ගජමන් නෝනා

දෝන ඉසබෙලා කොරනේලියා හෙවත් ගජමන් නෝනා යනු හිටිවන කවි කීම සහ ලිවීම සම්බන්ධයෙන් පැවැති දක්ෂතාව හේතුවෙන් ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලාංකික කිවිඳියකි.

ඇය මාතර සාහිත්‍ය යුගය නියෝජනය කරන අතර රුහුණේ කිවිඳිය විරුදාවලී ලද්දාය.

ගජමන් නෝනා
ගජමන් නෝනා
අම්බලන්තොට නෝනගම හංදියේ පිහිටි ගජමන් නෝනාගේ පිළිරුව
උපත
දෝන ඉසබෙලා කොරනේලියා ගාර්දිය ආරච්චි

1746 මාර්තු 10
මියගිය දිනය1815 දෙසැම්බර් 15
රැකියාවකවීත්වය
කලත්‍රයා(යන්)තල්පේ මෙරංචිගෙයි ගර්දියෙස්‌ ආරච්චි දොන් ග්‍රේබ්‍රියල් හෙන්ද්‍රික්‌ සිරිවර්ධන විජය විමලසේකර මුහම්දිරම්
දරුවන්දොන් ජුවානිස්‌, දොන් ගිරිගෝරිස්‌, දොන් දාවිත්, දොන් දියස්‌
දෙමව්පියන්(s)දොන් ෆ්‍රැන්සිස්කෝ සේනාරත්න කුමාර පෙරුමාල්, ෆ්‍රැන්සිනා ජසෙන්තු ග්‍රේවියෝ

මුල් දිවිය

ගජමන් නෝනා දොන් ෆ්‍රැන්සිස්කෝ සේනාරත්න කුමාර පෙරුමාල්ට දාව ෆ්‍රැන්සිනා ජසෙන්තු ග්‍රේවියෝගේ කුසින් පවුලේ දෙවන ගැහැනු දරුවා ලෙස 1746 මාර්තු 10 වනදා උපත ලද්දාය. ඇය දෝන ඉසබෙලා කොරනේලියා පෙරුමාල් ලෙස බෞතීස්ම කෙරුවේය

විවාහයන් සහ දරුවන්

ඇය වයස අවුරුදු දෙවිසි වියේ දී ගාල්ලේ තල්පේ මෙරංචිගෙයි ගර්දියෙස්‌ ආරච්චි සමඟ විවාහ වුවාය. විවාහයෙන් පසු ඇය ගාල්ලේ තල්පේ යන ප්‍රදේශයේ පදිංචියට ගියාය.ගාර්දියෙස් ආරච්චි හා විවාහයෙන් ගජමන් නෝනා එක්‌ පිරිමි දරුවෙකු ලැබුවාය. ඔහු දොන් ජුවානිස්‌ අල්විස්‌ නම් විය. විවාහයෙන් වසර දෙකකට පසු ගාර්දියෙස් ආරච්චි මියගිය අතර ඉන් අනතුරුව ගජමන් නෝනා නැවත සිය දෙමවුපියන් හමුවට ගියාය. පසුව ඇය මාතර දොන් ග්‍රේබ්‍රියල් හෙන්ද්‍රික්‌ සිරිවර්ධන විජය විමලසේකර මුහම්දිරම් හා දෙවන වරට ද විවාහ වුවාය. නමුත් විවාහයෙන් වසර අටකට පසු ඔහුත් මියගිය අතර එම විවාහයෙන් ඇය දොන් ගිරිගෝරිස්‌, දොන් දාවිත්, දොන් දියස්‌ නම් පුතුන් තිදෙනෙකු ලැබුවාය.

කාව්‍යකරණය

ගජමන් නෝනා එකල දිවයිනේ සිටි උගත් භික්ෂුවක් වූ වේරගම්පිට විහාරයේ විසූ කරතොට ධර්මාරාම හිමියන්ගෙන් කාව්‍ය ශාස්‌ත්‍රය හැදෑරූවාය. ගජමන් නෝනා විසින් ලියූ ප්‍රසිද්ධ පැදි පෙළ අතර පහත ඒවාද වේ. මෙම පැදි පෙළ වලට අමතරව ඇය සහ ඇලපාත මුදලි අතර ඇති වූ සංවාද කවි ද අදටත් ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රියව පවතී.

  • දැඩිතර ශෝක මාලය
  • දෙණිපිටියේ නුග රුක වැනුම
  • පියාගේ මරණය පිළිබඳ ශෝකාලාපය
  • සෙව් වික‍්‍රම ආරච්චි මහතාට සෙත් පතා ලියූ කවි
  • සමරසේකර ගුණවර්ධන ගජනායක අවමඟුල් වරුණ
  • තිලකරත්න දිසානායක ළමාතැනී කළ පින්කම් වැණුම
  • තිලකරත්න මුදලිගෙන් පිහිට පතා යැවූ සන්දේශය
  • මාතර දිසාපති ජෝන් ඩොයිලි වෙත යැවූ පෙත්සම

පුරාවෘත්තය

ගජමන් නෝනාගේ කවීත්වයට ගරු කිරීමක්‌ ලෙස මාතර දිසාපති ධුරය දැරූ ශ්‍රීමත් ජෝන් ඩොයිලි විසින් අම්බලන්තොටින් ඇයට ගම්වරයක්‌ ලබා දෙන ලදී. එම ගම "නෝනාගම" නමින් අද ද ප්‍රකටය. ගජමන් නෝනා සිහිකිරීම උදෙසා අම්බලන්තොට නෝනාගම හන්දියේ ඇයගේ පිළිරුවක්‌ ඉදිකර ඇත. සිය ජීවිතයේ අවසාන කාලය හුදෙකලාව ගත කළ ඇය 1814 දෙසැම්බර් මස 15 වැනි දින අභාවප්‍රාප්ත වූවාය.

මූලාශ්‍ර

Tags:

ගජමන් නෝනා මුල් දිවියගජමන් නෝනා විවාහයන් සහ දරුවන්ගජමන් නෝනා කාව්‍යකරණයගජමන් නෝනා පුරාවෘත්තයගජමන් නෝනා මූලාශ්‍රගජමන් නෝනා

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල ජනයාචලිතය පිළිබඳ නිව්ටන් නියමනන්දා මාලනීපාෂාණකොළඹ පාසල් නාමාවලියක්‍ෂය රෝගයඑල්ලේ ක්‍රීඩාවේ රීතිනීල් ආම්ස්ට්‍රෝන්මහගම සේකරකුණකටුවාඉන්දුනීසියාවමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයබැක්ටීරියාශ්‍රී ලංකාවේ වී ගොවිතැනපළමුවන පරාක්‍රමබාහු රජනාගරීකරණයලේනාශ්‍රී ලංකාවේ නර්තනයන්ශ්‍රී ලංකා යුද්ධ හමුදාවසෞඛ්‍ය සේවාරෝස්මෙරිදරු නැලවිලි ගීබළලාඌව පළාතස්ටීවන් හෝකිංවිකිමීඩියා පදනමආගම්ශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවකොළඹ ජාතික කෞතුකාගාරය1000000000000 (number)අනුරාධපුර ජේතවනාරාමයඋසස් බාලිකා විදුහල, මහනුවරසිරිමාවෝ බණ්ඩාරනායකමයිනාපෘෂ්ඨවංශීන්ඩොල්ෆින්භෞතික විද්‍යාවභූගෝල විද්‍යාවහෘදයතාරුණ්‍යය හා විවේකයයාල ජාතික වනෝද්‍යානයමාධ්‍යවිකිනත්තලසිංහබාහුපෘථිවියෙහි භ්‍රමණයතිස්ස වැව (අනුරාධපුරය)ලෝක ජල දිනයශ්‍රී ලංකාවේ ශිලා ලිපිඅමරදේවඅපරාධජාතිකවාදයගෝඨාභය රාජපක්ෂශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියරතන සූත්‍රයජල චක්‍රයගබ්සාවසනත් ජයසූරියශ්‍රී ලංකා පොලිස් සේවයක්‍රිස්තියානි ආගමපොන්නම්බලම් අරුණාචලම්එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකආකල්පමිනිස් ඇසශ්‍රී ලංකාවේ සිනමාවවිජය රජසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාජාත්‍යන්තර මූල්‍ය අරමුදලව්‍යාපාරශ්‍රී දළදා මාළිගාවරඹුටන්ඩී.එස්. සේනානායකශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කසමනල කන්දශ්‍රී ලංකා රුපියලස්තූපජල විදුලියශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය🡆 More