සීඑන්එන්

කේබල් නිව්ස් නෙට්වර්ක් හෙවත් සීඑන්එන් (Cable News Network, CNN) යනු අමෙරිකානු, කේබල් සහ සැටලයිට් තාක්ෂණයෙන් මුදාහරින රූපවාහිනී නාලිකාවක් වන අතර එහි හිමිකාරීත්වය ටයිම් වෝනර්හී කොටසක් වන ටර්නර් බ්‍රෝඩ්කාස්ටින් සිස්ටම් සතු වෙයි.

1980 වසරේදී ටෙඩ් ටර්නර් විසින් පැය 24 පුරාම විකාශය වන ප්‍රවෘත්ති නාලිකාවක් ලෙස මෙය අරඹන ලදී. පැය 24 පුරාම පුවත් ආවරණයක් සහිත, එක්සත් ජනපදයේ පළමු පුවත් රූපවාහිනී නාලිකාව වූවේද, සීඑන්එන් නාලිකාවයි.

සීඑන්එන්
Cable News Network
සීඑන්එන්
දියත්කල දිනය 1980 ජුනි 1
අයිතිකරුවෝ Cable News Network, Inc. (Turner Broadcasting System
(ටයිම් වෝනර්))
රූප ආකෘතිය 480i (SDTV/16:9 letterbox)
1080i (HDTV)
ප්‍රචාරණ උද්‍යෝග පාඨය "The Worldwide Leader in News"
"CNN = Politics"
"The Best Political Team on Television"
"CNN = Money"
"This is CNN"
රට සීඑන්එන් ඇමරිකානු එක්සත් ජනපද
භෘෂාව ඉංග්‍රීසි
විකාශන සරිය එක්සත් ජනපදය
කැනඩාව
මූලස්ථානය සීඑන්එන් සෙන්ටර්
ඇට්ලන්ටා, Georgia
සහෝදර නාලිකා(ව) සීඑන්එන් ඉන්ටර්නැෂනල්
සීඑන්එන්-අයිබීඑන්
CNN Airport Network
CNN Türk
CNN en Español
HLN
සීඑන්එන් චිලී
TNT
Turner Classic Movies
කාටූන් නෙට්වර්ක්
Boomerang
TruTV
TBS
වෙබ් අඩවිය cnn.com
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
DirecTV (USA) 202 (HD/SD)
1202 (VOD)
Dish Network (USA) 200 (HD/SD)
9436 (HD)
Bell TV (Canada) 500 (SD)
1578 (HD)
Shaw Direct (Canada) 140/500 (SD)
257/331 (HD)
SKY PerfecTV! (Japan) 679 (HD)
කේබල
Available on most U.S. and Canadian cable providers Check local listings for channels
In-house (Washington) 12
Verizon FiOS 600 (HD)
60 (SD)
චන්ද්‍රිකා ගුවන්විදුලි
Sirius 132
XM 122
අයිපීටීවී
Bell Fibe TV (Canada) 500 (HD)
1500 (SD)
AT&T U-Verse 1202 (HD)
202 (SD)
අන්තර්ජාල රූපවාහිනිය
CNN.com/live Watch live

අතීතය

ආරම්භය

1980 ජුනි 1 වන දින, පස්වරු 5.00 ට (නැගෙනහිර වේලා කලාපය) කේබල් නිව්ස් නෙට්වර්ක් නාලිකාව ආරම්භ කරන ලදී. එහි ප්‍රථම පුවත් විකාශය David Walker සහ Lois Hart විසින් සිදුකරන ලදී.

නාලිකාවට විශේෂිත වූ සිදුවීම්

සීඑන්එන් 
AC 360° මෙහෙයවන්නා ඇන්ඩර්සන් කූපර්
සීඑන්එන් 
සීඑන්එන් හී පුවත් මැදිරියක්.

චැලෙන්ජර් අනතුර

1986 ජනවාරි 28 දිනදී, චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලයේ නික්මීම සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සමග ෂටලය පුපුරා යාම සජීවීව විකාශය කිරීම.

බේබි ජෙසිකා මෙහෙයුම

1987 ඔක්තෝම්බර් 14 දිනදී, ටෙක්සාස් හී ලිඳකට වැටුණු, මාස 18 ක් වියැති ජෙසිකා (Jessica McClure) බිලිඳිය ගලවා ගැනීමේ මෙෙහයුම විකාශය කිරීම.

ගල්ෆ් යුද්ධය

1991 පළමු පර්සියානු ගල්ෆ් යුද්ධය ආවරණ කිරීම, සීඑන්එන් ලත් විශේෂ අවස්ථාවක් විය. 1991 ජනවාරි 16 දින, ඒකාබද්ධ බෝම්බ හෙළීමේ මෙහෙයුම (Coalition bombing campaign) ආරම්භ කරන අවස්ථාවේ, ඉරාකයේ බැග්ඩෑඩය තුල සිටිමින් වාර්ථා ගෙන ඒමට හැකිවූ එකම ප්‍රවෘත්ති නාලිකාව වූවේ සීඑන්එන් ය. ඔවුන්ගේ වාර්ථාරුවන් වූ Bernard Shaw, John Holliman, Peter Arnett, සහ Charles Jaco යන පිරිස ඉරාකයේ බැග්ඩෑඩ් හී පිහිටි al-Rashid Hotel සිට තොරතුරු වාර්ථා කරන ලදී.

සැප්තැම්බර් 11 ප්‍රහාර

2001 සැප්තැම්බර් 11 වන දින, අමෙරිකා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව මුලින්ම වාර්ථාව ගෙන පැමිණි කේබල් රූපවාහිනී නාලිකාව වූවේ සීඑන්එන් නාලිකාවයි.

2008 එ.ජ. මැතිවරණය

සීඑන්එන් 
The stage for the second 2008 CNN-YouTube presidential debate.

2008 එක්සත් ජනපද මැතිවරණය සමය තුල, එම අදාල විස්තර සහ සිදුවීම් පුළුල් ලෙස ආවරණය කිරීම.

2012 එ.ජ. මැතිවරණය

2012 එක්සත් ජනපද මැතිවරණය සමය තුල, එම අදාල විස්තර සහ සිදුවීම් පුළුල් ලෙස ආවරණය කිරීම. එවක ජනපති වූ බැරැක් ඔබාමා සහ ජනපති අපේක්ෂක වූ මිට් රොම්නි අතර පැවැති විවාද ත්‍රිත්වය අතරින් එක් විවාදයකට සීඑන්එන් නිවේදක Candy Crowley කථනය සැපයීම.

සීඑන්එන් 
Richard Quest (මැද), ලන්ඩන් වාර්ථාකරු
සීඑන්එන් 
සීඑන්එන් ඉලෙක්ෂන් එක්ස්ප්‍රස් බසයක්.
සීඑන්එන් 
සීඑන්එන් සෙන්ටර් හී මැදිරියක්


අන්තර්ජාල සේවාව

සීඑන්එන් නාලිකාව සිය ප්‍රථම පුවත් වෙබ් අඩවිය වූ CNN.com අඩවිය, 1995 අගේස්තු 30 වන දින අරඹන ලදී.

2009 අප්‍රියෙල් වන විට, Nielsen/NetRatings මත විමසුම් වර්ගීකරණය අනූව CNN.com වෙබ් අඩවිය එක්සත් ජනපදය තුල වැඩිම දෙනෙකු පිවිසෙන ලෝක ව්‍යාප්ත පුවත් වෙබ් අඩවි අතුරින් තුන් වන ස්ථානයේ පසුවිය.

සම්බන්ධිත අනෙකුත් නාලිකා

සීඑන්එන් 
CNN en Español televised debate for the 2005 Chilean elections.
සීඑන්එන් 
Post production editing offices in Atlanta.

පැරණි නාලිකා

  • CNN Checkout Channel (1991 අරඹා 1993 දී නවත්වා දමන ලදී.)
  • CNN Italia
  • CNN Pipeline
  • CNN Sports Illustrated (2002 වසරේදී වසා දමන ලදී.)
  • CNN+
  • CNN.com Live
  • CNNfn (2004 දෙසැම්බරයේදී නවත්වා දමන ලදී.)

නාලිකාවේ කාර්යාංශ

සීඑන්එන් 
නාලිකාවේ කාර්යාංශ

එක්සත් ජනපදය තුල

  • කොළම්බස්
  • ඩෙන්වර්
  • හූස්ටන්
  • ලාස් වේගාස්
  • Minneapolis
  • ඔර්ලන්ඩෝ
  • ෆිලෙඩෙල්ෆියා
  • ෆීනික්ස්
  • Raleigh-Durham
  • සීට්ල්

ලොව වටා

සීඑන්එන් 
ඇට්ලන්ටා හී පිහිටි සීඑන්එන් සෙන්ටර්
සීඑන්එන් 
නිව්යෝර්ක් හී සීඑන්එන්

මතභේදාත්මක

  • 2008 අප්‍රියෙල් 24 දිනදී රූපලාවන්‍ය ශිල්පියෙකු වූ Liang Shubing සහ ගුරුවරයෙකු වූ Li Lilan, චීන ජනතාවගේ අභිමානයට සහ ගෞරවයට සීඑන්එන් හානි සිදු කලා යැයි පවසමින්, සීඑන්එන් කථකයෙකු වූ Jack Cafferty ට සහ සීඑන්එන් නාලිකාවට එරෙහිව, අමෙරිකන් ඩොලර් බිලියන 1.3 හානි වන්දි ඉල්ලා නිව් යෝර්ක් හී නඩු පවරන ලදී.
  • 2009 ජුනි මසදී, සංගීතඥයෙකු වූ M.I.A., ශ්‍රී ලංකාවේ රජයේ යුධ හමුදා විසින් එම වසරේ සිවිල් යුද්ධයේ අවසන් සමයේදී, දෙමළ සිවිල් වැසියන්ට බෝම්බ සහ මාරාන්තික ප්‍රහාර එල්ල කලා යැයි චෝදනා කරමින් සහ එය හෙළා දකිමින් පැයක සම්මුඛ සාකච්චාවක් සීඑන්එන් වෙත දෙන ලදී. නමුත් නාලිකාව විසින් පැයක් දිග සම්මුඛ සාකච්ඡාව, මිනිත්තුවක් දක්වා කෙටි කොට එය මායා අරුල්ප්‍රගාසම්ගේ සාමාන්‍ය සම්මුඛ සාකච්ඡාවක් ලෙස ඉදිරිපත් කරන ලදී. පසුව මේ පිළිබඳව මායා, සිය අදාල වාර්ථාකාරිණියගෙන් විමසූ විට, ඇය පවසා තිබෙන්නේ මායා සිය සම්මුඛ සකච්ඡාව තුලදී, ජන සංහාරය (Genocide) නම් වචනය භාවිතා කිරීම නුසුදුසු වූ බවයි. මෙම සිදුවීමෙන් පසු සීඑන්එන් වෙත චෝදනා කරමින් මායා අරුල්ප්‍රගාසම් (M.I.A.) කියා සිටියේ, සීඑන්එන් හී නිදහස් භාෂණය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඇතිවන බවයි.
  • මෑතකදී මියගිය හිටපු හිස්බුල්ලා (Hezbollah) නායකයෙකු පිළිබඳව සිය ට්විටර් ගිණුම හරහා වර්ණනා කිරීම නිසා, 2010 ජුලි 7 වන දිනදී, වසර 20 ක පලපුරුද්දක් සහිත සීඑන්එන් මාධ්‍යවේදිනියක සහ මැද පෙරදිග ජේ‍යෂ්ඨ සංස්කාරකවරියක වූ Octavia Nasrව, රැකියාවෙන් නෙරපා දැමීමට සීඑන්එන් බලදාරීන් කටයුතු කරන ලදී.

ප්‍රදාන සහ ගෞරව සම්මාන

1998 වසරෙහිදී, වාචික නිදහස වෙනුවෙන්වූ ෆෝ ෆ්‍රීඩම්ස් ප්‍රදානය සීඑන්එන් වෙත පිරිනැමිණි.

මේවාද බලන්න

  • ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකා

මූලාශ්‍ර

Tags:

සීඑන්එන් අතීතයසීඑන්එන් සම්බන්ධිත අනෙකුත් නාලිකාසීඑන්එන් නාලිකාවේ කාර්යාංශසීඑන්එන් මතභේදාත්මකසීඑන්එන් ප්‍රදාන සහ ගෞරව සම්මානසීඑන්එන් මේවාද බලන්නසීඑන්එන් මූලාශ්‍රසීඑන්එන් බාහිර සබැදිසීඑන්එන්

🔥 Trending searches on Wiki සිංහල:

දිමුත් කරුණාරත්නලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්ශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝග්‍රහලෝකදඬුලේනාසමනල කන්දයෝගමහවැලි සංවර්ධන වැඩසටහනශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිකොළඹදහඅට සන්නියසෞඛ්‍යයශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිකළමනාකරණයඉරානයසිකුරු ග්‍රහලොවවිටමින්ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියඑයාර්ටෙල් (ශ්‍රී ලංකාව)මනමේවිපස්සනාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාරුධිර සංසරණ පද්ධතිය (මානව)කාර්මික විප්ලවයමහියංගනයපිළිකාසතර සතිපට්ඨානයලේනාතෝමස් අල්වා එඩිසන්එක්සත් ජාතීන්ගේ සංවිධානයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවශ්‍රී ලංකා රුපියලලංකා විශ්වවිද්‍යාලයඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපකේතුවපරාක්‍රම සමුද්‍රයමාලදිවයිනඅපරාධ නීතියපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයබුද්ධ චරිතයබලං‌ගොඩ මානවයාආනාපාන සති භාවනාවමුරගලශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියබ්‍රහස්පති ග්‍රහයාඑන්නත්ලිංගිකත්ව අධ්‍යාපනයඅඹමහාද්වීපබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාශ්‍රී ලංකා ජාතික කොඩියමොණර කුඩුම්බියජලභීතිකාවශ්‍රී ලංකාවේ දාගැබ්නියුමෝනියාවශ්‍රී ලංකා කොටියාඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්ස්වයං වින්දනයස්වාභාවික උපද්‍රවඅනුරාධපුර රාජධානියඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයබදුලු ටැම් ලිපියලෝ වැඩ සඟරාවශ්‍රී ලංකාවේ නර්තනයන්ජාතික ජන බලවේගයඑච්. ඇල් ද සිල්වාදෙවි දේවතාවියෝවන්නම්සිබිල් වෙත්තසිංහකොහොඹජපානයහලාවතඇරිස්ටෝටල්සිංහල හින්දු අලුත් අවුරුද්දනන්දා මාලනීතනි වචන (සිංහල භාෂාව)හේන් ගොවිතැන🡆 More