ත්‍රිපිටකය: වර්ගීකරණය

ථේරවාද බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වේ.

බුදුන් වහන්සේ ජීවත්ව සිටියදී කල ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගයනා වලදී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක නම ලැබී ඇත. පසුකාලීනව ත්‍රිපිටකයට අට්ඨකථා මගින් අතිරේක කරුණු හා විස්තරකිරීම් සිදුකර ඇත.

  1. විනය පිටකය
  2. සූත්‍ර පිටකය (සුත්ත නොහොත් සුක්ත) පිටකය
  3. අභිධම්ම පිටකය (අභිධර්ම) පිටකය
ගොනුව:ත්‍රිපිටකය.png

ත්‍රිපිටකය (තෙවලා දහම්)

    විනය පිටකය    
   
                                       
සුත්ත-
විභංග
ඛන්ධක පරි-
වාර
               
   
    සුත්ත පිටකය (සූත්‍ර පිටකය)    
   
                                                      
දීඝ
නිකාය
මජ්ඣිම
නිකාය
සංයුත්ත
නිකාය
                     
   
   
                                                                     
අංගුත්තර
නිකාය
ඛුද්දක
නිකාය
                           
   
    අභිධම්ම පිටකය    
   
                                                           
ධම්ම. විභං. ධාතුක.
පුග්ග.
කථාවත්. යමක පට්ථානප්පකරණ
                       
   
         
මෙම ලිපිය බුදු දහම
හා සබැඳි ලිපි පෙළකට අයත් වේ

බුදු දහම
ධර්ම චක්‍රය

බුදුරජාණන් වහන්සේ
අට විසි බුදුවරු
ශ්‍රී සද්ධර්මය
ආර්ය සංඝයා වහන්සේ

මූලික සංකල්ප
තිසරණය
චතුරාර්ය සත්‍යය
පටිච්ච සමුප්පාදය
නිර්වාණය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
වෙනත්

බුදු දහමේ ඉතිහාසය
(කාල රේඛාව)

ප්‍රකට බෞද්ධයින්

බුදු දහම, කලාපය අනුව

ත්‍රිපිටකය
ධර්ම සංගායනා
බෞද්ධ සංස්කෘතිය

නිකාය
මහායානය
වජ්‍රයානය

අලුලෙන
අලුලෙන

කර්තෘත්වය

ත්‍රිපිටකයේ විවිධ කොටස්වල කර්තෘත්වය විවිධ වේ

  • බුද්ධ භාෂිත - ත්‍රිපිටකයේ බොහෝ අන්තර්ගත බුද්ධ භාෂිත වේ
  • ශ්‍රාවක භාෂිත
  • කර්තෘත්වය නොදන්නා

ග්‍රන්ථාරූඩ කිරීම

ත්‍රිපිටකය රහතන් වහන්සේගේ කට පාඩමින් පැමිණ ක්‍රිස්තු පූර්ව 80 දී පමණ රජරට රජකල වළගම්බා රජ ගේ රාජ්‍ය සමයේ දී මාතලේ අලුවිහාරේ යේදී රහතන් වහන්සේලා විසින් පළමු වරට ග්‍රන්ථාරූඪ කරන ලදී.

මාතුල දනව්ව පිහිටියේ අද කෑගල්ල අවට පෙදෙසයි. පසුකාලිනයන් විසින් ‘මාතුල අළුලෙන’ ස්ථානය මාතලේ අලුවිහාරේ යෑයි උපකල්පනය කර හඳුන්වා ඇති බව පෙනේ. මහතිල හෙවත් ලොකු තල (මහ තල) ධාන්‍ය වර්ගයේ ශාක තිබූ පෙදෙස මහතල හෙවත් මාතලේ විය. එසේ නොමැතිව මාතුල මාතලේ වූවා නොවේ.

විනය පිටකය

භික්ෂු භික්ෂුණියන්ගේ අධ්‍යාත්මික දියුණුවට උපකාරීවීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ සමඟිය සඳහා සම්මුති පනවා ඇති හෙයින් විනය පිටකයට ආනා දෙසනා යැයිද කියනු ලැබේ.

විනය පිටකයේ ප්‍රධාන කොටස් තුනකි.

    • උභතෝ විභංග
    • බන්ධක
    • පරිවාර

සූත්‍ර පිටකය

සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ

සූත්‍ර පිටකය ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදේ.

දීඝ නිකාය

මෙහි සූත්‍ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද ‍ දීඝ නිකායේය. මෙහි ඇතුලත් වනුයේ ඉතා දීඝ්‍ර සූත්‍රය. මෙහි කොටස් තුනකි . එනම්

  1. . සීලක්ඛන්ධ වග්ග
  2. . මහාවග්ග
  3. . පාටික වග්ග

මජ්ඣිම නිකාය

මෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් ඇත. චතුරායර්ය සත්‍යය, කර්මය, ධ්‍යාන, සමාධි, ආත්මවාදයේ දෝෂ සහ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය.

සංයුක්ත නිකාය

මෙහි කෙටි සූත්‍ර දහස් ගනනක් ධර්‍ම සංකල්ප අනුව වර්ග 56ක් තුල අඩංගුය. එහි

  1. සගාථ වග්ග
  2. නිධාන වග්ග
  3. ඛන්ධ වග්ග
  4. සළායතන වග්ග
  5. මහා වග්ග

යනුවෙන් ප්‍රධාන වර්‍ග 5 කි.

අංගුත්තර නිකාය

අංක අනුව ධර්ම කරුණු ගොනු කිරීමෙන් මෙය නිපාත 11 කට බෙදා ඇත.

ඛුද්දක නිකාය

මෙම නිකායට ධම්මපදය, සුත්ථනිපාත, උදාන, ථෙරගාථා අභිධර්ම ග්‍රන්ථයන්ගේ මුල් ස්වරූපයට අයත් නෙත්තිප්පකරනය හා පිටකෝපදේසයද, අටුවා ග්‍රන්ථයන්ගේ මූළික ස්වරූපය වූ ජාතකපාලියද, ටීකා ස්වරූපයෙන් යුත් නිද්දේසද, විසුද්ධිමග්ග ආදියට ගුරුවූ පටිසම්භිදාමග්ගපකරණයද ආදී ‍ග්‍රන්ථ 15 ක් අයත් වේ.

අභිධම්ම පිටකය

එකම සිද්ධාන්තයක් හෝ විෂයයක් පිළිබඳව දිග්-දර්ශණ (Intelligence) ආදී බොහෝ ප්‍රභේද කර දැක්වීම සහ නිර්වාණය දෙසට යොමුවූ ධර්මය ප්‍රතිපාදනය කිරිම නිසා මෙම පිටකය අභිධම්ම ලෙස නම් කරයි.

සූත්‍ර පිටකයේ විස්තර කර ඇති සිද්ධාන්ත හා විෂයයන් පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කිරීම සහ සහ ඒවා පිළිබඳ ශාස්ත්‍රීය දෘෂ්ටියකින් යුතුව විවේචනයන් ඉදිරිපත් කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අභිධම්ම පිටකයෙන් සිදු කෙරේ. අභිධම්ම පිටකයට පරමත්ථ දේසනා‍ යැයි ද කියනු ලැබේ. මෙහි ග්‍රන්ථ 7ක් ඇතුලත් වේ.

  1. ධම්මසංගණිප්පකරණය
  2. විභංගප්පකරණය
  3. කථාවත්ථුප්පකරණය
  4. පුද්ගලපඤ්ඤත්තිප්පකරණය
  5. ධාතුකථාප්පකරණය
  6. යමකප්පකරණය
  7. පට්ඨානප්පකරණය

මූලාශ්‍ර

  • මහාචාර්ය බලදේව උපාධ්‍යායගේ බෞද්ධ දර්ශණය - ආචාර්ය හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි
  • ධර්ම සංග්‍රහය - නාරද හිමි

ආශ්‍රීත ලිපි

අඩවියෙන් බැහැර පිටු


Tags:

ත්‍රිපිටකය කර්තෘත්වයත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීමත්‍රිපිටකය විනය පිටකයත්‍රිපිටකය සූත්‍ර පිටකයත්‍රිපිටකය අභිධම්ම පිටකයත්‍රිපිටකය මූලාශ්‍රත්‍රිපිටකය ආශ්‍රීත ලිපිත්‍රිපිටකය අඩවියෙන් බැහැර පිටුත්‍රිපිටකයථේරවාදයබුදු දහම

🔥 Trending searches on Wiki සිංහල:

බ්‍රහස්පති ග්‍රහයාwlopoපරිගණක දෘඩාංගපස්වන පරාක්‍රමබාහු රජමින්නේරිය වැවකැප්චා ප්‍රහේලිකාමුවාළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාහික්කඩුවේ සුමංගල තෙරණුවෝබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුවැදි භාෂාවමහා කාශ්‍යප රහතන් වහන්සේදියවැඩියාවශ්‍රී ලංකා පොදුජන පෙරමුණකඩවතජීන් පියාජේශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවබාලදක්ෂ ව්‍යාපාරයසමාජයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයචතුරාර්ය සත්‍යයකඨින චීවර පූජාවබඹරකන්ද ඇල්ලදඹදෙණිය යුගයපර්යේෂණදේවානම්පිය තිස්ස රජජයමංගල ගාථා2024ග්‍රහලෝකශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයනව අරහාදී බුදුගුණඡායාරූප ශිල්පීපණීභාරතපන්සිල්ශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවරූපවාහිනියේ සාමාජීය බලපෑමප‍්‍රාථමික අධ්‍යාපනයහක්ගල උද්භිද උද්‍යානයසුභාෂිතය2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණයපුරාතන රෝමයමාතරඑස්‌. මහින්ද හිමිසිංහල පිල්ලම්වෙබ් බ්‍රව්සරනෙප්චූන්Wikipedia communityපාකිස්ථානයරැකියා ආතතියඩෙංගුමී මැසි පාලනයකනශාකබල්ලෝජාත්‍යන්තර සම්මත පොත් අංකයස්ටීවන් හෝකිංඉතිහාස මුලාශ්‍රමොණරා සහ සෙබඩයාල ජාතික වනෝද්‍යානයශ්‍රී ලංකාවේ ජාතික කොඩියකුරුණෑගලපරමාණුක ස්කන්ධයසිරිත් මල්දමශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවපරිගණක වෛරසෆේස්බුක්ධර්මදූත ලූක් තුමාදෙමළ අක්ෂර මාලාවකොවිඩ්-19 එන්නතගැට බෙරයපළමුවන විජයබාහු රජපාචනයස්වයං වින්දනයසාමයකටුනායකශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුව🡆 More