අනගාරික ධර්මපාල

දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද පසුව ධර්මපාල නමින් අනගාරික දිවියක් ගතකර සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදිවූ (උපත: 1864 සැප්තැම්බර් 17 - විපත: 1933 අප්‍රේල් 29) බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙකි.

ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ය​. ඉන්දියාවේ බුදු දහම ශතවර්ෂ ගණනාවක පටන් බිඳ​ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. බුද්ධ ධර්මය ආසියා, උතුරු ඇමරිකා හා යුරෝපා මහද්වීප තුනේ ම දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහු වේ. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයට ඇතුළු විය​. පියා, එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ​ ය​. ඔහු මාතර, හිත්තැටිය ගමේ සිට කොළඹට සංක්‍රමණය වූ මුදලි කෙනෙකි. මව​, අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන ගේ දියණිය වූ, මල්ලිකා හේවාවිතාරණ (විවාහයට පෙර මල්ලිකා ධර්මගුණවර්ධන​) ය​.ඔහු ගේ සහෝදරයෝ වූ, එඩ්මන් හේවාවිතාරණ​, සයිමන් හේවාවිතාරණ හා සී. ඒ. හේවාවිතාරණ ද බ්‍රිතාන්‍ය ලංකාවේ කැපී පෙණුනු චරිතයෝ වූහ​.

අනගාරික ධර්මපාලතුමා
අනගාරික ධර්මපාල
අනගාරික ධර්මපාලතුමා
උපත17 සැප්තැම්බර් 1864
මියගිය දිනය29 අප්‍රේල් 1933 (වයස 69)
ජාතිකත්වයසිංහල
වෙනත් නම්දොන් ඩේවිඩ් හේවාවිතාරණ
සිරි දේවමිත්ත ධර්මපාල
අධ්‍යාපනයකොළඹ ශාන්ත බෙනඩික්,ගල්කිස්ස ශාන්ත තෝමස්,කෝට්ටේ ක්‍රිස්තියානි,දෙමටගොඩ බැප්ටිස්ට්,කොළඹ රාජකීය
ප්‍රසිද්ධව ඇත්තේශ්‍රී ලාංකීය නිදහස් ව්‍යාපාරය,
බුද්ධාගමෙහි පුනර්ජීවනය
ආගම‍බුද්ධාගම

1872 - 74 දක්වා බැප්ටිස්ට් සිංහල පාසලේත්, 1874 - 76 දක්වා ශාන්ත බෙනඩික් විද්‍යාලයේත්, 1876 - 78 දක්වා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේත්, 1878 - 83 දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබී ය​. මෙම පාසල් වලින් ලද අධ්‍යාපනය ක්‍රිස්තියානි මිෂනාරි එකක් විය​.

පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසුව, අධ්‍යාපන කාර්යාංශයේ ලිපිකරුවෙක් ලෙස රජයේ සේවයට බැඳුණේ ය​.

පරම විඥානාර්ථ බෞද්ධ සමාගම​

වයස අවුරුදු 16 දී, ඩේවිඩ් හේවාවිතාරණට කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් හා බ්ලැවට්ස්කි මැතිණිය හඳුනා ගැනීමට ඉඩ සැලසුණි. වයස අවුරුදු 19 දී විශේෂ සාමාජිකත්වයකින් පරම විඥානාර්ථ සමාගමට බඳවා ගන්නා ලදි. 1886 දී හෙන්රි ස්ටීල් ඕල්කට් හා සී. ඩබ්. ලෙඩ්බීටර් බෞද්ධ අධ්‍යාපන අරමුදලට ආධාර එකතු කරනු පිණිස ලංකාවට පැමිණියහ​. ඔවුනගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කිරීමට ඩේවිඩ් හේවාවිතාරණ රජයේ රැකියාවෙන් ඉවත් විය​. ඕල්කට්තුමා සමග රට පුරා කළ සංචාරය ඔහු ගේ ඇස් අරවන්නක් විය​. සිංහල ජාතියට හා බුදු දහමට​ සිදුව ඇති පරිහාණිය එහි දී ඔහු සියැසින් දුටුවේ ය​.

සිදුව ඇති පරිහාණියට ප්‍රතිකර්ම යෙදීම උදෙසා, තමන් ස්වකීය දිවිය ම බුදු දහමේ උන්නතිය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කර ගත් බවත්, තමාට ගිහි ගෙයින් ඵලක් නැති බවත්, අනගාරිකව විසීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් 1886 ජනවාරි 12 වන දින තම පියාට ලිපියක් යවන ලදි. හික්කඩුවේ සුමංගල හිමි ගේ කරුණු පහදා දීමකින් අනතුරුව, පියා, ඩේවිඩ් හේවාවිතාරණට අනගාරික වීමට අවසර ලබා දුන්නේ ය​. දොන් ඩේවිඩ් යන විදේශික නාමය අත හැර දමා, ධර්මපාල හේවාවිතාරණ යන සිංහල නම භාවිතා කරන්නට පටන් ගත්තේ ය​. ඔහු ගත කළ බ්‍රහ්මචාරී දිවිය නිසා අනගාරික යන පෙර ඈඳිය ඔහු ගේ නමට එක් විය​.

වර්‍ෂ 1886 සිට 1890 දක්වා කාලය තුළ බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ බෞද්ධ අංශ​යේ මහ ලේකම්, බෞද්ධ මුද්‍රණාලයේ හා සඳරැස පත්‍රයේ කළමණාකරු, බෞද්ධ පාසල් කළමණාකරු, බෞද්ධ ආරක්‍ෂක කමිටුවේ සහයක ලේකම් යනාදි තනතුරු ධර්මපාලතුමා විසින් දරණ ලදි.

ධර්මපාල තුමාගේ ඉල්ලීම

දයාබර පියාණන් සහ මෑණියන් වෙතටයි,

එක පුද්ගලයෙකුගේ නොව,සියලු ලෝක සත්ත්වයාගේ සැප ප්‍රර්ථනා කරන මට ඔවුන්ගේ දියුණුවට වැඩ කිරීමට ඉඩ දෙනු මැනවි.ලෞකික සැපයක් ඕනෑ නො කරයි. ම විසින් දොහොත් මුදුන් දී ඉල්ලන ඉල්ලීමට බාධා නො පමුණුවා චිත්ත ප්‍රීතියෙන් එය මට දෙන හැටියට මම ඉල්ලමි. ඒ මෙයයි.සම්පුර්ණයෙන් මගෙ කාලය බුද්ධාගමේ දියුණුව පිණිස වැඩ කරන්නටයි.මගේ ජීවිකාව ආරක්ෂා කර ගැනුමට මසකට රුපියල් පහක් ලබෙන්නටත් ඉල්ලමි. මේ ඉල්ලීම ඉෂ්ට කළොත් අප සියල්ලන්ගේ ම නිවන් මාර්ගය ලේසි වේ. ඉන් නිසා බාධා නො පමුණුවා ඉල්ලීම ඉෂ්ට කරනු ලැබේවා. සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් අප බෝධිසත්ත්වයන් වහන්සේ ලෝක සත්ත්වයා නිසා දුක් වින්දා නම්,පුළුවන් පමණක් ලෝක සත්ත්වයාගේ දියුණුවට වැඩ කරන්නට අපට නො හැකිද?

                                                                                                              මීට,                                                                                                               යටහත් පුත්‍ර,                                                                                                               ඩේවිඩ්.                                                       මෙම ලිපිය පොතකින් උපුටා ගත්තකි. 

බෞද්ධ ධර්ම ප්‍රචාරය​

අනගාරික ධර්මපාල 
1893 දී පවැති දෘෂ්ටි සම්මේලනය​
වමේ සිට දකුණට: වර්චාන්ද් ගාන්ධි, අනගාරික ධර්මපාලතුමා​, ස්වාමි විවේකානන්ද​, දකුණට ම වන්න සිටින පුද්ගලයා G. Bonet Maury විය යුතු ය​.

ක්‍රිස්තියානි බලපෑමෙන් ජපන් බුදු දහම ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් සෙන්‍ෂිරෝ නෞගචි ඕල්කට්තුමාට ජපානයට කළ ආරාධනාවක් අනුව ඔහු 1889 ජනවාරි 10 වන දින ධර්මපාලතුමා සමග ජපානය බලා පිටත්ව ගියේ ය​. ලංකාවෙන් ජපානයට ගිය ප්‍රථම ධර්ම දූතයා වශයෙන් සැලකෙන්නේ ධර්මපාලතුමා ය​. එහි දී පැවැත් වූ ජපන් බෞද්ධ මහා සම්මේලනයේ දී බෞද්ධ කොඩිය ප්‍රථම වරට පෙරදිග රටක ප්‍රදර්ශනය කරන ලදි.

1890 වසරේ දෙසැම් බර් 05 වන දින ධර්මපාලතුමා, ජපන් ජාතික ගුණරතන කොජේන් භික්‍ෂුව සමග බෝධිගයාව වන් දනය කිරීමට ඉන්දියාව බලා කොළඹින් පිටත් විය​. බුද්ධගයා මහා විහාරයේ තැන්පත් කොට තිබූ බුද්ධ ප්‍රතිමාවට හින්දු වත් පිළිවෙත් අනුව පුද පූජාවන් පැවතෙමින් තිබිණි. බුද්ධගයා මහා විහාරයේ භාරකාරයාව සිටි හේමනාරායන ගිරි නම් මහන්තා සිතා සිටියේ බුදුන්වහන්සේ ශිව භක්තිකයෙකු බවයි. ධර්මපාලතුමා මෙය සැලකුවේ බුදුන්ට කරන අගෞරවයක් වශයෙනි. ගුණරතන කොජේන් භික්‍ෂුව බෝධිගයාවේ තාවකාලිකව නවතා, කෙටි බුරුම සංචාරයකින් අනතුරුව ධර්මපාලතුමා නැවත ලංකාවට පැමිණියේ ය​. 1891 මැයි 31 වන දින, බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ පරමාර්ථය පෙර දැරි කොට ගෙන​, බුද්ධගයා මහා බෝධි සංගමය ආරම්භ කරන ලදි. මේ හේතුවෙන්, සියලු ආගම් හා ජාතීන් සමානත්වයෙහිලා සැලකූ ඕල්කට්තුමා, හා ධර්මපාලතුමා අතර විරසකයක් ඇතිවිණි.

බෝධිගයා මහා නඩුව යන නමින් ප්‍රකට වූ දීර්ඝ නඩු විභාගය 1906 දී අවසන් වූයේ ධර්මපාලතුමා පරාජයට පත් කරමිනි. ඉන් අධෛර් ය නොවූ ඔහු බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ සටන අඛණ්ඩව ම ඉදිරියට ගෙන ගියේ ය​. ඔහු ගේ අභාවයෙන් පසුව​, බෞද්ධ හින්දු දෙ පාර්ශ්වයෙන් ම හතර දෙනා බැගින් නියෝජනය වන කමිටුවකින් බුද්ධගයාව පාලනය විය යුතු බවට නියම වෙමින් 1949 දී බුද්ධගයා පනත සම්මත විය​.

1921 දී ධර්මරාජික විහාරයත්, 1931 දී මූලගන්ධකුටි විහාරයත් ඉන්දියාවේ ඉදි කරවන ලදි. ධර්මපාල මැතිතුමාගේ උත්සාහය නිසා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ භූමි භාගය (කුසිනාරා නුවර) නැවතත් බෞද්ධයන්ගේ ආකර්ෂනයට ලක්විය. ඉංගිරිසි මහා බෝධි සඟරාව කියවීමෙන් පසුව​, චිකාගෝ දෘෂ්ටි සම්මේලනයේ සම්පාදක බරෝස්, ධර්මපාලතුමාට 1893 දී චිකාගෝ නුවර පැවති දෘෂ්ටි සම්මේලනයට ආරාධනා කළේ ය​.

බුදු දහම ප්‍රචාරය කිරීමට​, සිංහල හා හින්දු භික්‍ෂූන් කිහිප නමක් එංගලන්තයට යවන ලදි. ලන්ඩන් මහාබෝධි සංගමය​, බ්‍රිතාන්‍ය බෞද්ධයා නම් ඉංග්‍රීසි සඟරාව ඇරඹී ය​.

ධර්මපාල තුමාගේ
ධර්මපාල තුමාගේ හඬ ධර්ම දේශනාවකින්.

නිදහස් අරගලය

බ්‍රිතාන්‍ය ලංකාව නිදහස් රටක් කිරීමට කර්මාන්ත උන්නතියක් ඇති කළ යුතු බව ධර්මපාලතුමා විශ්වාස කළේ ය​. වාර්ෂිකව, කර්මාන්ත ඉගෙන ගැනීමට ජපානයට ශිෂ්‍යත්ව ලබා දෙන ලදි. පේෂ කර්මාන්තය හැදෑරු යූ. බී. දොලපිහිල්ල​, පිඟන් කර්මාන්තය හා චිත්‍ර ශිල්පය හැදෑරු ඩී. සී. හාන්ති අප්පුහාමි, සුවඳ විලවුන් කර්මාන්තය හැදෑරු ජෝන් එෆ්.කුරේ, කඩදාසි කර්මාන්තය හැදෑරු එන්. ජේ. සෝමරත්න, ගිනිකූරු කර්මාන්තය හැදෑරු බාලසූරිය​, ගොවිකම හැදෑරු මුනසිංහ​, එසේ කර්මාන්ත උගෙන පැමිණි කැපී පෙනෙන ශිෂ්‍යයෝ වෙති.

බ්‍රිතාන්‍ය පාලකයෝ 1914 දී, කල්කටාවේ දී, ධර්මපාලතුමාව නිවාස අඩස්සියට පත් කළහ​. ඔහු ඉන් නිදහස ලැබුවේ 1921 දී ය​.

අවසන් සමය​

හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත හිමියන්, ධර්මපාලතුමාට තරුණ කල දුන් අවවාදයක් අනුව​, 1931 ජූලි 13 වන දින​, බෝරුග්ගමුවේ රේවත මහ තෙරුන් වහන්සේ ආචාර්යත්වයෙහි තබා ගෙන​, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නමින්, පැවිදි දිවියට ඇතුළු විය​. සිරි දේවමිත්ත යන්න තම පැවිදි නමට ඇතුළු කර ගනු ලැබුවේ, හෙයියන්තුඩුවේ හිමියන්ට කෘත ගුණ සැලකීමට ය. කෝදාගොඩ උපසේන නා හිමිට ගෞරවය පළ කිරීමට​, උන්වහන්සේ ගේ පරණ සිවුරක් තම පරිහරණයට ගෙන්වා ගන්නා ලදි.

1933 අප්‍රේල් 29 දා ධම්මපාල හිමියෝ අපවත් වූහ​. ශ්‍රී දේහය ලංකාවට ගෙන ඒමට කටයුතු යොදා තිබුණ ද මළසිරුර නරක් වීම නිසා ආදාහන කටයුතු ඉන් දියාවේ දී ම සිදු කෙරුණි. භෂ්මාවශේෂවලින් කොටසක් බරණැස ඉසිපතනාරාමයේ තැන්පත් කරන ලදි. ඉතිරි කොටස ලංකාවට වැඩම කරවන ලදි.

පෙළපත​

සටහන්

ආශිත ග්‍රන්ථ​

  • ඩේවිඩ් කරුණාරත්න (1965 දෙවන මුද්‍රණය). අනගාරික ධර්මපාල. Buddhist Publication Society, Kandy.
  • ආනන්ද W.P. ගුරුගේ (1991 තෙවන මුද්‍රණය). Anagarika Dharmapala. ශ්‍රී ලංකා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව​. ;
  • ටී. ඇස්. ධර්මබන්දු (1973 සංශෝධිත මුද්‍රණය). සිංහල වීරයෝ. කොළඹ සීමාසහිත එම්. ඩී. ගුණසේන සහ සමාගම.
  • Bhiksuh Sangarakshitha (1964). Anagarika Dharmapala - A biographical sketch. Buddhist Publication Society, Kandy.

Tags:

අනගාරික ධර්මපාල පරම විඥානාර්ථ බෞද්ධ සමාගම​අනගාරික ධර්මපාල ධර්මපාල තුමාගේ ඉල්ලීමඅනගාරික ධර්මපාල බෞද්ධ ධර්ම ප්‍රචාරය​අනගාරික ධර්මපාල නිදහස් අරගලයඅනගාරික ධර්මපාල අවසන් සමය​අනගාරික ධර්මපාල පෙළපත​අනගාරික ධර්මපාල සටහන්අනගාරික ධර්මපාල ආශිත ග්‍රන්ථ​අනගාරික ධර්මපාලඅන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධනආසියාවඉන්දියාවඋතුරු ඇමරිකාවකොළඹබුදු දහමමාතරමුදලියුරෝපයශ්‍රී ලංකා නිදහස් සටන

🔥 Trending searches on Wiki සිංහල:

කේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාඋඩරට නැටුම්හෙන්රි ජයසේනතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයශාන්ත ජුසේ වාස් තුමාශ්‍රී ලංකාවේ නර්තනයන්ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවසුසන්තිකා ජයසිංහථූපාරාමය, අනුරාධපුරක්ෂණික මෝචනයසිංහල පදරුමේනියාවVesakශ්‍රී ලංකාවේ දික්කසාද නීතිසනත් ජයසූරියශ්‍රී ලංකා‍වේ බුදු පිළිමභාෂාවපළමුවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ වල් පැලැටිසංවර්ධිත රටවල්විෂ්ණුමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිසේනක බිබිලේසිංහල හෝඩිශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගස්වභාවික පරිසරයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයථූපාරාමයකොරියානු භාෂාවමෛත්‍රී බුදුරජාණන් වහන්සේටී.බී. ජයාශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවභගමණියලෝවාමහාපායඇල්බට්‍ අයින්ස්ටයින්ආදිවාසීන්ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයඋපසර්ගඉන්දියාවඅම්ල-භෂ්ම ප්‍රතික්‍රියාසතර අගතිසමනල කන්දඋභය ජීවීන්රුහුණු කතරගම දේවාලයචාමර වීරසිංහවිධායක ඡනාධිපතිළමා අපයෝජනයශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවකළු වදුරාශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්මානව සැකිලි පද්ධතියත්‍රිලක්‍ෂණමොනරාසමනලයානෙළුම් කුළුණපරිගණකයබටතොට ලෙනවොලිබෝල්සිරිමාවෝ බණ්ඩාරනායකක්‍ෂුද්‍ර ජීවීන්ශ්‍රී වික්‍රම රාජසිංහ රජගැට බෙරයපොන්නම්බලම් රාමනාදන්සමුපකාරයකොළඹ ජාතික කෞතුකාගාරයරොට්වෙයිල(ර්)ශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවරුසියාවවිවාහයදඹුල්ල රජමහා විහාරයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවරණතුංග කරුණානන්දවල්ගාතරුවචෛත්‍යවළි කුකුළාඑක්සත් ජාතීන්ගේ සංවිධානයශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තර🡆 More