ගඩලාදෙණිය විහාරය

ගඩලාදෙණිය විහාරය (ධර්මකීර්ති විහාරය) යනු ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක් වේ.

එය පිළිමතලාව හන්දියේ සිට දවුලගල මාර්ගයේ කිලෝමීටර 1ක් පමණ දුරින් පිහිටයි. මෙම විහාරය වත්මන් ශ්‍රී ලංකාවේ පවතින අංගසම්පූර්ණ ගල් විහාරය ලෙස සැලකේ.

ගඩලාදෙණිය විහාරය
ගඩලාදෙණිය විහාරය
විස්තර
පිහිටුවීම
නිර්මාතෘහතරවන බුවනෙකභාහු රජ
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°15′27.02″N 80°33′22.23″E / 7.2575056°N 80.5561750°E / 7.2575056; 80.5561750 80°33′22.23″E / 7.2575056°N 80.5561750°E / 7.2575056; 80.5561750
පිහිටීමගම්පොල
ගඩලාදෙණිය විහාරය ද්වාරය:බුද්ධාගම

ඉතිහාසය

ගඩලාදෙණිය විහාරයේ ඉතිහාසය ක්‍රි.ව. 14වන සියවස පමණ දක්වා දිවයයි. පැරණි මූලාශ්‍රයන්ට අනූව මෙම විහාරය පළමුවන ධර්මකීර්ති හිමියන්ගේ අනුශාසනා පරිදි හතරවන බුවනෙකභාහු රජ (ක්‍රි.ව. 1341-1351) විසින් ඉදිකරන ලද්දක් වේ. රජු විසින් මෙම විහාරයේ ඉදිකිරීම් සිය ප්‍රධාන අමාත්‍ය සේනාධිලංකාර වෙත පැවරූ බවත්, ඔහු දකුණු ඉන්දියානු වාස්තුවේදී ගණේශ්වරාචාරීගේ සැළසුමකට අනූව විහාරය ගොඩනැංවූ බවත් සඳහන් වේ.මෙය ගම්පොල යුගයේ ඉදිකල ඉතා වැදගත් සිද්ධස්ථාන යකි

විහාරය

ගඩලාදෙණිය විහාරය 
විහාරයේ වූ බුද්ධ ප්‍රථිමාවක්

ගඩලාදෙණිය විහාරයේ මූලික ඉදිකිරීම් ලක්ෂණ හා වාස්තුකලා ලක්ෂණ දකුණු ඉන්දිය විජයනගර් සම්ප්‍රදායට සමානතා දක්වයි. ස්වභාවික පිහිටි ගල් පර්වතයක් මත විහාර ගොඩනැගිලි ඉදිකොට තිබේ. විහාරය ප්‍රථිමාගෘහයකින්, පිවිසුම් තොරණකින්, චෛත්‍යයකින්, බෝධි වෘක්ෂයකින්, සංඝාවාසයකින් හා දේවාල දෙකකින් සමන්විත වේ. විහාර භූමියෙහි මීට අමතරව පැරණි ශිලා ලිපි කිහිපයක්ද දැකගත හැකිවේ.

කළු ගලින් නිර්මිත විහාරය එකක් පිටුපස එකක් යෙදෙන පරිද්දෙන් කාමර දෙකකින් සහ පිට මණ්ඩපයකින් යුක්ත වේ. එහි ඇතුල් කාමරය තුල රියන් 12 ක් පමණ උස් වූ ඔත් පිළිමයක් හා හිටි පිළිම හතරක් දැකගත හැකි වෙයි. පිටමණ්ඩපය ඉදිරිපිට ස්ථාපිත ගල් කුලුණු ද්විත්වය විහාරයේ වූ සුවිශේෂී නිර්මාණයක් සේ සැළකේ. එහි වම් ගල් කුළුණ ගණේශ්වරාචාරී විසිනුත් දකුණු කුළුණ ලාංකීය ගල් වඩුවෙකු විසිනුත් කැටයම් කර ඇතැයි පැවසේ. ඒ අනූව වම් කුළුණ හින්දු ආභාසයට අනුවත්, දකුණු කුළුණ බෞද්ධ ආභාසයට අනුවත් සකස් කොට තිබේ.

ශෛලමය බෝධිඝරයකින් වටවූ ගඩලාදෙණිය විහාරයේ වූ බෝධි වෘක්ෂය, දඹදිව දෙව්රම් වෙහෙර ආනන්ද බෝධියෙන් රැගෙන ආ බෝධි අංකුරයක් යැයි විශ්වාස කෙරේ. එය පළමුවන ධර්මකීර්ති හිමි විසින් රෝපණය කොට තිබේ. සිද්ධස්ථානයේ වූ අඩි 40ක් පමණ උසට ගොඩ නංවා ඇති චෛත්‍යය විජයොත්පහය චෛත්‍යය ලෙස වහරනු ලැබේ. උස්වූ කුළුණු 4 ක් මත පියස්සක් යෙදීම මගින් ඊට ආරක්ෂාව සළසා ඇත.

එමෙන්ම මෙම විහාරභූමියේ සෙල්ලිපි 6ක් ද පිහිටා තිබේ. ඉන් තුනක් විහාරගෙයට බටහිරින් විහාර සීමාවෙන් පිටත පිහිටියා වූ බෑවුමේ ගලේ කොටා ඇත. ඉන් එක් ලිපියක් හඳුනාගත නොහැකි ලෙසින් විනාශ වී තිබීම කනගාටුවට කරුණකි.තවත් ලිපියක් බෝධියට පැත්තෙන් වූ ගල්තලාවෙහි පිහිටා ඇත.තවත් සෙල් ලිපි(ටැම් ලිපි) 2ක් විහාරගෙය අසල ටැමේ පිහිටා ඇත.

මේවාද බලන්න

මූලාශ්‍ර

Tags:

ගඩලාදෙණිය විහාරය ඉතිහාසයගඩලාදෙණිය විහාරය විහාරයගඩලාදෙණිය විහාරය මේවාද බලන්නගඩලාදෙණිය විහාරය මූලාශ්‍රගඩලාදෙණිය විහාරයබෞද්ධමහනුවර පරිපාලන දිස්ත්‍රික්කයශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවගාලු කොටුවඇල්බට්‍ අයින්ස්ටයින්පුරාවිද්‍යාවසමනලයාඅපේ යාළු පුංචි භූතයා (2010 චිත්‍රපටය)සරත් ෆොන්සේකාසිරිත් මල්දමශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කඉන්දුනීසියාවස්ටීවන් හෝකිංවෙසක් උත්සවයක්‍ෂීරපායි සත්තුසියඹලාකිතුල්හජ්යුනෙස්කෝක්ෂුද්‍ර ජීවීන්බාලදක්ෂ ව්‍යාපාරයඅෂ්ඨ විද්‍යාකෞතුකාගාරත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනබුලත් හපයාකාව්‍යයේ මුඛ්‍යාංගසීගිරි බිතු සිතුවම්ඝනත්වයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවසිංහල අලුත් අවුරුද්දමුල් පිටුවආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවසාහිත්‍යයබල්ලෝසෙංකඩගල රාජධානියදියවැඩියාවෙහි රෝග ලක්ෂණඅධ්‍යාපන මනෝ විද්‍යාවජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයමාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායඇල්ගීහික්කඩුවේ සුමංගල තෙරණුවෝE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)pkgfwසංගීත චිකිත්සාවදීපවංශයවිවාහයසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයසඳකඩපහ‍ණේ විකාසනයමහනුවර යුගයේ සිතුවම් කලාවබැක්ටීරියාශ්‍රී ලංකා නාවික හමුදාවශ්‍රී ලංකාවේ දික්කසාද නීතිඅමරදේවපොන්නම්බලම් අරුණාචලම්ආර්ථික විද්‍යාවඅවුරුදු කුමරිය තේරීමපේශි පටකයගූගල්මානව ප්‍රජනන පද්ධතියළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාලංකාවේ වාරි කර්මාන්තයරතු දත්ත පොතඉන්දියාවේ දේශපාලන පක්ෂඉන්දියාවනව අරහාදී බුදුගුණසමාජය2004 සුනාමියරුවන්වැලිසෑයඅභයගිරි දාගැබලක්දිව රාජාවලියමහා පත්තිනි දේවාලය, නවගමුවලෝක ආහාර අර්බුදයදකුණු පළාත, ශ්‍රී ලංකාවඇන්තූරියම්චතුරාර්ය සත්‍යයත්‍රිවිද්‍යාසුරාබදු ආඥා පනතපහතරට නැටුම්මානව පරිණාමයබස්නාහිර පළාත, ශ්‍රී ලංකාව🡆 More