අක්මාව

අක්මාව (ඉංග්‍රීසි:  Liver) මිනිස් දේහයේ පවතින දෙවන විශාලතම ඉන්ද්‍රියයි.

නමුත් අන්තරංග අවයව වලින් විශාලතම අවයවයි. මෙය දේහයේ වූ විශාලතම ග්‍රන්ථියයි. අක්මාවට රුධිරය සැපයෙන්නේ මහා ධමනියේ ශාකාවක් වන සීලියක් ධමනිය 2 ට බෙදීමෙන් ඇතිවන යාකෘතික ධමනිය මගිනි. අමාශය, අග්න්‍යාශය, අන්ත්‍ර වලින් හටගන්නා කේශනාලිකා වලින් සැදෙන යාකෘතික ප්‍රතිහාර ශිරාව මගින් ද අක්මාවට රුධිරය සපයයි. එය ඔක්සිජන් විමුක්ත රුධිරය වුවද පෝෂක ද්‍රව්‍ය වලින් පොහොසත්ය. මේ අතර අක්මාවේ භාවිතා කරන ලද රුධිරය ශිරාවක් මගින් ඉවත් කර අධර මහා ශිරාවට සපයයි.

Liver
අක්මාව
Human liver shown in abdomen
අක්මාව
Location of human liver (red) in animation
විස්තර
ලතින්Jecur, iecur
GreekHepar (ἧπαρ)
root hepat- (ἡπατ-)
SystemDigestive system
ධමනිය
Hepatic artery
ශිරාව
Hepatic vein and hepatic portal vein
Nerve
Celiac ganglia and vagus nerve
PrecursorForegut
හඳුන්වන
ග්‍රේ ගේp.1188
MeSHA03.62
TAA05.8.01.001
FMAFMA:7197
Anatomical terminology

අක්මාවේ දල ව්‍යුහය

අක්මාව ඛණ්ඩිකා 4 ක් දරයි, එනම්,

  1. දකුණු අක්මා ඛණ්ඩිකාව
  2. වම් අක්මා ඛණ්ඩිකව
  3. සපුච්ඡ ඛණ්ඩිකාව
  4. චතුරශ්‍ර ඛණ්ඩිකාව

අක්මාවේ අපර පෘෂ්ටයට පිත්තාශය සවි වී තිබේ. චතුරශ්‍ර සහ සපුච්ඡ ඛණ්ඩිකා, දකුණු අක්මා ඛන්ඩිකාවේ අපර පෘෂ්ටයේ පිහිටයි.

අක්මාවට ඇති රුධිර සැපයුම

අක්මාවට රුධිර සැපයුම් 2ක් ඇත. 1)යාකෘතික ධමනිය- සිලියැක් ධමනියෙන් ආරම්භ වී ඔක්සිජනීකෘත රුධිරය ගෙන එනු ලැබේ. 2)යාකෘතික ප්‍රතිහාර ශිරාව- පොෂ්‍ය ද්‍රව්‍ය සහිත රුධිරය ගෙන එනු ලැබේ.යාකෘතික ප්‍රතිහාර ශිරාව a)ආමාෂය b)අග්න්‍යාශය c)ප්ලීහාව d)ක්ෂුද්‍රාන්තය හා e)මහාන්ත්‍රයෙන් ආරම්භ වේ.

අක්මාවේ පටකීය ව්‍යුහය

අක්මාවෙන් සංස්ලේෂණය වන පිත ගමන් කරන මාර්ගය

අක්මාවේ අනුඛණ්ඩිකා තුළ පිත් නිපදවයි. ඒ අක්මා සෛල මගින් ය. මේවා සරල ගනාකාර හැඩති වන අතර හෙපැටොසයිට නම් වේ. මේවායේ නිපදවන පිත් යුෂය අනුඛණ්ඩිකාවල අක්මා සෛල පේලි අතර අවකාෂයට එකතු වේ.(මෙයින් දැක්වෙන්නේ අක්මා කෝඨරාභ නොවේ.) ඒවා එම අවකාශය ඔස්සේ විත් ඒවායේ අන්තයේ දී ඒවාට විවෘත වන පිත්ත ප්‍රණාල ශාඛාවලට ඇතුල් වේ. මෙම ශාඛා සියල්ලෙන් පැමිණෙන පිත අවසන පිත්ත ප්‍රණාලයට එකතු වේ.

අක්මාව තුළින් රුධිරය ගමන් කරන මාර්ගය

අක්මාවට ඔක්සිජනීකෘත රුධිරය යාකෘතික ධමනිය හරහා ලැබේ. මෙය සීලියැක් ධමනියේ ශාඛාවකි. මීට අමතරව ආමාෂය, ප්ලීහාව, ක්ෂුද්‍රාන්ත්‍රය, මහාන්ත්‍රය වැනි අවයව වල සිට ගලා එන පෝෂ්‍ය ද්‍රව්‍යවලින් පිරිපුන් රුධිරය යාකෘතික ප්‍රතිහාර ශිරාව ඔස්සේ අක්මාවට සැපයේ. අක්මාවෙන් ඔක්සිජන් විමුක්ත රුධිරය පිට කරන්නේ යාකෘතික ශිරාව ඔස්සේ ය.

      1. අක්මාව තුළින් රුධිරය ගමන් කරන මාර්ග

අක්මාවේ අනුඛණ්ඩිකාවල අක්මා කෝටරාභවලට යාකෘතික ධමනි ශාඛා සහ යාකෘතික ප්‍රතිහාර ශිරා ශාඛා විවිධ වේ. මෙම රුධිරය කෝටරාභ හරහා ගමන් කර අනුඛණ්ඩිකාවල මධ්‍ය යාකෘතිකශිරා ශාලාවට විවෘත වේ. එම යාකෘතික ශිරා ශාඛා සියල්ල යාකෘතික ශිරාවට විවෘත වේ. එසේ පැමිණෙන රුධිරය යාකෘතික ශිරාව ඔස්සේ හෘදය වෙත ගෙන යයි.

අක්මාවේ කෘත්‍යයන්

  1. කාබෝහයිඩ්‍රේට වල පරිවෘත්තියට දායක වේ.
  2. ප්‍රෝටීන වල පරිවෘත්තියට දායක වේ.
  3. ලිපිඩ වල පරිවෘත්තියට දායක වේ.
  4. දේහ උෂ්ණත්වය යාමනයට දායක වේ.
  5. රුධිරය ගබඩා කර තබන අවයවයක් ලෙස ක්‍රියා කරයි.
  6. දේහයේ විෂහරණ අවයවය ලෙස ක්‍රියා කරයි.
  7. කලලයේ හෝ භ්රුණයේ අක්මාව රතු රුධිරාණු නිපදවයි.
  8. ඇතැම් ඛනිජ ද්‍රව්‍ය ගබඩා කරයි.
  9. රුධිර ප්ලැස්ම ප්‍රෝටීන් සංස්ලේෂණය කරයි.
  10. ඇතැම් හෝමෝන අක්‍රිය කරයි.
  11. පිත සංස්ලේෂණය සහ ශ්‍රාවය සිදු කරයි.

Tags:

අක්මාව ේ දල ව්‍යුහයඅක්මාව ට ඇති රුධිර සැපයුමඅක්මාව ේ පටකීය ව්‍යුහයඅක්මාව ෙන් සංස්ලේෂණය වන පිත ගමන් කරන මාර්ගයඅක්මාව තුළින් රුධිරය ගමන් කරන මාර්ගයඅක්මාව ේ කෘත්‍යයන්අක්මාව

🔥 Trending searches on Wiki සිංහල:

මහාසේන රජදියවැඩියාවශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයකජුඅඟහරු ග්‍රහලොවස්වාභාවික උපද්‍රවමත්ද්‍රව්‍යE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ආකල්පඅත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකාවඇම්බැක්කේ දේවාලයකමල් අද්දරාරච්චිශ්‍රී ලංකාවේ සංස්කෘතියදේශපාලන විද්‍යාවසී.ඩබ්.ඩබ්. කන්නන්ගරසතර සතිපට්ඨානයශ්‍රී ලංකාවේ සිවිල් නීතියxhbc0ශ්‍රී ලංකාවේ ආදිවාසීන්සර්ගම් ගීතසෞරග්‍රහ මණ්ඩලයනව නළු රසඒ. පී. ජේ. අබ්දුල් කලාම්සැපදිල්ලාසෙංකඩගල පෙරහැර මංගල්‍යයදිලීරසනත් ජයසූරියදේවානම්පිය තිස්ස රජපළමුවන ඊළාම් යුද්ධයJalani premadasaශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවශ්‍රී ලංකා සන්නද්ධ හමුදාශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවශ්‍රී ලංකාවේ දාගැබ්ජලගැල්මකඩොලාන පරිසර පද්ධතියශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවජනතා විමුක්ති පෙරමුණළමා අපයෝජනයසාහිත්‍යයභාෂාවඋතුරු පළාත, ශ්‍රී ලංකාවපොළොන්නරුව වටදාගෙයමහත්මා ගාන්ධිහෙද සේවයෙහි ඉතිහාසයජපමාලයඅකුණුලිංගික සංසර්ගික ඉරියව්දුටුගැමුණු රජසීගිරියප‍්‍රාථමික අධ්‍යාපනයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කමනෝවිද්‍යාවශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරලිංගිකත්ව අධ්‍යාපනයමලල ක්‍රීඩාමුල් ළමාවියේ සංවර්ධනයකම්කරු දිනයපියයුරු සංසර්ගයදැල්පන්දුසෛලය (ජීව විද්‍යාව)පළමුවන පරාක්‍රමබාහු රජසිංහල න-ණ ල-ළ බේදයශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කශ්‍රී ලංකාවේ නර්තනයන්මූලද්‍රව්‍ය ලැයිස්තුවත්‍රිශික්‍ෂාආවර්තිතා වගුවශ්‍රී ලංකා යුද්ධ හමුදාවශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ දියඇලිචෛත්‍යජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාදකුණු පළාත, ශ්‍රී ලංකාවසිංහල වර්ණ මාලාවජීවීන් වර්ගීකරණය සහ නාමකරණයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවසමාජයආදිවාසීන්🡆 More