ශ්‍රී ලංකා ජාතික කොඩිය: National Flag of Sri Lanka

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සිංහ කොඩිය නමින්ද හැදින්වෙන අතර එහි රත්‍රං පැහැති සිංහයෙක් කඩුවක් දකුණු අතින් ඍජුව දරාගෙන සිටින්නේ,මෙරූන් පැහැති පසුබිමක් තුළ බෝ කොළ සතරක් සෑම මුල්ලකම සිටින අයුරිනි.

පසුබිම අසලම වන්නට කහ තීරුවක් ද ඇත. එසේම පසුබිමට වම් පසින් කොළ සහ තැඹිලි තීරු දෙකක් සමාන අගයකින් යුක්තව පිහිටා ඇති අතර කහ තීරුව සිංහයාට සමීපවම පිහිටයි. සිංහයාගෙන් පෙන්නුම් කරනු ලබන්නේ ශ්‍රී ලාංකික ජාතියේ වීරත්වය වන අතර බෝ කොළ සතරෙන් මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ පෙන්නුම් කරයි. තැඹිලි පැහැති තීරුවෙන් හා කොළ පැහැති තීරුවෙන් ශ්‍රී ලාංකිය මුස්ලිම්, දෙමළ ජනයා සහ මැලේ, බර්ගර් වැනි සුලු ජාතීන්. නියෝජනය වේ. තද රතු( ලේ වල වර්ණය) පැහැති පසුබිම තුලින් බහුතර මහජනයා වු සිංහල ජනයා ද පෙන්වයි. පැරණි ජාතික කොඩි තුල මෙවැනිම වු සිංහයකු සහ වර්ණයන් රජවරු විසින් යොදාගෙන ඇත.

ශ්‍රී ලංකා ජාතික කොඩිය: ඉතිහාසය, සංකේත භාවිතය, ශ්‍රී ලංකා ජාතික ධජය අවසන් වරට වෙනස් කිරිම
තද රතු ඍජුකෝණාස්‍රකාර රාමුවේ මායිම අසල කහ කුඩා තීරැවක් ඇතුලත් වෙමින් රත්‍රං පැහැති සිංහයකු දකුණු පාදයෙන් කඩුවක් ඍජුව දරා ගෙන ඇති අතර ඍජුකෝණාස්‍රකාර රාමුවේ සෑම මුල්ලකම බෝ කොළ සතරක් ඇත. කොඩිය ඔසවනයට යාබදව තැඹිලි සහ කොළ පැහයෙන් යුතු සිරස් ඉරි ඇති අතර කහ පැහැති රේඛාවකින් මේ සියල්ල සම්බන්ධ වී ඇත.
ශ්‍රී ලංකා ජාතික කොඩිය: ඉතිහාසය, සංකේත භාවිතය, ශ්‍රී ලංකා ජාතික ධජය අවසන් වරට වෙනස් කිරිම
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය 1951 - 1972
ශ්‍රී ලංකා ජාතික කොඩිය: ඉතිහාසය, සංකේත භාවිතය, ශ්‍රී ලංකා ජාතික ධජය අවසන් වරට වෙනස් කිරිම
ශ්‍රී ලංකා ජාතික කොඩිය: ඉතිහාසය, සංකේත භාවිතය, ශ්‍රී ලංකා ජාතික ධජය අවසන් වරට වෙනස් කිරිමශ්‍රී ලංකාවේ ජාතික කොඩිය 1948 - 1951
ශ්‍රී ලංකා ජාතික කොඩිය: ඉතිහාසය, සංකේත භාවිතය, ශ්‍රී ලංකා ජාතික ධජය අවසන් වරට වෙනස් කිරිම
බ්‍රිතාන්‍ය පාලන සමයේ පැවති කොඩිය 1815 - 1948

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වු ඩී.ඇස්.සේනානායක මහතා විසින් 1950 වර්ෂයේදී කමිටුවක නිර්දේශයක් මත මෙම ජාතික කොඩිය නිර්මාණය කරවීය. 1978 වර්ෂයේ දී වර්තමාන ජාතික කොඩිය එළිදක්වන ලදී

ඉතිහාසය

ශ්‍රී ලංකාවේ පළමු රජු වු විජය රජතුමා, බු.ව.486 දී ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන විට ඔහු සිංහ සංකේත සහිත කොඩියක් රැගෙන ආ බව පැවෙසේ. එදා සිට සිංහයාගේ සංකේතය ඉතා වැදගත් සංකේතයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුලින් පැමිණේ. දකුණු ඉන්දියාවෙන් ආ පාලකයකු වු විජය රජු මෙය භාවිතා කලේ නිදහස සහ බලාපොරොත්තුව සංකේතවත් වන අයුරිනි. දුටුගැමුණු රජු එකල උතුරු හා බටහිර ප්‍රදේශවල බලය අත්පත් කරගෙන සිටි එළාර රජු සමග යුධ වැදීමේදී එම යුද කටයුතු වලට ද සංකේතාත්මක ධජ භාවිතා කල බව ඉතිහාසයෙන් පැවසේ. දුටුගැමුණු රජු යුධ වැදිමෙදී ඔහු සමගින් රැගෙන ගිය ධජය තුල ඉහලින් හිරු හා සඳු තිබූ අතර තේජාන්විත සිංහයකු දකුණු අතින් කඩුවක් දරා ගෙන සිටිය බව ද පැවසේ.

ඉන් පසුව ධජයක් භාවිතා වූයේ 1815 දී මහනුවර රාජධානියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වු අන්තිම රජුගේ රාජ්‍ය පාලන කාලය අවසන් වීමේදී, නුවර රදලපෙළයන් විසින් බ්‍රිතාන්‍ය සමග මාර්තු 2 දින අත්සන් තැබු නුවර ගිවිසුමේදීය. මෙම ගිවිසුම මගින් තුන් වන ජෝර්ජ් රජු ශ්‍රී ලංකවේ රජු බවට පත්විය. එහිදී සිංහලයන් රැගෙන ආ සිංහ කොඩිය එක්සත් කොඩිය බවට පත් වී එය ජාතික කොඩිය බවට නම් කලහ. ඉංග්‍රීසි ජාතිකයන්ගේ භාවිතයට ඔවුන්ගේම වු කොඩියක් තිබිණ. එම සිංහ කොඩිය ඉංග්‍රීසින් විසින් එංගලන්තයට රැගෙන ගොස් එය රාජ්‍ය ආරෝග්‍යශාලා භූමියේ තැම්පත් කල බව පැවසේ.

වර්ෂ 1948 දී එවකට පැවැති කොඩිය ජාතික කොඩිය ලෙස ශ්‍රී ලංකා රජය විසින් තීරණය කලද එය 1953 හා 1972 යන වර්ෂ වලදී වෙනස්කම් වලට භාජනය විය. එම වර්ෂය තුලදීම කොඩියට බෝ ගසේ කොළ සතරක් සෑම මුල්ලකම පිහිටන අයුරින් ඇතුලත් කරනු ලැබුවේ ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතාගේ මූලිකත්වය මතය. එකල ඔහු සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා සහ ජාතික ලාංඡන හා කොඩිය නිර්මාණ කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. එතුමා විසින් ඇතුලත් කල මෙම සතර බෝ කොළ තුලින් මෙත්තා ( ආදරය ), කරුණා ( කරුණාව හා දයාව ), මුදිතා ( සතුට ) සහ උපේක්ඛා ( උපේක්ෂාව ) යන සතර ගුණයන් නිරූපනය වේ.

සංකේත භාවිතය

ශ්‍රී ලංකාවේ ජාතික ධජය මගින් නිරූපණය වන්නේ ප්‍රතාපවත් දේශයක් සමගින් ලාංකික උරුමයන් ඔප් නංවමින්, සුළු ජනයා සමගින් බහුතර ජනයාද එකමුතුව ජීවත් වන බවයි. කෙසේ වෙතත් සුළු ජනයා පෙන්නුම් කරනු ලබන්නේ යම් ප්‍රතිශතයක් පදනම් කරගෙනයි. ජාතික කොඩියේ ඇති සෑම සංකේතයකටම විශේෂ අර්ථයක් ගැබ්ව පවතී.

සංකේතය නිරෑපණය
කහ පැහැයෙන් වර්ණවත් වු සිංහයා ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිය හා උදාරත්වය පෙන්නුම් කරයි.
බෝ කොළ සතර බෞද්ධ ජාතිය හා එහි බලපෑම වන අයුරු‍යි. මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ඛා යන සුචරිත ලක්ෂණ මෙයින් පිළිබිඹු වේ.
සිංහයාගේ කඩුව ජාතියේ ශ්‍රේෂ්ඨත්වය සහ ජනයාගේ බලපරාක්‍රමයයි.
සිංහයාගේ හිසෙහි ඇති රැලි ගැසු කෙස් ආගමික පිළිවෙත්, ප්‍රඥාව සහ ධ්‍යානයයි.
කෙස් අටක් ඇති සිංහයාගේ වලිගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
සිංහයාගෙ රැවුල පවිත්‍ර වචනයි.
කඩුවෙ ඇති මිට වාතය, ජලය, ගින්දර සහ පොළව යනාදියෙන් රට සමන්විත වු බවයි.
සිංහයාගෙ නාසය බුද්ධිමත්කමයි.
සිංහයාගේ ඉදිරි පාද දෙක සම්පත් පරිහරණයේ නිවැරදි බවයි.
තැඹිලි පැහැති තීරුව දෙමළ ජනවර්ගයයි.
කොළ පැහැති තීරුව මුස්ලිම් ජනවර්ගයයි.
කහ පාටින් වට වු මායිම සිංහල,දෙමළ,මුස්ලිම් සහ බර්ගර් ඇතුළු සියලුම ජාතීන් සහ සංස්කෘතීන් වල සිටින මිනිසුන් එකට එක්ව සමගියෙන් වාසය කරන බවයි.
තද රතු පැහැති පසුබිම බහුතර සිංහල ජනයාය. සිංහයා මෙන්ම මෙම වර්ණයද රජවරුන් විසින් පැරණි කොඩිවල භාවිතා කර ඇත.

ශ්‍රී ලංකා ජාතික ධජය අවසන් වරට වෙනස් කිරිම

ශ්‍රී ලංකා ජාතික ධජය අවසන් වරට වෙනස් කිරිමකට ලක් කලේ 1972 දිය. එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කල නිශ්ශංක විජයරත්න ගේ මග පෙන්විම හා උපදේස් මතය. මුලු හතරේ බංකු කකුල් වෙනුවට බෝපත් හදූන්වා දූන්නේ විජයරත්න විසින් වන අතර මෙත්තා, කරුණා, උපේක්ෂා හා මුදිතා ඵයින් නිරූපනය කරයි.

මේවා බලන්න

  • List of Sri Lankan flags
  • Emblem of Sri Lanka

ආශ්‍රිත

බාහිර සබැදීම්


සැකිල්ල:Nationalflags

Tags:

ශ්‍රී ලංකා ජාතික කොඩිය ඉතිහාසයශ්‍රී ලංකා ජාතික කොඩිය සංකේත භාවිතයශ්‍රී ලංකා ජාතික කොඩිය ශ්‍රී ලංකා ජාතික ධජය අවසන් වරට වෙනස් කිරිමශ්‍රී ලංකා ජාතික කොඩිය මේවා බලන්නශ්‍රී ලංකා ජාතික කොඩිය ආශ්‍රිතශ්‍රී ලංකා ජාතික කොඩිය බාහිර සබැදීම්ශ්‍රී ලංකා ජාතික කොඩිය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයලෝවැඩ සඟරාවකජුඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාටජ් මහල්හික්කඩුවේ සුමංගල තෙරණුවෝඅනුරාධපුර යුගයගෞතම බුදුරජාණන් වහන්සේමුදු කරවලාකාලස් පුයිජ්දෙමොන්විජය කුමාරණතුංගග්‍රාම නිලධාරීශ්‍රී ලංකා නාවික හමුදාවත්‍රිකුණාමලයනන්දා මාලනීක්‍රිකට්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්ශාකඅකුණුහින්දු ධර්මයලක්දිව රාජාවලියදෙමළ ජනතාවඉතිහාසයකොහොඹමුස්ලිම්නිදහස් දිනය (ශ්‍රී ලංකාව)ගිරවුමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයමහා ප්‍රජාපතී ගෝතමීජී‍.බී. සේනානායකඋකුස්සාමොණරා සහ සෙබඩමහාවංශයදෙවන ලෝක යුද්ධයදේශපාලන විද්‍යාවහෙළ ගණන් ක්‍රමයවන්නම්දියවැඩියාවඅනගාරික ධර්මපාලශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමසූත්‍ර පිටකයඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපසිංහල පදසාහිත්‍යයඋසස් පෙළ දේශපාලන විද්‍යාවයුරෝපයතොරතුරු තාක්‍ෂණයමහනුවර පාසල් නාමාවලියරන්ජන් රාමනායකබෝධි ඝරමොණරවිල කැප්පෙටිපොළඅපද්‍රව්‍ය කළමනාකරණයකළු කුහරවයඹ පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාඅහිකුණ්ඨකසොකරි නාටකයලේනාජංගම දුරකථනයේ උපතත්‍රිකුණාමලය වරායඋභය ජීවීන්ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියටයිටැනික් (නෞකාව)පරිසර දූෂණයමොණර කුඩුම්බියශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාD. J. Wimalasurendraපූජාවලියබළලාඅඹඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයහෙද සේවයදැන්වීම්කරණයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුව🡆 More