බහාමාස් නමින් නිල වශයෙන් හඳුන්වන බහාමාස් පොදු රාජ්‍යය කථනය සඳහා ඉංග්‍රීසි භාවිතා කරන දුපත් 299 කින් යුත් රටකි.
එය පිහිටා ඇත්තේ ඊසාන දෙසින් කැරිබියන් මුහුදින්ද අත්ලාන්තික් සාගරයේ උතුරින් කියුබාව, හිස්පැනියෝලාව, ඩොමිනිකන් සමුහාණ්ඩුව සහ හයිට් කැරබියානු මුහුදත්, වයඹ දෙසින් ටර්ක්ස් හා නැයිකොස් දුපත් හා ගිනිකොනින් ඇමෙරිකා එක්සත් ජනපදය (ෆ්ලොරිඩා ප්‍රාන්තයට ආසන්නව)ත් ය. එහි මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මි. 14,000 වන අතර, ඇස්තමේන්තු ජනගහනය 330,000 කි. එහි අගනුවර වන්නේ නසාවු ය. මුල් පදිංචිකරුවන් වන්නේ අරබකන් ටයිනෝ ජනයායි. 1492 නව ලෝකය සොයාගත් කොලොම්බස්ගේ ප්‍රථම ගොඩබැසීම වන්නේ බහාමාස්ය. නමුත් ස්පාඤ්ඤ ජාතිකයින් බහාමාස් දුපත් තම ජනපදයක් බවට පත් කොට නොගත්හ. ඔවුන් ස්වදේශී ජනයාවන ලුතයන්ස්වරුන්ව වහලුන් ලෙස හිස්පැනියෝලා වෙත යවන ලදී. මෙම දුපත් 1513 සිට 1650 තෙක් ජන ශුන්‍යව පැවතුන අතර බර්ම්යුඩා සිට පැමිණි බ්‍රිතාන්‍ය පදිංචිකරුවන් එටලවිතෙරා දුපතේ පදිංචි වු පසු එය මිනිස් ජනාවාස බවට පත්විය. 1718 දී බහාමාස් රාජ්‍යය බ්‍රිතාන්‍ය මුහුදු කොල්ලකරුවන්ගේ ආක්‍රමණයෙන් පසු කොලනියක් විය. ඇමරිකානු ලෝක යුද්ධයෙන් පසු ඇති වූ නිදහසෙන් පසු බ්‍රිතාන්‍ය හිතවාදීන් හා අප්‍රිකානුවන් බහාමාස් වෙත පැමිණ එරට වැවිලි ආර්ථිකය ගොඩනැගූහ. 1807 වර්ෂයේ දී වහල් වෙළෙඳාම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ තහනම් වූ අතර බොහෝ අප්‍රිකානු රාජකීය නාවික හමුදාව නෞකාවල වහල් සේවයේ යොදවා සිටි අප්‍රිකානුවන් ගලවාගත් අතර ඔවුන් 19 වැනි ශතවර්ෂයේ දී බහාමාස්හි පදිංචිකරවන ලදි. වහල් වෙළෙඳාම 1834 දී අවලංගු කළ අතර බහාමාස් තුළ වර්තමානයේ සිටිනා ජනගහනයෙන් බහුතරයක් අප්‍රිකානු වහල් වෙළෙඳාමෙන් නිදහස් වූ අයයි.
[[ප්‍රවර්ගය:කැරිබියානු
This article uses material from the Wikipedia සිංහල article බහමාස්, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.