත්‍ර තුනකින් සමන්විත බව ඇතැම් විචාරකයෝ පවසති. රස වින්දනය සාහිත්‍යය පරිශීලනයෙන් ලැබිය හැකි ප්‍රතිලාභයකි. සාහිත්‍යය යන්නට නොයෙකුත් විවරණ ඇත. එම විවරණ සාහිත්‍යය භාවිතා කරන්නන් මත හා එහි අන්තර්ගතය මත රඳා පවතී. එය පුළුල් ලෙස සලකා බලන විට ඕනෑම රූ සටහනක සිට අක්ෂර දක්වා ඕනෑම සංකේතයක් අඩංගු වන වාර්තාවක් ලෙස දැක්විය හැක. පටු දැක්මකින් යුතුව බලන කළ එය අක්ෂර පමණක් හෝ අක්ෂර සංකේත වශයෙන් ඇති ඕනෑම ලිඛිත භාෂාවකින් යුත් වාර්තාවක් ලෙස පෙනිය හැකිය. (උදාහරණ ලෙස ඊජිප්තු) එසේම පටු දෘෂ්ඨියකින් සලකා බලන කළ සාහිත්‍යමය කෘතියක් යන්න භෞතිකමය ස්වභාවයක් සහිත වන්නක් බව සැලකේ. මුස්ලිම් දාර්ශනික ඉමාම් ජෆා අල් සදික්ගේ (ක්‍රි. ව. 702 - 756) අර්ථ දැක්විම් වලට අනුව සාහිත්‍යය යන්න පහත පරිදි වේ. සාහිත්‍යය යනු යමෙකු විසින් අඳිනු ලබන වස්ත්‍රයක් වැනිය. යමකු පවසන හෝ ලියා දක්වන දෙයින් එය තවත් සිත්ගන්නා සුළු වේ. ෆැගිලියෝ මුයිගි පවසන පරිදි සාහිත්‍යය යනු යම් මඟ පෙන්වීමක් සහ අර්ථයක් කැටි කළ ජීවිතයේ එක් පැතිකඩකි. එය අර්ථ දක්වන්නන්ගේ දැකීමට අනුව ලෝකය පිළිබඳ අර්ථ දැක්වීමකි. එහෙත් සාහිත්‍යයට අඩංගු වන්නා වූ ලියවිලි නිරතුරුවම මෙම සීමා පසු කරයි.

සාහිත්‍යය
ඔක්ස්ෆර්ඩ් හී මර්ටන් විද්‍යාලයීය පුස්තකාලයේ ඇති පැරණි පොතක්.

රුසියානූ රෝමන් ජැකොබ්සන් අර්ථ දක්වන පරිදි සාහිත්‍ය යනු සාමාන්‍ය කතා මත ක්‍රියාකරන්නාවූ සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වයකි. එය සාහිත්‍ය එදිනෙදා දිවියෙන් හා සාකච්ඡා වලින් වෙනස් වන අයුරු විදහා දක්වයි.

විදහා දක්වන ලද කතන්තර, ගුහා වල ඇඳි සිතුවම් හා සිහිවටන ආදිය සාහිත්‍යයේ සීමාවන් පුළුල් කර ඇත.

ඉතිහාසය

වෙනත් ඓතිහාසික සමයන්හිදි සාහිත්‍යයේ විවිධ මුහුණුවරයන් අවධාරණය කරනු ලබති. ආරම්භක කෘතින් හි බොහෝ විට විවෘත හෝ සැගවුණු උපදේශාත්මක අරමුණක් විය. සදාචාරයන් මත හෝ විධානාත්මක සාහිත්‍යයන් මතුවි ඇත්තේ එවැනි මුලාශ්‍රයන් ගෙනි. මාධ්‍යතන යුගයේ සිට ප්‍රේම වෘතාන්තයන්හි අපුරුව ස්වභාවය ඉහලින් වැජඹුණු අතර නර්ථනය පිළිබද යුගය තුලදී ජාතිකත්වය පිලිබද වීර කාව්‍ය හා දර්ශණාත්මක ප්‍රබන්ධයන් නිර්මාණය විය.රෝමැන්තික වාදය ජනප්‍රිය ජනසාහිත්‍යය සහ චිත්තවේගී සම්බන්ධතා අවධාරණය කල අතර 10 වෙනි ශත වර්ෂයේ දි බටහිර තාත්වික වාදය ස්වභාවිකබව සහ නාට්‍යය ස්වභාවය පිළිබද ගවේෂණයන්ට ද යොමු විය. 20 වන සියවසේ දි නිරූපනය හා සංර්ධනයේ දී සංස්කේත වාදයේ හා මනෝවිද්‍යාත්මක දෘශ්ටින් සදහා ඉල්ලුමක් ඇති විය.

දේශීය සාහිත්‍යයන්

ජාතීන් හට සාහිත්‍යයන් ඇත්තේ සංවිධාන දාර්ශනික අධ්‍යාපන ආයතන හා ඓතිහාසික කාල වකවානු ඇත්තාක් සේය. සාමාන්‍ය පිළිගත් අදහස වනුයේ ජාතියක සාහිත්‍යය එනම් සාහිත්‍යමය කෘතිවල එකතුවෙන් එම ජාතිය සම්පුර්ණ පරිපුර්ණත්වයක් ලබන බවය.

මාතෘකාමය සාහිත්‍යයන්

සාමාන්‍යයෙන් සාහිත්‍යය මාතෘකාවක් වටා ගෙතුණු කතා කාව්‍ය හා කෘතියකට සමනා කළ හැක. මේ අනුව මෙම සාහිත්‍ය අංගයන්ට දේශීයත්වයේ අංග අඩංගු නොවේ.

ගුණාත්මක භාවයේ ඇති වෙනස්කම්

සාහිත්‍යයේ හා වෙනත් ලිඛිත කෘතිවල වෙනස්කම් විදහා දැක්විය හැක. සාහිත්‍යමය රචනා හා සාහිත්‍යමය වටිනාකම් මගින් මෙම වෙනස පෙන්විය හැක. උදාහරණයක් ලෙස ඇතමෙක් චාර්ලිස් ඩිකන්ස්ගේ කෘති සාහිත්‍යය යටතේ අඩංගු කළ ද තවත් සමහරෙක් (යම් විචාරකයන්) ජෙෆ්රි ආචර්ගේ කෘති අව‍තක්සේරු කරති. එයට හේතුව වැරදි ව්‍යාකරණ, වැරදි පද ගැලපීම නොගැලපෙන ලෙස එක්කල කථා මාලාවන් හා ‍පදනමක් රහිත චරිත මේ නවකතා ද මෙලෙස සාහිත්‍යය යන තේමාවට අඩංගු නොවිය හැක.

සාහිත්‍ය තාක්ෂණික ක්‍රම

සාහිත්‍ය තාක්ෂණික ක්‍රම හෝ සාහිත්‍ය උපකරණ පාඨකයා මත විශේෂිත බලපෑමක් ඇති කිරීමට යොදා ගන්නා සාහිත්‍යමය කාර්යයන් විය හැක. යුධමය ක්‍රියාවලි වලින් යුධෝපායන් වෙනස් වන්නාක් මෙන්ම සාහිත්‍ය වර්ග වලින් සාහිත්‍ය තාක්ෂණික ක්‍රම වෙනස් වෙයි.එමනිසා David Copperfield හි සමහරක් අවස්ථා වලදි හාස්‍ය යොදා ගෙන තිබුණත් එය අයත් වන්නේ හාස්‍ය වර්ගයේ නවකතා වකට නොව විකට නව කතාවකටය. Bleak House නවකතාවෙහි ඉතාමත් බහුල ලෙස හාස්‍යය යොදා ගෙන ඇති අතර එමනිසා එය හාස්‍ය නව කතා කාණ්ඩයට ඇතුළත් වෙයි. මේ ආකාරයට තාක්ෂණික ක්‍රම භාවිතය නව සාහිත්‍ය වර්ගයක බිහිවීමට හේතු විය හැකිය. නූතන නවකතා වල ප්‍රථම කතා වලින් එකක් වු සැමුවෙල් රිචඩ්සන්ගේ පැමෙලා මෙයට උදාහරණයක් වන අතර එය ලේඛ්‍යක සිද්ධාන්තය යොදා ගනිමින් ලේඛ්‍යක සම්ප්‍රදාය ශක්තිමත් කරන ලදී. මෙම සම්ප්‍රදාය යම්කාලයක් පුරාවට භාවිතයේ යොදා ගැනුනු නමුත් එම කාලය තුළදී එතරම් පිලිගැනීමක් මෙයට නොලැබුණි.

ආශ්‍රිත ලිපි

සටහන්

සාහිත්‍ය ගද්‍ය හා පද්‍ය යනුවෙන් කොටස් දෙකකට වර්ග කළ හැකිය

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

සාහිත්‍යය ඉතිහාසයසාහිත්‍යය දේශීය න්සාහිත්‍යය මාතෘකාමය න්සාහිත්‍යය ගුණාත්මක භාවයේ ඇති වෙනස්කම්සාහිත්‍යය සාහිත්‍ය තාක්ෂණික ක්‍රමසාහිත්‍යය ආශ්‍රිත ලිපිසාහිත්‍යය සටහන්සාහිත්‍යය මූලාශ්‍රසාහිත්‍යය භාහිර සබැඳිසාහිත්‍යය

🔥 Trending searches on Wiki සිංහල:

මොහන්දාස් කරම්චන්ද් ගාන්ධිඅංගම්පොර (තාවකාලික)බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයවෛද්‍ය විද්‍යාවඅක්මාවබෞද්ධ භාවනායූටියුබ්සිංහල ජනකවිමත්ද්‍රව්‍යපරිගණක ඉතිහාසය1000000000000 (number)කැහිබෙල්ලාආයුර්වේදයජනමාධ්‍යයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයබුද්ධාගමව්‍යාපෘති කළමනාකරණයහෙළ ගණන් ක්‍රමයකළු වදුරාජන කවිපරාක්‍රම නිරිඇල්ලකර්ම (බුදු දහම අනුව)සීලතැලසීමියාවදහඅට සන්නියතුන්වන විජයබාහු රජදෙවන පරාක්‍රමබාහු රජමුදු කරවලාඉරානයසමාජානුයෝජනයවැදි භාෂාවලිංගික සංසර්ගික ඉරියව්ඉන්ෆ්ලුවෙන්සාශ්‍රී ලංකාවේ දික්කසාද නීතිඋෂ්ණත්වයපයිතගරස් ප්‍රමේයයවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයතෝමස් අල්වා එඩිසන්ප්‍රජානන මනෝ විද්‍යාවඅධ්‍යාපන මනෝ විද්‍යාවඅවුරුදු කුමරිය තේරීමලෝවාමහාපායමහා සිකුරාදාසීතාවක රාජධානියශ්‍රී ලංකාවේ ආගමික පසුබිමශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමක්ෂණික මෝචනයස්ත්‍රී ස්වයං වින්දනයප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)ශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවජලභීතිකාවමහා පත්තිනි දේවාලය, නවගමුවඝනත්වයසීගිරියේ ඉතිහාසයනියඟයසිංහරාජ වනාන්තරයඅවුකන බුදු පිළිමයවකුගඩු රෝගඔලිම්පික්ශ්‍රී පාදස්ථානයබිම්බිසාර රජකාවන්තිස්ස රජඅහිකුණ්ඨකපාස්කු උත්සවයශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවශ්‍රී ලංකා කොටියාවිර පුරන් අප්පුලංකා දිවයිනරජරට රාජධානියේ අනුරාධපුර යුගයආවර්තිතා වගුවසඳකඩපහ‍ණේ විකාසනයරත්න ශ්‍රී විජේසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාරාජ්‍ය නොවන සංවිධානකාංසා අක්‍රමතාවයදිලීරගුප්ත රාජවංශය🡆 More