කොස්ටා රිකා

කොස්ටා රිකා (i/ˌkoʊstə ˈriːkə/, ස්පාඤ්ඤ භාෂාවෙන් සරු වෙරළ යන අර්ථයැති), නිල වශයෙන් කොස්ටා රිකා ජනරජය (ස්පාඤ්ඤ: කොස්ටා රීකා හෝ රිපුබ්ලිකා ඩි කොස්ටා රීකා, උච්චාරණය ), යනු, උතුරින් නිකරගුවා වෙතින්ද, ගිණිකොන දෙසින් පැනමාව වෙතින්ද, බටහිරින් ශාන්තිකර සාගරයෙන්ද සහ නැගෙනහිරින් කැරිබියානු මුහුද වෙතින්ද මායිම්වූ මධ්‍යම ඇමරිකානු රටකි.

1949 දී ව්‍යවස්ථාමය ක්‍රියාපටිපාටියක් ඔස්සේ කොස්ටා රිකා යුද්ධ හමුදාව ස්ථිර ලෙසින් විසුරුවා හැරුණි. ලෝකයේ පැරණි ප්‍රජාතන්ත්‍රයන් 22 ලැයිස්තුව වෙත ඇතුලත්ව ඇති එකම ලතින් ඇමරිකානු රට වෙයි. මානව සංවර්ධන දර්ශකය (HDI), අනුව ලතින් ඇමරිකානු රටවල් අතුරින් ඉහළ ස්ථානයක නිත්‍ය වශයෙන් වැජඹීමට කොස්ටා රිකා සමත්ව ඇති අතර 2011 දී ලෝකයේ 69වන ලෙසින් අනුස්ථිතිය ලබා ඇත.

කොස්ටා රිකා ජනරජය

රිපුබ්ලිකා ඩි කොස්ටා රිකා
කොස්ටා රිකා හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: 
[නෝබ්ලේ පාට්‍රියා, ටු හෙර්මෝසා බන්ඩෙරා] Error: {{Lang}}: text has italic markup (help)  (ස්පාඤ්ඤ)
උත්තම ජන්මභූමිය, ඔබගේ ලස්සන ධජය
කොස්ටා රිකා හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
සන් හොසේ
නිල භාෂා(ව)ස්පාඤ්ඤ
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්මෙකාටෙල්යු, බ්‍රිබ්‍රී
ජනවාර්ගික කණ්ඩායම්
(2011)
සුදු සහ කස්ටීසෝ (65.8%), මෙස්ටීසෝ (13.65%), මුලාටෝ (6.72%), ඇමරින්ඩියන් (2.4%), කළු (1.03%), සංක්‍රමණිකයෝ (9.03%), ආසියානු (0.21%), වෙනත් (0.88%) (සෙන්සෝ නැෂියොනල් 2011)
ජාති නාම(ය)කොස්ටා රිකානු; ටීකො
රජයඒකීය ජනාධිපති ව්‍යවස්ථාමය ජනරජය
•  ජනාධිපති
ලවුරා චිංචියා
• පළමුවන උපජනාධිපති
අල්ෆියෝ පිවා
•  දෙවන උපජනාධිපති
ලුයිස් ලිබර්මාන්
ව්‍යවස්ථාදායකය ව්‍යවස්ථාදායක සභාව
නිදහස 
ප්‍රකාශයට පත් කෙරුණේ
• ස්පාඤ්ඤය වෙතින්
සැප්තැම්බර් 15, 1821
• මෙක්සිකෝව වෙතින් ( පළමු මෙක්සිකානු අධිරාජ්‍යය)
ජූලි 1, 1823
• මධ්‍යම ඇමරිකාවේ එක්සත් ප්‍රාන්තයන් වෙතින්
මාර්තු 21, 1847
• ස්පාඤ්ඤය විසින් පිලිගන්නා ලදි
මැයි 10, 1850
• ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
නොවැම්බර් 7, 1949
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
51,100 km2 (19,700 sq mi) (128වන)
• ජලය (%)
0.7
ජනගහණය
• 2011 ජන සංගණනය
4,301,712
• ඝණත්වය
84/km2 (217.6/sq mi) (107වන)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$55.021 බිලියන
• ඒක පුද්ගල
$11,927
දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$40.947 බිලියන
• ඒක පුද්ගල
$8,876
ගිනි (2009)50
දෝෂය: අනීතික Gini අගය
මාසද (2011)0.744
දෝෂය: අනීතික HDI අගය · 69වන
ව්‍යවහාර මුදලකොසටා රිකානු කොලොන් (CRC)
වේලා කලාපයUTC−6 (CST)
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය+506
අන්තර්ජාල TLD.cr
කොස්ටා රිකා
ඩික්විස් සංස්කෘතිය විසින් තැනුණු පාෂාණ ගෝලය කොස්ටා රිකා ජාතික කෞතුකාගාර අංගනයෙහි. මෙම ගෝලය රටෙහි සංස්කෘතික අනන්‍යතාවයෙහි නිරූපකය වෙයි.
කොස්ටා රිකා
කිඹුල් මූඩිය සහිත පූර්ව-කොලොම්බියානු පිඟන් මැටි දුම් කබල (පොයු 500 - 1350).

එක්සත් ජාතීන්ගේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (යූඑන්ඩීපී) විසින් 2010 දී පෙන්වා දුන්නේ, සම ආදායම් මට්ටමේ පවතින වෙනත් රටවල් වලට වඩා බොහෝ ඉහළ මානව සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට සමත්ව ඇති රටවල් අතුරින් කොස්ටා රිකා එක් රටක් බව වන අතර, 2011 දී යූඑන්ඩීපී විසින් ඉස්මතු කරමින් පෙන්වා දුන්නේ පාරිසරික ධරණීයතාවය පිළිබඳ හොඳ අභිවාහකයෙක් වීමට මෙන්ම ඔවුන්ගේ කලාපයේ මානව සංවර්ධනය සහ අසමානතාවය පිළිබඳ මධ්‍යනයට වඩා හොඳ මට්ටමක් පවත්වාගෙන යෑමට මෙම රටට හැකිව ඇති බවයි. පාරිසරික ධරණීයතාවය මැනීම සඳහා ස්ථාපිත උපමානයන් පහ සමස්ත වශයෙන් මුළු දීමට හැකිවු එකම රටද එය වෙයි. 2012 පාරිසරික ධරණීයතා දර්ශකය අනුව ලොව පස්වැනියා ලෙසින්ද ඇමරිකාවන්හී පළමුවැන්නා ලෙසින්ද අනුස්ථිතිය ලැබුමට මෙම රට සමත්ව ඇත.

2021 වන විට පළමු කාබන්-උදාසීන රට බවට පත්වීමේ අභිලාෂය, කොස්ටා රිකානු රජය විසින් 2007 දී ප්‍රකාශයට පත් කෙරිණි. නිව් එකනොමික්ස් ෆවුන්ඩේෂන් (NEF) විසින් එහි 2009 හැපි ප්ලැනට් දර්ශකයෙහි, කොස්ටා රිකා පළමුවන ස්ථානයට අනුස්ථිති කල අතර නැවතත් 2012 දී එසේ කලේය. NEF විසින් 2009 දී ලෝකයේ "ඉතාමත් හරිතමය" රට ලෙසින්ද කොස්ටා රිකා පෙළට තැබීය. රටේ ව්‍යවස්ථාදායකය විසින් අති මහත් බහුතරයකින් මෙම ජනප්‍රිය වැඩ පිළිවෙල සම්ම්ත කිරීමෙන් පසුව, 2012 දී ඇමරිකානු මහාද්වීපය තුල විනෝදාස්වාදය සඳහා දඩයම තහනම් කල පළමු රට වීමට කොස්ටා රිටා සමත් විය.

ඉතිහාසය

ප්‍රාග්-කොලොම්බියානු යුගය

මධ්‍යඇමරිකානු සහ ඇන්ඩියානු දේශීය සංස්කෘතින්හී පර්යන්තයන් සමපාත වන, අතරමැදි ප්‍රදේශයකට, කොස්ටා රිකාවේ ස්වදේශීය ජනයා අයත් බව ඉතිහාසඥයෝ වර්ගීකරණය කර ඇත. වඩාත් මෑතකදී, ප්‍රාග්-කොලොම්බියානු කොස්ටා රිකාව දේශ සන්ධි-කොලොම්බියානු ප්‍රදේශයේ කොටසක් බවටද විස්තර කර ඇත. 16වන සියවසෙහිදී ස්පාඤ්ඤ ආක්‍රමණිකයෝ පැමිණෙන විටදී, දැනට රටෙහි වයඹ දිග සරිය වන නිකෝය අර්ධද්වීපය, නවුවට්ල් සංස්කෘතියෙහි දක්ෂිණතම පැතිරුම විය.[උපහරණ ඇවැසිය] චිබ්චර් කතාකරන ස්වදේශීය කණ්ඩායම් වෙතින් රටෙහි අනෙකුත් සරිය බලපෑමට ලක් විය.

ආශ්‍රිත

Tags:

අසන්නඋදවු:IPA/Englishගොනුව:En-us-Costa Rica.oggනිකරගුවාපැනමාවමානව සංවර්ධන දර්ශකයවිකිපීඩියා:IPA for Englishස්පාඤ්ඤ භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

කඩොලාන පරිසර පද්ධතියශ්‍රී ලංකාවේ අධිකරණයසතර මහා අපදේශශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවසතර මහෝපදේෂවිධායක ඡනාධිපතිනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.එක්සත් රාජධානියගෝලීයකරණයකටු අනෝදාඅභිප්‍රේරණයමාරි කියුරිජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවමහ පොළොවපෙර පාසල්ජේසුස් වහන්සේගේ උප්පත්තියඡායාරූප ශිල්පීඋණමඩොල් දූවදුන්හිඳ ඇල්ලසියදිවි නසාගැනීමශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිඑල්ලේලේනාමොස්කව්තෝමස් අල්වා එඩිසන්බුදු පිළිමය හා මුද්‍රාමරියානා අගාධයරජරට රාජධානියඅභයගිරි දාගැබශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයසිංහයාසිංහල රාජධානියත්‍රිපිටකයආනන්ද විද්‍යාලය, කොළඹමානව පරිණාමයජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයනල්ලූර් කන්දස්වාමි කෝවිලතනි වචන (සිංහල භාෂාව)නායයෑම්පොරොන්දම්ඩී.එස්. සේනානායකඉන්දු නිම්න ශිෂ්ටාචාරයපරිගණක මෘදුකාංගඅක්මාවේ තෙල්අවුරුදු කුමරිය තේරීමකෙසෙල්සාරිපුත්ත රහතන්වහන්සේලසිත් මාලිංගපොල්සේනක බිබිලේසමනල කන්දක්ෂුද්‍ර ජීවීන්ප්‍රතිරෝධකයආර්ථික විද්‍යාවනෙළුම් කුළුණමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකමුඛ සංසර්ගයඉතිහාසයකොහොඹා කංකාරියසොකරි නාටකයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයකෘෂි කර්මාන්තයගෙම්බාපොන්නම්බලම් රාමනාදන්ලිංගිකත්ව අධ්‍යාපනයඅයිසැක් නිව්ටන්ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවරුසියානු-යුක්‍රේන යුද්ධයඉංග්‍රීසි භාෂාවකතරගමජර්මනියඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තඑනසාල්1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතනාසාශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලිය🡆 More