ලිංගික සංසර්ගය

ලිංගික සංසර්ගය යනු හුදෙක් වින්දනයක් ලැබීමට හෝ ප්‍රජනනය පිණිස හෝ එකී අරමුණු දෙක ම පිණිස පුරුෂ ශිශ්නය ස්ත්‍රී යෝනිය තුළට ඇතුළු කිරීමේ සහ යෝනිය තුළ තිබිය දී ම තෙරපමින් ඉදිරියට හා පසුපසට කිරීමේ ක්‍රියාවයි.

සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ ලිංගික සංසර්ගය, මෛථූන්‍ය, සම්භෝගය, සංවාසය යන වචන සේ ම ඉංග්‍රීසි භාෂාවේ sexual intercourse සහ ලිංගික ව හැසිරීම යන අරුත දෙන [having] sex යන ක්‍රියාපදය ද යෝනි-ශිෂ්ණ සංසර්ගය (vaginal intercourse) සමග සමාන කර සලකනු ලැබුව ද ලිංගික සංසර්ගය (sexual intercourse) යන යෙදුම ගුද සංසර්ගය/පායුක සංසර්ගය (anal sex/anal intercourse), මුඛ සංසර්ගය හෙවත් මෞඛ ලෝලනය (oral sex) සහ ඇගිළි/කෙළිබඩු යෝනිගත කිරීම යන අන්තර්ග්‍රාහක ලිංගික ක්‍රියා සදහා පොදු යෙදුමක් ලෙස ද භාවිත වේ.

ලිංගික සංසර්ගය
මිනිසුන්ව අතර වඩාත් සුලබ සංසර්ගික ඉරියව්ව වන සාම්ප්‍රදායික ඉරියව්ව (missionary position) හි ලිංගික සංසර්ගය,එඩුවර්ඩ්-හෙන්රි ඇව්රිල් ගේ සිතුවමකි.

මෙම ක්‍රියාව විෂමලිංගික යුවලක් අතර කායික සමීපතාව පෙන්නුම් කරන අතර මිනිසුන් අතර හුදෙක් ශාරීරික හෝ මානසික වින්දනය පිණිස ද භාවිත විය හැකි ය. එමෙන් ම එය විෂමලිංගික පෙම්වතුන් දෙදෙනෙක් හෝ යුවලක් අතර බැදීම වැඩිදියුණු කිරීමට ද හේතු වේ.

ලිංගික සංසර්ගය තුළින් එකෙකු තුළ පවතින ලිංගිකමය රෝග අනිකා වෙත ආසාදනය වීමේ ඉඩකඩක් ද පවතින බැවින් මේ සිදුකිරීමේ දී ආරක්ෂිත ලිංගික හැසිරීම් අනුගමනය කිරීමට දිරිමත් කිරීම සිදුකෙරේ.

විවිධ නීති පද්ධති තුළ ඇතැම්විට සංස්කෘතික අවශ්‍යතා ද හේතුවෙන් විවිධ පුද්ගල කාණ්ඩයන් හෝ සබදතාවන් අතර ලිංගික සංසර්ගය සම්බන්ධයෙන් සීමාවන් හෝ තහංචි පණවා තිබෙනු දැකිය හැකි ය. නිදසුන් ලෙස ලේ ඥාතීන් අතර, බාලවයස්කරුවන් සමග, ගණිකාවන් සමග, සතුන් සමග, අවිවාහකයන් අතර, විවාහයට පරිබාහිර පාර්ශ්වයන් සමග ලිංගික ව එක්වීම තහනම් කර තිබෙන අවස්ථා දැක්විය හැකි ය. සියලුම රටවල මේ සෑම ආකාරයක ම තහනම් කිරීම් දක්නට නැති වුව ද සෑම රටක ම පාහේ බාලවයස්කරුවන් සමග ලිංගික ව එක්වීම මෙන් ම කාන්තාවක් සමග ඇගේ කැමැත්තෙන් තොර ව ලිංගික ව එක්වීම ද තහනම් කර තිබේ. ලිංගික සංසර්ගය හෝ වෙන යම් ලිංගික ක්‍රියාවක් සම්බන්ධයෙන් පුද්ගලයකු ගන්නා තීරණ කෙරෙහි ආගමික මත ද බලපෑමක් සිදුකරයි. නිදසුන් ලෙස කන්‍යාභාවය සංකල්පයේ බලපෑම දැක්විය හැකි ය. එමෙන් ම ආගමික මත ලිංගික සංසර්ගය හෝ වෙන යම් ලිංගික ක්‍රියා සම්බන්ධ නෛතික සහ ප්‍රතිපත්තිමය කාරණා කෙරෙහි ද බලපෑම් කළ හැකි ය. ලිංගිකත්වය පිළිබද ආගමික මත ආගමින් ආගමට මෙන් ම එක ම ආගමක ද විවිධ පාර්ශ්වයන්/නිකායන් අතර වෙනස් වෙයි. කෙසේනමුත් අනාචාරය හෙලාදැකීම වැනි සැමට පොදු ආකල්ප ද දැකිය හැකි ය.

ඇතැම් සත්ත්ව විශේෂයන්හි ලිංගික සංසර්ගය යෝනියක සහභාගීත්වයෙන් තොර ව සිදු වේ. නිදසුන් ලෙස ගුදය, මූත්‍ර විවරය සහ ප්‍රජනක විවරය යන තුනට ම එක් පොදු විවරයක් (ජම්බාලියක්) පවතින සතුන්ගේ ඒ හරහා පිරිමි සතුන් ශුක්‍රාණු ඇතුළු කිරීම දැක්විය හැකි ය. බොහෝ ක්ෂීරපායී විශේෂ තුළ විරුද්ධ ලිංගිකයන් යුගල වීම සහ සංසර්ගය මදන සමය (ස්ත්‍රී ප්‍රජනක චක්‍රය තුළ සඵලතාවය උච්ඡත ම කාල සීමාව) තුළ සිදු වන්නේ ප්‍රජනනය සාර්ථක වීමේ වැඩි සම්භාවිතාවක් උදාකරගනිමිනි. කෙසේනමුත් බොනොබෝ, ඩොල්ෆින් සහ චිම්පන්සින් ගැහැනු සතා මදන සමයේ (estrus) සිටියත් නැතත් ලිංගික ව එක්වන බව සොයාගෙන තිබේ. එසේ ම මෙම සතුන් අතර සමලිංගික චර්යාවන් ද දක්නට ලැබෙන බව සොයාගෙන තිබේ. මෙම සතුන් අතර ලිංගික සංසර්ගය මදන නොවන සමයන් තුළ සිදුවීම මිනිසුන් මෙන් ම ඔවුන් ද එය වින්දනය පිණිස සිදුකරන්නක් බවට සාක්ෂියක් ලෙසත් ඔවුන්ගේ ප්‍රජා බැදීම් වැඩිදියුණු කිරීමට හේතු සාධකයක් ලෙසත් සලකා තිබේ.

චර්යාවන්

උත්තේජනය

ලිංගික සංසර්ගය හෝ වෙන යම් ලිංගික ක්‍රියාවක් පුලුල් පරාසයක පැතිරෙන ලිංගිකව උත්තේජනය කිරීම් අන්තර්ගත කරගත හැකි අතර ඒවා ශාරීරික හෝ මානසික විය හැකි ය. මිනිසුන් අතර බහුල ව භාවිත වන සම්ප්‍රදායික ඉරියව්ව (missionary position) හැරුණු විට තවත් සංසර්ගික ඉරියව් රැසක් ම පවතී. එසේ ම ඇතැම්විට ලිංගික-කෙළිබඩු ද යොදාගැනේ. ලිංගික හැසිරීම්වලට පෙර යුවල පෙරකෙළියේ නිරත වීම බොහෝවිට දැකගත හැකි අතර මෙය සහකරුවන් දෙදෙනා අතර ලිංගික ආවේගය ඇතිකිරීම සිදුකරන අතර ශිශ්නය සෘජුවීම, යෝනියේ ස්වාභාවික ලිහිසි දියර ගැලීම ද සිදුවීමට හේතු වන බැවින් සංසර්ගය සාර්ථක ව සිදුවීමට හේතු වේ. ලිංගික සංසර්ගය අතරතුර වුව ද සිපගැනීම, ලිංගිකමය ලෙස ස්පර්ශ කිරීම වැනි ක්‍රියා මගින් ද ලිංගික තෘප්තිය ළගාකරගැනීම මිනිසුන් අතර නිතර දැකිය හැකි ය.

අග්‍රේශ (primate) නොවන සත්ත්ව විශේෂවල ගැහැනු සතුන් මදන සමයේ දී පමණක් ලිංගික ව එක් වන නමුත් කාන්තාවන්ට සිය ඔසප් චක්‍රයේ ඕනෑම අවස්ථාවක දී ලිංගික එක්විය හැකි ය. විවිධ ජීවි විශේෂවල ලිංගික ෆෙරමෝන ලිංගික සංඥා නිකුත් කිරීමට උදව් වන නමුත් මිනිසුන් තුළ ෆෙරමෝන හදුනාගැනීමේ හැකියාව දුබල වී ඇති අතර එය අවශිෂ්ඨයක් පමණක් වේ. අග්‍රේශ නොවන විශේෂවල ගැහැනු සතුන් සංසර්ගයේ දී ස්වෙච්ඡාවෙන් ම ලෝර්ඩෝසිස් ඉරියව්වේ ස්ථානගත වන අතර අචල ව සිටිති. නමුත් මෙකී සංසර්ගාශ්‍රිත චාලකමය ප්‍රතීක ක්‍රියා කාන්තාවන් තුළ තවදුරටත් නො පවතී.

සංසර්ගයේ නියුතු වීමේ දී සහකරුවෝ, ශිශ්නය උත්තේජනය කරමින් යෝනිය තුළ දී ම (ඉවතට නොගනිමින්) ඉදිරියට හා පසුපසට ගමන් කිරීමට හැකි වන පරිදි ශ්‍රෝණි ප්‍රදේශ සුදුසු පරිදි පිහිටුවීම සිදුකරති. මෙලෙස ඔවුන් දෙදෙනා ම හෝ එක් අයෙකුවත් සුරතාන්තයට පත්වන තුරු එකිනෙකා සහ තම තමන් ලිංගික ව උත්තේජනය කරගැනීම සිදු වේ.

ලිංගික සංසර්ගය 
Manual stimulation of erogenous areas

මානව ස්ත්‍රීන් සදහා ලිංගික ක්‍රියාවලිය තුළ දී භගමණියේ උත්තේජනය සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන අතර 70%-80% ක කාන්තාවන් පිරිසකට සුරතාන්තයට පත්වීමට භගමණිය වෙනම ම (අතින් හෝ මුඛයෙන්) උත්තේජනය කිරීම අවශ්‍ය වේ. කෙසේනමුත් ලිංගික සංසර්ගය තුළ වක්‍ර ව සිදුවන භගමණියේ උත්තේජනය ද ඇතැම්විට ප්‍රමාණවත් විය හැකි ය. මේ නිසා භගමණිය උත්තේජනය වීමේ හැකියාව වැඩිකිරීම පිණිස ඇතැම් යුවලයෝ, කාන්තාව ඉහළින් පිහිටන සංසර්ගික ඉරියව් (women in top position) යොදාගැනීම මෙන් ම සම්ප්‍රදායික ඉරියව්ව තුළ ම හිදිමින් භගමණිය උත්තේජනය වීම වැඩිකරගැනීමේ අදහසින් කලව, ඉග වේගයෙන් උස් පහත් කරමින් ලිංගික හැසිරීම සමග සමපාත රිද්මයකින් තෙරපවීම සිදුකරති.

ගුදය, ගුදමාර්ගය හෝ ගුද කපාටය උත්තේජනය කරමින් ලිංගික වින්දනයක් සැපයීම හෝ ලැබීම ගුද ලිංගික ක්‍රියා (anal sex) යනුවෙන් හැදින්වේ. මෙය සාමාන්‍යයෙන් ව්‍යවහාර වන්නේ පිරිමියකුගේ ශිශ්නය තවත් අයකුගේ ගුදය තුළට ඇතුලු කිරීමෙන් ලිංගික වින්දනය ලැබීමේ/සැපයීමේ ක්‍රියාව (ගුද/පායුක සංසර්ගය) හැදින්වීමට වන නමුත් ලිංගික කෙළිබඩු හෝ ඇගිළි ගුදයට ඇතුලු කිරීම හෝ මුඛය මගින් ගුදය උත්තේජනය කිරීම (anilingus) ද ඉන් අදහස් විය හැකි ය.

ලිංගික අවයව හෝ ගුදය උත්තේජනය කිරීම සදහා මුඛය යොදාගනිමින් සිදුකරන ඕනෑම ලිංගික ක්‍රියාවක් මුඛ ලිංගික ක්‍රියා (oral sex) යනුවෙන් හැදින්විය හැකි ය. Oral sex is sometimes performed to the exclusion of all other forms of sexual activity, and may include the ingestion or absorption of semen (during fellatio) or vaginal fluids (during cunnilingus).

භගමණිය, යෝනිමුව ආශ්‍රිත සෙසු පෙදෙස, යෝනිය හෝ ගුදය මතින් අත්ළ සහ ඇගිළි මෙහෙයවීමෙන් ලිංගිකව උත්තේජනය කිරීම සහ ලිංගිකව කුලප්පු කිරීම ඇගිළි එබීම (fingering) වේ. මෙය ලිංගික හැසිරීමක එක ම ක්‍රියාව ලෙසින් මෙන් ම පෙරකෙළිය හෝ වෙනත් ලිංගික ක්‍රියාවක අංගයක් ලෙස ද සිදුවිය හැකි ය.

ආරක්ෂිත ලිංගික හැසිරීම් සහ උපත් පාලන ක්‍රම

විෂමලිංගික යුවලයන් අතර භාවිත වන ආරක්ෂිත ලිංගික හැසිරීම් ක්‍රම ගණනාවක් පවතින අතර නිර්-අන්තර්ග්‍රාහක ක්‍රමවලින් පමණක් ලිංගික වින්දනය ලැබීම ද ඉන් එකකි. එමෙන් ම ඔවුහු මුඛ හෝ ගුද සංසර්ගය උපත් පාලන ක්‍රමයක් ලෙස ද භාවිත කරති. නමුත් ගුද සංසර්ගය හෝ වෙනත් එවැනි ලිංගික ක්‍රියාවක (අන්තර්ගාත්‍රා-සංසර්ගය හෝ වෙන යම් ආකාරයකින් එකිනෙකාගේ ලිංගික අවයව අතර ඝර්ෂණයක) නියුතු වුව ද එහි දී ශිශ්නය යෝනියට සමීප වී තිබී, ඉන් නිකුත් වන ශුක්‍රාණු යෝනි මුව සමීපයේ තැන්පත් වී, එම ශුක්‍රාණු යෝනි ස්‍රාවයන් මගින් යෝනිය තුළට රැගෙන ගියේ නම් එවන් අවස්ථාවක දීද ගැබ් ගැනීම සිදු විය හැකි ය. ශිශ්නය යෝනියට සමීප නොවූ අවස්ථාවක දී ද ශුක්‍ර තරලය තැවරුණු අතැගිළි (හෝ වෙන යම් ලිංගික නොවන අවයවයක්) යෝනියෙහි ස්පර්ශ වීමෙන් ද ගැබ් ගැනීමේ අවදානමක් පවතී.

කොන්ඩම හෙවත් උපත් පාලන කොපු උපත් පාලනය සදහා මෙන් ම ආරක්ෂිත ලිංගික හැසිරීම් පවත්වා ගැනීම සදහා ද භාවිත වෙයි. ලිංගික සම්ප්‍රේෂණ රෝග වළක්වා ගැනීමේ ක්‍රමයක් ලෙස එය නිතර නිර්දේශ කරනු ලැබේ. National Institutes of Health (NIH) සහ ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්තාවලට අනුව නිවැරදි ව සහ චිරකාලීන ව සිදුකරන ලැටෙක්ස් කොන්ඩම භාවිතය එච්. අයි. වී./ඒඩ්ස් ආසාදනය වීමේ අවදානම (එයින් තොර ව සංසර්ගයේ යෙදීමට සාපේක්ෂව) දළ වශයෙන් 85-99%ක ප්‍රතිශතයකින් අඩුකරන බව පෙනී යයි. කෙසේනමුත් මුඛ සංසර්ගය පිණිස කොන්ඩම භාවිතා කෙරෙන්නේ කලාතුරකින් වන අතර ගුද සහ මුඛ සංසර්ගයන් පිණිස කොන්ඩම භාවිතා කිරීම ආශ්‍රිත සමීක්ෂණ ද සිදු ව ඇත්තේ ඉතා අඩු වශයෙනි. ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග වළක්වා ගැනීමේ වඩාත් ම ප්‍රතිඵලදායක ක්‍රමය වන්නේ යෝනික සංසර්ගය, ගුද සංසර්ගය හෝ මෞඛ ලෝලනය වැනි කිසිදු අන්තර්ග්‍රාහක ලිංගික ක්‍රියාවකින් වැළකී සිටීම ය.

උපත් පාලනය සම්බන්ධයෙන් ගන්නා තීරණ සහ ගත හැකි විකල්ප කෙරෙහි ආගමික මත, ස්ත්‍රී-පුරුෂ භූමිකාවන් සහ ජනවිශ්වාස වැනි සංස්කෘතික සාධක බල පෑමට ඉඩකඩ තිබේ. අයර්ලන්තය, ඉතාලිය, පිලිපීනය වැනි දැඩි කතෝලික රටවල දින ගණන/කැලැන්ඩර් ක්‍රමය මගින් සිදුකරන උපත් පාලනය කෙරෙහි වැඩි අවධාරණයක් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම කෙරෙහි අකමැත්තක් ද දැකිය හැකි ය. ලෝක මට්ටමින් ගත් කළ වද සැත්කම් කිරීම ප්‍රචලිත ම උපත් පාලන ක්‍රමයක් වන අතර අන්තර්ගර්භාෂික මෙවලමක් තැන්පත් කිරීම (IUD)/ලූපය ප්‍රතිවර්තනය කළ හැකි ගැබ් වැළකුම් ක්‍රම අතරින් වඩාත් ම ප්‍රචලිත සහ ඵලදායී ක්‍රමය වේ. පිළිසිදගැනීම සහ ගැබ් වැළකුම් ක්‍රම (contraception) සංවර්ධනය වෙමින් පවතින රටවල නම් ජීවිතය සහ මරණය අතර තත්ත්වයන් උදාකර තිබේ. ඒ සෑම කාන්තාවන් 3න් 1ක් ම අවුරුදු 20ට පෙර දරුඋපතක් සිදුකිරීම හේතුවෙනි. කෙසේනමුත් මෙම රටවල සිදුවන අනාරක්ෂිත ගැබ්ගැනීම්වලින් 90%ක් ම ඵලදායී ගැබ් වැළකුම් ක්‍රම භාවිතයෙන් වැළැක්විය හැකි ය.

ප්‍රජනනය

ලිංගික සංසර්ගය 
Chance of fertilization by menstrual cycle day relative to ovulation

මානව ප්‍රජනනය ස්වාභාවික වශයෙන් සිදුවන්නේ යෝනි-ශිශ්න සංසර්ගය ආධාරයෙනි. ඒ පුරුෂ ජන්මාණු සෛල වන ශුක්‍රාණු අන්තර්ගත ශුක්‍ර තරලය පිරිමියාගේ ශිශ්නය තුළින් යෝනිය තුළට විදිනු ලැබීමෙනි. යෝනි විවරයෙන් ඇතුළු වන ශුක්‍රාණු ගැබ්ගෙල ඔස්සේ ගර්භාෂයටත්, එතැනින් පැලෝපියානු නාල තුළටත් ගමන් කරයි. එක් ශුක්‍ර විදුමක් තුළින් වරකට ශුක්‍රාණු මිලියන ගණනක් ඇතුලු වේ. ඒ සංසේචනය වීමේ සම්භාවිතාවය වැඩි කරමිනි. නමුත් එක් ශුක්‍රාණුවක් ඩිම්බයක් සංසේචනය කිරීමට ප්‍රමාණවත් වේ. සරු ඩිම්බයක් පැලෝපියානු නාල තුළ මුණගැසුණු විට පුරුෂ ජන්මාණුව ඒ සමග එක් ව සංසේචනය වන අතර ඉන් අනතුරු ව නව කළලයක් බිහි වේ. සංසේචිත ඩිම්බයක් ගර්භාෂයට පැමිණි විට ගර්භාෂ බිත්තියේ (එන්ඩොමෙට්‍රියමේ) රෝපණය වන අතර ස්ත්‍රියගේ ගර්භනීබව ඉන් අනතුරුව ඇරඹේ.

ලිංගික සංසර්ගයෙන් පසු ප්‍රජනනය සිදුවීමට වැඩි නැඹුරුවක් පෙන්වා ඇත්තේ (වැඩි ගැබ්ගැනීම් ගණනක් සිදු වන්නේ) ඔසප් චක්‍රය තුළ, ඔසප්වීමෙන් පසු එළඹෙන පළමු හෝ දෙවන දිනට දින 5කට කලින් කාලය තුළ ය. ප්‍රජනනය සිදුවීමේ ඉඩකඩ වඩාත් වැඩිකිරීමට සෑම දින 1ක් 2ක් සදහා ම හෝ සෑම දින 2ක් 3ක් සදහා ම ලිංගික සංසර්ගයේ යෙදීමට ද නිර්දේශ කරති. යෝනිය තුළට ශුක්‍ර තරලය විදීම සිදුවන තාක් දුරට ප්‍රජනනය සිදුවීමට ඇති ඉඩකඩ කෙරෙහි යොදාගන්නා ලිංගික ඉරියව්වල බලපෑමේ කිසිදු වෙනසක් නොමැති බව අධ්‍යයන විසින් පෙන්වා දී තිබේ.

සෞඛ්‍යය බලපෑම

වාසි

මිනිසුන් සම්බන්ධයෙන් ලිංගික සංසර්ගය ඇතුලු ලිංගික ක්‍රියාකාරකම් පොදු වශයෙන් සෞඛ්‍යයමය වාසි රැසක් ගෙනදෙන බව හෙළි වී ඇත. එනම් ශරීරයේ ප්‍රතිදේහ නිර්මාණය කිරීම වැඩිකිරීම මගින් ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සහ අනතුරුව සිදුවන රුධිර පීඩනයේ අඩුවීම සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවදානම අඩුවීම වේ. ලිංගිකමය සමීපතාවය සහ සුරතාන්තයන් විසින් ශරීරය තුළ ඔක්සිටොසීන් (මෙය ආදර හෝර්මෝනය නමින් ද හැදින් වේ.) හෝර්මෝනයේ මට්ටම වැඩිකිරීම සිදුකරන අතර මෙම හෝර්මෝනය මිනිසුන් අතර බැදීම් සහ අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනංවාගැනීමට උපකාර වේ. ඔක්සිටොසීන් හෝර්මෝනය පිරිමින්ට වඩා කාන්තාවන් කෙරෙහි වැදගත් බලපෑමක් ඇති බව සැලකෙන අතර පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් වැඩි වශයෙන් ලිංගික ආකර්ෂණය හෝ ලිංගික හැසිරීම් රාගය සහ ආලය පිළිබද ක්‍රියා ලෙස සලකන්නේ ඇයි ද යන්න මෙයින් පැහැදිලි වේ. වයස 18 සහ 102 අතර පුද්ගලයන් 3500ක් යොදාගනිමින් සායනික ස්නායුමනෝවෛද්‍ය ඩේවිඩ් වීක්ස් විසින් සිදුකළ දීර්ඝකාලීන අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ දෛනික මට්ටමින් ලිංගික හැසිරීම්වල නිරත වීම මිනිසුන්ගේ වයස සැබෑ වයසට වඩා තරුණ පෙනුමක් පෙනීමට හේතු විය හැකි බවයි. පර්යේෂණයට සහභාගී වූ පුද්ගලයන්ගේ ඡායාරූප කෙරෙහි සිදුකළ නොනැඹුරු ඇගැයීම් මගින් මෙම නිගමනයට එළඹෙන ලදී.

අවදානම්

ලිංගික සබදතා (එනම් යෝනිමය, ගුද, මුඛ සංසර්ගයන් හෝ අනාරක්ෂිත ලිංගික හැසිරීම්) මගින් පැතිරෙන බැක්ටීරියා, වයිරස හා පරපෝෂිතයන් හා එම ආසාදන ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග ලෙස හැදින්වේ. මුඛ සංසර්ගය යෝනිමය හා ගුද සංසර්ගයට වඩා අවදානම්සහගත බවින් අඩු ය. බොහෝ අවස්ථාවන්වල දී ලිංගික සම්ප්‍රේෂණ රෝග, රෝග ලක්ෂණ නොපෙන්වන අතර තමා ද නොදැනුවත් ව ලිංගික සහකරුවකුට හෝ වෙනත් අයකුට රෝගය කෙනකු වෙතින් සම්ප්‍රේෂණය වීමට වැඩි අවදානමක් මේ නිසා පවතී.

සෑම වසරක ම ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග ආසාදනය වීමේ නව සිද්ධි මිලියන 19ක් ඇමරිකා එක්සත් ජනපදය තුළින් වාර්තා වේ. 2005 වසරේ දී ලෝක සෞඛ්‍යය සංවිධානය ඇස්තමේන්තු කළ පරිදි වයස 15ත් 49ත් අතර සිටින මිලියන 448ක පිරිසකට වසරක් තුළ (සිපිලිස්, ගොනෝරියා, ක්ලැමීඩියා වැනි) සුව කළ හැකි ලිංගික සම්ප්‍රේෂණ රෝග වැළදී ඇත. ඇතැම් ලිංගික සම්ප්‍රේෂණ රෝග ලිංගිකමය වණ වැනි ලක්ෂණ පෙන්විය හැකි අතර මෙවැනි ලක්ෂණ නොපෙන්වන රෝග ද ඇතුලුව මෙම රෝග එච්. වී. අයි. ආසාදනය වීමේ හා අන් අයට සම්ප්‍රේෂණය කිරීමේ අවදානම දස ගුණයක් දක්වා වැඩි කරයි. හෙපටයිටිස් බී රෝගය ද ලිංගික සබදතා තුළින් සම්ප්‍රේෂණය විය හැකි ය. ලොව පුරා දරුණු ගණයේ හෙපටයිටිස් බී රෝග වාහකයෝ මිලියන 257ක් පමණ සිටිති. එච්. අයි. වී. යනු ලොව ප්‍රමුඛ ම මාරක ආසාදනවලින් එකක් වන අතර වසංගතය ඇරඹුණු සමයේ සිට මේ දක්වා මෙමගින් දළ වශයෙන් මිලියන 30ක් මියයන්නට ඇතැ යි 2010 වසරේ දී ඇස්තමේන්තු කරන ලදී. ලොව පුරා නව එච්. අයි. වී. ආසාදන මිලියන 2.7ක් සිදුවන බවට 2010 දී ඇස්තමේන්තු කරන ලදී. මෙයින් මිලියන 1.9ක් ම, එනම් 70%ක් ම සිදුවන්නේ අප්‍රිකාව තුළ ය. ලෝක සෞඛ්‍යය සංවිධානය තවදුරටත් පවසන පරිදි “එච්. අයි. වී. ආශ්‍රිත රෝග තත්ත්වවලින් මියයන බවට 2010 වසරේ දී ගණන් බලා ඇති මිලියන 1.2ක් වන අප්‍රිකානු පිරිස ගෝලීය සමස්තය වන මිලියන 1.8ක් වන එවැනි මරණවලින් 69%ක ප්‍රතිශතයක් වෙයි.” රුධිර පරීක්ෂාවන් තුළින් එච්. අයි. වී. ආසාදනය වී ඇති ද යන්න හදුනාගත හැකි අතර සුව කළ හැකි ක්‍රමයක් සොයාගෙන නැතත් ඒ සදහා ඇති ප්‍රති-රිට්රොවයිරස ඖෂධ භාවිතය තුළින් පාලනය කළ හැකි ය. එසේ රෝග තත්ත්වය කළමණාකරණය කරගනිමින් සෞඛ්‍යසම්පන්න සහ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට රෝගීන් හට හැකියාව තිබේ.

ආසාදනය වී ඇති දැයි සැකයක් පවතින ඕනෑම විටක මුල දී ම වෛද්‍ය අංශ කරා යොමුවීම බෙහෙවින් ඵලදායක බව හැමවිට ම පාහේ පෙනීගොස් ඇත. ඇමරිකාවේ CDC ආයතනය පවසන පරිදි “එච්. අයි. වී. ආසාදිත සහකරුවකු වෙතින් වෛරසය ආසාදනය වීමට මුඛ ලිංගික ක්‍රියාවක දී ඇත්තේ යෝනිමය හෝ ගුද සංසර්ගයක දී ආසාදනය වීමට ඇති ඉඩට වඩා අඩු ඉඩකි.” නමුත් “මුඛ ලිංගික ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස එච්. අයි. වී. ආසාදනය වීමේ නිසැක හැකියාව මැනීම ඉතා දුෂ්කර” බව ද ඔවුහු පවසති. “මෙයට හේතුව බොහෝ පිරිස් ලිංගික ව හැසිරීමේ දී මුඛ සංසර්ගය සිදුකරන්නේ යෝනිමය/හා ගුද සංසර්ගය වැනි වෙනත් ලිංගික ක්‍රියාවන් ද ඇතුළත් කරගත් ලිංගික එකමුතුවක අංගයක් ලෙසින් වීමත්, එ බැවින් වෛරසය සම්ප්‍රේෂණය වූයේ මුඛ ලිංගික ක්‍රියාව හේතුවෙන් ද නැතිනම් වඩා අවදානම් සහගත වෙනත් ලිංගික ක්‍රියාවලින් ද යන්න නිශ්චිත ව නිගමනය කිරීමට නොහැකි වීම” යැයි ද ඔවුහු සදහන් කරති. සම-සාධක කිහිපයක් මගින් මුඛ ලිංගික ක්‍රියාවක් තුළින් එච්. අයි. වී. ආසාදනය වීමේ අවදානම වැඩි කළ හැකි බව ඔවුහු වැඩිදුරටත් පවසති. එනම් වණ, bleeding gums, ලිංගික තුවාල සහ වෙනත් (එච්. අයි. වී. හැර) ලිංගික සම්ප්‍රේෂණ රෝග ආසාදනය වී පැවතීම වැනි කරුණු ය.

2005 වසරේ දී ලෝක සෞඛ්‍යය සංවිධානය ඇස්තමේන්තු කළ පරිදි සෑම වසරක ම ලොව පුරා කාන්තාවෝ මිලියන 123ක් ගර්භනී බවට පත්වෙති. එමෙන් ම මෙම ගර්භනීවීම්වලින් මිලියන 87කට ආසන්න ප්‍රමාණයක් අනපේක්ෂිත ගැබ්ගැනීම් ය. දළ වශයෙන් වසරකට ගර්භනී තත්ත්වයන්ගෙන් මිලියන 46ක් බලපෑම් මගින් ගබ්සා කිරීම සදහා යොමුකරවීම සිදුවේ.

මොලයේ reward center (Nucleus accumbens) හි පවතින ΔFosB (delta FosB) නමින් හැදින්වෙන ජාන පිටපත්කිරීමේ සාධකයක ප්‍රකාශනය වැඩිකිරීමට ලිංගික ක්‍රියාවට හැකි ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස දිනපතා අධික ලෙස නිරන්තර ව ලිංගික ක්‍රියාකාරකම්වල නියුතු වීම ΔFosB හි අධිප්‍රකාශනයට හේතු වෙමින් ලිංගික හැසිරීමට ඇබ්බැහිතාවක් ඇති කළ හැකි ය. ලිංගික ඇබ්බැහිවීම හෝ අධිලිංගිකත්වය ආවේග පාලන අක්‍රමිකතාවන් හෝ චර්යා ඇබ්බැහියක් ලෙසින් සුලබ ව සලකනු ලැබේ. ස්නායුරසායනිකයක් (neurotocine) වන ඩොපැමින් හි අසාමාන්‍ය තත්ත්වයන් සමග මෙය සම්බන්ධ බව සැලකේ. ලිංගික සංසර්ගය කෙරෙහි ඇලී සිටීම සහ කෝලබවින් තොරවීම මෙහි ගතිලක්ෂණ වේ. මෙම ඇබ්බැහිකාරී චර්යාව DSM-5 වර්ගීකරණයේ ආවේගී-ප්‍රේරණ චර්යා ආබාධය යටතේ වර්ග කළ යුතු බවට යෝජනා වී ඇත. ලිංගික සංසර්ගයට ඇති ඇබ්බැහිවීම ජානමය සාධක විසින් ගෙනයන්නක් බවට සමහරු සැක කරති. ලිංගික සංසර්ගයට ඇබ්බැහියක් ඇති අය තුළ මොලයේ ඇතිවන දෘෂ්‍ය ලිංගික සංඥා කෙරෙහි ප්‍රබල ප්‍රතිචාර දැක්වීමක් පවතී. Those seeking treatment will typically see a physician for pharmacological management and therapy. අධිලිංගිකත්වයේ එක් ස්වරූපයක් වන්නේ ක්ලෙයින්-ලෙවින් සලක්ෂණය යි (Kleine-Levin syndrome). අධිනිද්‍රාව (hypersomnia) සහ අධිලිංගිකත්වය (hypersexuality) විසින් මෙය පෙන්නුම් කරන අතර දුර්ලභ තත්ත්වයකි.

ඇතැම්විට ලිංගික හැසිරීම මරණයට සෘජු හේතුකාරයක් විය හැකි ය. ඒ හෘද රුධිර සංසරණයේ ගැටලු හේතුවෙනි. කෙසේනමුත් මෙවන් මරණ සුවිශේෂී පරිදි දුර්ලභ ය. ඇතැම් අය, විශේෂයෙන් ම ශාරීරික ව්‍යායාම මද හෝ නොලැබෙන පුද්ගලයන් කෙරෙහි ලිංගික සංසර්ගය හෝ එවැනි වෙනයම් ඉදහිට නිරත වන වෙහෙසකර ශාරීරික ක්‍රියාවක නිරත වීමේ දී හෘදයාබාධයක් ඇතිවීමේ හෝ එවැන්නකින් හදිසි මරණයක් හෝ සිදුවීමේ මදක් වැඩි අවදානමක් ඇත. මෙම වැඩි අවදානම දෛනික ව්‍යායාම මගින් (මුලුමනින් ම නැති නොවුවත්) අඩු කරගත හැක.

කාලය සහ ලිංගික ගැටලු

ලිංගික සංසර්ගය 

පිරිමියා ශුක්‍ර විදීමෙන් ලිංගික සංසර්ගය බොහෝවිට අවසන් වන බැවින් ඇතැම්විට ස්ත්‍රියට සුරතාන්තයට ළගාවීමට තරම් ප්‍රමාණවත් කාලයක් නොලැබීමට පුලුවන. තවද ක්ෂණික මෝචනය හෙවත් අනිසි ඉක්මන් ශුක්‍ර විදීම (premature ejaculation) නිතර දැකිය හැකි තත්ත්වයක් වන අතර සුරතාන්තයට පත්වීම සදහා කාන්තාවට පිරිමියාට වඩා වැඩි කාලයක් ලිංගික උත්තේජනය සිය සහකරුවා වෙතින් ලැබීම ස්වාභාවික ව අවශ්‍ය වේ. වෙයිට්සන් සහ සෙසු අය පවසන පරිදි “බොහෝ යුවලයෝ සුරතාන්තය (යෝනි-ශිෂ්ණ) සංසර්ගය තුළින් ම අත්කරගත යුතු ය යන මතයට කොටු ව සිටිති. පෙරකෙළිය (foreplay) යන වචනයෙන් හැගවෙන්නේ ද වෙන යම් ඕනෑම ලිංගික උත්තේජනයක් හුදෙක් ප්‍රධාන ක්‍රියාවට සූදානම් කිරීමක් පමණක් බව ය. කාන්තාවන් හුදෙක් සංසර්ගය තුළින් සුරතාන්තයට ළගාවන්නේ පිරිමින්ට වඩා අඩු වශයෙනි.” එනිසා ඔවුහු සිය සහකරුවන් සතුටු කිරීමට ව්‍යාජ සුරතාන්තයක් මවාපෙන්වීමට පිරිමින්ට වඩා නැඹුරු වෙති.

1991 දී කින්සි (Kinsey) අධ්‍යයන ආයතනයේ පර්යේෂකයන් සදහන් කළ පරිදි “සත්‍ය. නම් ලිංගික අවයව විනිවිදීම සහ ශුක්‍ර විදීම අතර කාලය මිනිසාගෙන් මිනිසාට පමණක් නොව එක ම අයකු සංසර්ගයේ යෙදෙනෙ අවස්ථාවෙන් අවස්ථාවට ද වෙනස් වන බව ය.” ඔවුන් වැඩිදුරටත් සදහන් කරන ලද්දේ ලිංගික සංසර්ගය පැවතිය යුතු සුදුසු කාල සීමාව විය යුත්තේ දෙදෙනාම අන්‍යෝන්‍ය වශයෙන් සතුටට පත්වීමට ගතවන්නේ කොපමණ කාලයක් ද එම කාලය බව ය. කින්සි සොයාගෙන ඇති පරිදි “පිරිමි 75%ක ප්‍රතිශතයක් ශිෂ්ණය ඇතුලු කිරීමෙන් මිනිත්තු 2ක් ඇතුළත ශුක්‍ර පිටකර තිබෙන නමුත් එම පුද්ගලයන් හෝ ඔවුන්ගේ සහකරුවන් මිනිත්තු 2 අන්‍යෝන්‍ය සතුටකට ප්‍රමාණවත් ලෙස සලකන්නේ දැයි කින්සි විමසා නොමැති බව” අධ්‍යයන ආයතනය පෙන්වාදෙයි. “ඉතා මෑත සිදුකළ පර්යේෂණ වාර්තා තරමක් දිග සංසර්ග කාල වාර්තා කරන බව” ඔවුහු පෙන්වා දෙති. 2008 වසරේ දී කැනඩියානු සහ ඇමරිකානු ලිංගික චිකිත්සකවරුන් විසින් සිදුකළ සමීක්ෂණයකින් හෙළි වූ පරිදි ලිංගික සංසර්ගය පවතින සාමාන්‍ය කාලය මිනිත්තු 7 වූ අතර මිනිත්තු 1 හා 2 ඉතා කෙටිබව ද, මිනිත්තු 3 සිට 7 ප්‍රමාණවත් බව ද, මිනිත්තු 7 සිට 13 ප්‍රිය කරන කාලය ලෙස/පවතින්නේ නම් වඩා හොද බව ද, මිනිත්තු 10 සිට 30 දිග වැඩි බව ද හෙළි විය.

නිර්සුරතාන්තතාව (anorgasmia) යනු කෙතරම් ලිංගිකව උත්තේජනය කළ ද සුරතාන්තයට පත්වීමට නිරන්තර ව ඇතිවන දුෂ්කරතාව යි. මෙය පිරිමින්ට වඩා කාන්තාවන් තුළ සැලකිය යුතු තරම් වැඩියෙන් දක්නට ඇත. කාන්තාවන්ගේ ශරීරය සම්බන්ධයෙන් පවතින අඩු දැනුම, විශේෂයෙන් ම ලිංගිකත්වය පිළිබද පසුගාමී ආකල්ප තිබෙන සමාජවල ලිංගික අධ්‍යාපනය නිසි ලෙස නොලැබීම ද මෙයට හේතුවක් විය හැකි බව පැවසේ. ගැහැනියට සුරතාන්තය අත්කරගැනීමට මූලික වන්නේ භගමණිය (clitoris) යි. එහෙත් ලිංගික සංසර්ගයේ දී යොදාගන්නා පිහිටුම විසින් උත්තේජනය වන්නේ භගමණියට වඩා ශිෂ්ණය යි. භගමණියේ පිහිටුම අනුව එය මදක් සැග ව පවතින බැවින් ගැහැනිය සුරතාන්තයට පත්වීමට නම් එය අතින් හෝ මුඛයෙන් (තොල්වලින් හෝ දිවෙන්) උත්තේජනය කිරීම මේ අනුව හැමවිටම මෙන් අවශ්‍ය වෙයි. දළ වශයෙන් කාන්තාවෝ 25%ක පමණ පිරිසක් සුරතාන්තයට පත්වීම සම්බන්ධ ගැටලුවලට මුහුණ දෙති. 10%කට පමණ කෙදිනකවත් සුරතාන්තයක් ලැබී නැති අතර 40%ක් හෝ 40-50% පිරිසක් ලිංගික අතෘප්තිය හෝ ජීවිතයේ කිසියම් අවස්ථාවක ලිංගිකව පිබිදීම දුෂ්කර වීම පිළිබද ව පැමිණිළි කර තිබේ.

යෝනි බන්ධය (vaginismus) යනු යෝනියේ ඇතුල් බිත්ති ඉබේ ම ආතතියකට ලක් වී තද වී සංසර්ගය හෝ වෙන යම් ආකාරයකින් යෝනිය විනිවිදීම වේදනාකාරී සහ ඇතැම්විට සිදු කළ නොහැකි කාර්යයක් වීම යි. මෙය pubococcygeus පේශියේ තත්ත්වාරෝපිත ප්‍රතීක ක්‍රියාවකි. යෝනි බන්ධය මගහැරීම ඉතා අපහසු විය හැකි ය. ඒ කාන්තාවක් ලිංගික සංසර්ගයේ දී වේදනාවක් දැනෙනු ඇතැ යි බියෙන් සිටින විටක දීද එම මානසික ආතතිය සංසර්ගය වේදනාකාරී කිරීමට හේතුවනසුලු මාංශ පේශිවල ගැස්මක් ඇතිකිරීමට හේතුවිය හැකි බැවිනි. යෝනි බන්ධයට සිදුකරන ප්‍රතිකාර බොහෝවිට මනෝවිද්‍යාත්මක සහ චර්යාත්මක ක්‍රමවේද වන අතර යෝනි විදාරකයන් (vaginal dilators) ද යොදාගැනේ. Botox ප්‍රතිකාරකය පිළියමක් ලෙස භාවිතා කිරීම ද අත්හදා බලා ඇති අතර භාවිත කිරීම සිදු වේ. වේදනාකාරී හෝ දුෂ්කර ලිංගික සංසර්ගය dyspareunia තත්ත්ව යටතට ගැනේ.

දළ වශයෙන් 49%ක් පිරිමි ශිශ්නය සෘජුකරගැනීම සම්බන්ධ කිසියම් ආකාරයක දුෂ්කරතාවකින් (erectile dysfunction) හෝ බෙලහීනත්වයෙන් (impotence) ඉදහිට හෝ පෙළෙන බව වාර්තා වී තිබේ. ක්ෂණික මෝචනය (සංසර්ගය ඇරඹී ඉතා ඉක්මනින් ශුක්‍ර පිටවීම) උදර්ජන දුෂ්කරතාවට වඩා බහුල බවට වාර්තා වී ඇතත් ප්‍රතිවිරුද්ධ මතයට සහය දෙන සංඛ්‍යා දත්තද පවතී. සමීක්ෂණවල දී සහභාගීකරුවන් තේරුම් ගන්නා ආකාරයන් වෙනස් වන නිසා ක්ෂණික මෝචනය සම්බන්ධ ව ඇති සංඛ්‍යා දත්ත උදර්ජන දුෂ්කරතාව පිළිබද සංඛ්‍යා දත්තයන්ට වඩා විවිධාකාර වේ. නිදසුන් ලෙස Mayo Clinic පවසන පරිදි “සංඛ්‍යා දත්ත විවිධ වන නමුත් මිනිසුන් 3 දෙනෙකුගෙන් 1 අයෙක් තරම් ලොකු පිරිසක් කිසියම් අවස්ථාවක හෝ (ක්ෂණික මෝචනයට) ලක් වී ඇත.” තවද “මාස්ටර්ස් සහ ජොන්සන් ගවේෂණය කළ පරිදි බොහෝ පිරිමින් වෛද්‍ය උපදෙස් පතන්නේ ශිශ්නය ප්‍රාණවත්කර ගැනීම සම්බන්ධ ගැටලුවලට වුවත් ක්ෂණික මෝචනය වඩාත් බහුල ලිංගික ගැටලුව වේ.” මෙයට හේතුව වන්නේ “15%ත් 20%ත් පිරිසක් ඉක්මන් ශුක්‍ර විදීම පාලනය කරගැනීමේ ගැටලුවට මුහුණ දුන්නත් බොහෝදෙනා එය විසදුම් සෙවිය යුතු ගැටලුවක් ලෙස නොසැලකීමත්, කාන්තාවන් රැසකට සිය ලිංගික අවශ්‍යතා පැවසීම ගැටලු සහගත යමක් වීමත් ය.” ඇමරිකානු මෞත්‍රවේදීන්ගේ සංගමය (American Urological Association - AUA) පවසන පරිදි ක්ෂණික මෝචනය එක්සත් ජනපදයේ පිරිමින්ගෙන් 21%ක ප්‍රතිශතයක් මුහුණ දී තිබිය හැකි ගැටලුවකි.

වෛද්‍ය හේතු මත බෙලහීනතාව ඇති වන පුද්ගලයන්ට Viagra, Cialis, සහ Levitra වැනි වෛද්‍ය නිර්දේශ යටතේ ලබාගත හැකි ඖෂධ පවතී. කෙසේනමුත් මෙම ඖෂධ නුවුමනා ලෙස ගැනීමෙන් වැළකෙන ලෙස වෛද්‍යවරු අනතුරු අගවති. ඒ මෙම ඖෂධවල ඇති, හෘදයාබාධ ඇතිවීමේ ඉඩකඩ වැඩිවීම වැනි බරපතල අවදානම් තත්ත්ව නිසා ය. selective serotonin reuptake inhibitor (SSRI) සහ ප්‍රතිවිෂාද ඖෂධයක් වන dapoxetine ක්ෂණික මෝචනයට පිළියම් කිරීමට භාවිතා වී තිබේ. සායනික අත්හදාබැලීම්වල දී dapoxetine ඖෂධය ලබාගත් ක්ෂණික මෝචනයෙන් පෙළුණු පුද්ගලයෝ ඖෂධයෙන් තොර අවස්ථාවල දී සුරතාන්තයට පෙර සංසර්ගයේ නියුතු වීමට සමත් වූ කාලය තෙක් තුන් හතර ගුණයක කාලයක් සංසර්ගයේ නියුතු වීමට සමත් වූහ. පමා වූ ශුක්‍ර විදීම (delayed ejaculation) තවත් ශුක්‍ර විදීම හා සම්බන්ධ රෝග තත්ත්වයකි. Fluvoxamine වැනි ප්‍රතිවිෂාදී ඖෂධයක් නිතර ගැනීමේ අතුරු ආබාධයක් ලෙස මෙය ඇතිවිය හැකි ය. කෙසේනමුත් සෑම SSRI වර්ගයක ම ශුක්‍ර විදීම පමාකිරීමේ හැකියාව ඇති අතර ශුක්‍ර විදීම පමාකිරීමේ අඩු ම හැකියාව ඇත්තේ Fluvoxamine හි ය.

ප්‍රජනක අවයව සහ ව්‍යුහය ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් සිදුවන වෛද්‍යය ප්‍රතිකාරයන්ගෙන් අනතුරු ව පවා ලිංගික සංසර්ගය සිදුකිරීමේ ගැටලුවක් ඇති නොවේ. මෙය කාන්තාවන් සම්බන්ධයෙන් විශේෂයෙන් සත්‍යයකි. ගර්භාෂය ඉවත් කිරීම, ඩිම්බකෝෂ ඉවත් කිරීම පැලෝපීය නාලය ඉවත් කිරීම, ගෙඩි ඉවත් කිරීම, විදාරණය කිරීම සහ සීරීම, කන්‍යා පටලය ඉවත් කිරීම, බාතොලින් ග්‍රන්ථි ශල්‍යකර්මය, cervical conization, යෝනි තොල්වලින් ඇතුලු කොටස (vestibule) ඉවත් කිරීම, යෝනියේ ඇතුලු තොල් කුඩා කිරීම, වැනි ප්‍රබල නාරිවේදමය සැත්කම්වලින් පසු පවා සංසර්ගයේ යෙදිය හැකි ය. ශල්‍යමය සහ විකිරණවේදී පිළිකා ප්‍රතිකාර සහ කීමෝතෙරපි ප්‍රතිකාරවලින් පසුව ද එසේ ම ය. Reconstructive surgery remains an option for women who have experienced benign and malignant conditions.

මේවා ද බලන්න

වැඩිදුර කියවීමට

  • රාජසූරිය, මහේෂ් (2016). රතිය විදු ඇසින් : මානව ලිංගිකත්වයට විද්‍යාත්මක පිවිසුමක්. නුගේගොඩ: සරසවි ප්‍රකාශකයෝ. ISBN 978-955-671-408-1.
  • ගමගේ, ආරියසේන යූ. පුද්ගලිකයි රහසිගතයි.

ආශ්‍රිත නාමාවලිය

Tags:

ලිංගික සංසර්ගය චර්යාවන්ලිංගික සංසර්ගය සෞඛ්‍යය බලපෑමලිංගික සංසර්ගය මේවා ද බලන්නලිංගික සංසර්ගය වැඩිදුර කියවීමටලිංගික සංසර්ගය ආශ්‍රිත නාමාවලියලිංගික සංසර්ගයප්‍රජනනයමුඛ සංසර්ගයයෝනියශිශ්නය

🔥 Trending searches on Wiki සිංහල:

මත්ද්‍රව්‍යපහතරට නැටුම්අළු කෑදැත්තාදියවැඩියාවශ්‍රී ලංකාවේ පළාත් මල්කතරගම මහසෙන්ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය අනූව දුම්රිය ස්ථාන ලැයිස්තුවග්‍රහලෝකආගම්අලිඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගොක් කලාවබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිසිංහල ව්‍යාකරණකන්‍යාභාවයවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවඅංගුලිමාල පිරිතෂර්ලොක් හෝම්ස්ගෝලීයකරණයශ්‍රී රාජාධි රාජසිංහ රජජලභීතිකාවඅධ්‍යාපන මනෝ විද්‍යාවදකුණු පළාත, ශ්‍රී ලංකාවඑස්‌. මහින්ද හිමිසිංහල සහ හින්දු අලුත් අවුරුද්දකවිය සහ උපමා භාවිතයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලනිශ්ශංක මල්ල රජයුදෙවුවෝමාලිගාතැන්න ආරණ්‍ය සේනාසනයමරු සිටින දිශාවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවකුණකටුවාමහ වැව් නාමාවලියඇදුමධර්ම සංගායනාපොරොන්දම්වේදකුමාර් සංගක්කාරසිංහල සදැස් පද්‍ය සාහිත්‍යකැහිබෙල්ලාකාවන්තිස්ස රජළමා සහ යොවුන්වියේ මනෝ වෛද්‍ය විද්‍යාවජංගම දුරකථනයුධගනාවශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවකොහාපාලිබාලගිරි දෝෂයඑනසාල්ගස්ලබුශ්‍රී ලංකාවේ අධ්‍යාපනයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසඅර්ථයශ්‍රී වික්‍රම රාජසිංහ රජෆ්ලොරන්ස් නයිටිංගේල්දික්කසාදයකොමියුනිස්ට්වාදයදාම්පන්සියපනස් ජාතක පොතපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයඑඩිෂම් බංගලාවසියම් මහ නිකායරංගනය හා සංගීතයස්ටීවන් හෝකිංක්‍රීඩානාමල් උඩුගමසරදියෙල්නග්නත්වයලලිත් ඇතුලත්මුදලිකුරුණෑගලබූරුවා (සත්ත්‍වයා)ආදිවාසීන්කොරියානු භාෂාවමේෂ රාශිය🡆 More