වන්නම්

වන්නම් යනු එක් එක් අප්‍රාණික හා සප්‍රාණික වස්තූන් පිළිබඳ වර්ණනා අන්තර්ගතවන මාතෘකාවට අදාල තාලයකිව් ගායනා කරන ගායනා විශේෂයකි.

පසු කලෙක මේවාට අදාල නැටුම්ද නිර්මාණය වී ඇත

මෙරට වෙනම ආකාරයක දෙමළ වන්නම් 20 ක්ද, අනුරාධපුර පරම්පරාවට අයත් වන්නම් 21 ක්ද, පහතරට සින්දු වන්නම් 32 ක්ද ඇත. වන්නම් භාවිතය පැමිණීමට පෙර සන්දේශ,ප්‍රශස්ති ආදිය භාවිතා විය.


දහ අට වන්නම්

වර්ථමානයේ භාවිතා වන වන්නම් මීට වර්ෂ 300 කට පමණ පෙර, මහනුවර ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ සමයේ, මල්වතු විහාර වාසී භික්ෂූන්වහන්සේ නමකගේ සහයද ඇතිව, ඉන්දීය අභාෂයක් හිමි ගණිතාලංකාර බමුණෙකු විසින් නිබන්දනය කෙරූ බව විශ්වාස කෙරේ.



|

  • තානම

|

  • කවිය

|

  • කස්තිරම

|

  • සීරුමාරුව

|

  • අඩව්ව

|- |colspan=2| |}

වන්නම් පටුන/නෙර්ත වන්නම

වන්නම් දහඅටේ නාමයන් අන්තර් ගත වන කවි හතරකි.. වෛරොඩි

ගාහක වන්නම

සක් දෙවිදුගේ දක්ෂිණාවෘත මංගල හක්ගෙඩි නාදය වර්ණනා වේ. නාදය උස්ව පැතිරී යන අන්දම නිරූපිතය. අත්භූත රසය මවයි.

ගජගා වන්නම ඇතාගේ ගමන් විලාසය

තුරඟා වන්නම

සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම කන්ථක අසුපිට නැගී ගමන් ගත් ආකාරය වර්ණනා කෙරේ. වීර රසය මවයි.මෙහි තාලය අශ්වයාගේ ගමන් කරන ආකාරය ඉස්මතු කරයි.

උරගා වන්නම

නාගයෙකුගේ ගමන හා ගතිගුණ ප්‍රකාශ වේ. වීර රසය මවයි.

මුසලඩි/සස වන්නම

ඉරු බැස යන සමයේ සතුටින් කෙලින හාවෙකුගේ ඉරියව් ප්‍රකාශ වේ. ශාන්ත රසය මවයි.

උකුසා වන්නම

උකුස්සෙකු පියාඹන විට දක්නට ලැබෙන දර්ශනීයත්වය වර්ණනා කරයී. වීර රසය මවයි.

වෛරොඩි වන්නම

ඊශ්වර දෙවි හා මහලොව අතර වූ සංවාදාත්මක වර්ණනාවකි. අත්භූත රසය මවයි.

හනුමා වන්නම

වඳුරෙකුගේ ගමන් විලාසය, උසුළු විසුළු ආදිය ප්‍රකාශිතය. කරුණා හා හාස්‍ය රසය මවයි. විශේෂයෙන්ම රාම-රාවණ යුද්ධයේදී සීතා බේරාගැනීම සඳහා ඔත්තු බැලීමට ලංකාපුරයට වෙත පැමිණි හනුමා නම් වානරයාගේ හැසිරීම් මෙම වන්නම් ගායනාවන්ගෙන් සහ නර්තනයන්ගෙන් ප්‍රකාශ වේ. අවිනිශ්චිත වටපිටාවක ගිරෙන් ගිරට පනිමින් දුෂ්කර සහ සැකමුසු වීර වික්‍රමාන්විත ගමනක යෙදෙන හනුමා සම්බන්ධ සිදුවීම මෙම වන්නමෙන් විස්තර කෙරේ.

මයුරා වන්නම

කතරගම දෙවිගේ වාහනය වූ රණ මයුරා පිල් විදහා යෙදෙන රංගනය වර්ණනා කෙරේ. අත්භූත රසය මවයි.

සැවුලා වන්නම

කුකුළාගේ උපත ගතිගුණ විස්තර හා කතරගම දෙවිගේ සැවුල් කොඩිය ගැන කියවේ. අත්භූත රසය මවයි.

සිංහරාජ වන්නම

ඉබ්බෙකුගේ ප්‍රයෝගයකට අසුවී ලිඳකට පැන මරණයට පත් සිංහ රජෙක් පිළිබඳ වර්ණනා වේ. හාස්‍ය රසය මවයි.

නෙෙඅඩි වන්නම

බෝසත් නාග රාජයා ගැන විස්තර වේ. නාගයකුගේ නැටුම් විලාසය විදහා දැක්වෙන මෙහි මුද්‍රා විලාශයක් නැත. කරුණා රසය මවයි.

කිරලා වන්නම

කිරලෙකුගේ ඉරියවු හා නැටුම් විලාසය විදහයි. කරුණා රසය මවයි.

ඊරඩි වන්නම

යුධ භටයෙකුගේ ගතිගුණ මින් විස්තර කෙරේ. වීර රසය මවයි.

සුරපති වන්නම

උමයංගනාව නැතිවී වැලපෙන ඊශ්වර දෙවි ගැන විස්තර වේ. අත්භූත රසය මවයි.

ගණපති වන්නම

ගණ දෙවිගේ ස්වභාවය හා නුවණ ගැන වර්ණනා වේ. අත්භූත රසය මවයි.

උදාර වන්නම

රාජාභරණ වලින් විභූෂිත රජුගේ තේජාන්විත ගමන් විලාසය

අසදෘස වන්නම

අසමසම තෙරුවන් ගුණ අලලා සකස් වූවකි. වන්නම් දහ අට අතුරින් උසස්ම නිබන්ධනය මෙය වේ. මහනුවර යුගයේ රචිත අවසන් වන්නමයි. ශාන්ත රසය මවයි.

අනුරාධපුර විසිඑක් වන්නම්

  • ගාහක වන්නම
  • ගජගා වන්නම
  • ඊශ්වර වන්නම
  • මැඩියා වන්නම
  • ගිරවා වන්නම
  • වටුවා වන්නම
  • උරගා වන්නම
  • කිරල වන්නම
  • සිංහරාජ වන්නම
  • මූසික වන්නම
  • හනුමා වන්නම
  • තුරඟා වන්නම
  • සෝඩිය වන්නම
  • මයුරා වන්නම
  • මුෂලඩි වන්නම
  • කුදරඩි වන්නම
  • සූරිය වන්නම
  • රතිරාග වන්නම
  • ගණපති වන්නම
  • සැවුලා වන්නම
  • උදාර වන්නම

දෙමළ වන්නම් විස්ස

මීට අමතරව 17 වන සියවසේ දකුණු ඉන්දියාවේ ආනන්ද කවිවීර රාසව මුඩ්ලියාර් රජුව වර්ණනා කොට වන්නම් නිර්මාණය වූ බව පැවසේ.

  • පා වන්නම
  • කුරුන්සන් වන්නම
  • එන්නු වන්නම
  • නා වන්නම
  • චිත්‍ර වන්නම
  • අකයිපු වන්නම
  • වල්ලිසෙයි වන්නම
  • නලපු වන්නම
  • කුංගල් වන්නම
  • මෙල්ලියෙයි වන්නම
  • අහපාටු වන්නම
  • ඒතල් වන්නම
  • සියයයිප්පු වන්නම
  • පුරප්පාට්ටු වන්නම
  • උරිට්ටු වන්නම
  • අලජෙඩි වන්නම
  • ඔලගු වන්නම
  • මඩුහු වන්නම
  • ඔරදු වන්නම
  • නෙඩුම්සර් වන්නම

සින්දු වන්නම් තිස්දෙක

  • සුද්ද තාලේ
  • කොණ්ඩ නාච්චි තාලේ
  • විෂ්ණු තාලේ
  • නාල රස තාලේ
  • ස්වර තාලේ
  • සොණ්ඩවේදි තාලේ
  • භෙද කමල තාලේ
  • උපකාරී තාලේ
  • ලලිතරාග තාලේ
  • බඹ තාලේ
  • ග්‍රග දන්ඩන තාලේ
  • නළු ගීතිකා තාලේ (රාග වෘතය)
  • මිණි බඹ තාලේ
  • ග්‍රහදණ්ඩ තාලේ
  • නළු ගීතිකා තාලේ (වට්ට පත්තු වෘතය)
  • අනුරාග දණ්ඩ තාලේ
  • අනුරාග තාලේ
  • ග්‍රහකාර තාලේ
  • දණ්ඩකාර තාලේ
  • ඝටීකාර තාලේ
  • හනුමන්ත තාලේ
  • ඔළු යමළු තාලේ
  • වසන්කාර තාලේ
  • කමල ගනිකා තාලේ
  • බඹවා තාලේ
  • බ්‍රහ්මරාග තාලේ
  • හස්ති තාලේ
  • හමතුලා තාලේ
  • හේරි තාලේ
  • ඉලිතරාග තාලේ
  • සෙම්බවේදි තාලේ
  • නාති ලෙන්චි තාලේ

නවීන වන්නම්

  • මහ බෝ වන්නම

මේවාද බලන්න

Tags:

වන්නම් දහ අට වන්නම් අනුරාධපුර විසිඑක් වන්නම් දෙමළ විස්සවන්නම් සින්දු තිස්දෙකවන්නම් නවීන වන්නම් මේවාද බලන්නවන්නම්

🔥 Trending searches on Wiki සිංහල:

ශාකකාල් මාක්ස්හෝමෝ හැබිලිස්බස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාතිරසාර සංවර්ධනයආර්ඩුයිනෝසීගිරියේ ඉතිහාසයසිංහල ප්‍රස්ථාව පිරුළුබදුලු ටැම් ලිපියසඳකඩපහ‍ණේ විකාසනයරණතුංග කරුණානන්දලංකා විශ්වවිද්‍යාලයමාර්ටින් වික්‍රමසිංහශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවමන්නාරම බයෝබැබ් ගසවිටමින්සත්ත්ව වංශජන සන්නිවේදනයකළුතර පාසල් නාමාවලියවැව්ශ්‍රී ලංකා කොටියාතෛපොංගල්කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගඅලිසනත් ජයසූරියඅනුරාධපුර යුගයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයබුලත් හපයාසිංහල ජනකවිබුද්ධ චරිතයමඩු දේවස්ථානයකොළඹ දිස්ත්‍රික්කයශ්‍රී ලංකාවේ දියඇලිකාව්‍යශේඛරයකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාශ්‍රී ලංකාවේ ජාතික සංකේතශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවසීගිරි ගීහිරුක්‍රීඩාරාජාවලියදමිතා අබේරත්නපංච නීවරණශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමලෝ වැඩ සඟරාවG.C.E. (General Certificate of Education) Ordinary Level (Sri Lanka)සයිකෝසියාවගුරුවරුන්ගේ දිනයශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවසාම්ප්‍රදායික සිංහල විවාහජපානයශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියබුදුගුණ අලංකාරයජීව විද්‍යාත්මක මනෝ විද්‍යාවඩී.එස්. සේනානායකආනන්ද කුමාරස්වාමිසිද්ධාර්ථ කුමරුශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවශ්‍රී ලංකාවේ බලාගාර ලැයිස්තුවනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.සිංහරාජ වනාන්තරයවගුරුඕස්ට්‍රේලියාවමානෙල්ගල් පොත සෙල් ලිපියශ්‍රී ලංකා මහ බැංකුවගෝලයශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවදෙවන රාජසිංහ රජසීගිරියඑල්ලේD. J. Wimalasurendraචාමර වීරසිංහනාට්‍ය කලාවදියවැඩියාවලෝවාමහාපායඅපද්‍රව්‍ය කළමනාකරණය🡆 More