එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක

සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ( 1899 ජනවාරි 8 – 1959 සැප්තැම්බර් 26 ) යනු ශ්‍රි ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයාය.

ඔහු 1956 සිට 1959 දී බෞද්ධ භික්ෂු වේෂධාරියෙකු විසින් ඝාතනය කරන තෙක් අග්‍රාමාත්‍ය ධූරයේ සේවය කළේය.

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක
[ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු
තනතුර දරමින්
1956–1959
පූර්වප්‍රාප්තිකයාජෝන් කොතලාවල
අනුප්‍රාප්තිකයාවිජයානන්ද දහනායක
පුද්ගලික තොරතුරු
උපත8 ජනවාරි 1899(1899-01-08)
[ශ්‍රී ලංකාව]
විපත26 September 1959(1959-09-26) (වයස 60)
කොළඹ, ශ්‍රි ලංකාව (ඝාතනය කරන ලදී)
ජාතියශ්‍රී ලාංකීක
දේශපාලන පක්ෂයශ්‍රී ලාංකා නිදහස් පක්ෂය
කලත්‍රයාසිරිමාවෝ බණ්ඩාරනායක
දරුවන්සුනේත්‍රා බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක, අනුර බණ්ඩාරනායක
වෘත්තියදේශපාලනය, අධිනීතීඥ
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

මුල් දිවිය

බණ්ඩාරනායක කොළඹ සිංහල ක්‍රිස්තියානි පවුලක උපන්නෙකි. ඔහුගේ පියා වුයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ මුදලි තනතුරකින් පිදුම් ලද සර් සොලමන් ඩයස් බණ්ඩාරනායකය. සොලමන් බණ්ඩාරනායක පසු කලෙක දේශපාලනයට පිවිසීමේ අරමුණ ඇතිව බෞද්ධයකු බවට පත්වුයේ ය. ද්ව්තියික අධ්‍යාපනය ශාන්ත තෝමස් විදුහලෙන් ලබාගත් ඔහු වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ කෙම්බ්‍රිජ් සරසවියෙනි 1915 කෙම්බ්‍රිජ් සීනියර් විභාගය ඉහලින් සමත් වූ මෙතුමා 1919 දී ඔක්ස්ෆර්ඞ් සරසවියට ඇතුලත් විය

දේශපාලන දිවිය

ඔහු ලාංකීක දේශපාලන ක්ෂේත‍්‍රයට පිවිසුණේ 1926 දීය. ඒ එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂයකු ලෙස කොළඹ නගර සභාවට තරඟ වදිමිනි. 1951 දී එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වයෙන් ඉවත්ව ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවා ගත්තේය. 1956 පැවති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරන ලද බණ්ඩාරනායක ශ්‍රි ලංකාවේ අග‍්‍රාමාත්‍ය පදවියට පත්වුයේය.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනු ලැබුවේ ඉන් අනතුරුවය. 1950 වකවානුවේ සිංහල සහ දෙමල යන භාෂා දෙකම රාජ්‍ය භෂාවන් ලෙස භාවිතා කිරීමේ කතිකාවන් පැවතුණද පසුව මැතිවරණ ජයග‍්‍රහණය උදෙසා එය ‘ සිංහල පමණක් ’ යන්න දක්වා වෙනස් කරනු ලැබීය.

විදේශ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔහු දැක්වු උදාසීන බව හමුවේ ශ්‍රි ලංකාවට ආර්ථික අර්බුද රැසකටද මුහුණ දීමට සිදු විය.

ඝාතනය

1959 දී තල්දුවේ සෝමරාම නම් චීවරධාරියකු අතින් සොලමන් බණ්ඩාරනායක ඝාතනයට ලක්වු අතර ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂ නායකත්වයට පත්වුවාය.

මෙයද බලන්න

මූලාශ‍්‍ර

Tags:

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මුල් දිවියඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක දේශපාලන දිවියඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනයඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මෙයද බලන්නඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මූලාශ‍්‍රඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක

🔥 Trending searches on Wiki සිංහල:

කන්තලේ වැවමයිනාවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයඅධ්‍යාපන මනෝ විද්‍යාවපහතරට නැටුම්කහවිජය රජඝනත්වයකලා වැවකුමාරතුංග මුනිදාසලංකා විශ්වවිද්‍යාලයවිජය කුමාරණතුංගඡනසංඛ්‍යා වර්ධනයකොහොඹා කංකාරියමන්නාරම බයෝබැබ් ගසනාට්‍ය කලාවඩයලොග් ආසියාටාගොටුකොලමානව පැපිලෝමා වෛරසයබිලාවල් රාගයමොණර කුඩුම්බියශ්‍රී ලංකාවේ ජනාධිපතිත්‍රිකුණාමලය වරායතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයක්‍රිස්තියානි ආගමකජුඋපත් පාලන කොපුනව යොවුන්වියශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියශ්‍රී ලංකා ජාතික ගීයකටුස්සාතාක්‍ෂණයභාවනාසියඹලාදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමලේනාශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්එස්‌. මහින්ද හිමිවෙසක් උත්සවයසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයඅවුරුදු කුමරිය තේරීමකුණකටුවාකුසල් සහ අකුසල්වැදි සාහිත්‍යයසිංහල අක්ෂර වින්‍යාසයතනි වචන (සිංහල භාෂාව)ශ්‍රී පාදස්ථානයමහියංගනයබෞද්ධ කොඩියමහනුවර පාසල් නාමාවලියකඩවතශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයපළමුවන විමලධර්මසූරිය රජඅධික අවුරුද්දආතර් සී. ක්ලාක්සන්දේශ කාව්‍ය‍දේශගුණික විපර්යාසප්‍රතිචක්‍රීයකරණයගූගල්ගෝලයගැට බෙරයප්ලේටෝශ්‍රී ලංකාවේ පළාත් මල්ගල් පොත සෙල් ලිපියකොළඹ පාසල් නාමාවලියආතර් වී. දියෙස්ධම්මපදයරක්‍ෂණයභික්ෂූන් වහන්සේ🡆 More