ටෝගෝ

ටෝ‍ගෝ ජනරජය යනුවෙන් නිල වශයෙන් හදුන්වන ටෝගෝ රාජ්‍යය, බටහිර අප්‍රිකාවේ පිහිටි රටකි.

බටහිරින් ඝානාවද, නැගෙනහිරින් බෙහින් ද, උතුරින් බුර්කිනා ෆ්සෝද මෙ‍රටෙහි දේශ සීමාවන් වේ. එයට දකුණු දෙසින්, ලෝමේ (Lome) නම් වූ අගනගරය පිහිටා ඇති අතර මෙම නගරය ගිණියා බොක්ක දක්වා විහිදෙයි. ටෝගෝ රාජ්‍යය,දළ වශයෙන් වර්‍ග කිලෝමීටර් 57000 (වර්‍ග සැතපුම් 22,000) ප්‍රමාණයක් භූගෝලීය වශයෙන් ආවරණය කෙරේ. මෙහි ජනගහනය දළ වශයෙන් මිලියන 6.7 කි.

tiny globe
             ජාතික කොඩිය
ආදර්ශ පාඨය "ක්‍රියාව, නිදහස, වාසභූමිය"
ජාතික ගීය Salut à toi, pays de nos aïeux (ප්‍රංශ)
             සිතියම
අගනුවර සහ විශාලම නගරය ලොමි
රාජ්‍ය භාෂාව ප්‍රංශ භාෂාව
රාජ්‍ය ජනරජය
ජනාධිපති ෆ්වුරි ග්නාස්සින්ග්බෙ
අගමැති ජිල්බර්ට් හොන්ග්බො
නිදහස ප්‍රංශයේ සිට අප්‍රේල් 27, 1960
       වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 56,785
වර්ග සැතපුම් 21,925
ජලය (%) 4.2
            ජනගහනය
2009 තක්සේරුව 6,619,000
ඝනත්වය වර්ග කිලෝමීටර 116.6
වර්ග සැතපුම් 301.9
දළ ජාතික නිෂ්පාදිතය 2009 තක්සේරුව
එකතුව ඩොලර් 5.612 (බිලියන)
සාමාන්‍ය ඩොලර් 826
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 2.865 (බිලියන)
සාමාන්‍ය ඩොලර් 422
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.499 1(අඩු)
මුදල් ෆෑන්ක් (XOF)
අන්තර්ජාල "' .tg
දුරකථන සංකේත +228

ටෝගෝ රාජ්‍යය, ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තය මත යැපෙන ඝර්ම කලාපීය රටක් වන අතර වගාවනට සුදුසු යහපත් දේශගුණයක් මෙහි තිබේ .ටෝගෝහි රාජ්‍ය භාෂාව වන්නේ ප්‍රංශ භාෂාවයි. කෙසේ වෙතත්, ටෝගෝ හි භාවිතා කෙරෙන වෙනත් භාෂාවන් ද රැසක් වෙයි.එහෙත් දළ වශයෙන් ජනගහනයෙන් හරි අඩක් පමණ ජාත්‍යන්තර වශයෙන් නිර්ණය කෙරුණු දෛනික පහල ආදායම් මට්ටම වන අමෙරිකන් ඩොලර් 1.25 ට වඩා අඩු ආදායම් ලබමින් ජිවත් වන්නෝය.ටෝගෝ, ප්‍රංශය වෙතින් නිදහස ලබා ගත්තේ වර්ෂ 1960 දී ය. වර්ෂ 1967 දී 'ඥසිංබෙ අයඩෙමා' (Ganassingbe Eyadema) ගේ නායකත්වයෙන් සාර්ථක හමුදා කුමන්ත්‍රණයක් දියත් වූ අතර අනතුරුව ඔහු ටෝගෝ හි ජනාධිපතිවරයා බවට පත්විය. ඔහුගේ මරණය සිදුවු 2005 වන විටදි අයඩෙමා (Eyadema), නූතන අප්‍රිකා ඉතිහාසයෙහි දීර්ඝතම කාලයක් රාජ්‍ය නායකත්වයක් දැරූ පුද්ගලයා බවට පත්ව සිටියේ ය. ඔහු ජනාධිපති ධූරය හෙබවූ කාලය අඛණ්ඩව වසර 38 ක් විය. අනතුරුව වර්ෂ 2005 දී ඔහුගේ පුත් 'ෆාරේ ඥාසිංබේ' (Faure Gnassinbe) නව ජනාධිපතිවරයා ලෙස මැතිවරණයෙන් තෝරා පත් කර ගන්නා ලදි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

හින්දු ධර්මයමහනුවර පාසල් නාමාවලියපුස්තකාලජාතික ජන බලවේගයයූටියුබ්ආවර්තිතා වගුවදෙවි දේවතාවියෝමැලේරියාවඅළු ගිරවාබුදුගුණ අලංකාරයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවහෙද සේවයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමක්ෂණික මෝචනයදෙවොල් මඩුවකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාශ්‍රී ලංකාවේ සංස්කෘතියසැළලිහිණි සන්දේශයහෙන්රි ස්ටීල් ඕල්කට්මිනිසාගේ ස්නායු පද්ධතියශ්‍රී ලංකා පොදුජන පෙරමුණඑක්සත් ජාතීන්ගේ සංවිධානයශ්‍රී ලංකා රුපියලමහනුවර යුගයේ රාජාවලියඔලිම්පික්කුඹල් සකගුණදාස කපුගේකොළඹ විශ්වවිද්‍යාලයහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයපරිසර දුෂණය ප්‍රභවයන් සහ හේතුසෝවාන්තෝමස් අල්වා එඩිසන්ආනන්ද කුමාරස්වාමිපියයුරු සංසර්ගයලෝවැඩ සඟරාවචාල්ස් ඩාවින්ගෞතම බුදුන්ගේ ධාතූන්සිරිමාවෝ බණ්ඩාරනායකශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයසමනල කන්දකුරුල්ලෝඅපද්‍රව්‍ය කළමනාකරණයරත්නපුරනව යොවුන්වියජේසුස් වහන්සේබලයශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියපරිගණක දෘඩාංගශුද්ධවූ පේදුරු තුමාහරිතාගාර ආචරණයසතර සතිපට්ඨානයප්‍රභාසංශ්ලේෂණයයුගත්‍ර න්‍යායස්වභාවික පරිසරයඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුදිලීරවිද්‍යුත් සෘණතාවයහරප්පා ශිෂ්ඨාචාරයඉස්ලාමීය විශ්වාසයඑනසාල්ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයසසම්භාවී ප්‍රවේශ මතකයආර්ථික සංවර්ධනයදහඅට සන්නියමී මැසි පාලනයගම්පොලපිළිකාඅපෝස්තුළුවරුන් දොළොස් දෙනාපංච උපාදානස්කන්ධඅභයගිරි විහාරයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලිංගිකත්ව අධ්‍යාපනයකාර්මික විප්ලවයසෙංකඩගල රාජධානිය🡆 More