පංච නීවරණ

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.

පංච නීවරණ ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

බුද්ධ ධර්මයේ පංච නිවරණ ධර්ම යනු සාර්ථකත්වයට බාධා කරනු ලබන හා නිර්වාණයට මඟ අවුරණ ඍණාත්මක මානසික තත්ත්වයන්ය. මේ තත්ත්වයන් නම්,

  1. කාමච්ඡන්ද
  2. ව්‍යාපාද
  3. තීනමිද්ධ
  4. උද්ධච්ඡ කුක්කුච්ඡ
  5. විචිකිච්ඡා


පාලි ධර්ම ග්‍රන්ථවල සංයුක්ත නිකායේ මෙම පංච නීවරණ ධර්ම සමීපයෙන්ම නිර්වාණය ළඟා කර ගැනීමද උපකාරී වන සප්ත භොජ්ජංග දේශනා කර ඇත. උදා: ලෙස සංයුක්ත නිකායේ මෙලෙස සඳහන් කර ඇත.

“භික්ෂුණී මනස දූෂණය කරන හා ප්‍රඥාව ළඟා කර ගැනීමට බාධා පමුණුවන නීවරණයන් හෙව් බාධකයන් 5ක් පවතී.ඒවා නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ,උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා වේ.එසේම භික්ෂුණි නිර්වාණය ළඟා කර ගැනීමට හේතු වන සාධක 7 ක් පවතී. මේවා මනස දූෂණය නොකරයි. බාධාකාරී නොවේ. මේවා දියුණු කළ විට සත්‍ය අවබෝධ කර ගැනීමට මාර්ගය පෙන්වනු ලබයි.එම හත නම්, සති, ධම්මවිජය, වීර්යය, ප්‍රීති, පස්සද්ධි, සමාධි හා උපේක්ඛා යන්නයි.”

සතිපට්ඨාන සූත්‍රයට අනුව ඉහත පංච නීවරණ ප්‍රහීණය කරමින් ධ්‍යාන වැඩීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත. ‍

“මේ අන්දමට භික්ෂුව පංචනීවරණ ධර්මයන්හි නුවණින් බලමින් වාසය කරයි. ඔහු තමා තුළ කාමච්ඡන්දය ඇත්තේ යැයි තමා තුල ඇති කාමච්ඡන්දය දැනගනී. ඔහු තමා තුල කාමච්ඡන්දය නැත්තේ යැයි තමා තුල නැති කාමච්ඡන්දය දැනගනී. නූපන් කාමච්ඡන්දයන්ගේ ඉපදීමද උපන් කාමච්ඡන්දයන්ගේ ප්‍රහාණයද, ප්‍රහීන වූ කාමච්ඡන්දයන්හි නැවත නොඉපදීමද ඔහු දැන ගනී.”

ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා යන නීවරණ සම්බන්ධයෙන්ද ඒ ආකාරයටම පසු ඡේදයන්හි සඳහන් කර ඇත.

කාමච්ඡන්ද

කාම වස්තු කෙරෙහි කැමැත්ත හෙවත් ආශාවයි. අභිජ්ඣා , කාමරාග යනු සමාන පදවේ.

ව්‍යාපාද

අසතුටුදායක, ප්‍රතිවිරුද්ධ අරමුණු ගැන ඇතිකරගන්නා වූ ගැටීමයි. අනෙක් අය පිළිබඳව ඇති ද්වේශ සහගත හැඟීම වියාපාද වේ.

ථීන මිද්ධ.

නීවරණ යටතේ එක් ධර්මයක් වශයෙන් ඉදිරිපත් කර තිබුනද ථීන හා මිද්ධ සැබැවින්ම දෙකකි . ථීන යන්නෙන් මානසික අකර්මණ්‍ය බවත් මිද්ධ යන්නෙන් කායික අකර්මණ්‍ය බවත් අදහස් කෙරේ. මානසික ඒකාග්‍රතාවක් නොමැති වීම හෙවත් අලසබව අදහස් වෙ.

උද්ධච්ඡ කුක්කුච්ඡ

සිතෙහි පවතින නොසන්සුන්බව, විසිරුණු ගතිය, සෙලවෙන ගතිය (උද්ධච්ච) නම් වෙයි. කළ-නොකළ වරද පිළිබඳව තැවෙන ස්වභාවය (කුක්කුච්ච) නම් වේ. මේවා අකුසල සිතුවිලි දෙකකි. නොසන්සුන් වූ සිත, සිරගෙයක දුක් විඳින්නකු ලෙස සාමඤ්ඤඵල සූත්‍රයෙහි දක්වා ඇත.

විචිකිච්ඡා

දිගට පවතින පදනම් විරහිත සැකය විචිකිච්ඡා නම් නීවරණයයි. මාර්ගය හා ප්‍රතිපදාව පිළිබඳ පවතින සැකය ප්‍රඥාවේ උදාවට බාධකයකි.

පංච නීවරණ පලවා හැරීමේ ක්‍රමයන් සහ මාර්ගයන්

නැති කිරීමේ ආකාරය සහමුලින් දුරු කිරීමේ මාර්ගය/
නිවනි මඟ
කාමච්ඡන්ද

රූප,ශබ්ද ආදී (පංචේන්ද්‍රිය)
ලොභනිය වස්තූන්, අනිත්‍ය,
දුක්ඛ, අසුභ, අනාත්ම වශයෙන්
මෙනෙහි කිරීම.

අනාගාමී හෝ අරහත් භාවය
ව්‍යාපාද මෛත්‍රිය මත පදනම් වීම. අනාගාමී
තීනමිද්ධ

වීර්යයෙහි අනුහස් මෙනෙහි
කිරීම. (උදා: ආලෝකය
මෙනෙහි කිරීම)

අරහත්
උද්ධච්ඡ කුක්කුච්ඡ නුවණින් මෙනෙහි කිරීම අනාගාමී සහ අරහත්
විචිකිච්ඡා යෝනිසෝ මනසිකරය සෝවාන්

බාහිර යොමු

Tags:

පංච නීවරණ කාමච්ඡන්දපංච නීවරණ ව්‍යාපාදපංච නීවරණ ථීන මිද්ධ.පංච නීවරණ උද්ධච්ඡ කුක්කුච්ඡපංච නීවරණ විචිකිච්ඡාපංච නීවරණ පලවා හැරීමේ ක්‍රමයන් සහ මාර්ගයන්පංච නීවරණ බාහිර යොමුපංච නීවරණ

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී වික්‍රම රාජසිංහ රජජැක්සන් ඇන්තනීරුසියාවඋද්ධමනයසිංහල න-ණ ල-ළ බේදයසෞඛ්‍යයසංවර්ධිත රටවල්ප්‍රතිචක්‍රීයකරණයඅග්නිදිග ආසියාවජල දූෂණයත්‍රිවිද්‍යාකුප්පමේනියසිකුරු ග්‍රහලොවඋපත් පාලන කොපුආදරයයුරෝපයත්‍රිකුණාමලයනිකොලස් කොපර්නිකස්මහින්ද රාජපක්ෂපසළොස්වක පොහොය දොළහමිනිස් මොළයසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයකුවේණි කුමරියක්ෂණික මෝචනයමහා මංගල සුත්‍රයසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුසඳකඩපහණමාලදිවයිනඉන්දියාවේ දේශපාලන පක්ෂඇත් පොකුණසුළඟලෝවාමහාපායමොණර කුඩුම්බියබුධස්ත්‍රී ස්වයං වින්දනයතිස්සමහාරාම රජ මහා විහාරයප්‍රභාසංශ්ලේෂණයමොස්කව්රණතුංග කරුණානන්දඅනුරාධපුර ජේතවනාරාමයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවධම්මපදයමින්නේරිය වැවශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියරාවණා ඇල්ලඉසුරුමුණියසබරගමුව පළාතකාල් මාක්ස්සූර්ය ග්‍රහණක්‍ෂය රෝගයකාව්‍යශේඛරයවිවාහයශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයචාල්ස් බැබේජ්සාගර විද්‍යාවමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිකෘත්‍රීම බුද්ධියශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවසෙංකඩගල පෙරහැර මංගල්‍යයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයදේශගුණයවගුරුතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතස්ටීවන් හෝකිංශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුව/අශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කමර්සලින් ජයකොඩිපළමුවන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ අධිකරණයඋසස් පෙළ දේශපාලන විද්‍යාවවැව්මොණරා සහ සෙබඩශාන්ත ජුසේ වාස් තුමාඡායාරූපයආදිවාසීන්මුතුරාජ‍වෙල🡆 More