ලෝක ආහාර අර්බුදය

උදා : කැමරන්, බුර්කිනා ‍ෆාසෝ, ඊජීප්තුව යනාදී රටවල් ඇතුලුව බොහෝ රටවල ආහාර මිල ගණන් ඉහළ යාම දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් වාතාවරණයක් ඇතිකළ අතර හයිටියෙහි මෙම තත්ත්‍වය අගමැති ජැක්වීස් එඩුවාඩ් ඇලෙක්සිට තනතුර අත්හැර යාමට සිදුවන තරමටම උග්‍ර විය.

ගොනුව:Food Crisis to cause malnutrition.jpg

ගෝලීය ආහාර අර්බුදයේ බලපෑම්

  • ඉහළ යන ආහාර මිල ගණන් හමුවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස් තව තවත් ආගාධයට වැටෙමින් සිටින අතර, මෙය මන්ද පෝෂණය දිගින් දිගටම පැතිර යාමටත් විශේෂයෙන් ළමුන්ගේ පැවැත්ම සහ වර්ධනය අවධානමට ලක් කිරීමටත් හේතු වී ඇත.
  • මන්දපෝෂණය සෞඛ්‍ය ගැටළු රාශියකට මග පාදන අතර එය බුද්ධි මට්ටම පහත හෙළීමටද සෘජුවම හේතු වෙයි.
  • තවද, පිරිහිණු වැහැරුණු සිරුරු රැකගැනීමට, නඩත්තු කිරීමට දැරිය යුතු සෞඛ්‍ය වියදම් ඉහළ යාමෙන් මූල්‍යමය වශයෙන් සෘජුවමද වැඩදායී මානව සම්පත දුබලව කෘෂව යාමෙන් ඇතිවන ආර්ථික අලාභයන් නිසා වක්‍රවද රටකට සිදුවන හානිය සුළුපටු නොවීම.
  • ආහාර මිල ගණන් වල සීඝ්‍ර ඉහළ යාම, ප්‍රමාණවත් ආදායම් හා ආහාර නොලබන ලෝක ජනගහණයෙන් 1/6 ක් (මිලියන 854) පමණ වන දිළිඳු ජන කොටස තවදුරටත් දරිද්‍රතාවයට ඇද දැමීමට හේතුවීම.
  • එය බොහෝ රටවල දේශපාලන කලකෝලාහල සහ අස්ථාවරතාවයටද නොයෙකුත් සමාජ ප්‍රශ්න ඇති කොට ඇත.

ලෝක ආහාර මිල ගණන් ඉහළ යාමට හේතු

මීට පෙර ලෝක ආහාර මිල ගණන් වල ඉහළ යාම බොහෝවිට කාලගුණය හා සම්බන්ධව පැවති අතර එසේ මිල ගණන් ඉහළ යෑම සෑම විටම පාහේ ඉතාමත් තාවකාලික හා කෙටිකාලීන වූවක් විය. එහෙත් වර්තමාන තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. මේ වන විට ලෝක ආහාර අර්බුදය සම්බන්ධයෙන් සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර විවාදයක් ගොඩ නැගී ඇත. එනම් සංවර්ධිත රටවල ඇතැම් නායකයන් පවසනුයේ ඉතා විශාල ජනගහනයක් වෙසෙන සංවර්ධනය වෙමින් පවත්නා චීනය හා ඉන්දියාව වැනි රටවල මෑත කාලයේ ඇති වූ ආර්ථික සමෘද්ධියත් සමඟ දිළිඳුබවින් මිදුණු නව මධ්‍යම පාන්තික ජනග්‍රහණයේ පරිභෝජන රටාවේ ඇති වූ වෙනස් වීම් තුළින් ආහාර සඳහා ඉල්ලුම ඉහළ යාම මෙසේ ආහාර මිල ගණන් ඉහළ යාමට හේතු වූ බවය. අනෙක් අතට සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මීට පිළිවදන් දෙමින් පවසනුයේ තෙල් මිල ඉහළ යාම හා සංවර්ධිත රටවල් ආහාර භෝග ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහා යොදා ගැනීම ආහාර මිල ගණන් ඉහළ යාමට හේතු වූ බවයි.


මෙහිදී ලෝක ආහාර මිල ගණන් ඉහළ යෑමට හේතු ලෙස ප්‍රධාන කරුණු කිහිපයක් හඳුනාගත හැක. එනම් :

  1. . කාලගුණික ව්‍යසන සහ සිවිල් කෝලාහල නිසා නිෂ්පාදනයේ පහත වැටීම
  2. . තෙල් මිල ඉහළ යාම සහ විකල්ප බලශක්ති මූලාශ්‍ර ලෙස ජෛව ඉන්ධන භාවිතයට යොමු වීමෙන් ආහාර භෝග ඉන්ධන නිෂ්පාදනයට යොදා ගැනීම
  3. . ආසියානු රටවල ඇති වූ නව ආර්ථික පිබිදීම හා ලෝක ජනග්‍රහණයේ ඉහළයාම මගින් ආහාර සඳහා වන ඉල්ලුම ඉහළ යාම
  4. . 70 දශකයේ අරමුණු හරිත විප්ලවය සහ රටවල් අතර නිදහස් වෙළදාම
  5. . ලෝක ආහාර මිල ගණන් ඉහළ යෑමට හේතු වූ වෙනත් කාරණා


3.1 කාලගුණ ව්‍යසන සහ සිවිල් කෝලාහල නිසා සැපයුම් අංශය අඩපන වීම


මිල ගණන් ඉහළ යාමට අදාළ සැපයුම් අංශයේ සාධකය ලෙස බොහෝ දෙනෙක් දකිනුයේ කාලගුණ ව්‍යසන හේතුවෙන් නිෂ්පාදනය පහළ වැටීමයි. ධාන්‍ය අපනයනයේ මුල් තැනක් ගන්නා ඕස්ට්‍රේලියාවේ සහ දකුණු අප්‍රිකාවේ 2006/2007 වසර වල පැවති දැඩි නියං කාලගුණය, උතුරු අප්‍රිකාවට බලපෑ ගංවතුර, චීනයට පතිත වූ දැඩි හිම පතනය හා උතුරු යුරෝපයේ දැඩි උණුසුම් කාලගුණය ආහාර නිෂ්පාදනය කෙරෙහි තරමක් දුරට අහිතකර බලපෑම් ඇති කළත්, ආහාර මිල ගණන් වල ඉහළ යාම ආහාර හිඟය නිසාම ඇති වූවක් නොවන බව ලෝක ධාන්‍ය නිෂ්පාදනය සම්බන්ධ දත්ත විමසා බැලීමෙන් පැහැදිලි වේ.

ස්වභාවික විපත් සේම එක් එක් රටවල අභ්‍යන්තර ආරවුල්ද නිෂ්පාදනය ‍කෙරෙහි අහිතකර බලපෑම් ඇති කර ඇත. දේශිය පරිභෝජන අවශ්‍යතා ඉක්මවා ගිය සහල් අතිරික්තයක් නිෂ්පාදනය කරන පාකිස්ථානය, පිලිපීනය, ඉන්දුනීසියාව වැනි රටවල සිවිල් කෝලහල මෙසේ සැපයුම් අංශය අඩපනවීමට බලපා ඇත.


3.2 ජෛව ඉන්ධන නිපදවීම සදහා ආහාර භෝග යොදාගැනීම


1970 ගණන්වල ආරම්භ වූ හරිත විප්ලවයත් සමග කෘෂි නිෂ්පාදනය සාම්ප්‍රදයික දැනුමින් හා කාබනික පොහොර භාවිතයෙන් ඉවත්ව, නව යන්ත්‍රෝපකරණ, රසායනික පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයට වඩා වඩාත් නැඹුරු විය. පොහොර හා වෙනත් කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය තුළින් සහල් අස්වන්නක් ලබාගනීමට මං සැලසුනද එහි අනිවාර්ය ප්‍රතිඵලය වූයේ ජාත්‍යන්තර වෙළද පොළේ යෙදවුම් වල මිල ගණන් ඉහළ යාම දේශීය කෘෂි අංශයේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට ඉතා දැඩි ලෙස බලපෑමය. නිෂ්පාදනයේ ආරම්භක පියවරේ සිට අවසන් නිෂ්පාදනය පාරිභෝගිකයා අතට පත්වන තෙක් වන සකලවිද ක්‍රියාදාමයම විවිධාකාරයෙන් ජාත්‍යන්තර වෙළදපොළ හා බැදී පවතින නිසා මේ ගැටළුවෙන් ගැලවීගත නොහැකිය. එමනිසා ලෝක ඛනිජ තෙල් වෙළද පොළෙහි නිරතුරුවම සිදු වන මිල ඉහළ යෑම් කෘෂි අංශයේ නිෂ්පාදනය කෙරෙහි ඉතාමත් අහිතකර ලෙස බලපායි.

2008 මැයි මාසය වන විට ලෝක වෙළද පොළෙහි ඛනිජ තෙල් බැරලයක මිල US $ 129 ක් වූ අතර ඛනිජ තෙල් මිල ඉහළ යෑම සෘජුවම ප්‍රවාහන පිරිවැයට බලපෑ අතර එය නිෂ්පාදනයේ විවිධ පියවර වල පිරිවැය ඉහළ යෑමෙන් ආහාර මිල ගණන් ඉහළ යෑමට හේතු විය. තවද ඛනිජ තෙල් මිල ගණන් අඛණ්ඩව ඉහළ යෑම හේතුවෙන් එහි ප්‍රතිඵලයක් ලෙස ලොව, විකල්ප බලශක්ති ප්‍රභවයන් වෙත යොමු විය. ඒ අනුව බඩඉරිඟු හා උක් වැනි ආහාර භෝග මගින් එතනෝල් නිෂ්පාදනය කිරීමත් සෝයා බෝන්චි හා ෆාම් ඔයිල් මගින් ජෛව ඩීසල් නිපදවීමත්ලොව ප්‍රචලිත විය. බඩඉරිඟු මගින් එතනෝල් නිෂ්පාදනය කිරීමෙහිලා ප්‍රමුඛස්ථානය ගනු ලබන්නේ එක්සත් ජනපදයයි.

ලෝක බඩ ඉරිඟු නිෂ්පාදනයෙන් 40% ක්ම නිෂ්පාදනය කරනු ලබන්නේද ලෝක බඩ ඉරිඟු නිෂ්පාදනයෙන් 70% ක්ම අපනයනය කරන්නේද එක්සත් ජනපදයයි. ජෛව ඉන්ධන නිෂ්පාදනය සදහා බඩ ඉරිඟු යොදා ගැනීමෙන් බඩ ඉරිඟු අපනයනය පහළ වැටුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2007 වසරෙහි ලෝක ධාන්‍ය සංචිතය දින 57ක පාරිභොජනයට සෑහෙන පමණ පහළ වැටිණි. (වසර 37කට පසු වාර්තා වූ ඉතාම පහල අගයයි).

ලොව පොසිල ඉන්ධන භාවිතයට විකල්පයක් ලෙස ජෛව ඉන්ධන භාවිතයට ප්‍රවේශවීමේ දී එය පරිසර හිතකාමි වුවද, එය පොසිල ඉන්ධන භාවිතයටත් වඩාඅහිතකර ප්‍රතිඵල අද ලොව හමුවේ ඉස්මතු කර ඇත.

ජෛව ඉන්ධන නිශ්පාදනය සදහා යොදාගන්නා භෝග වගා කිරීම බොහෝ රටවල ග්‍රාමීය අංශයේ නව රැකියා අවස්ථා ජනිත කිරීමට හා ආදායම් මට්ටම ඉහළ නැංවීමට හේතු වී ඇත. තවද නිෂ්පාදනය සදහා වගා බිම් ලෙස වනාන්තර යොදා ගනීමෙන් සිදුවන වන විනාශය, තෙත් බිම් හා තණ බිම් විනාශය හේතුවෙන් ලොවට විශාල කාබන් ප්‍රමාණයක් මුදා හැරේ. ඉන්දුනීසියාව හා බ්‍රසීලය මේ සදහා ප්‍රධාන පෙළෙහි රටක් බවට පත් වී ඇත. තවද බ්‍රසීලය සෝයා බෝංචි මගින් ජෛව ඩීසල් නිෂ්පාදනයද සිදු කරයි. මේ හේතු කොට ගෙන ඇමසන් වනාන්තරය එළිකිරීම සීඝ්‍රයෙන් සිදු කෙරේ. මේ අනූව වර්තමානයේ ජෛව ඉන්ධන භාවිතය ලෝක තෙල් අර්බුදයකට පිළියමක් වනවාට වඩා, වෙනත් අර්බුද රාශියක් ඉස්මතු කර ඇත. ( උදා: ආහාර අර්බුදය, මන්දපෝෂනය, කෝලාහල, දිළිඳුකම). එය මිලියන 800ක් වන වාහන හිමියන් හා 850ක් වන සාගින්නෙන් හා මන්දපෝෂණයෙන් පෙළෙන ලොව දුගී ජනතාව අතර ගැටුමක් බවට පත් කර ඇත.( Sports Utility Vehicle එකක ඉන්ධන ටැංකියක් පිරවීමට අවශ්‍ය එතනෝල් නිෂ්පාදනය සදහා අවශ්‍ය ප්‍රමාණය එක් පුද්ගලයෙකුගේ වාර්ෂික ධාන්‍ය පරිභොජන අවශ්‍යතාවයට සමානය.

ලොව පොසිල ඉන්ධන භාවිතයට විකල්පයක් ලෙස ජෛව ඉන්ධන භාවිතයට ප්‍රවේශවීමේ දී එය පරිසර හිතකාමි වුවද, එය පොසිල ඉන්ධන භාවිතයටත් වඩාඅහිතකර ප්‍රතිඵ‍‍ල අද ලොව හමුවේ ඉස්මතු කර ඇත.‍

ආහාර මිල ගණන්වල ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපෑ රටවල් වූයේ ඉරිඟු පදනම් කරගත් ආහාර ප්‍රධාන වන රටවල්ය. මෙවැනි රටවල් 20 කටත් අධික සංඛ්‍යාවක් ඇත. ආහාරොද්ධමනය හේතු කොට ගෙන එම රට වැසියන් මිල පාලනය ඇති කරන ලෙස රජයට බල කරමින් උද්ඝොෂණ වල නිරත වූ අතර, මෙසේ එක් එක් රටවල ජනතාව විදින පීඩනය දේශපාලන අස්ථාවරත්වයට බලපෑ අතර, සමාජ පීඩනය නොයෙකුත් අයුරින් අඬාලවීමට ද බලපා ඇත. තවද ධාන්‍ය ආනයනය කරන ඉන්දුනීසියාව, ඊජිප්තුව, මෙක්සිකෝව වැනි රටවල ආහාර මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ආහාර කොල්ලකෑම් ඇති වීමට බලපා ඇත.වැඩිවන ජීවන වියදමට සරිලන ආකාරයට ආදායම් ඉපයීමට රැකියාවලට යෑමට සිදුවීමෙන් ඇතැම් රටවල පාසැල් ළමුන්ගේ අධ්‍යාපනය පවා කඩාකප්පල් වී ඇත.


3.3 ආසියාතික රටවල ඇති වූ ආර්ථික පිබිදීම හා ජනගහණ වර්ධනය

ගොනුව:World population growth.jpg

ආසියානු කලාපයේ චීනයේ හා ඉන්දියාවෙහි ඇති වූ නව ආර්ථික පිබිදීමත් සමග ආදායම් මට්ටම් ඉහළ යෑම හේතුවෙන් මිලියන ගණනාවක ජනගහණයක් දරිද්‍රතාවයෙන් මිදුණි.මෙම රටවල්වල් නව මධ්‍යම පන්තියක් බිහි වූ අතර ඔවුන්ගේ පරිභොජන රටාවද ආදායම් වර්ධනයත් සමග වෙනස් විය. මෙම පරිභෝජන රටා‍වේ වෙනස්වීම මිනිස් පරිභෝජනය සඳහා වන ආහාර ඉල්ලුම ඉහළ යාමටත් අනෙක් අතට සත්ත්‍ව නිෂ්පාදනය සඳහා අවශ්‍ය ධාන්‍ය ඉල්ලුම ඉහළයාමටත් බලපායි. මන්ද මස් කි.ග්‍රෑ. 1ක් නිශ්පාදනය කිරිම සඳහා සාමාන්‍යයෙන් ධාන්‍ය කි.ග්‍රෑ. 8ක් පමණ අවශ්‍ය වන බැවිනි. කුකුල් මස් කි.ග්‍රෑ. 1ක් නිෂ්පාදනය කිරිම සඳහා ඉරිඟු හා සෝයා බෝංචි කිලෝ ග්‍රෑම් 2ක් පමණ අවශ්‍ය වන අතර ඌරු මස් කි.ග්‍රෑ. 1 ක් නිෂ්පාදනය කිරීමට සත්ත්‍ව ආහාර කි.ග්‍රෑ. 5-7 ක ප්‍රමාණයක්ද හරක් මස් කි.ග්‍රෑ. 1ක් සඳහා ආහාර කි. ග්‍රැ. 8ක ප්‍රමාණයක්ද අවශ්‍යවේ.

එමෙන්ම මස් සදහා වන ඉල්ලුම තුළින් ධාන්‍ය මිල ඉහළ යන සේම චීස් හා බටර් ඉල්ලුමෙහි ඉහළ යාම කිරි නිෂ්පාදනය ඉහළ යාමට හේතු පාදක වන අතර එයද අනෙක් අතට ධාන්‍ය මිල ගණන් ඉහළ යාමට බලපායි. මෙසේ පරිභොජන රටාව වෙනස්වීම මගින් ඉල්ලුම ඉහළ යාමද ලෝක ජනගහණයෙහි ඉහළ යාමට ප්‍රමාණවත් වන පරිදි නිෂ්පාදනය වැඩි නොවීමද ආහාර මිල ගණන් ඉහළ යාමට බලපා ඇත.

එහෙත් කෘෂි භෝග සදහා 2005 ට පෙර පැවති අඩු මිල ගණන් නිසා බොහෝ රටවල කෘෂිකර්මන්තය සදහා යොදා ගත හැකි ඉඩම් කෘෂි වගාවන්ගෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබිණි. නොඑසේ නම් එම බිම් කෘෂි නොවන වෙනත් කටයුතු සදහා යොදගෙන ඇත.

පසුගිය කාලයෙහි පරිභෝජන රටාවෙහි වෙනස්කම් හරහා ආහාර සදහා ඉල්ලුම වේගයෙන් වැඩි වූ චීනය සහ ඉන්දියාවෙහි ජනගහණය සහ ආදායම ඉහළ ගිය ද ඊට සාපෙක්ෂව නිෂ්පාදනය ඉහළ ගොස් නැත. කෙසේ වෙතත් අනෙකුත් සංවර්ධනය වෙමින් පවත්නා රටවල් මෙන් නොව චීනය හා ඉන්දියාව සහල් සහ තිරිගු අතින් ස්වයං පෝෂිත මට්ටමක පවතී. එහෙත් මස් පරිභොජනය සදහා චීනයේ ඇති නැමියාව දෙස බලන විට ඉදිරියේදී චීනය සත්ත්‍ව ආහාර සදහා ධාන්‍ය ආනයනය කරන්නෙකුගේ ත්ත්ත්‍වයකට පත්වීමට ඉඩ ඇත.

ලොව විශාලතම දිළිඳු ජනගහණය වෙසෙන්නේ ඉන්දියාවේය. එහෙත් මධ්‍යම පාන්තික ජනගහණයේ පරිභොජන රටාව වෙනස් වී ඇත. අනෙක් අතට වාර්ෂික ජනගහණ වර්ධන අනුපාතය සියයට දෙකක් වෙද්දී ඉන්දියාවේ කෘෂි නිෂ්පාදනය වර්ධනය වී ඇත්තේ සියයට එකකින් පමණි. එහෙත් වැඩි වන ඉල්ලුම දේශිය නිෂ්පාදනය වැඩි කර ගැනීම තුළින් සපුරාලීමේ ශක්‍යතාව ඉන්දියාව සතුව පවතී. එම නිසා ආහාර සදහා වැඩි වන දේශිය ඉල්ලුම දේශිය නිෂ්පාදනය වැඩි කර ගනීම තුළින් සපුරා ගැනීමට ඇතැම් විට ඉන්දියව සමත් වනු ඇත. චීනය සම්බන්ධයෙන් ගත් විට එහි වගා බිම් කාර්මිකරණයට හා ජනාවාසවලට ගොදුරුවීම අභියෝගයක්ව ඇත.

ඒ හරුණු විට 2008 වසරෙහි මුල සිදුවූ කාළගුණ ව්‍යසනයද මෙම අභියෝගය ජයගැනීමට එරෙහිව සිටී. ජනවාරි හා පෙබරවාරි මාස වල දකුණු චීනයේ පළාත් ගණනාවක් දැඩි සීතල, අයිස් වැසි සහ හිමපතනයට ලක් විය. මෙය එරට මිලියන 100 ක ජනගහණයකට බලපා ඇතැයි නිල වශයෙන් ගණන් බලා ඇත. මින් බොහෝ කෘෂිකාර්මික භෝග විනාශ වූ අතර චීන කෘෂිකර්ම අමාත්‍යංශයට අනුව ආහාර පිසීමට යොදාගන්නා තෙල් නිපදවීම සදහා වගාකරන රෙප්සීඩ් නම් වගාවෙන් හෙක්ටයාර මිලියන 410,000ක් මුලුමනින්ම විනාශ වී ඇත.


3.4 70 දශකයේ අරඹුණු හරිත විප්ලවය සහ රටවල් අතර නිදහස් වෙළදාම


70 දශකයේ අරඹුණු හරිත විප්ලවය සහ රටවල් අතර නිදහස් වෙළදාම ද ලෝක ආර්ථිකය ආහාර අර්බුදයකට ගෙන යාමට හේතු වී ඇත. මෙම ප්‍රවණතා දෙකෙහිදීම නිෂ්පාදනයේ සෑම පියවරකදීම හා බෙදාහැරීම් ක්‍රියාවලියේදී බලශක්ති, රසායනික යෙදවුම් හා විශාල ප්‍රවාහන පිරිවැයක් දැරිය යුතු වීම ඊට හේතුවයි. හරිත විප්ලවය හා නිදහස් වෙළදාම මගින් දේශිය වශයෙන් ස්වයංපෝෂිත ආර්ථික අන්‍යෝනය වශයෙන් එකිනෙකා මත යැපෙන ආර්ථික බවට පත් වූ අතර ඇතම් රටවල් අද ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවයෙන් 80% -90% ක ප්‍රමාණයක් ආනයන මගින් සපුරා ගනී. මේ නිසා ජත්‍යන්තර වෙළදපොළේ මිල උච්ඡාවචනයන්ගෙන් වියුක්තව සිටීමට බොහෝ රටවලට හැකියාවක් නැත.


3.5 ලෝක ආහාර මිල ගණන් ඉහළ යෑමට හේතු වූ වෙනත් කාරණා


1. ලොව බොහෝ රටවල් අනාගත ආහාරෝද්ධමනය අපේක්‍ෂාවෙන් දේශිය පරිභොජන අවශ්‍යතා සදහා දේශිය නිෂ්පාදන රඳවා තබාගනිමින්, අපනයන සීමාද පැනවීම. උදා : ඉන්දියාව, පකිස්ථානය, වියට්නාමය, ඊජිප්තුව, බ්‍රසීලය, සර්බියාව, යුක්‍රේනය හා සැම්බියාව.

2. අඩු තොග මට්ටම් සහ දීර්ග කාලීන කෘෂි ආයෝජන අවම වීම.

3. ඉහළ යෙදවුම් මිල ගණන් සහ ලෝක තෙල් මිල ගණන් ඉහළ යෑමේ බලපෑම.

4. නාගරීකරණය.

5. මූල්‍ය සම්පේක්‍ෂණයන්.

6. දුර්වල වෙළඳ ප්‍රතිපත්තීන් සහ වෙළඳ නිර්බාධීකරණයේ බලපෑම.

පිංතූර ගැලරිය

මේ අඩවියත් බලන්න

ආහාර අසාත්මිකතාවය

ආහාර පිරමිඩය

මූලාශ්‍ර

  1. Global Food Crisis , June 16, 2009
  1. Food Crisis, June 16, 2009
  1. "Biofuels major cause of global food riots", Kazinform (Kazakhstan National Information Agency), April 11, 2008

Tags:

ලෝක ආහාර අර්බුදය ගෝලීය ආහාර අර්බුදයේ බලපෑම්ලෝක ආහාර අර්බුදය ලෝක ආහාර මිල ගණන් ඉහළ යාමට හේතුලෝක ආහාර අර්බුදය පිංතූර ගැලරියලෝක ආහාර අර්බුදය මේ අඩවියත් බලන්නලෝක ආහාර අර්බුදය මූලාශ්‍රලෝක ආහාර අර්බුදය

🔥 Trending searches on Wiki සිංහල:

මානවම්ම රජකෘෂිකර්මයහලාවතවිලියම් ෂේක්ස්පියර්දාම්සිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමරඹුටන්මහින්ද රාජපක්ෂවේළුපිල්ලේ ප‍්‍රභාකරන්පියයුරු සංසර්ගයකැලණියක්‍රීඩාක්ෂුද්‍ර ජීවීන් සහ රෝගදුටුගැමුණු රජශ්‍රී ලංකා කොටියාපහතරට නැටුම්ධර්ම සංගායනාඇඩොල්ෆ් හිට්ලර්කතරගමකාර්මික විප්ලවයආදරයමිනිස් මොළයඉත්තෑවාතිස්ස වැව (අනුරාධපුරය)අභිනිෂ්ක්‍රමණයශ්‍රී ලංකා‍ අලියාආර්ය අෂ්ඨාංගික මාර්ගයගුණදාස අමරසේකරමනෝවිද්‍යාවපළමුවන විමලධර්මසූරිය රජසිංහල සාහිත්‍යයසියදිවි නසාගැනීමඊශ්‍රායලයලක්දිව දේශීය ආහාරමය අල වර්ගවායු දූෂණයපිළිකායාපනයගෞතම බුදුරජාණන් වහන්සේසමලිංගිකත්වයේ ඉතිහාසයසිංහල ප්‍රස්ථාව පිරුළුගොංගාලේගොඩ බණ්ඩාවිද්‍යුත් වානිජ්‍යයයුරෝපා ඉතිහාසයබුලත් හපයාමහින්දාගමනයවටදාගෙයශ්‍රී ලංකා ජාතික කොඩියජපන් සංස්කෘතියයශෝදරාබෝඹුරු ඇල්ලමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිනත්තලරසායනික බන්ධනඅධ්‍යාපන මනෝ විද්‍යාවපුවක්සිංහල පිල්ලම්පොළොන්නරුව ශිව දේවාලදර්ශනයලෝ වැඩ සඟරාවශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවරෆායල්ශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියකාවන්තිස්ස රජපැපොලඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයඋණසුගතපාල ද සිල්වාසිංහල සහ හින්දු අලුත් අවුරුද්දරාජ්‍ය නොවන සංවිධානමහා මංගල සුත්‍රයආනන්ද කුමාරස්වාමිවෘත්තීය අධ්‍යාපනයක්‍රිස්තු වර්ෂ ක්‍රමයහින්දු ධර්මයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවමාතලේ පරිපාලන දිස්ත්‍රික්කයසීනි🡆 More