ඇස්ට්‍රිඩ් ඇනා එමිලියා එරික්සන් (1907 නොවැම්බර් 14– 2002 ජනවාරි 28) යනු ස්වීඩන් ජාතික කතුවරියක් සහ තිරරචන ලේඛිකාවකි.
ළමා කථා රචිකාවියක් ලෙස ජනප්‍රසාදයට ලක්වූ ඇගේ ග්‍රන්ථ ලොව පුරා මිලියන 144 කට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි වී තිබෙයි. 2013 මැයි වන විට, ලොව වැඩිම පරිවර්ථන ගණනකට ලක්වූ ග්‍රන්ථ කතුවරු අතරින් 18 වන ස්ථානය ඇයට හිමිවී තිබෙයි.
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් Astrid Lindgren | |
---|---|
උපත | ඇස්ට්‍රිඩ් ඇනා එමිලියා එරික්සන් 14 නොවැම්බර් 1907 විමර්බි, ස්මලන්ඩ්, ස්වීඩනය |
විපත | 28 January 2002 ස්ටොක්හෝම්, ස්වීඩනය | (වයස 94)
වෘත්තිය | කතුවරියක |
භාෂාව | ස්වීඩන් |
ජාතිකත්වය | ස්වීඩනය |
කාලසීමාව | 1944 |
ප්‍රභේදය | ළමා කථා ප්‍රබන්දක, තිර රචක |
සංගණ්‍ය ප්‍රණාමය(න්) | Hans Christian Andersen Award ලෙඛනය වෙනුවෙන් 1958 Right Livelihood Award 1994 |
ඇස්ට්‍රිඩ් හැදී වැඩුනේ විමර්බි (Vimmerby), ස්මලන්ඩ් (Småland) හී නස් (Näs) වලයි. ඇගේ ග්‍රන්ථ බොහොමයකට පාදක වී තිබෙන්නේ ඇගේ එම ළමා කාලයේ මතකයන් හා සිදුවීම් වේ.
ඇස්ට්‍රිඩ් ගේ මාපියන් වූවේ සැමුවෙල් ඔගස්ට් එරික්සන් සහ හනා ජොන්සන් දෙපලයි. ඇයට සහෝදරියන් දෙදෙනකු සහ එක් සහෝදරයෙකු සිටියහ. ඇගේ එම සහෝදරයා පසු කලෙක ස්වීඩන පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් බවටද පත්විණි.
පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් අනතුරුව ඇස්ට්‍රිඩ්, විමර්බි වල පුවත්පත් කාර්යාලයක සේවය කල අතර එහිදී එහි ප්‍රධාන සංස්කාරක අතින් ඇය ගැබ්බර වූවාය. ඔහු ඇයව විවාහ කරගැනීමට කැමැත්ත පල කලද එය ප්‍රතික්ෂේප කල ඇස්ට්‍රිඩ් ස්ටොක්හෝම් වෙත සංක්‍රමණය වූවාය. එහිදී ඇය යතුරු ලිවීමට සහ ලඝු ලේඛනය කිරීමට ඉගෙන ගත්තාය. මේ කාලයේ කෝපන්හේගන් තුලදී සිය ප්‍රථම පිරිමි දරුවා, ලාර්ස් (Lars) බිහිකල ඇස්ට්‍රිඩ්, ඔහුව හදා වඩා ගැනීමට පවුලකට භාර දෙන ලදී.
කොතරම් අගහිඟකම් ඇතිවූවත්, ඇස්ට්‍රිඩ් සිය දරුවා අතනොහරිමින් අවසානයේ දරුවා හදාවඩා ගැනීමට දුන් පවුලෙන් නැවතත් දරුවා ඇය වෙතට ලබා ගන්නා ලදී.
1931 දී, ඇස්ට්‍රිඩ් රැකියාව කල ස්ථානයේ ප්‍රධානියා වූ ස්ටුවර් ලින්ඩ්ග්‍රෙන් (Sture Lindgren (1898–1952)) සමග විවාහ වුනු අතර 1934 දී ඔහුට දාව දෙවන දරුවා වූ කරින් (Karin) ඇය බිහි කලාය.
1941 දී ඔවුහු ඩලගටන් (Dalagatan) හි නිවාසයකට සංක්‍රමණය වූ අතර, වයස අවුරුදු 94 දී, එනම් 2002 වසරේදී ඇස්ට්‍රඩ් මිය යන තුරුම වාසය කලේ එම නිවසෙයි.
මිය යාමට වසර කිහිපයකට පෙර ඇස්ට්‍රිඩ් අන්ධභාවයෙන් පෙළුනාය.
කතුවරියක් වීමට පෙර ඇස්ට්‍රිඩ් මාධ්‍යවේදිනියක් සහ 1993 ස්වෙඩිෂ් ග්‍රෝන් ප්‍රී හී ලේකම්වරියක ලෙස සේවය කලාය.
1944 දී Rabén & Sjögren විසින් පැවැත්වනු ලැබූ ලේඛක තරඟයක දෙවන ත්‍යාගය ඇස්ට්‍රිඩ්ගේ Britt-Marie lättar sitt hjärta (Britt-Marie unburdens her heart) නවකථාව වෙනුවෙන් හිමිවිය. ඉන් වසරකට පසු එම තරඟයේම Rabén & Sjögren ප්‍රථම ත්‍යාගය ඇගේ Pippi Långstrump (Pippi Longstocking) නවකථාව සඳහා හිමිවිය. එම නවකථාව මේ වන විට ලොව පුරා භාෂා 60 කට පමණ පරිවර්ථනය වී තිබේ.
1956 දී, ඇස්ට්‍රිඩ් ගේ Mio, min Mio (Mio, My Son) නවකථාවේ ජර්මානු සංස්කරණය ඉහල ඇගයීමකට පාත්‍ර විය. 1956–1975 කාලය තුල ග්‍රන්ථ 16 ක් පමණ ඇස්ට්‍රිඩ් රචනා කලාය.
1958 වසරේදී, ඇස්ට්‍රිඩ්Rasmus på luffen (Rasmus and the Vagabond) ග්‍රන්ථය වෙනුවෙන් දෙවන Hans Christian Andersen Medal ඇගයීම් සම්මානය ලබා ගත්තාය.
දරුවන්ගේ සහ සතුන්ගේ අයිතීන් වෙනුවෙන් ඇය කල සේවය නිසා 1994 දී, ඇස්ට්‍රිඩ්ට Right Livelihood Award සම්මානය පිරිනැමුණි.
1967 දී, එනම් ඇස්ට්‍රිඩ් ගේ 60 වන උපන් දිනය දා, Rabén & Sjögren විසින් "ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් සම්මානය" නමින් සාහිත්‍ය සම්මානයක් වාර්ෂිකව ස්වීඩන් ජාතික ළමා කතුවරු වෙනුවෙන් ඇති කරන ලදී. එම ත්‍යාගය ස්වීඩන් ක්‍රෝනර් 40,000, පමණ වටිනාකමකින් යුක්ත වෙයි.
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් ගේ මරණයෙන් අනතුරුව එරට රජය විසින් "ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් අනුස්මරණ සම්මානය" නමින් ස්වීඩන් ක්‍රෝනර් මිලියන 5 ක මුදල් ත්‍යාගයක්, ළමා හා තරුණ සාහිත්‍යය වෙනුවෙන් පිහිටුවන ලදී.
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් ගේ සත්‍ය අත් පිටපත් එකතුවක් ස්ටොක්හෝම් හී Kungliga Biblioteket රාජකීය පුස්ථකාලයේ තැම්පත් කර ඇති අතර, එම පුස්ථකාලය 2005 වසරේදී යුනෙස්කෝවේ ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් විය.
2011 අප්‍රියෙල් 6 දින, බෑන්ක් ඔෆ් ස්ව්ඩන් ප්‍රකාශයක් කොට කියා සිටියේ, ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් ගේ රුව සහිත ක්‍රෝනර් 20 ක වටිනාකම සහිත බැංකු නෝට්ටුවක් 2014–15 කාලය තුල මුදා හරින බවයි.
1978 දී සෝවියට් තාරකා විද්‍යඥයෙකු වූ Nikolai Stepanovich Chernykh විසින් හඳුනාගත් ඇස්ටරොයිඩයක්, "3204 Lindgren" ලෙස නම් කරන ලදී. මෙම නම් කිරීම ගැන අදහස් දක්වමින් ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් කියා සිටියේ මින් පසු ජනතාව මා "ඇස්ටරොයිඩ් ලින්ඩ්ග්‍රෙන්" ලෙස හඳුන්වනු ඇත කියායි.
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් සිහිවීම පිණිස ඇගේ ළමා කල නිවහනට යාබදව "Källa Astrid" ("ඇස්ට්‍රිඩ් ගේ දිය උල්පත) නමින් පොකුණක් නම් කර ඇත.
වර්ථමානයේ ඇස්ට්‍රිඩ් ගේ ළමා කල නිවහන පොදු ජනතාව වෙත දැකබලාගත හැකි ලෙස විවෘත කොට ඇති අතර ඇස්ට්‍රිඩ් ගේ දිය උල්පතට මීටර 100 ක් පමණ දුරින් ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් කෞතුකාගාරයද පිහිටුවා ඇත. ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් මිහිදන් කල "ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් වර්ල්ඩ්" (Astrid Lindgrens World) උද්‍යානයද ඒ ආශ්‍රිතවම ඉදි කොට තිබේ.
|
|
ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන් ගේ කෘති ඇසුරින් නිපදවූ චිත්‍රපට ලැයිස්තුව. බොහොමයක් චිත්‍රපට ස්වීඩනයේත්, රුසියාවේත් නිපදවා ඇත.
This article uses material from the Wikipedia සිංහල article ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.