ගම්පොල ශ්‍රී ලංකාවේ, මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරයකි.
නගර සභාවක් මගින් පාලනය කරනු ලබයි.
ගම්පොල | |
---|---|
නගරය | |
ඛණ්ඩාංක: 7°9′53″N 80°34′36″E / 7.16472°N 80.57667°E 80°34′36″E / 7.16472°N 80.57667°E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව |
Divisional Secretariat | Udapalatha Division |
District | Kandy District |
රජය | |
• Urban Council | Gampola Urban Council |
• සභාපති | H.L.M.Furkhan |
සරිය | |
• නගරය | 94.0 කිමී2 (36.3 සතරැස් සැත) |
ජනගහණය(2012) | |
• නගරය | 24,283 (Urban Area) |
• ඝණත්වය | 975.7/කිමී2 (2.527/වර්ග සැත) |
• පුරවර | 91,716 (Udapalatha DS) |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
දාහතර වන ශතවර්ශයේ මැදභාගයේ වසර හතරකට රට පාලනය කළ සිවුවන බුවනෙකබාහු රජතුමා විසින් ගම්පොල අගනුවර කරගන්නා ලදි. ගම්පොල අවසාන රජු වූයේ, පස්වන බුවනෙකබාහු රජතුමාය. එතුමා විසින් වසර 29ක් රට පාලනය කරන ලදි. මෙම කාලය අතරතුර අලගක්කෝනාර නැමැති වංශවතෙකු විසින් වෙනම නගරයක් කෝට්ටේ ඉදිකරන ලදි. දකුණූ ආසියාවේ දිගම සැතපෙන බුද්ධ ප්‍රතිමාව ගම්පොල සාලියලාපුර විහාරයේ වැඩ හිඳීයි.ගම්පොළ නගරය පැරණි සමයේ ගග සිරි පුර ලෙසද හදුන්වා ඇත. ගම්පොළ රාජධානිය සමයේ බොහෝ සංදේශ කාව්‍ය ලියවී ඇති අතර සිංහලෙන් ලියවූ මුල්ම සංදේශ වන මයුර සංදේශයට ප්‍රධාන තැනක් හිමි වේ. එසේම ගම්පොළ යනු ප්රාග් ඓතිහාසික යුග නාමාවලිය ට පවා ඇතුළත් වන නගරයකි. ඇම්බැක්කේ දේවාලය, අම්බලම ආදී කලාත්මක නිර්මාණ ගම්පොළ රාජධානිය සමයේ ඉදි කරඇත. අම්බුලුගල කුමරු කලක් අම්බුලුවාව කන්දේ සිට ගම්පොළ පාලනය කර ඇත.
ගම්පොල නගරය ශ්‍රී ලංකාවේ මධයම කඳූකරයේ පිහිටා ඇති නිසාම වසර පුරාම සෞම්‍ය කාලගුණයක් පවතියී.
ගම්පොල නගරයේ බහුතරයක් සිංහල ජනතාව වන අතර සැලකිය යුතු මුස්ලිම් ජනතාවක්ද, කුඩා ප්‍රමාණයක් ඉන්දියානු දමිළ ජනතාවද පදිංචිව සිටියී.
This article uses material from the Wikipedia සිංහල article ගම්පොල, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.