මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!
පන්සිල් (පාලි = පංච ශීලය) සියලුම බෞද්ධ හා අබෞද්ධ ජනයා පිලිපැදිය යුතු ශිලයකි. බුදුන් වහන්සේ මෙය දේශනා කොට වදාලේ සියලු මනුෂ්‍යයින්ගේ යහපත සඳහාය. පංචශීලය පිළිපැදිය යුත්තේ ස්වෙච්ඡාවෙනි. මෙම ශික්ෂාපද කෙනෙකුගේ ජීවිතයේදී මූණ පාන්න සිදුවෙන පසුතැවිලි ඉවත් කරනු ලබන්නේය. පංච ශීලය මෙසේ වෙන් කරනු ලැබේ
1 ප්‍රාණඝාතනයෙන් වැළකී සිටීම |
2 අන්සතු දේ හොරෙන් නොගැනීම |
3 කාම මිත්‍යාචාරයෙන් වැළකී සිටීම |
4 අසත්‍ය පැවසීමෙන් වැළකීම(මෙම සිල්පදය තුල සම්පප් පලාපා ,පරුෂා වාචා සහ පිසුනා වාචා ද ඇතුලත්ය ) |
5 සුරාවෙන් වැළකීම |
පාලි ග්රන්ථයන් තුළ ඉහත සඳහන් ශික්ෂා පද විස්තර කර ඇත්තේ මෙලෙසය.
පුද්ගලයෙක් ප්‍රාණඝාතනයෙන් වැළකී සිටීමේදී ඔවුන්ගේ ආයුධ බිමහෙලා එම ප්රාණියාට අභය දානය දෙනු ලබන්නේ ය. තමන් හට අයිති නැති දෙයක් හෝ තමන් හට යොමු නොකළ දෙයක් ගැනීමෙන් වැළකී සිටින කල්හි ඔවුන් කිසි දිනක සෙරකම් නොකරන්නේය. ගම්මානයක නිදැල්ලේ තිබුණද තමන් හට නොදුන් දෙයක් නම් කිසි දින එය නොගන්නේය. කාම මිථ්යචාරයේ නොයෙදෙන පුද්ගලයා කිසිදින මව්පිය රැකවරණයේ සිටින හෝ ස්වාමියෙක් සිටින හෝ නෑදෑ පිරිසකගේ රැකවරණයේ සිටින හෝ කිසියම් ධර්මයක ආරක්ෂාව ලබන තැනැත්තෙකු හෝ සමග කාමයෙහි වරදවා හැසිරෙන්නේ නැත. යම් පුද්ගලයෙක් මුසාවෙන් වැළකී සිටින කල්හි කිසිවිටකත් ඔහු තමන්ගේ ප්‍රයෝජනයට හෝ අනුන්ගේ ප්‍රයෝජනයට හෝ සත්‍ය වසන් කරන්නේ නැත. බුදුන් වහන්සේ දෙශනා කර වදාළ පරිදි ප්‍රාණඝාතය, අන් සතු දේ ගැනීම, කාම මිත්‍යාචාරය අසත්‍ය පැවසීම සහ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය කිසිදා කෙනෙකුගේ නිපුණත්වයක් නොවන්නේය.
අභිප්‍රායනය
පංචශීලයේ පිහිටි තැනැත්තා ද්වේෂය තුරන් කරන්නේය‚ කිසිම ජීවියේකුට හිංසාවක් නොකරන්නේය. ඒ වාගේම ඒ සියලු දෙය නැවතත් ඔහුත් ලබාගන්නේය. . පංචශීලයේ කෙනෙක් නොපිහිටීම හේතු කොට ගෙන ලැබෙන ප්‍රති විපාක ගැනද බුදුන් වහන්සේ දේශනා කොට ඇත්තේය.
සම්ප්‍රදායික රීති
සැම බෞද්ධයෙක්ම ඉහත සඳහන් ශීලයේ පිහිටිය යුතු වන්නේය. මහායාන ධර්මයේදී මෙම ශීලයේ පිහිටීමෙන් “උපාසක” නම් අනුවර්ත නාමයක් ලබා ගන්නේය. එහෙත් ථේරවාද ධර්මයේ සියලු බෞද්ධයින් “උපාසක” හෝ “උපාසිකා” වන්නේය. ඒ සෑම බෞද්ධයෙක්ම පංච ශීලයේ පිහිටිය යුතු නිසාවෙන්ය.
අර්ථකථනය
මෙම ශික්ෂාවන් මහායාන ධර්මයෙ අර්ථ දක්වන්නේ ථේරවාද නිකායෙන් වෙනස් ආකාරයකටය. පංචශීලය පැහැදිලිව විවරණය වන්නේ සදාචාරය සහ දුරාචාරය කුමක්ද යන්න කෙනෙකුට පැහැදිලි කර දීමටය. ථේරවාද ශාස්ත්රඥයෙකු වන බෝධි නම් භික්ෂුව සඳහන් කර ඇති පරිදි අරහත් භාවයට පැමිණි කිසි කෙනෙක් කුහුඹුවකුටවත් හිංසා නොකරන බවයි. එසේ කිරීමට පෙළඹවීමක් පැමිනි කල්හි එම පුද්ගලයා ඔහුගේ ජවිතය පරදුවට තබන්නේය-.
සැකිල්ල:ගිහි ථේරවාද පිළිවෙත් අෂ්ටාංග ශීලය හෙවත් අෂ්ට ශීලය හෙවත් අට සිල් හෙවත් අටසිල් යනු බෞද්ධයන් සඳහා වූ සාමාන්‍ය පංච ශීලය ට වඩා තරමක් දැඩි ලෙස පිළිපැදීම රිසි බෞද්ධ ගිහි පුරුෂයන් හා ස්ත්‍රීන් විසින් පිළිපැදිය හැකි ශික්ෂා පද රැසකි. අෂ්ටාංග ශීලයෙන් පරමාර්ථ කොට ඇත්තේ සදාචාරාත්මක වශයෙන් නොමනා චර්යාවන්ගෙන් වැලකීම සහ වඩාත් ධාර්මික දිවි පෙවෙතක් රැකීමත්ය. අනෙක් අතින් පංච ශීලය පරමාර්ථ කොට ඇත්තේ සදාචාරාත්මක වශයෙන් නොමනා චර්යාවන්ගෙන් වැලකීම පමණි.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය වැනි ථේරවාද බෞද්ධ රටවල , බෞද්ධ ගිහි පුරුෂයන් හා ස්ත්‍රීන් බොහෝ විට සැකිල්ල:උපන්‍යාස ඇවැසිය සතියකට එක් දිනක් ( උපෝසත හෙවත් පොහොය දිනයන්හිදී: අමාවක, පුර-අටවක, පසළොස්වක හා අව-අටවක දිනයන්) ආශ්‍රමිකව හිඳිමින්, අෂ්ටාංග ශීලය රකිති. බුදුන් වහන්සේ විසින් අෂ්ටාංග ශීලය රැකිය යුතු ආකාරය පිළිබඳ හා, සහ අෂ්ටාංග ශීලය පිළිපැදිය යුතු නිවරැදි හා වැරැදි ආකාර පිළිබඳ දේශනා කොට ඇත.
This article uses material from the Wikipedia සිංහල article පන්සිල්, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.