දීපවංශය

දීපවංශය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන ලියවී ඇති පැරණිම ග්‍රන්ථයයි.

දීපවංශය රචනා වී ඇත්තේ මහාවංශය රචනා කිරීමට පෙරය. මෙම කෘතිය ලියවී ඇති කාලය පිළිබද විවිධ මත පැවතිය ද ඓතිහාසික ගවේෂකයකු වන ඕල්ඩර්න් බර්ග්ට අනුව ක්‍රිස්තු වර්ෂ 4-5 සියවස අතර රචනා කරන ලද බවට සලකනු ලබන මෙය අට්ඨකථා මූලාශ්‍ර කොටගෙන ඇතැයි සැලකනු ලබයි. මහාවංශය සහ දීපවංශය යන දෙකෙහි එකතුව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අතීතයේ සිදුවීම් රැසකට සාක්ෂි දරයි. වෙනත් කිසිම සාහිත්‍ය කෘතියක නැති පරිදි දීපවංශයෙහි 18 වැනි පරිචේදය සම්පුර්ණයෙන්ම භික්ෂුනීන් සාසන ඉතිහාසය පිළිබද දීර්ග විස්තරයක් කරයි. දීපවංශ ටීකාව යනුවෙන් වෙනම ග්‍රන්ථයක්ද පවතී.

දීපවංශය
TypePost-canonical text; Vaṃsa
Composition3rd-4th Century CE
AttributionAnonymous
PTS AbbreviationDīp
Pāli literature

කතෘත්වය

දීපවංශ වංශ කථාව අට්ඨ කථා සහ තවත් මුලාශ්‍ර පදනම් කරගෙන 3 – 4 සියවස් වලදී සංග්‍රහ කරන ලදැයි විශ්වාස කෙරේ. මහා වංශය සමග මෙම කෘතියද ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ඉතිහාසය පිළිබද බොහෝ කරුණු වල මුලාශ්‍රයයි. එහි ඇති වැදගත්කම රදා පවතින්නේ එය ඓතිහාසික මුලාශ්‍රයක් සහ ප්‍රරාවෘතයක් වු නිසාම පමණක් නොව එය බෞද්ධ හා පාලි සාහිත්‍ය පිලිබද ඉතා වැදගත් කෘතියක් ද වීම නිසාය.

මෙම කෘතිය B.C.ලෝ (Low) විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත. අනුරාධපුර මහා විහාරවාසී බෞද්ධ භික්ෂු න් වහන්සේලා කීප නමක් විසින් 3 – 4 සියවස් වලදී එය සම්පාදනය කරන්නට ඇත. එහි පුර්විකාවෙන් මෙසේ සදහන් වේ. “අසනු මැනව” එම බුදුන්ගේ ලංකා ගමනය ගැනද දන්ත ධාතුව සහ ශ්‍රී මහා බෝධිය ලංකාවට ගෙන ඒම බුදු දහම දිවයිනෙහි ව්‍යාප්ත වීම , ගුරුවරුන්ගේ පහළ වීම සහ විජයගේ ලංකා ගමනය ගැනද එම විස්තර කරමි. අනුරාධපුරයේදී වාර්ෂිකව පැවැත්වෙන මහින්ද උත්සවයේදී ‘දීපවංශය’ මහ හඩින් සජ්ඣායනය කරන ලෙස ධාතුසේන රජු (4 වන සියවස) නියෝග කොට තිබුණි.

මහාවංශය සමග

දීප වංශයේ බුදුන් වහන්සේ දිවයිනට තුන් වරක් වැඩම කළ බව සදහන් වේ. එම ස්ථාන නම් කැළණිය, දීඝවාපිය, අනුරාධපුර මහමෙව්නා උයනේ පසුව බෝ අංකුරය සිටවු ස්ථානයයි. විජයගේ කතන්දරය කීමේදී, මං පහරන තවලම් කොල්ල කෑ සිංහ නම් දාමරිකයෙකුගේ බිරිද වු කාලිංග වංග කුමාරිය ආදි වශයෙන් විජයගේ මුතුන් මිත්තන් ගැන කීමේදී දීපවංශය ඊට පසු ලියන ලද මහා වංශය තරම් ස්වාභාවිකත්වයෙන් ඔබ්බට ගොස් නැත. මේ අතරේදි සිංහ බාහු සහ සිංහ සීවලී ලාල (ලාට) රාජ්‍යයෙහි රජු ගෙන ගන දේවිය වශයෙන් නිවුන් පිරිමි දරැවන් දහය වතාවකදී බිහිකළහ. පළමු වැනි ගා විජය වු අතර සුමිත්ත දෙවැන්නා විය. විජ‍ය බොහෝ මුරණ්ඩු සහ කෲර පුද්ගලයෙක් විය. කෝපයට පත් වු මහජනතාව විජය මරාදමන ලෙස රජුට කීහ. එහෙත් රජු විජයට සහ ඔහුගේ හත්සියයක් වු පිරිසට රටින් පිටවන ලෙස කරුණු යෙදුවේය. එම පිරි්ස හරියටම බුදුන් පිරිනිවන් පෑ දිනයේ ලංකාවේ තම්භපන්නි වෙරළට ගොඩ බැස්සාහ.

දීපවංශය සංඝමිත්තාවන්ගේ පැමිණීම ගැන ඉතා දිර්ඝ විස්තරයක් සදහන් කරයි. එහෙත් දුටුගැමුණු වීර චරිතය විස්තර කර ඇත්තේ කෙටියෙනි. පාලි ගාථා 10 කින් පමණි. එහෙත් මහා වංශය මේ සදහා පරිච්ජේද 11 ක් කැප කර ඇත.

දීපවංශ කථාව මහා වංශයට මුලාශ්‍ර වු ලෙස සළකනු ලැබේ. එසේම මහා වංශය දීපවංශයට වඩා සැලකිල්ලෙන් සකස් කර ඇති පාලි භාෂාවේ කරන ලද ආගමික හා ඓතිහාසික තොරතුරැ අඩංගු විශිෂ්ඨ කෘතියක් ලෙස සැලකේ. මහා භාරතය හා රාමායනය මෙන් නොව මහා වංශයේ සදහන් ඓතිහාසික කතා පුවතකි. (ඉහත කී ප්‍රමාණයට දීපවංශයේද) අශෝක රජුගේ මරණින් පසු බොහෝ දුරට නිවැරදි බව විශ්වාස කෙරේ.

අමතර අවධානයට

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

දීපවංශය කතෘත්වයදීපවංශය මහාවංශය සමගදීපවංශය අමතර අවධානයටදීපවංශය මූලාශ්‍රදීපවංශය භාහිර සබැඳිදීපවංශයඕල්ඩර්න් බර්ග්මහාවංශය

🔥 Trending searches on Wiki සිංහල:

පාරම්පරික සිංහල සැරසිලි මෝස්තරඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපනායකත්වයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රමී ගසදෙවන රාජසිංහ රජවිපස්සනාවපාරමිතාරාමායණයදේශගුණයපුවක්කහශ්‍රී ලංකාවේ වල් පැලැටිකළු වදුරාමිනිසාගේ ස්නායු පද්ධතියශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවලසිත් මාලිංගළමා අපයෝජනයකාබනික ගොවිතැන්කරණයබෞද්ධ භාවනාමනෝවිද්‍යාවකන්‍යාභාවයනැනෝ තාක්‍ෂණයමත්ද්‍රව්‍යඑච්. ඇල් ද සිල්වාසීගිරියේ ඉතිහාසයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයමොණරවිල කැප්පෙටිපොළසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාභූචලනඅග්නිදිග ආසියාවබුද්ධි ගලනයශ්‍රීලංකන් ගුවන් සේවයමල්කඩොලාන පරිසර පද්ධතියමිනිස් ආහාර ජීරණ පද්ධතියගල් පොත සෙල් ලිපියසැළලිහිණි සන්දේශයඅනගාරික ධර්මපාලශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කපද්මසිරි ත්‍රීමා විතාරණතෙත් කලාපයේ ශාක විවිධත්වයමහින්ද රාජපක්ෂමර්සලින් ජයකොඩිබෞද්ධ දිනදසුනඇත් පොකුණආගම්ශ්‍රී ලංකාවේ සිවිල් නීතියසිංහල භාෂාවශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවපරිසර දූෂණයපොල්ප්‍රතිචක්‍රීයකරණයමහ වැව් නාමාවලියඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයඩන්කන් වයිට්ලෝවාමහාපායකෘත්‍රීම බුද්ධියසුළඟශ්‍රී ලංකාවේ රක්ෂිත වර්ගභූගෝල විද්‍යාවශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්ශ්‍රී ලංකාවේ කුල ක්‍රමයලාඕසයලන්දේසි ලංකාවශ්‍රී ලංකාවේ නීති පද්ධතියසිංහල වර්ණ මාලාවසමාජයපණ්ඩුකාභය රජනයිජීරියාවේ ජනවිකාසයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවසාගර විද්‍යාවජේතවනාරාමය, අනුරාධපුරවැදි ජනයා🡆 More