ආනාපාන සති භාවනාව

෴ආන - අපාන යන වචන දෙක සන්ධිවීමෙන් ආනාපාන යන පදය සෑදී තිබේ.

නාසයෙන් ශරීරය තුලට ඇදගන්නා ආශ්වාස වාතය ආන නමින්ද නාසයෙන් පිට කරන ප්‍රශ්වාස වාතය ආපාන නමින්ද හැදින්වේ.ආශ්වාස ප්‍රශ්වාස දෙක අරමුණු කොට පවත්වන සිහිය ආනාපාන සති නමින් කියැවේ. මේ සිහිය නැවත නැවත සිත්හි වැඩීම් වශයෙන් දියුණු කිරීම ආනාපාන සති භාවනා නම්වේ.සමථ කර්මස්ථානයන් අතුරෙන් මේ ආනාපාන සති කර්මස්ථානය අතිශයින් සියුම් වූ උසස්ම කර්මස්ථානයෙකි. මෙය වැඩීමෙන් ධ්‍යාන විදර්ශනා මාර්ගඵලයන් උපදවා ගෙන සියලු සසර දුක් නැති කිරීමෙන් ලැබිය යුතු උතුම් නිවන් සුවය පසක් කර ගත හැකි වන්නේය.

මේ කර්මස්ථානය වැඩීමේදී පළමුවෙන්ම කළයුත්තේ සිහියෙන් යුතුව ආශ්වාස, ප්‍රාශ්වාස කිරීමයි. ආශ්වාස, ප්‍රාශ්වාස කරන විට දීර්ඝ වශයෙන් හෝ කෙටි වශයෙන් සිහියෙන් යුක්තව කිරීම දෙවෙනි පියවරයි. මේ ආනාපාන සති කර්මස්ථානය සංෂිප්තව දොලොස් ක්‍රමයකින් යුක්තය. විස්තර වශයෙන් එහි ක්‍රම දෙතිසක් ඇත.ඒ ක්‍රම දෙතිස පිලිවෙළින් පසුවට දැක්වෙනු ඇත. ඉන් මුල් දොළොස සමථ, විදර්ශනා දෙක සඳහා ද අග සිව් කොටස ශුද්ධ විදර්ශනා සඳහා ද යෙදෙන බැව් විශේෂයෙන් දැනගත යුතුය.


සතිපට්ඨාන ආනාපාන සති චතුෂ්කයන්
1. කය පිළිබඳ මෙනෙහි කිරීම 1. දීර්ඝ ආශ්වාසය පළමු චතුෂ්කය
  2. ලුහු ආශ්වාසය
  3. සමස්ත කය (ආශ්වාසය ) පිළිබඳ ප්‍රත්‍යක්‍ෂය
  4. කායික ක්‍රියාකාරකම් සන්සුන් කිරීම
2. හැඟීම් පිළිබඳ මෙනෙහි කිරීම 5. ප්‍රහර්ෂය අත්දැකීම දෙවන චතුෂ්කය
  6. ප්‍රමෝදය අත්දැකීම
  7. මානසික ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රත්‍යක්‍ෂය
  8. මානසික ක්‍රියාකාරකම් සන්සුන් කිරීම
3. මනස පිළිබඳ මෙනෙහි කිරීම 9. මනස පිළිබඳ අත්දැකීම තෙවන චතුෂ්කය
  10. මනස සතුටුකිරීම
  11. මනස සමාධියට කේන්ද්‍රගත කිරීම
  12. මනස නිදහස් කිරීම
4. ධම්මයන් පිළිබඳ මෙනෙහි කිරීම 13. අනිත්‍ය බව පිළිබඳ මෙනෙහි කිරීම සතරවන චතුෂ්කය
  14. තණ්හාව තුනී වී යාම පිළිබඳ මෙනෙහි කිරීම
  15. නිරුද්ධිය පිළිබඳ මෙනෙහි කිරීම
  16. නිෂ්ක්‍රමණය පිළිබඳ මෙනෙහි කිරීම
වගුව 1. සතිපට්ඨානයන් සතර හා ආනපානසති අවස්ථා දහසය.

මේ ආනාපාන සතිය වැඩීමේ දී එයින් වැඩ කීපයක් සිදුවන බව පැහැදිලිව වැටහෙනු ඇත. තම සිත තුල බලවත් ප්‍රීතිය පහළවීම නීවරණ යටපත් වීමෙන් සිතේ හා කයේ මහත් සැහැල්ලු බවක් ඇතිවීම සමගම විදර්ශනාඥානය පහළවීම ද ඉන් සමහරකි. ශරීරය ස්ථිරව තබාගෙන සිත එක් අරමුනක රඳවා ගත් විට ආශ්වාස ප්‍රශ්වාසයන්ද සිහින් බවට පැමිණෙනු ඔබට හොඳින් දැනෙනු ඇත. සිත අරමුණ හොඳින් අල්වා ගත්විට හුස්ම ඉහළ පහළ යනවාද කිය තමන්ටවත් දැනගැනීමට බැරි තරමට ආශ්වාස ප්‍රශ්වාසයන්ද සිහින් බවට පත් වනු ඇත. එකල්හි ශරීරය සමග සියලු ඉන්ද්‍රියන්ද ක්‍රියා විරහිත තත්වයට පැමිණිය හැකිය.

මේ ආනාපාන සති භාවනාවෙන් චිත්ත සමාධිය ඇති කරගත් යෝගාවචරයා තුල ආශ්චර්යමත් සමාධි බලයක් හ චිත්ත පාරිශුද්ධියක් ඇති කර ගත හැකිබව දික්සඟි, වැඳුම් සඟි අටුවාවන්හි දැක්වෙන පරිදි සිතා ගත හැකිය. සතර වන ධ්‍යානයට පැමිණි යෝගාවචරයා තුළ ආශ්වාස ප්‍රශ්වාසයන් ඇති බවක් පවා දැනගැනීමට දුෂ්කර බැව් කියා තිබීමෙන් වඩාත් ඒ කරුණ පැහැදිලි වන්නේය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ඉස්සන් වගාවසමාධි බුදු පිළිමයපේශි පටකයනිල් මානෙල්ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයජාත්‍යන්තර කම්කරු දිනයජලභීතිකාවසන්දේශ කාව්‍යවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ මාර්ග සංඥාකොට්ටම්බාපතොක්සෙංකඩගල රාජධානියපුත්තාණ්ඩුවගුරුඅන්තර්ජාලයගල් විහාරයආවර්තිතා වගුවමානව පරිණාමයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගකමතමිනිස් ඇසආතර් සී. ක්ලාක්අහිකුණ්ඨකඩී.එස්. සේනානායකසන්නි යකුමඅධ්‍යාපනයදස මහා යෝධයෝසාර ධර්මභූපාලි රාගයඉන්දියානු ජාතික කොංග්‍රසයගැට බෙරයපොන්නම්බලම් රාමනාදන්ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයස්ටීවන් හෝකිංසාරිපුත්ත රහතන්වහන්සේසූත්‍ර පිටකයශ්‍රී ලංකාවේ ආදි වාසීන්සිංහරාජ වනාන්තරයපළමුවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියකලා වැවඅභිප්‍රේරණයමොස්කව්වැලිවිට සරණංකර හිමියුනෙස්කෝවැල්ත්‍රස්තවාදයඑක්සත් රාජධානියශ්‍රී ලංකාවේ පළාත්සිංහල වර්ණ මාලාවශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවනායකත්වයසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතඅධ්‍යාපන මනෝ විද්‍යාවමහ ඔයකළුතර බෝධියශ්‍රී ලංකා පොදුජන පෙරමුණකොරල් පරශ්‍රී ලංකාවේ ජාතික සංකේතචන්ද්‍රයාඅලිපෙර පාසල්ව්‍යාපෘති කළමනාකරණයචිත්‍රපට ඉතිහාසයඉසුරුමුණි කැටයම්සිද්ධි අධ්‍යයනයස්වයං වින්දනය1000000000000 (number)කාෆි රාගයරත්න ශ්‍රී විජේසිංහමහා ප්‍රජාපතී ගෝතමීඅමරදේවමුල් ළමාවියේ සංවර්ධනයකොළඹ විශ්වවිද්‍යාලයගාලු කොටුවදෙමළ භාෂාවජන කවි🡆 More