පටිච්ච සමුප්පාද ධර්මයේ තිපරිවට්ටය
පටිච්චසමුප්පාද ධර්මයේම සඳහන් තිපරිවට්ටයම පිළිබඳව විභංගප්ප‍්‍රකරණය නැමැති ත‍්‍රිපිටක ග‍්‍රන්ථයේ දේශණා කර ඇත.
අද කුසලය හා පින පටලවා භාවිතා කරනු පෙනේ. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද දේශණාවෙන් බුදුපියාණන් දේශණා කර ලෝකයාට පැහැදිළි කර වදාළේ අවිද්‍යාවෙන් නොදන්නා කමෙන් ලෝකයා තණ්හාවෙන් තම කැමැත්තට බැදී පටි ඉච්ච වී තමන්ගේම හිතට වහල් වී සංසාරයට බැඳී දිගින් දිගටම අතරමං වී සංසාර ගමනක යෙදෙන ආකාරය පෙන්වා දීමයි. එසේ නැතිව අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයේ නිවන් මඟක් පෙන්වා දී නැත. එහිදී පැහැදිළි කර ඇත්තේ නිවන වැසී ලෝකයා තමන්ගේ සංසාර ගමන නොනවත්වාම යමින් දුක් විදීමට මුල් වූ හේතු කාරණා සමූහයක් පෙන්වා දීම පමණි.
පටිච්ච සමුප්පාදය
මෙම ලිපිය බුදු දහම හා සබැඳි ලිපි පෙළකට අයත් වේ |
බුදුරජාණන් වහන්සේ |
මූලික සංකල්ප |
බුදු දහමේ ඉතිහාසය |
බුදු දහම, කලාපය අනුව |
|
පටිච්ච සමුප්පාදය යන්න බුදු දහමේ ගැඹුරු එමෙන්ම ප්‍රඥාවන්තයින්ට පමණක් වැටහෙන ධර්මයකි. මේ ධර්මය අවබෝධ කරගත නුහුණු බැවින් සත්ත්වයෝ දුකින් දුකට පත්ව දුර්ගතිය ඉක්මවිය නොහැකිව සසර ඉක්මවිය නොහැකිව සිටිති. එය මනා සිහි නුවණින් විමසා දැනගත යුතුවේ.පටිච්ච සමුප්පාදය යනු අවිද්‍යා සහගත වීම නිසා, හේතු-ඵල පැවැත්මෙන් සත්වයන් නැවත නැවත උපදිමින් සංසාරයෙන් මිදීමට නොහැකිව අනවරත භවගමනට පැමිණෙන ආකාරය යි.
අවිද්‍යාව අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබොධතා ඥානයක් නොමැති කමයි. අවිජ්ජාව නිසා පටිච්ව සමුප්පාදය තුළ සකස්වන හේතු ඵල සම්බන්දතාව පටිච්ව සමුප්පන්න ධර්මයන් ය. ඒවා නම්,
"තත්‍ථ කතමෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා: පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො කායසඞ‍්ඛාරො වචීසඞ‍්ඛාරො චිත‍්තසඞ‍්ඛාරො." ,
බුදු රජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් විස්තර කර වදාළේ පටිච්ච සමුප්පන්නව ම දුක සකස් වන බව යි. නැතහොත් හේතු ඵල ධර්මතාවය මත මෙය සිදුවන බවයි. අපවිසින් කරනු ලබන කුසල කර්ම ,අකුසල කර්ම (පුන්ඤ්ඤාබි සංකාර, අපුන්ඤ්ඤාබි සංකාර ) වලට අනුරූපව ඊළඟ භවය සකස්වීම සිදුවේ.
“ | කතමො ච, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස සමුදයො? චක්‌ඛුඤ්‌ච පටිච්‌ච රූපෙ ච උප්‌පජ්‌ජති චක්‌ඛුවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. අයං දුක්‌ඛස්‌ස සමුදයො... සෝතඤ්ච පටිච්ච... ඝානඤ්ච පටිච්ච... ජිව්‌හඤ්‌ච පටිච්‌ච... කායඤ්ච පටිචච... මනඤ්‌ච පටිච්‌ච ධම්‌මෙ ච උප්‌පජ්‌ජති මනොවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. අයං ඛො, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස සමුදයො පින්වත් මහණෙනි, දුකෙහි හට ගැනීම යනු කුමක් ද? ඇසත් රූපයත් ඇසේ විඤ්ඤාණය යන මේ තිදෙනාගේ එකතුවෙන් උපදින්නේ එස්ස නම්වේ. ඵස්ස හේතුවෙන් විඳීම ඇති වෙනවා; විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා; මෙය තමයි දුකේ හට ගැනීම. කණත් නිසා... නාසයත් නිසා... දිවත් නිසා... කයත් නිසා... මනසත් මනසට අරමුණු වන දේත් නිසයි මනසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා; විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා; පින්වත් මහණෙනි, මෙය තමයි දුකේ හට ගැනීම. අයං දුක්‌ඛස්‌ස අත්‌ථඞ්‌ගමො... සෝතඤ්ච පටිච්ව... ඝානඤ්ච පටිච්ච... ජිව්‌හඤ්‌ච පටිච්‌ච... කායඤ්ච පටිච්ච... මනඤ්‌ච පටිච්‌ච ධම්‌මෙ ච උප්‌පජ්‌ජති මනොවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. තස්‌සායෙව තණ්‌හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො; උපාදානනිරොධා භවනිරොධො ; භවනිරොධා ජාතිනිරොධො; ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා නිරුජ්‌ඣන්‌ති. එවමෙතස්‌ස කෙවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරොධො හොති. අයං ඛො, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස අත්‌ථඞ්‌ගමො පින්වත් මහණෙනි, දුකේ නැති වීම යනු කුමක් ද? ඇසත් රූපත් නිසයි ඇසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශය යි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව ම ඉතිරි නැතිව නො ඇල්මෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්‍ධ වෙනවා. උපාදාන නිරුද්‍ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා.භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්‍ධ වීමෙන් ජරාමරණ, සෝක, වැළපීම්, දුක්දොම්නස් සුසුම් හෙළීම් නිරුද්ධ වෙනවා. ඔය ආකාරයට යි මුළුමහත් දුක්ඛස්කන්ධය ම නිරුද්ධ වන්නේ. මෙය තමයි දුකේ නැති වීම. කණත් නිසා... නාසයත් නිසා... දිවත් නිසා... කයත් නිසා... මනසත් මනසට අරමුණු වන දේත් නිසයි මනසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශය යි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව ම ඉතිරි නැතිව නො ඇල්මෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්‍ධ වෙනවා. උපාදාන නිරුද්‍ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා.භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්‍ධ වීමෙන් ජරාමරණ, සෝක, වැළපීම්, දුක්දොම්නස් සුසුම් හෙළීම් නිරුද්ධ වෙනවා. ඔය ආකාරයට යි මුළුමහත් දුක්ඛස්කන්ධය ම නිරුද්ධ වන්නේ. පින්වත් මහණෙනි, මෙය තමයි දුකේ නැති වීම. | ” |
— දුක්‌ඛසමුදයසුත්‌තං |
“ | ඇවැත්නි, ඉදින් යම් හෙයකින් ආධ්‍යාත්මික වූ සිත නොබිඳුනේ වේ නම් බාහිර ධර්මයෝත් ආපාථට එත් නම් එයින් උපදනා වූ හෝ ඊට අනුරූප වූ මෙනෙහි කිරීමක් වේ නම් මෙසේ ඊට අනුරූප වූ විඥානභාගයාගේ පහළ වීම් වේ. එබඳු වූවහුගේ යම් රූපයක් වේද එය රූපෝපදානසකන්‍ධෙයහි සඞ්ග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් සංඥාවක් වේද එය සංඥොපාදානාස්කන්ධයෙහි සංග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් සංස්කාරයෝ වේත්ද ඔහු සංස්කාරොපදානස්කන්ධයෙහි සංග්‍රහයට යෙත්. එබඳු වූවහුගේ යම් විඥානයෙක් වේද එය විඥානොපාදානස්කන්ධයෙහි සංග්‍රහයට යේ. හෙතෙම මෙසේ දනියි. මෙසේ වනාහී මේ පසද් වැදෑරුම් වූ උපාදානස්කන්ධයන්ගේ සංග්‍රහය සන්නිපාතය එක්රැස් වීම වෙයි. භාග්‍යවතුන්වහන්සේ විසින් මෙය වදාරන ලදී. යමෙක් පටිච්ච සමුප්පාදය දකියිද හෙතෙම ධර්මය දකියි. යමෙක් ධර්මය දකියිද හෙතෙම පටිච්ච සමුප්පාදය දකියි. කියාය. මේ උපාදානාස්කන්ධ පස්දෙන ප්‍රත්‍යයෙන් උපන්නාහුය. මේ පඤ්‍චොපාදානස්කන්ධයෙහි යම් කැමැත්තක් ආලයක් ස්නේහයක් ගැලී සිටීමක් වේද එය දුක්ඛසමුදය යයි මේ උපාදානස්කන්ධ පසෙහි යම් ඡන්දරාගය නැති වීමෙක් ඡන්දරාගය දුරු කිරීමෙක් වේද එය දුක්ඛ නිරෝධය යි කියායි. ඇවැත්නි මහණහු විසින් මේ පමණෙකින් බුද්ධශාසනය බොහෝකොට කරන ලද්දේ වේ යයි.
| ” |
හේතු-ඵල වශයෙන් පටිච්ච සමුප්පාද පැවතීම මෙසේ වටහාගත හැක.
අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍ය පිලිබඳ නොදැනීමයි. සසර දුක බව තත්වාකාරයෙන් අවබෝධ කරගන්නතාක් කල් සත්වයා සැප විඳීම අපේක්ෂාවෙන් භවයට ඇලී ගැලී භවයම සකස්කර ගනී.නමුත් මේ සංසාරයේ කිසිම සත්වයෙක් ස්ථිරවූ හෝ සදාකාලික වූ සැප විඳීමක් ලබන්නේ නැත. සැප ලෙස පිළිගන්නා සියලු දේම මොහොත ඇවෑමෙන් නිසරු බවට පත්ව අවසන දුකම උරුම කරදෙන බව පිළිගන්නට හෙතම ප්‍රඥාව අවදිකරගත යුතු වන්නේය. එසේ යමෙක් මේ දුක තත්වාකාරයෙන් අවබෝදකරගත් කල්හි ඔහුගේ අවිද්‍යාව පහවී විදයාව පහල වේ.
පටිච්ව සමුප්පාදය ආර්ය නියාය සමඟ ගලපා අවබෝධ කර ගැනීම ම දුකින් නිදහස් වීමේ මඟයි. අන් අයුරකින් කිවහොත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩෙන්නේ පටිච්ච සමුප්පාදය නුවණින් විමසන විටයි.
“ | යො පටිච්‌චසමුප්‌පාදං පස්‌සති සො ධම්මං පස්සති; යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්‌සතී යමෙක් පටිච්ච සමුප්පාදය නුවණින් දකියි ද, හෙතෙම ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි. යමෙක් ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි ද, හෙතෙම පටිච්ච සමුප්පාදය නුවණින් දකියි | ” |
— මහාහත්‌ථිපදොපමසුත්‌තං |
යො පටිච්‌චසමුප්‌පාදං පස්‌සති සො ධම්මං පස්සති - යො ධම්මං පස්සති සො මං පස්සති යැයි බුදුපියාණන් වහන්සේ දේශනා කලේ, යමෙක් පටිච්‌චසමුප්‌පාදය දකියිද හේ ධර්මය දකී. යමෙක් ධර්මය දකීද හේ මං (බුදුන්)දකී. යනුවෙන් දැක්වෙන්නේ යමෙක් පටිච්‌චසමුප්‌පාදය දැකීම තුලින් ධර්මය දැකීමට සමත්වේ නම් හෙතෙම බුදුන් දැක නිවන් දකිනු ඇත යන අදහසයි.
This article uses material from the Wikipedia සිංහල article පටිච්චසමුප්පාදය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.