ඌව වෙල්ලස්ස කැරැල්ල

ඌව වෙල්ලස්ස නිදහස් අරගලය, බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව, 1817-1818 කාලයේ සිදුවූ කැරැල්ලක් ලෙසින් ඉංග්‍රීසි ආන්ඩුව සලකනු ලැබුව ද, සත්‍ය වශයෙන්ම එය දේශයෙ ස්වාධීනත්වය පතා අතිවූ නිදහස් අරගලයකි.

මෙම සටනට ප්‍රධානතම හේතුව වන්නේ 1815 දී අත්සන් කරන ලද කන්ද උඩරට ගිවිසුමයි. මෙය බ්‍රිතාන්‍යයන් සම්බන්ධවූ උඩරට ප්‍රදේශයේ දී ඇතිවූ තුන්වන යුද්ධයයි.

වෙල්ලස්ස නිදහස් අරගලය
සිංහලේ නිදහස් අරගලය හි කොටසකි
දිනය1817–1818
පිහිටුම
යුද්ධාවතීරයන්
ඌව වෙල්ලස්ස කැරැල්ල සිංහලේ සටන්කරුවෝ ඌව වෙල්ලස්ස කැරැල්ල මහා බ්‍රිතාන්‍ය රාජධානිය
ආඥාපතියන් සහ නායකයන්
කැප්පෙට්ටිපොළ දිසාවේ
විල්බාවේ
රොබට් බ්‍රවුන්රිග් බැරොනෙට් ශ්‍රීමත් ජෝන් ඩි ඔයිලි
හමුදාමය ප්‍රබලතාවය
අඥාත අඥාත
අපාතිකයන් සහ හානි
අඥාත අඥාත
tiny globe
ශ්‍රී දළදා මාළිගාව, මහනුවර, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින්නේ මෙහිය. නුවර ගිවිසුමෙන් බුදු දහම ආරක්ෂා කිරීමට බැඳී සිටියද, බ්‍රිතාන්‍යයන් විසින් දළදා මාළිගා භූමියේ දේවස්ථානයක් අරඹන ලදී.

එක්සත් රාජධානි ආණ්ඩුවේ ප්‍රතිචාර

ප්‍රහාරාත්මක

  • වෙල්ලස්සේ ආහාර හිඟයක් ඇතිකිරීම
    • වැවු අමුණු පුපුරවාහැරීම
    • කුඹුරු ගිනිතැබීම
    • පලදරන ගස් කපාදැමීම
    • ගවයන් මරාදැමීම
    • මහවෙල්යාය
  • ජන සංහාරය
    • අවුරුදු 18ට වැඩි පිරිමින් මරාදැමීම
    • මල සිරුරු ජල පහරවලට දමා රෝග පැතිරවීම
  • ජන ශූන්‍ය කිරීම
    • ගෙවල් ගිනිතැබීම

ප්‍රහාරාත්මක නොවන

  • විනාශකල වැවු අමුණු ප්‍රතිසංස්කරනය නොකිරීම
  • සටනට සම්බන්ධවූවන් දේශද්‍රෝහීන් ලෙස ගැසට් කිරීම
  • සටන්කරුවන් ජීවත්වූ ගම්මාන සහ මහ වෙල්යාය කැලෑ අඥාපනත යටතේ දඩයම් ක්‍රීඩාව සඳහා ආණ්ඩුවට පවරාගෙන ජන ශූන්‍ය කිරීම

අවසානය

නිදහස් සටනේ අවසානය

මෙම සටන නිමාවට පත්වුයේ මහත්වූ ලේ වැගිරීම් සිදුකරමිනි. සටන මැඩ පැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට වැසියන් හට නිවාස හා දේපළ අහිමිවිය. ඌව වෙල්ලස්ස ප්‍රදේශ වල වාරිමාර්ග පද්ධති, කෘෂිකාර්මික කටයුතුද අඩපණ විය. ඉතිහාසය පවසන පරිදි වැල්ලවායෙන් ආරම්භව මුළු ඌව වෙල්ලස්සේ කුඹුරු ලක්ෂ ගණනක් ගිනි තබා විනාශ කරන ලදී.

Journal of Uva සගරාවේ දී බදුල්ල බ්‍රිතාන්‍ය රජයේ සේවකයකු වූ හර්බට් වයිට් (Herbert White) පවසා සිටි ප්‍රකාශනයක් පහත දැක්වේ.

"කැරැල්ලෙන් පසු ඌව ප්‍රදේශයේ ජනගහනය, කෘෂිකාර්මික පරිසරය පිළිබඳ නිෂ්චිතව දැනගත හැකි ප්‍රමානවත් සාක්ෂි නොමැත. නව පාලකයන් මෙම ප්‍රශ්ණයට මුහුණදීමට අසමත්ව ඇත. යුද්ධයෙන් පසු ඉතිරි වූ අයගෙන් 4/5 කුඩා දරුවන්, කාන්තාවන් සහ මහල්ලන් පමණි. මෙම සංහාරය ඉතා භයානක වේ. කෙටි‍යෙන් කියන්නේ නම් මහත්වූ මිනිස් සංහාරයක් සිදුව ඇති අතර, ඌව නැවතත් යථා තත්වයට පත්වේදැයි කිව නොහැක."

මූලාශ්‍ර

1. බණ්‌ඩාර තිලකසිරි වි.වා.මු. 1991, ඌව වංශ කතාව (2 ඛාණ්‌ඩය), බණ්‌ඩාරවෙල සීමාසහිත තිලක මුද්‍රණාලය (පෞද්ගලික) සමාගම

2.විමලානන්ද තෙන්නකෝන්, 1962, උඩරට මහ කැරැල්ල (2 ඛාණ්‌ඩය), සීමාසහිත එම්. ඩී. ගුණසේන සහ සමාගම.

3. එච්. එම්. අනුරාධ විජයවර්ධන බණ්‌ඩාර (දිවයින – 2010 ඔක්තෝබර් 13 දින ලිපිය.

ගැසට් නියෝගය අවලංගු කිරීම

රටින් පිටුවහල් කලවුන්ට ගෞරව සම්මාන

සටනට සම්බන්දවීම නිසා අත්අඩංගුවටගෙන මුරුසියට පිටුවහල් කළ 28 දෙනකුට ක්‍රි.ව. 2013දී ශ්‍රී ලංකා ජනරජය මගින් ගෞරව සම්මාන පිරිනැමක් සිදුකරයි.


මූලාශ්‍ර

Tags:

ඌව වෙල්ලස්ස කැරැල්ල එක්සත් රාජධානි ආණ්ඩුවේ ප්‍රතිචාර [1]ඌව වෙල්ලස්ස කැරැල්ල අවසානයඌව වෙල්ලස්ස කැරැල්ල මූලාශ්‍රඌව වෙල්ලස්ස කැරැල්ලඋඩරට

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවරාහුල විද්‍යාලයකළු කුහරකොළඹ පාසල් නාමාවලියශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවසුසන්තිකා ජයසිංහමාර්ටින් වික‍්‍රමසිංහබෞද්ධ කොඩියශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාඅයිසැක් නිව්ටන්නාගරීකරණය - ශ්‍රී ලංකා‍දේශගුණික විපර්යාසශ්‍රී ලංකාවේ වල් පැලැටිගොංගාලේගොඩ බණ්ඩාමන්නාරම බයෝබැබ් ගසමානව ප්‍රජනන පද්ධතියකුට්ටම් පොකුණශ්‍රී ලංකාවේ ජාතික සංකේතසිද්ධි අධ්‍යයනයසිංහල ටීකා සීපදලිංගිකත්ව අධ්‍යාපනයඋපායමාර්ගික කළමනාකරණයපොන්නම්බලම් අරුණාචලම්ෆාහියන් හිමිආතර් සී. ක්ලාක්සිඟාලෝවාද සූත්‍රයසජිත් ප්‍රේමදාසනේටෝඅන්තර්පාදක ලිංගික චර්යාවදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමචතුරස්‍රයලෝ වැඩ සඟරාවලංකාවේ වාරි කර්මාන්තයමිනිසාචාමර වීරසිංහශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයවැල්සිලින්ඩරසීගිරි බිතු සිතුවම්මුඛ සංසර්ගයකන්තලේ වැවගුණ කිරීමේ වගුවස්වභාවික පරිසරයස්නායු පද්ධතියලියනාඩෝ ඩා වින්සිවිෂ්ණුසමාජානුයෝජනයධම්මපදයලෝක ආහාර අර්බුදයමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියනිල්ලක්ගම බෝධි ඝරයබයිබලයජන කවිතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයගඩලාදෙණිය විහාරයමාතලේ කැරැල්ලසුළඟශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවගජමන් නෝනාශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසසුදු බිංදුමගිරවුශ්‍රී ලංකා පොලිස් සේවයනීතියමානව සැකිලි පද්ධතියමහවැලි සංවර්ධන වැඩසටහනශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝපන්සල් වචනත්‍රිපිටකයකෘමියෝමහියංගනය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයගණිතයබ්‍රහස්පති ග්‍රහයාශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්පණිභාරතක්‍රිකට්🡆 More