සමාජ වාග් විද්‍යාව යනු සංස්කෘතික ප්‍රතිමාන, අපේක්ෂා සහ සන්දර්භය ඇතුළු සමාජයේ ඕනෑම එක් අංශයක් හෝ සියළුම අංශයන් භාෂාව යොදාගන්නා ආකාරය කෙරෙහි ඇතිකරන බලපෑම අධයයනය කිරීමයි.
සමාජ වාග් විද්‍යාව ප්‍රායෝගිකත්වය සමඟ කිසියම් ප්‍රමාණයකට උපරිපතනය වෙයි.
එහි ජනවර්ගය, ආගම, තරාතිරම, ස්ත්‍රී පුරුෂ භාවය, අධ්‍යාපන මට්ටම, වයස ආදි සමාජ විචල්‍යයන් අනුව විවිධ වූ කණ්ඩායම් අතර භාෂාව යොදා ගන්නා අන්දම ද එම නීති රීති නිර්මාණය හා ඒවාට අනුගත වීම මත සමාජ පන්තීන් හෝ සමාජ ආර්ථික පන්තිවලට පුද්ගලයන් වර්ගීකරණය කරන්නේ කෙසේ ද යන්න ගැනද අධ්‍යයනය කරයි. තැනින් තැනට භාෂාව යොදා ගැනීමේ වෙනස්කම් දක්නට ඇති නිසා භාෂාවේ ව්‍යවහාර සමාජ පන්තීන් අනුව ද වෙනස් වේ. සමාජ වාග් විද්‍යාඥයින් අධ්‍යයනය කරනුයේ මෙම සමාජ විශේෂිත භාෂාවන්ය.
භාෂාවේ සමාජයීය පැතිකඩ නුතන අර්ථයෙන් ප්‍රථමයෙන් අධ්‍යයනය කරන ලද්දේ වර්ෂ 1930 ගණන් වල ඉන්දියානු හා ජපන් වාග් විද්‍යාඥයන් විසින් හා මුල් 1900 වර්ෂයන්හිදී ස්විට්සර්ලන්තයේ ගෝචාට් ද විසිනි. නමුත් සැලකිය යුතු කාලයක් ගත වෙන තෙක් ඒ කිසිවෙක් කෙරෙහි බටහිර ලෝකයේ අවධානය යොමු නොවීය. අනෙක් අතට භාෂා වෙනස්වීමේ සමාජ අභිප්‍රේරණය පිළිබඳව අධයයනයට පදනම වුයේ 19 වැනි සියවසේ පසුභාගයේ ඇති වු රැලි ආකෘතියයි. බටහිර ලෝකයේ සමාජ වාග් විද්‍යාඥයින් ප‍්‍රථමයෙන් දිස් වුයේ වර්ෂ 1960 ගණන් වලදී වු අතර ඒ සදහා මඟ පෙන්වන්නන් වුයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ විලියම් ලැබෝවි සහ එක්සත් රාජධානියේ බැසිල් බර්න්ස්ටයින්ය.
| Sociolinguistics |}
This article uses material from the Wikipedia සිංහල article සමාජ වාග් විද්‍යාව, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.