ක්‍රිකට්

ක්‍රිකට් යනු,ක්‍රිඩකයන් 11 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායම් 2 පිටියෙ ක්‍රීඩා කරන ක්‍රිඩාවකි.මෙය මහත්මාවරුන්ගේ ක්‍රීඩාව ලෙසද හදුන්වයි.

මෙය ලොව දෙවන ජනප්‍රියම ක්‍රීඩාවයි. ජාත්‍යන්තර පිටියක මැද යාර 22 ක් දිග කොටු හැඩයෙන් යුත් තණතීරුව පිහිටා ඇති අතර පිටියේ අරය අවමය මීටර් 54ක් වේ.ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙයි. ඒ එක්දින තරඟ, විස්සයි විස්ස තරඟ හා ටෙස්ට් තරඟ වශයෙනි.ඊට අමතරව වර්තමානයේ T10,the Hundred,T5 වැනි තරඟ ද ක්‍රීඩා කරයි. සැම කණ්ඩායමකටම පිතිකරණ අවස්ථාව හිමිවනවා එක් කණ්ඩායමක් පන්දුවට පහර දෙන අතර අනෙක් කණ්ඩායම විසින් පන්දු යැවීම හා ප්‍රතිවාදී පිළ ලකුණු රැස් කිරීම නැවැත්වීමට පන්දු රැකීම සිදු කරයි.මෙම එක් අවස්තාවක් ඉනිමක් ලෙස හදුන්වයි. ටෙස්ට් තරඟයකදී පමණක් කණ්ඩායමට ඉනිම් 2ක් හිමිවේ. තරගය පවත්වාගෙන යාමේදී පන්දු රකින පිරිසෙන් එක් අයකු පන්දු යවන්නා(Bowler) ලෙස හදුන්වන අතර ඔහු පිතිකරුවා(Batsman) වෙත තණතීරුව දිගෙ පන්දුව එල්ල කරයි. පිතිකරු ක්‍රිකට් පිත්තෙන් පන්දුවට පහර දෙනු ලබයි. එවිට පන්දුව සීමාව පසුකර හෝ ඔහුට තණතීරුවේ අනෙක් අන්තයට මාරුවී ලකුණු රැස්කර ගැනීමට අවස්තාව සැලසේ. පිතිකරු දැවි යනතුරු පිතිකරණයේ යෙදෙයි. පිතිකරන කණ්ඩායමේ පිතිකරුවන් දස දෙනෙකු දැවි ගිය විට එම කණ්ඩායමේ ඉනිම නිමාවේ. ඉන්පසු කෙටි විවේක කාලයකින් පසු නැවතත් කණ්ඩායම් දෙකේ චරිත (පිතිකරනය,පන්දු රැකීම) මාරුවී සෙල්ලම් කර අනෙක් කණ්ඩායම ලබා ගත් ලකුණු පසුකර ජයග්‍රහනය ලබා ගනී.

ක්‍රිකට්
ක්‍රිකට්
ඉන්දියාවේ ඊඩන් ගාඩන්ස් හී දී විදුලි එළිය මැද පැවැත්වුණු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල 2016 විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගය අතරතුර
උසස්ම පාලන මණ්ඩලයජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
පළමුව ක්‍රීඩා කලේ16 වන සියවස, ගිනිකොන දිග එංගලන්තය
ගුණාංග
සම්බන්ධයNo
කණ්ඩායම් සාමාජිකයෝඑක් පිලකට ක්‍රීඩකයින් 11දෙනෙකු බැගින් (ඇතැම් අවස්ථාවල ආදේශ ක්‍රීඩකයින් සඳහා අවසර ලැබේ.)
මිශ්‍ර ලිංගකාන්තා හා පිරිමි වෙනම තරඟ.
උපකරණක්‍රිකට් පන්දුව, ක්‍රිකට් පිත්ත, ක්‍රිකට් කඩුල්ල (ක්‍රිකට් ඉනි, බේල්ස්), Various protective equipment
ස්ථානයක්‍රිකට් පිටිය
පද මාලාවGlossary of cricket terms
පැවතීම
රට හෝ ප්‍රදේශයCommonwealth and British territories
ඔලිම්පික්(1900 ගිම්හාන ඔලිම්පික් පමණි.)
ක්‍රිකට්
දකුණු අප්‍රිකානු පන්දු යවන්නෙක් ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකුට පන්දු යවන අයුරු
ක්‍රිකට්
සටහන: වම් පස කඩුලු රකින්නා. එංගලන්තය හා නවසීලන්තය අතර තරගයක්.

වෘත්තීමය ක්‍රිකට් ක්‍රිඩාවේ පරාසය පන්දු වාර 20 සිට දින පහක් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් දක්වා දිවයයි. එක් පන්දු වාරයකට පන්දු 6ක් යැවිය යුතුය. ක්‍රිකට් නීති පවත්ගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයයි.

ක්‍රිකට් මුලින්ම ක්‍රිඩා කර තිබෙනුයේ ගිනිකොන දිග එංගලන්තයේ 16වන සියවසෙ දීය. 18වන සියවස අවසාන භාගයෙදී එය එංගලන්තයේ ජාතික ක්‍රීඩාව දක්වා දියුනු විය. ඉංග්‍රිසි ආධිපත්‍යය පැතිරීම ක්‍රිකට් ක්‍රිඩාව පිට රටවලට පැතිරීමට හෙතු වූ අතර 19වන සියවස මැද භාගය වන විට මුල්ම ජාත්‍යන්තර තරග පැවැත්වුනි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය(ICC) තරග හැසිරවීම් මණ්ඩලය පූර්ණ සාමාජිකයන් 12 දෙකුගෙන් යුක්ත වේ. මෙම තරග බොහො ජනප්‍රිය ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව , ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව යන රටවල් වලය.

ඉතිහාසය

දැනට දන්නා තරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය ආරම්භ වන්නේ දහසය වන සියවසේ අග භාගයේ දී ය. ගිනිකොන දිග එංගලන්තයේ දී ආරම්භ වූ එය 18 වැනි සියවසේ දී එංගලන්තයේ ජාතික ක්‍රීඩාව බවට පත්ව 19 වන සියවස වන විට වර්ධනය වී ලෝකය පුරා පැතිරිණි. අන්තරජාතික ක්‍රීඩා තරග ඇරඹි ඇත්තේ 1844 වර්ෂයේ වන අතර ටෙස්ට් ක්‍රිකට් ආරම්භ වී ඇත්තේ 1877 වග ඒ පිලිබඳ අතීතාවලෝකනය කිරීමේ දී පෙනී යයි. ජනප්‍රියත්වය අතින් ලෝකයේ දෙවැනි ස්ථානයට පත් ක්‍රිකට් ක්‍රීඩාව දෙවැනි වී ඇත්තේ පාපන්දු ක්‍රීඩාවට පමණී.

ලෝක ක්‍රිකට් ක්‍රීඩා අන්තර්ජාතික ක්‍රිකට් කවුසිලය විසින් පාලනය වන අතර එහි සාමාජික රටවල් සියයක් පමණ සිටිය ද ටෙස්ට් වරම් ලබා ඇත්තේ රටවල් 12ක් පමණකි. එම රටවල් ලෙස එංගලන්තය,ඕස්ට්‍රේලියාව,දකුණු අප්‍රිකාව,බටහිර ඉන්දීය කොදෙව්,ඉන්දියාව,නවසීලන්තය,පාකිස්තානය,ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ,බංග්ලාදේශය,ඇෆ්ගනිස්තානය හා අයර්ලන්තය පෙන්වා දිය හැකිය. ක්‍රිකට් කොතනින් කවදා ආරම්භ වී දැයි නිශ්චිතවම කිව නොහැකිය. මේ පිලිබඳ විශේෂඥයින් පොදුවේ පිළිගන්නා මතය වන්නේ සැක්සන් වරුන්ගේ හෝ නොර්මන් වරුන්ගේ කාලයේ එංගලන්තයේ ගිනිකොන දිග ප්‍රදේශයේ කෙන්ට් හා සසෙක්ස් අතර පිහිටි ‘වීල්ඩ්’ (weald) නම් ප්‍රදේශයේ වන ලඳු වල ක්‍රීඩා කල ළමයින් විසින් මෙය ආරම්භ කොට ඇති බවකි. ක්‍රිකට් ගැන ලිඛිත සටහනක් මුලින්ම හමුවන්නේ 1597 ජනවාරි 17 තරම් අතීතයකය. ජෝන් ඩෙරික් නමැති පනස් නම වන වියේ පසුවූ අයෙකු ඊට අවුරුදු පනහකට පෙර පාසලේ දී තමා ළමයින් හා එක්ව ක්‍රිකට් ක්‍රීඩා කල වගට විස්තරයක් කියා ඇත.

පරම්පරා ගණනක් යන තුරු ක්‍රිකට් ක්‍රීඩාව නොනැසී පවත ඇත්තේ ළමයින්ගේ ක්‍රීඩාවක් ලෙසයි. වැඩිහිටියන් එම ක්‍රීඩාවේ නියැලෙන්නට පටන් ගත්තේ 17 වන සියවසේ මුල් කාලය පටන් ය.මුල් කාලයේ බෝල සෙල්ලමක් ලෙස ඇරඹි ඇති ඊට පිත්ත (bat) එකතු වී ඇත්තේ පසුවය. එල්ලයට යන බෝලය වෙනතක හරවා පහර දීම පිණිස මුලින්ම bat එක උපයෝගී කරගෙන ඇති බව පෙනී යයි. පිතිකරුවා බිහිව ඇත්තේ එම කාර්ය නිසා ය. මුලින්ම පන්දුව ලෙස පරිහරණයට ගෙන ඇත්තේ ගලක් හෝ බැටළු වූල් ගුලියකි. කොටුවක් හෝ ගොවිපල වැඩට ගත උපකරණයක් මුලින්ම පිත්ත ලෙස පරිහරණයට ගන්නඇති සැලකේ. මෙම ක්‍රීඩාව ලඳු අතර ඇති බැටළුවන්ට තණ කැවූ පිට්ටනි වල ක්‍රීඩා කරන්නට ඇතැයි සැලකේ. ගේට්ටුවක්, කුඩා බංකුවක් හෝ ගසක් විකට්ටුව ලෙස ගන්නට ඇත.

ක්‍රිකට් 
ජැක් හොබ්ස් සහ සුට්‌ක්ලිෆ් 1928 දී බ්‍රිස්බේන්හිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පිතිකරණයට පැමිණෙන අයුරු.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ස්ටීවන් හෝකිංයශෝදරාඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාදඹුල්ල රජමහා විහාරයදළදා පෙරහැරපෘතුගීසි ලංකාවක්‍ෂය රෝගයශ්‍රී වික්‍රම රාජසිංහ රජඅපරාධජපානයේ දේශපාලන ආර්ථිකයවිද්‍යා දේවී භණ්ඩාරිස්තූපඅභය වැවපේශි පටකයකොහොඹගැට බෙරයපාරමිතාශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාශ්‍රී ලංකාව ආවේණික මසුන්මුල් ළමාවියේ සංවර්ධනයදැන්වීම්කරණයපරිගණක දෘඩාංගවිටමින්රාජාවලියවනාන්තරසාමයශ්‍රී ලංකාවේ සිවිල් නීතියඑල්ලේඅටමස්ථානවැල්ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියත්‍යාග (නීතිය)අවුකන බුදු පිළිමයශ්‍රී ලංකාවේ සංගීතයදේශබන්ධු තෙන්නකෝන්යාල ජාතික වනෝද්‍යානයබුද්ධ චරිතයසාදික්කාශ්‍රී ලංකාවේ නර්තනයන්බෞද්ධ දිනදසුනදෙවොල් මඩුවඇදුමසත්තුසොරබොර වැවබදුලු ටැම් ලිපියපොරොන්දම්ශ්‍රීලංකන් ගුවන් සේවයකන්‍යාභාවයශ්‍රී ලංකාවේ ජාතික සංකේතභූචලනපැලෑටිශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියමිරිසවැටියතිසා වැවඅභයගිරි දාගැබඅපද්‍රව්‍ය කළමනාකරණයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරදීඝ නිකායහින්දු ආගම අනුව කර්මයවොලිබෝල්අලිකාර්මික විප්ලවයජී‍.බී. සේනානායකඑක්සත් ජනපදයත්‍රිශික්‍ෂාශ්‍රී ලංකාවේ වල් පැලැටිරූපවාහිනියේ ඉතිහාසයශ්‍රී ලංකාවේ අපරාධතිස්සමහාරාමයලිංගාශ්‍රිත රෝගකාලස් පුයිජ්දෙමොන්ශ්‍රී පාදස්ථානයගල් පොත සෙල් ලිපියයෝගහෘදයාබාධයශ්‍රී ලංකාවේ නීති පද්ධතියසාක්‍ෂි🡆 More