විටමින්

🤟විටමින් යනු ජීවින් සඳහා ඉතා කුඩා ප්‍රමාණයන්ගෙන් අවශ්‍යවන කාබනික ද්‍රව්‍යයන්ය.

යම්කිසි සංඝටකයක් හට විටමිනයක් යැයි ව්‍යහාර කරනුයේ එය යම්කිසි ජීවියෙකු හට ප්‍රමාණාත්මකව සිරුර තුළ නිෂ්ප‍ාදනය කර ගත නොහැකි අවස්ථාවන්හිදීය. මෙහිදී එම විටමිනය ආහාර මගින් සිරුර තුළට ලබාගත හැකිය. මෙම විග්‍රහ කිරීම ඇතැම් අවස්ථාවලදී සහ ඇතැම් ජීවින් කරෙහි විවිධ වේ. උදාහරණයක් ලෙස ඇස්කොබික් අම්ලය විටමින් C ලෙස ඇතැම් ජීවින් තුළ පමණක් ක්‍රියාකාරීවන අතර විටමින් D සහ විටමින් K මිනිසුන්ගේ ආහාර වේලෙහි අත්‍යවශ්‍ය වනුයේ ඇතැම් අවස්ථාවන්හිදී පමණි.

විටමින්
විටමින් B කොම්ප්ලෙක්ස් පෙති බෝතලයක්.

විටමින් වර්ග

විටමින වර්ග කරනුයේ එහි ජීව ක්‍රියාවලීන්ට අනුව මිස එහි ව්‍යුහය මත පදනම්ව නොවේ. එක් විටමිනයක් මගින් වයිටමර් (Vitamer) නම් සංයෝග කිහිපයක් නියෝජනයවන අතර එමගින් එක්තරා විටමිනයක ජෛව ක්‍රියාකාරීත්වයන් පෙන්නුම් කරන රසායනික සංයෝගයන් නිර්මාණය කෙරේ. මෙලෙස සොයා ගන්නා ලද රසායනික ද්‍රව්‍යයන් ඉංග්‍රීසි හෝඩියෙහි අක්ෂර වින්‍යාසයට අනුකූලව නම් කර ඇත. උදාහරණයක් ලෙස විටමින් ඒ යනු රෙටිනාල්, රෙටිනෝල් සහ කැරටිනොයිඩයි. මෙම වයිටම වර්ග සිරුර තුළ එකිනෙක කෙරෙහි පරිවර්ථනය කළ හැකිය. විටමින යන වදන මගින් අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඛනිජ ලවණ, අත්‍යවශ්‍ය මේද අම්ල හෝ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නියෝජනය නොවේ.

දේහයේ පැවැත්ම සදහා අත්‍යාවශ්‍යය වන විටමින් වර්ග 13 ක් පවතින අතර එවා ජල ද්‍රාව්‍යය විටමින සහ මේද ද්‍රාව්‍යය විටමින වශයෙන් වර්ග කොට තිබේ.

ජල ද්‍රාව්‍යය විටමින්

විටමින් C සහ B-සංකීර්ණයට අයත් විටමින සියල්ල ජලද්‍රාව්‍යය විටමින ලෙස හදුන්වන අතර මේවායින් බොහොමයක් දේහයේ අතයාවශ්‍ය පරිවෘත්තිය ක්‍රියාවලින් සදහා වැදගත් වනු ලබන සහඑන්සයිමයන් (Coenzyme) ලෙස ක්‍රියා කරනු ලබයි.එමෙන්ම මෙම විටමිනයන් දේහය තුල සුළු වශයෙන් සංචිත කෙරෙන බැවින්ද වෘක්ක ඔස්සේ දේහයෙන් බැහැරවන බැවින්ද දෛනිකව නිශ්චිත ප්‍රමාණයක් දේහයට එක්කර ගැනිම අනිවාර්යය වේ.

මේද ද්‍රාව්‍යය විටමින්

විටමින් K,A,D සහ E මේද ද්‍රාව්‍යය විටමිනයන් ලෙස සැලකෙන අතර මෙම විටමිනයන් කිසිවක් සහඑන්සයිම ලෙස වැදගත් නොවන අතර දේහයේ අක්මාව සහ විවිධ පටක තුල විශාල සංචිතයන් ලෙස පවැත්වා ගනු ලබයි.

විටමින් වල කෘත්‍යයන්

විටමිනවලට විවිධ ජෛව රසායනික කෘත්‍යයන් ඇත. ඒවා නම් හෝමෝනයක් ලෙස ක්‍රියාකිරීම (විටමින් D), ප්‍රතිඔක්සිකාරක ක්‍රියාවලිය ඉටුකිරීම (විටමින් E) සහ සෛල සහ පටක වර්ධනය සඳහා සංඥා ලබාදෙන මාධ්‍යයක් ලෙස ක්‍රියාකාරී වීමයි. (විටමින A) විටමිනවලින් බොහෝමයක් (විටමින් B සංකිර්ණය) එන්සයිම සහසාධක සදහා පුර්ව මාධ්‍යයක් ලෙසට ක්‍රියාකාරීවන අතර ඒවා පරිවෘත්තීය ක්‍රියාකාරිත්වයන්හි දී මාධ්‍යයන්හි එන්සයිම ක්‍රියාකාරිත්වය උත්ප්‍රේරණය කරයි. උත්ප්‍රේරක කාර්යයක් ඉටුකරන අවස්ථාවකදී මෙම විටමින එන්සයිම මත බැදී පවතින අතර එවිට ඒවා හට සංලග්න කාණ්ඩයයි විව්‍යවහාර කෙරේ. උදාහරණයක් ලෙස මේද අම්ල සෑදිමේදී උපකාරවන එන්සයිමවල සංලග්නකාණ්ඩයක් ලෙසට බයොටීන් භාවිත‍ා කරයි. එන්සයිම අතර රසායනික කාණ්ඩයන් හුවමාරු කර ගැනීම සදහා විටමින් වර්ග සහසාධක ලෙස ක්‍රියාකාරී වේ. උදාහරණයක් වශයෙන් ෆෝලික් අම්ලය මගින් මෙතිල්, ෆෝමයිල් සහ මෙතිලිනීන් යන කාබන් අන්තර්ගත කාණ්ඩයන් හුවමාරු කරයි. මෙලෙස එන්සයිමවල ක්‍රියාකාරිත්වය සඳහා උපකාරීවීම විටමින්වල වඩාත් ප්‍රචලිත කර්තව්‍යයන්වන අතර එමගින් ඉටුකරන අනෙකුත් කෘත්‍යන් ද එකසේ වැදගත් වේ.

1800 වන තෙක්ම සිරුර තුළට විටමින් ලබාගත්තේ ආහාර මගින් සහ ආහාර රටාවේ සිදු කරන වෙනස් කම් මගිනි. දශක ගණනාවක් තිස්සේ විටමින් වර්ග වෙළඳ ද්‍රව්‍යයක් ලෙස ඉතාමත් ලාභදායි සුලභව ලබාගත හැකි ඖෂධයක් බවට පත්වීමෙන් ආහාර මගින් ලබාගන්නා විටමින් ප්‍රමාණයට අමතරව වැඩි ප්‍රමාණයක් සිරුර තුළට ලබාගැනීමට හැකියාව ලැබී ඇත.

විටමින් ඌනතාව නිසා ඇති වන රෝග

විටමින් B

B විටමින් ප්‍රභේද කිහිපයකින් යුක්තයි ඒවා B – B1 – B2 – B6 – B12 වේ ඒවා සියල්ල එකතු වූ විට විටමින් B කොම්ප්ලෙක්ස් ලෙස හැඳින්වේ යම් පුද්ගලයකුට විටමින් B කොම්ප්ලෙක්ස් ලබා දෙන්නේ නම් එයින් හැඟෙන්නේ මේ සියලු විටමින් පදාර්ථ සියල්ල අඩංගුව තිබෙන බවයි.

B 12 ඌනතාවය සඳහා කරන ප්‍රතිකාර

වෛද්‍යවරුන් විසින් ඕ කොම්ප්ලෙක්ස් විටමින් එන්නත් කරනු ලැබේ. එවිට පුද්ගලයා ක්‍රියාශීලී පුද්ගලයකු බවට පත් වේ. විශේෂයෙන්ම මෙය වැඩිහිටියන්ට වැළඳෙන රෝගයකි.

විටමින් B1

පුද්ගලයාගේ ස්නායු නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. නිතර සිරුරට අප්‍රාණික බවක් දැනේ. අත් පා නිතරම හිරිවැටීමට ලක් වේ. විටමින් B - B1 ඌනතාවය අලස ගතිය, සුළු වැඩක යෙදීමේ දී මහන්සිය, අප්‍රාණික බව, තෙහෙට්ටුව ඇතිවේ.

විටමින් B12

B 12 ඌනතාවය නිසා සුසුම්නාවේ රෝග ඇතිවීම, සුසුම්නාවේ ක්‍රියාකාරිත්වය අඩපණ වීම මෙය ඉතා සැලකිලිමත් විය යුතු රෝගයකි. මළ බද්ධය, මුත්‍රා අඩස්සිය ආදි රෝග ඇති වේ. මේ තත්ත්වය උදා වී ඇත්තේ B12 හීනතාවයකින් දැයි ස්ථීරව දැන ගන්න වෛද්‍යවරයකුගේ උපදෙස් මත රුධිර පරීක්ෂණයක් කරවා ගන්න.

විටමින් C

සුසුම්නාවේ ස්නායු තද වීම, අප්‍රාණික බව හිරිවැටීමේ ලක්ෂණ ඇති වේ. විටමින් C මගින් සිරුරේ පටක යථා තත්ත්වයට පත් කෙරේ. ඉන් පටක ශක්තිමත් කෙරේ. එම නිසා තුවාල සුව කිරීමට විටමින් C අත්‍යවශ්‍ය වේ. උගුරේ අමාරු සුව කිරීමට විටමින් ඛ් වැදගත් වේ.

විටමින් D

විටමින් D අස්ථි ශක්තිමත් කිරීමට උපකාර වේ කැල්සියම් හා සම්බන්ධය විටමින් D අඩු වීමෙන් අස්ථි කැඩීමට පිපිරීමට ඉරිතලා යාමට ඉඩ ඇත. බොහෝ විට අස්ථි ඉරිතලා ගොස් තද වේදනාවක් ඇති වේ. එවිට ස්නායු ක්‍රියාකාරීත්වය අඩු වේය. අත් පා හිරි වැටේ. වේදනාව පණ නැති වීමේ ලක්ෂණ පහළ වේ. මේ තත්ත්වය දිගටම පැවැතීමෙන් අස්ථි දිරා යාමට පටන් ගනී. කොන්ද බෙල්ල වැනි අවයවයන්ගේ වේදනාවක් ඇති වේ. ඉතා සුළු නැවීමක දී වැටීමක දී පවා අස්ථි බිඳීමට ඉඩ ඇත.

ප්‍රතිකාර

විටමින් D වැඩි වශයෙන් ලබා දිය යුතු යි. මේ ඌනතාවයේ දී බොහෝ විට විටමින් D එන්නත් කරනු ඇත. මෙය කුඩා දරුවන්ට ද වැළඳීය හැක. එවිට දරුවාගේ අස්ථි වැඩීම සම්පූර්ණයෙන්ම ඇණ හිට ස්නායු වර්ධනය සිදු නොවේ. දරුවා විකෘති වේ. එවිට මිටි දරුවන් බිහිවේ.

විටමින් E

විටමින් E ඌනතාවය නිසා ලිංගික අප්‍රාණික භාවය ඇති වේ ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයටම ලිංගික ප්‍රාණවත් භාවයට විටමින් E අවශ්‍යය. විටමින් E අඩුවීමෙන් විශේෂයෙන් ලිංගික අප්‍රාණික භාවය ඇති වේ. ඒ සඳහා තිබෙන උනන්දුව අඩු වේ. උදයේ අවදිවන විට තිබිය යුතු ප්‍රාණවත් භාවය නැති වේ. සම රැළි වැටේ, සිරුරේ අප්‍රාණවත් බව තෙතමනය නැති වී වියලි සමක් ඇති කරයි. මාංශපේශිවල ක්‍රියාකාරීත්වය අඩු වේ. ඒ නිසා මස් පිඬු පෙරළීමට (Cramp) ඇතිවීමට පටන් ගනී.එමෙන්ම සම දුර්වර්ණ වීම හා හිසකෙස් හැලී යාම.

ප්‍රතිකාර

විටමින් E සිරුරට ලබාදිය යුතු ය. විශේෂයෙන් කරල් මාර්ගයෙන් විටමින් E ලබා ගත හැක. වෛද්‍ය උපදෙස් මත පමණක් ලබාගත යුතු ය.

විටමින් K

ප්‍රධාන වශයෙන් රුධිරය කැටි ගැසීම සඳහා අවශ්‍ය වේ. රුධිරය කැටි ගැසීමට අවශ්‍ය ප්ෙරාෙතාම්බීන් නිපදවීම ප්රාධන කාර්යයි. එවැනි ඌනතාවයකින් පෙළෙන්නේ නම් විටමින් K ලබාදිය යුතු ය. උනතා ෙරා්ග ලක්ෂණ වන්ෙන් ෙල් කැටි ගැසීම ප්රමාද වීමයි.

Tags:

විටමින් වර්ගවිටමින් වල කෘත්‍යයන්විටමින් ඌනතාව නිසා ඇති වන රෝගවිටමින්විටමින් Cවිටමින් D

🔥 Trending searches on Wiki සිංහල:

සිද්ධාර්ථ කුමරුශ්‍රී ලංකාවේ ජනාධිපතිකුසල් සහ අකුසල්ඇසමානව පැපිලෝමා වෛරසයශ්‍රී ලාංකික ජාතික ජනමත විචාරණය, 1982මඩොල් දූවතොටගමුවේ ශ්‍රී රාහුල හිමිමානව ප්‍රජනන පද්ධතියචර්යා විද්‍යාවපුවක්ක්‍ෂය රෝගයමහාසේන රජවිෂ්ණුකෘමියෝසිංහල පදගුණදාස කපුගේදිවාලිපණිභාරතවියපත් වීමE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)විධායක ඡනාධිපතිමොණරවිල කැප්පෙටිපොළශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවකන්තලේ වැවඅංගුලිමාල පිරිතකෘත්‍රීම බුද්ධියබැක්ටීරියාහින්නෝන්මාදයශාන්තිකර්මදෙවන රාජසිංහ රජශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවසුළඟඋභය ජීවීන්යෝගගාල්ලලංකාරාමයදඹදෙණිය යුගයගෝලීයකරණයමහ පොළොවමානෙල්මහා ප්‍රජාපතී ගෝතමීසුසන්තිකා ජයසිංහරාහුල විද්‍යාලයසෞඛ්‍යයඉන්දු නිම්න ශිෂ්ටාචාරයපද්මසිරි ත්‍රීමා විතාරණමුරගලකළමනාකරණයවයඹ පළාත, ශ්‍රී ලංකාවවිර පුරන් අප්පුසිංහල අලුත් අවුරුද්දනාගරීකරණයආණමඩුව තෝනිගල සෙල් ලිපියමහාද්වීපලංකා විශ්වවිද්‍යාලයඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපමාර්ටින් වික‍්‍රමසිංහබුධනාසාඋණභාවනාපටිච්චසමුප්පාදයඇසළ (ගස)ළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාකළුතර බෝධියශ්‍රී ලංකාවේ සිවිල් නීතියලිංගික අප්‍රාණිකත්වයඉසුරුමුණියචතුරස්‍රයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමඉස්ලාම් යනුසන්නිවේදනයපාලිත තෙවරප්පෙරුමචාමර වීරසිංහ🡆 More