මිනිසාගේ ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කල හැක.
එනම්,
ස්නායු පද්ධතිය | |
---|---|
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
මධ්‍ය ස්නායු පද්ධතියට මොළය සහ සුෂුම්නාව අයත් වේ. මොළයට අයත් කොටස් පහත දැක්වෙන පරිදි වෙන්කර විස්තර කර ඇත.
|
|
|
|
ප්‍රධාන ලිපිය: මිනිස් මොළය
කලලයේ අති පූර්ව මස්තිෂ්කයෙන් ව්‍යූත්පන්න වන මස්තිෂ්ක අර්ධගෝල පිළිබඳව මෙහිදී සලකා බලනු ලබයි.
මස්තිෂ්ක අර්ධගෝල දෙකක් ඇත. මෙම අර්ධගෝල දෙක ගැඹුරු අන්වායාම පරිඛාවකින් වෙන් වී ඇත. මස්තිෂ්ක අර්ධගෝල ඉදිරියෙන්, පාර්ශ්විකව සහ අධරීයව විශාලනය වී ඇත. මෙය අධර ලෙස අනුමස්තිෂ්කය තෙක්ම වැඩී ඇත. මස්තිෂ්ක අර්ධගෝල වල පිටතින්ම මස්තිෂ්ක බාහිකය ඇත. මෙහි ධුසර ද්‍රව්‍යය ඇත. (ධුසර ද්‍රව්‍ය සෑදී ඇත්තේ නියුරෝන වල සෛල දේහ වලිනි). ධුසර ද්‍රව්‍ය වලට ඇතුලතින් ශ්වේත ද්‍රව්‍ය ඇත. (ශ්වේත ද්‍රව්‍ය සෑදී ඇත්තේ මයලනීභුත ස්නායු තන්තු වලිනි). මස්තිෂ්ක බාහිකයේ ඛාත සහ සංවලිත පිහිටීම නිසා එහි පෘෂ්ට වර්ගඵලය වැඩි වී තිබේ. ඛාතයක් යනු මස්තිෂ්ක බාහිකයේ සංවලිත දෙකක් අතර ඇති ඇතුලට නෙරා යාමකි. සංවලිතයක් යනු ඛාත දෙකක් අතර ඇති පිටතට නෙරා යාමකි. එක් එක් මස්තිෂ්ක අර්ධගෝල ඛණ්ඩිකා 4කට බෙදී ඇත.
ලලාට ඛණ්ඩිකාව සහ පාර්ශ්වික ඛණ්ඩිකාව වෙන් කරමින් මධ්‍ය ඇලිය (මධ්‍ය පරිඛාව) පිහිටයි. අපර කපාල ඛණ්ඩිකාව, පාර්ශ්වික සහ ශංඛක ඛණ්ඩිකාවෙන් වෙන් කරමින් අපර කපාල පාර්ශ්වික ඇලිය ඇත. ලලාට ඛණ්ඩිකාව සහ පාර්ශ්වික ඛණ්ඩිකාව, ශංඛක ඛණ්ඩිකාවෙන් වෙන් කරමින් පාර්ශ්වික පරිඛාව ඇත.
මස්තිෂ්ක අර්ධගෝල වල ප්‍රධාන කෘත්‍යාත්මක ප්‍රදේශ 3ක් ඇත. ඒවා නම්,
මේවායින් වැඩි වශයෙන් පවතින්නේ සංගාමි ප්‍රදේශයි. සංගාමි ප්‍රදේශ මතකය, ඉගෙනුම, හේතු දැක්වීම, ඥානවන්ත බාවය, පෞරුෂය ආදිය කෙරෙහි බලපායි. එක් එක් මස්තිෂ්ක අර්ධගෝල වල ඇති ඛණ්ඩිකා වල එම කෘත්‍යාත්මක ප්‍රදේශ පිහිටයි.
|
|
|
|
ඒවායේ පිහිටීම සහ කෘත්‍යයන් පහත දැක්වෙයි.
ලලාට ඛණ්ඩිකාවෙහි දෛහික චාලක ප්‍රදේශය, පුර්ව චාලක ප්‍රදේශය, කථන චාලක ප්‍රදේශය (බ්‍රොකාත් ප්‍රදේශය) සහ ලලාට සංගාමි ප්‍රදේශය පිහිටයි.
ඉච්චානුග පේශි සංකෝචනය පාලනය කරයි.
අනුක්‍රමණික ශ්‍රේණියක් ඔස්සේ පේශි ගණනාවක් ඉච්චානුගව සංකෝචනය වී චලනයන් ඇති කිරීමේදී චාලක ප්‍රදේශයට බලපෑම් ඇති කර එය පාලනයට උදව් වේ.
කථනය හා සම්බන්ධ චලන පාලනය කිරීම.
පාර්ශ්වික ඛණ්ඩිකාවෙහි දෛහික සංවේදක ප්‍රදේශය, කථන සංගාමි ප්‍රදේශය, පාර්ශ්වික ප්‍රදේශය සහ රස සංවේදී ප්‍රදේශය පිහිටයි.
උණුසුම, සීතල, ස්ඵර්ශය, පීඩනය, වේදනාව සංවේදනය කරයි.
කථනයේදී වචන තෝරා බේරා ගැලපීමකින් යුක්තව සකස් කරයි. (එනම් වචන සංජානනය සිදු කරයි)
යමක් ඇල්ලීමේදී දැනෙන ස්ඵර්ශය, පීඩනය, පිහිටීමට අනුව වස්තුව පිලිබඳ නිවැරදි දැනීමක් ඇති කර ගැනීම.
රස සංවේදනය සිදු කරයි.
දෘෂ්ටි සංවේදනය සිදු කරයි.
ශ්‍රවණ සංවේදනය සිදු කරයි.
ආඝ්‍රාණ සංවේදනය (ගද සුවද දැනීම) සිදු කරයි.
කලලයේ තැලමස මස්තිෂ්කයෙන් ව්‍යුත්පන්න වන තැලමස, හයිපොතැලමස, කේතු දේහය සහ පූර්ව රුධිරග්‍රාහි ප්‍රතානය යන ඒවා පිළිබඳව මේ යටතේ විස්තර කෙරේ. ඒවායේ පිහිටීම සහ කෘත්‍යයන් පහත විස්තර කර ඇත.
තුන්වන මස්තිෂක කෝෂිකාවට දෙපසින් පිහිටන ධුසර ද්‍රව්‍ය වලින් සැදුණු ප්‍රදේශයකි.
තැලමස මගින් මස්තිෂ්ක බාහිකයට ගමන් කරන බොහෝ අධිසංවේදී ලිංගික ආවේග බාහිකයේ නියමිත ස්ථානයට යොමු කරවන සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරයි. සම, අන්තරංග අවයව සහ විශේෂිත සංවේදී අවයව ආදියේ සිට පැමිණෙන ආවේග මස්තිෂ්ක බාහිකයේ අදාළ සංවේදී ප්‍රදේශයට ගමන් කිරීමට ප්‍රථම ඒවා තැලමස වලට යොමු කරයි.
තැලමස වලට වහාම පහලින් පිහිටා ඇත. ධුසර ද්‍රව්‍ය වලින් සැදුණු ප්‍රදේශ මෙහි ඇත. පිටියුටරිය වෘන්තයක් මගින් මෙයට සම්බන්ධ වී ඇත.
තුන්වන මස්තිෂ්ක කෝෂිකාව තුලට නෙරා පිහිටන කේතුදේහයට ඉහලින්, අපරව පිහිටයි. මෙය අස්නායුක තුනී වාහිනීමත් ප්‍රදේශයකි.
පූර්ව රුධිරග්‍රාහි ප්‍රතානයට පහලින් අපරව පිහිටා තිබේ.
කලලයේ මැද මොළයෙන් ව්‍යුත්පන්න වන රතු න්‍යෂ්ටිය සහ සිව්බිඩි දේහ පිළිබඳව මේ යටතේ විස්තර කෙරේ.
මැද මොළයේ පූර්වව පිහිටා තිබේ. ධුසර ද්‍රව්‍ය වලින් සෑදුණු කොටසකි.
කංකාල පේශි වල චලනයන් ක්‍රමවත්ව සැලසුම් කිරීම.
මැද මොළයේ අපර ලෙස පිහිටා ඇත.
3 වන මස්තිෂ්ක කෝෂිකාව, 4 වන මස්තිෂ්ක කෝෂිකාවට සම්බන්ධ කරමින් මැද මොළය හරහා දිවෙන පටු නාලිකාව සිල්වියස් මාතිකාවයි.
මස්තිෂ්ක අර්ධගෝල දෙකට අධරීයව, වැරෝලි සේතුවට අපර ලෙස පිහිටා ඇත. මෙහිද අර්ධගෝල දෙකක් ඇත. මෙහි පිටතින් ධුසර ද්‍රව්‍යයද ඇතුලතින් ශ්වේත ද්‍රව්‍යයද ඇත. ධුසර ද්‍රව්‍යයේ ඛාත සහ සංවලිත පිහිටා තිබේ. ඒවා සමීපව සහ සමාන්තරව සකස් වී තිබේ.
මස්තිෂ්ක සුෂුම්නා තරලය ශ්‍රාවය කරයි.
මැද මොළයට වහාම පහලින්, සුෂුම්නා ශීර්ෂකයට වහාම ඉහලින්, අනු මස්තිෂ්කයට පුර්ව ලෙස පිහිටා ඇත. මෙය සුෂුම්නාව මොළයේ ඉහල කොටස් වලට සම්බන්ධ කරන ස්නායු තන්තු වැරෝලි සේතුව හරහා ගමන් කරයි. තවද අනුමස්තිෂ්ක අර්ධ ගෝල දෙක එකට සම්බන්ධ කරන හරස් පාලමක් ලෙස ක්‍රියා කරයි. ශ්වසන මධ්‍යස්ථානයට අයත් නියුමොටැක්සික් මධ්‍යස්ථානය සහ එනියුස්ටික් මධ්‍යස්ථානය පිහිටන්නේද වැරෝලි සේතුවෙයි.
වැරෝලි සේතුවට වහාම පහලින්, සුෂුම්නාවට වහාම ඉහලින් පිහිටයි. මෙහි ශ්වේත ද්‍රව්‍ය පිටතින්ද, ධුසර ද්‍රව්‍ය ඇතුලතින් ද පිහිටයි.
මෙහි ප්‍රධාන කෘත්‍යාත්මක මධ්‍යස්ථාන 3කි.
එම මධ්‍යස්ථාන මගින් පහත කෘත්‍යයන් ඉටු කරයි.
ඉහලින් සිල්වියස් මාතිකාව හරහා 3 වන මස්තිෂ්ක කෝෂිකාවට ද පහලින් සුෂුම්නාවේ මධ්‍ය නාලයට ද සම්බන්ධ වූ කොටසකි.
මොළය සහ සුෂුම්නාව ආවරණය කරමින් පිහිටන පටල මෙනින්ජි පටල ලෙස හඳුන්වයි. මෙවැනි පටල 3ක් ඇත. ඒවා නම්,
වරාශිකාව සිස් කබල සහ කශේරුවට සම්බන්ධයි. චීනන්ශුකාව මොළය සහ සුෂුම්නාවේ පටක වලට බැදී තිබේ. වරාශිකාව හා චීනාන්ශුකාව අතරමැද වරාශිකාවට බැඳුනු ජාලාකාර පටලය ඇත. ජාලාකාර පටලයට පහලින් අධඃ ජාලාකාර අවකාශය ඇත. මෙය මස්තිෂ්ක සුෂුම්නා තරලයෙන් පිරී පවතී.
රුධිර ග්‍රාහී ප්‍රතාන වලින් මස්තිෂ්ක සුෂුම්නා තරලය ශ්‍රාවය කරනු ලබයි. මේවා රුධිරය පෙරීමට ලක්වීමෙන් සෑදේ. මෙම තරලය පිහිටන ස්ථාන වන්නේ,
මෙම තරලය නැවත ශිරා රුධිරයට අවශෝෂණය කරයි.
දේහයේ ගෙල සහ කඳ කොටසේ අපර මධ්‍ය රේඛාවේ කශේරුක නාලය තුලින් ගමන් කරමින් පිහිටයි. මෙය දෙවන කටී කශේරුකාවේ පහල මට්ටමේදී අවසාන වේ. දෙවන කටී කශේරුකා මට්ටමේදී සුෂුම්නාව අවසන් වීමෙන් පසු කශේරුක නාලය තුලින් පහලට අවසාන සුෂුම්නා ස්නායු යුගල් පමණක් විහිදේ. සුෂුම්නාව ආවරණය කරමින් වරාශිකාව, චීනාන්ශුකාව සහ ජාලාකාර පටලය යන මෙනින්ජි පටල පිහිටයි. මෙහි අධඃ ජාලාකාර අවකාශය මස්තිෂ්ක සුෂුම්නා තරලයෙන් පිරී පවතී.
දේහයේ මධ්‍ය ස්නායු පද්ධතිය, සංවේදක සහ කාරක අවයව වලට සම්බන්ධ කරමින් පිහිටන ස්නායු පද්ධතිය මෙසේ හඳුන්වයි. මෙය දෛහික ස්නායු පද්ධතිය සහ ස්වයංසාධක ස්නායු පද්ධතිය ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක.
මෙයට සංවේදක අවයව මධ්‍ය ස්නායු පද්ධතියට සම්බන්ධ කරන දෛහික සංවේදක ස්නායු තන්තු සහ කන්කාල පේශි මධ්‍ය ස්නායු පද්ධතියට සම්බන්ධ කරන දෛහික චාලක ස්නායු තන්තු අයත් වේ. දෛහික චාලක සහ සංවේදක ස්නායු තන්තු මධ්‍ය ස්නායු පද්ධතියට සම්බන්ධ වන්නේ කපාල ස්නායු යුගල 12 සහ සුෂුම්නා ස්නායු යුගල 31 හරහාය. දෛහික ස්නායු පද්ධතිය මගින් දේහයේ ඉච්ඡනුග ක්‍රියාකාරීත්වයන් පාලනය කරයි.
මෙය අන්තරංග සංවේදී ස්නායු තන්තු සහ අන්තරංග චාලක ස්නායු තන්තු වලින් සමන්විතයි. අන්තරංග සංවේදී අවයව, අන්තරංග සංවේදක ස්නායු තන්තු හරහා මධ්‍ය ස්නායු පද්ධතියට සම්බන්ධ වේ. හෘත් පේශි, සිනිඳු පේශි සහ ග්‍රන්ථි අන්තරංග චාලක ස්නායු තන්තු හරහා මධ්‍ය ස්නායු පද්ධතියට සම්බන්ධ වේ.
සුශුම්නාවෙන් පමණක් පැනනගින ස්නායු තන්තු ඇත. කශේරුව දෙපස අනුවේගී ගැන්ග්ලියම් දාමයක් ඇත. මෙම ගැන්ග්ලියම් සුෂුම්නාවට සම්බන්ධ කරමින් සුෂුම්නා ස්නායු වලින් පිටතට විහිදෙන අනුවේගී පූර්ව ගැන්ග්ලියම් තන්තු ඇත.මෙම අනුවේගී පූර්ව ගැන්ග්ලියම් තන්තු සුෂුම්නාවේ උරස් සහ කටී ප්‍රදේශ වලින් ඇති වන අනුවේගී චාලක නියුරෝනයක අක්සනයක් වේ. අනුවේගී ගැන්ග්ලියම් වල සිට කාරක අවයව (උදා: හෘත් පේශි, සිනිඳු පේශි, ග්‍රන්ථි) වලට විහිදෙන පශ්ච ගැන්ග්ලමීය තන්තු ඇත. මේවාද අනුවේගී ගැන්ග්ලියමක ඇති චාලක නියුරෝනයකින් විහිදෙන අක්සන වේ.
කාරක අවයව වලට ආසන්නයේ හෝ කාරක අවයව තුළ ප්‍රත්‍යනුවේගීය ගැන්ග්ලියමක් ඇත. මෙම ගැන්ග්ලියම්, සුෂුම්නාවේ අධර කොටසට හෝ මොළයට සම්බන්ධ කරමින් ප්‍රත්‍යනුවේගී පූර්ව ගැන්ග්ලමීය තන්තු ඇත. මේවා කපාල ස්නායු හෝ සුෂුම්නා ස්නායු (ත්‍රිකාස්ථික සුෂුම්නා ස්නායු) ඔස්සේ පිටතට විහිදේ. මෙම ප්‍රත්‍යනුවේගී පුර්ව ගැන්ග්ලියම් ස්නායු තන්තු, සුෂුම්නාවේ අධර කොටසේ හෝ මොළයේ ඇති ප්‍රත්‍යනුවේගී චාලක නියුරෝනයක අක්සනයකි. ප්‍රත්‍යනුවේගී ගැන්ග්ලියම්, කාරක අවයව වලට සම්බන්ධ කරමින් ප්‍රත්‍යනුවේගී පශ්ච ගැන්ග්ලියම් තන්තු විහිදේ. මේවා ප්‍රත්‍යනුවේගී ස්වයංසාධක ගැන්ග්ලියමක ඇති චාලක නියුරෝනයක සෛල දේහයෙන් විහිදෙන අක්සනයකි.
මධ්‍ය ස්නායු පද්ධතියෙන් පිටත, නියුරෝන වල සෛල දේහ ඒක රාශී වූ ස්ථානයකි.
|
|
අනුවේගී ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය, බොහෝ විට ප්‍රත්‍යනුවේගී ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට ප්‍රතිවිරුද්ධ වේ.
This article uses material from the Wikipedia සිංහල article මිනිසාගේ ස්නායු පද්ධතිය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.