ස්ත්‍රී පුරුෂ භාවය

ස්ත්‍රී පුරුෂ භාවය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හෙවත් පුමිතිරිබව යනු පිරිමිකම සහ ගැහැණුකම අතර වෙනසට අදාලවන්නාවූ ලක්‍ෂණ පරාසය වේ.

Depending on the context, these characteristics may include biological ලිංගය (i.e. the state of being male, female or intersex), sex-based social structures (including gender roles and other social roles), or gender identity.

ස්ත්‍රී පුරුෂ භාවය
Gender symbols. The pink is the female Venus symbol. The blue represents the male Mars symbol.


ලිංගය සහ ස්ත්‍රී පුරුෂ භාවය

ලිංගභේදය ස්ත්‍රීත්වය හා පුරුෂත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන පද සමාන අර්ථ ඇති පද ලෙස සමාජය විසින් බොහෝ අවස්ථාවල දි භාවිතා කරනු ලැබේ. ස්ත්‍රි පුරුෂ ලිංගභේදය යන පදයට වඩා ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන පදය සමාජිය මෙන්ම මනෝභාවාත්මක වශයෙන් ද වෙනස් වු අර්ථයක් ගෙන දෙයි.

ස්ත්‍රී පුරුෂ ලිංගභේදය යනුවෙන් සරලව හඳුන්වනු ලබන්නේ උපතින්ම හිමිවන ලිංගික භාවයෙහි වෙනසයි. ජීව විද්‍යාත්මකව ස්වභාවයෙන් සියලුම ජීවීහූ ස්ත්‍රී පුරුෂ යන බෙදුමට ලක්ව උපත ලබති. ස්ත්‍රීය හා පුරුෂයා අතර ඇති මෙම ජීවවිද්‍යාත්මක ලිංගික වෙනස නිසා ඔවුනොවුන්ගේ අඟපසග ඉන්ද්‍රියන් හා ශරිර වර්ධනය වෙනස් අයුරින් සිදු වෙයි. ස්ත්‍රින්ගේ හා පුරුෂයින්ගේ ශරීර වර්ධනයේ දී ඉන්ද්‍රියන්ගේ බාහිර මෙන්ම අභ්‍යන්තර වෙනස්කම්ද සිදුවන අතර කටහඬ වැනි දෑ පවා වෙනසකට භාජනය වෙයි. මෙම ලිංගික වෙනස ස්භාවිකවම නිර්මාණය වු ජීව විද්‍යාත්මක වෙනසකි. මෙය සමස්ත ලෝකයටම පොදු වූ දෙයකි. කවර රටක, කවර සමාජයක වුවද වසර දහස් ගණනකට පෙරාතුව වුවද නුතන යුගයේ දී වුවද මෙම ස්ත්‍රී පුරුෂ ලිංගික වෙනස නොවෙනස්ව පවතියි.

ස්ත්‍රී පුරුෂ භාවය 

ජීව විද්‍යාත්මකව ස්ත්‍රීයට හා පුරුෂයාට ලැබී ඇති ලිංගික වෙනස මත සමාජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් වු සමාජ තත්වයන් මෙම දෙපක්ෂය සදහා නිර්මාණය කර දී ඇත. සමාජය හා සංස්කෘතිය මගින් මෙම බෙදීම සිදු කර තිබෙන අතර සෑම ඵ්කකයක දීම මෙන්ම සෑම ස්තරයක දීම ඵය දක්නට ලැබේ. ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට ඵකිනෙකට වෙනස් වු ගති ලක්ෂණ, අනන්‍යතා, හැසිරීම් රටා, භුමිකා සහ වෘත්තීන් පවා සමාජය විසින්ම නිර්මාණය කර තිබේ. ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට පවරා දී ඇති එම සමාජ සංස්කෘතික තත්ත්වය ස්ත්‍රී පුරුෂ සමාජභාවය ලෙස සරලව හඳුන්වා දිය හැකිය. මෙය සමාජය විසින් නිර්මාණය කර දී තිබෙන අතර ලිංගික බව මෙන් සොබාදහමින් ලැබුණු දෙයක් නොවේ. සංස්කෘතිය, ආගම, විශ්වාස, ඇදහිලි හා සිරිත් විරිත් මගින් මෙම සමාජ තත්වය ස්ථාපිත කර තිබේ.

මෙම සමාජ නිර්මිතය සමාජයෙන් සමාජයට රටින් රටට වෙනස් වේ. මානව වර්ග, ජාති, කුල, ප්‍රදේශ අතරද මෙම සමාජ තත්වයන් සමාජ හා සංස්කෘතික වෙනස්වීම් අනුව සිදු වේ. ඵම නිසා ස්ත්‍රී පුරුෂ ලිංගභේදය මෙන් නොව ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනස්වන සුලු දෙයකි.


ලොව සෑම සමාජයකම ස්ත්‍රීන් හා පුරුෂයින් අගය කිරිම සිදුවන්නේ කෙසේද?

පුරුෂයින් ශාරීරික හා මානසික වශයෙන් ශක්තිමත්, ඵඩිතර ඉක්මන් තීරණ ගත හැකි, නායකත්වයක් සහිත, බුද්ධිමත් හා තාර්කික කොටසක් ලෙස විශ්වාස කෙරේ. එහෙත් ස්ත්‍රීය ළාමක, සුන්දර, පුරුෂයෙකු මත යැපෙන කාරුණික, ඉක්මනින් සසල වන සිතක් ඇති කොටසක් ලෙස සැලකේ.


ස්ත්‍රී පුරුෂ බෙදිම තුළ ඔවුන්ට පැවරී ඇති වගකීම්


ස්වභාව ධර්මයෙන් හිමි වි ඇති ප්‍රජනන කාර්යය මෙන්ම ගෘහාශ්‍රිත සියලු කාර්යයන්ද සමාජය විසින් ස්ත්‍රීයට පවරා දී ඇත.

ඒ අනුව

1. දරුවන් පෝෂණය කිරිම

2. රැක බලා ගැනිම

3. ගේ දොර කටයුතු

4. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු

5. වැඩිමහල්ලන් රැක බලා ගැනිම

ඵයට වෙනස් ආකාරයට ගෘහයෙන් පිටත ආදායම් ඉපයිමේ කාර්යය පුරුෂයාට පවරා දී ඇත.

1. වෙළඳාම

2. ගොවිතැන හෝ වෙනත් රැකියා

3. සමාජ වැඩ කටයුතු

4. ස්ත්‍රින්ට හා දරුවන්ට ආරක්ෂාව සැපයීම


මේ අනුව ගෘහාශ්‍රිත කටයුතු සමාජය විසින් ස්ත්‍රීයට පවරා ඇති අතර ඇය පෞද්ගලික නැතිනම් ගෘහාශ්‍රිත ක්ෂේත්‍රයට අයත් වුවෙකු ලෙස සැලකෙයි. ඵම නිසා පෞද්ගලික ගැහැණිය යන නමින්ද හැඳින්වෙයි. පුරුෂයා ගෘහයෙන් පිටත ආදායම් ඉපයිමේ කාර්යය කරන නිසා ඔහු පොදු ක්ෂේත්‍රයට අයත් වුවෙකු ලෙස සැලකේ. ඵම නිසා ඔහු පොදු පිරිමියා යන නමින් හැඳින්වෙයි. දරුවෙකු කුඩා කළ සිට සමාජානුයෝජනය කිරිම තුළින් දිගු කලක් තිස්සේ මෙම අනන්‍යතාවන් ඇය හෝ ඔහුගේ මනස තුළ ස්ථාපිත කෙරේ.

ඕනෑම සමාජයක ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට අසමාන වු තත්වයක් හිමිකර දී ඇති අතර ඵ් මත පදනම් වු විශ්වාස හා අගය කිරීම් ඵම සමාජවල දැඩිව මුල්බැසගෙන ඇත. බොහෝ රටවල ඇදුම් පැළදුම් ඇඳීමේ හා භාෂා භාවිතා කිරිමේ වෙනස් කම් පවා දක්නට ලැබේ. ඵහි දි ස්ත්‍රි පුරුෂ වශයෙන් බෙදුණු පද ව්‍යාකරණ විධි, ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට විශේෂිත වු යෙදුම් හා ව්‍යවහාර දක්නට ලැබේ. තවද රැකියා ක්ෂේත්‍රයේදී දී හෙදි, ගුරු, ලඝු ලේඛක වැනි වෘත්තීන් ස්ත්‍රීන්ට හිමි ක්ෂේත්‍ර ලෙස ද බර වාහන පැදවිම, ඉංජිනේරු හා ආරක්ෂක අංශ, තාක්ෂණ රැකියා සහ කළමනාකරණය වැනි වෘත්තීන් පුරුෂයින්ට වෙන් වු ක්ෂේත්‍ර ලෙස බොහෝ විට සැලකේ. ගැහැණිය හා පිරිමියා මේ ආකාර විය යුතුය යනුවෙන් සමාජය විසින් වර්ග කිරිමක් කර තිබෙන නිසා ඔවුන්ගේ රැකියා ක්ෂේත්‍ර වල දී පවා බෙදීමක් දක්නට ලැබේ.

කෙසේ වුවද සමාජයක් ගත් විට ශක්තිමත්, ඵඩිතර හා නිර්හීත ගැහැණු පිරිමි දෙපක්ෂයම සමාජය තුළ ජීවත් වේ. ළාමක, නම්‍යශීලී, කාරුණික, ඉවසිමෙන් කටයුතු කරන ස්ත්‍රීන් මෙන්ම පුරුෂයින්ද සමාජය තුළ ජීවත් වේ. එහෙත් ස්ත්‍රීය හා පුරුෂයා මේ ආකාර විය යුතු යැයි සමාජය විසින් මිනිස් සිත් තුළට කාවැද්දීමක් කර තිබේ. සමාජය විසින් පෙන්වා දී ඇති ආකාරයට ස්ත්‍රීය හා පුරුෂයා නොහැසිරේ නම් ඵය අසාමාන්‍ය දෙයක් ලෙස සමාජය දකී.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පවුල තුළ සලකා බැලීමේ දී ස්ත්‍රීයට අප්‍රධාන තත්වයක් හිමි වේ. පුරුෂයාට පවුල තුළ ආධිපත්‍ය බලය හිමි වේ. කවර සමාජයක වුවද කවර ජාතියක්, මානව වර්ගයක්, කුලයක් හෝ පංතියක් ගත්තද ස්ත්‍රීයට මෙම අඩු සමාජ බලය හිමි වේ. පවුලක් ගත් විට අඩු නිදහසක්, අඩු වරප්‍රසාද, අඩු අයිතිවාසිකම්, අඩු දේපළ, අඩු කීර්තිය හෝ අඩු බලය බොහෝ විට හිමිවන්නේ කාන්තාවටයි. වැඩි බලයක් හෝ වැඩි ආධිපත්‍ය හිමි වන්නේ පුරුෂයාටයි. මේ අසමාන වු බල බෙදීම පදනම් වී ඇත්තේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසාය.

ඵ් අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු ලිංගිකත්වය පදනම් කරගෙන සමාජය විසින් කාලාන්තරයක් තිස්සේ විධිමත්ව නිර්මාණය කර දෙනු ලැබු සමාජ සබඳතාවයක් ලෙස සරලව හැදින්විය හැකිය. ස්ත්‍රී පුරුෂ ජීව විද්‍යාත්මක වෙනස මත සමාජය මෙම දෙපක්‍ෂය දකින ආකාරයද වෙනස්ය. ඵ් අනුව සමාජය විසින් මෙම බෙදීම නිර්මාණය කර දී ඇති බව පෙනේ. ඉහත දැක් වු කරුණු අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු කුමක්ද යන්න පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැකිය.

Tags:

ලිංග

🔥 Trending searches on Wiki සිංහල:

ජපානයතනි වචන (සිංහල භාෂාව)සැළලිහිණි සන්දේශයඡායාරූපයදේවානම්පිය තිස්ස රජපවුලජේසුස් වහන්සේශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවවෛරස් පිළිබඳ හැඳින්වීමක්විද්‍යාවබිලාවල් රාගයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ජලයජල චක්‍රයදිලීරදෙමළ ජනතාවශ්‍රී වික්‍රම රාජසිංහ රජනිශ්ශංක මල්ල රජවෘත්තීය අධ්‍යාපනයමානෙල්පණ්ඩුකාභය රජශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවඅනුරාධපුර රාජධානියසංගීතයඇල්ගීශ්‍රී ලංකා නිදහස් පක්ෂයජේතවනාරාමය, අනුරාධපුරහක්ගල උද්භිද උද්‍යානයසමාජයවලාකුළු පරිගණනයආතර් වී. දියෙස්වී බිස්සමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිප්‍රජනක පද්ධතිය - පුරුෂ ප්‍රජනක පද්ධතියසීගිරි ඉතිහාසයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාරාශි චක්‍රයරක්‍ෂණයබළලාආයුර්වේදයවිජය රජපාපන්දු ක්‍රීඩාවරජරටසිද්ධි ලෙබ්බේශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයගාලු කොටුවසීලසිතාරයබුදුසමය හා පරිසරයබුලත් හපයාජංගම දුරකථනයේ උපතභාෂාවකොහොඹා කංකාරියපෙර පාසල්නාගදීප පුරාණ විහාරයකැනඩාවකෝළම්අෂ්ඨ විද්‍යාදකුණු පළාත, ශ්‍රී ලංකාව1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.මහා කාශ්‍යප රහතන් වහන්සේවිවාහයඑල්ලේසත්ත්ව ප්‍රඡාව වඳවී යාමපුත්තාණ්ඩුසමනල කන්දකොළඹ පාසල් නාමාවලියනායකත්වයඉලෙක්ට්‍රෝන වින්‍යාසයසාම්ප්‍රදායික සිංහල විවාහක්ෂුද්‍ර ජීවීන්මානසික ‍අක්‍රමතා🡆 More