ඇෆ්ගනිස්ථානය

ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය, එසේත් නැතිනම් පොදු ව්‍යවහාරයට අනුව ඇෆ්ගනිස්ථානය යනු දකුණු-මධ්‍යම ආසියාවේ පිහිටි සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවූ කඳුකර රාජ්‍යයකි.

එය දකුණින් සහ නැගෙනහිරින් පාකිස්ථානයට ද, බටහිරින් ඉරානයට ද, උතුරින් තුර්කමෙනිස්ථානයට, උස්බෙකිස්ථානයට සහ ටජිකිස්ථානයට ද, ඊසානදිගින් චීනයට ද මායිම් වී ඇත. වත්මන් ඇෆ්ගනිස්ථාන භූමිය අතීතයේ දී සේද මාවතේ සහ මානව සංක්‍රමණයේ සන්ධිස්ථානයක් විය. ක්‍රිපූ 50,000 තරම් ඈත අතීතයේ මෙහි මිනිස් වාසය පැවති බවට සාක්ෂි පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. මේ ප්‍රදේශයේ නාගරික ජනාවාස ක්‍රිපූ 3000-2000 අතර කාලයක ඇරඹෙන්නට ඇතැයි සැළකේ.

ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය

جمهوری اسلامی افغانستان
(පර්සියානු: Jomhūrī-ye Eslāmī-ye Afġānistān)
د افغانستان اسلامي جمهوریت
(Pashto: Da Afġānistān Islāmī Jomhoriyat)
2001-
ඇෆ්ගනිස්ථානය හී කොඩිය
කොඩිය
ජාතික ගීය: ඇෆ්ගන් ජාතික ගීය ගොනු
ඇෆ්ගනිස්ථානය හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
කාබුල්
නිල භාෂා(ව)ඩාරි (පර්සියානු) සහ පෂ්ටෝ
ජාති නාම(ය)ඇෆ්ගනිස්ථාන [alternatives]
රජයඉස්ලාමික ජනරජය
• ජනාධිපති
හමීඩ් කර්සායි
• උප ජනාධිපති
මොහොමඩ් ෆාහිම්
• උප ජනාධිපති
කරීම් ඛලිලි
• නීතිපති
අබ්දුල් සලාම් අසිzමි
Establishment
ඉතිහාසය 
• First Afghan state
October 1747
• Independence
August 19, 1919
• ස්ථාපිත කළේ
2001
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
647,500 km2 (250,000 sq mi) (41st)
• ජලය (%)
negligible
ජනගහණය
• 2009 ඇස්තමේන්තුව
29,150,000 (42 වැනියා)
• 1979 ජන සංගණනය
13,051,358
• ඝණත්වය
43.5/km2 (112.7/sq mi) (150 වැනියා)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$27.014 billion
• ඒක පුද්ගල
$935
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$14.044 billion
• ඒක පුද්ගල
$486
මාසද (2007)0.352
පහළ · 181st
ව්‍යවහාර මුදලAfghani (AFN)
වේලා කලාපයUTC+4:30 (D†)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය93
අන්තර්ජාල TLD.af
පූර්වප්‍රාප්ති වනුයේ
ඇෆ්ගනිස්ථානය Islamic Emirate of Afghanistan

කාලයත් සමග ජනවර්ග රාශියක් ජීවත් වී ඇති ඇෆ්ගනිස්ථානය, මධ්‍යම ආසියාව සහ මැදපෙරදිගත් ඉන්දියානු උපමහාද්වීපයත් යා කරන වැදගත් ස්ථානීය පිහිටුමක පවතියි. මේ නිසාම පුරාණයේ සිටම මහා ඇලෙක්සැන්ඩර්, මෞර්ය අධිරාජ්‍යය, ජෙන්ගිස් ඛාන් වැන්නන්ගේ හමුදා ආක්‍රමණවලට ඇෆ්ගනිස්ථානය ගොදුරු වී ඇත.

ශබ්දනිෂ්පත්තිය

"ඇෆ්ගන් මිනිසුන්ගේ දේශය" යන අර්ථය ඇතිව පර්සියන් බසින් සෑදී ඇත. "ඇෆ්ගන්" යන්න මිනිසුන්ගේ ගෝත්‍රය හැඳින්වීමටත් "තාන්" යන්න ප්‍රදේශය යන අරුත ඇති උපසර්ගයක් ලෙසත් යෙදී ඇත. මුල් කොටස වූ ඇෆ්ගන් යන්න අතීතයේ සිටම මෙහි මුල්ම හා විශලතම ජන කොට්ඨාශය වන පෂ්තුන් ජනයා හැඳින්වීමට යොදාගන්නකි. මෙය 3 වන සියවසේ "අබ්ගන්" ලෙසත් 6 වන සියවසේ "අවගන" ලෙසත් භාවිතා කෙරී ඇත.

භූ ලක්ෂණ

නිරිත දිගින් හා දකුණින් තැනි සහිත ගොඩ බිමින් වට වූ කඳුකර රටකි.විවිධ අවස්ථා වල දකුණු අසියාවේ, මධ්‍යම අසියාවේ, හෝ බටහිර දිග අසියාවේ (මැද පෙරදිග ) පිහිටි බවට විස්තර කෙරේ.එය උතුරු අක්ෂාංශ 29°-39° හා නැගෙනහිර දේශාංශ 60°-75° අතර පිහිටා ඇත.උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 24557ක් (මීටර් 7485 ) උසින් වූ නව්ෂාක් වේ. දේශගුණය ප්‍රදේශානුගතව සීඝ්‍ර ලෙස වෙනස් වේ. රටේ බොහෝ කොටස් වියලි අතර නැවුම් ජලය හිඟය.අන්තර්වාහී සිස්තානීය තටකය යනු ලෝකයේ වියලිතම ප්‍රදේශ වලින් එකකි.

ඉතිහාසය

ආශ්‍රිත

Tags:

ඇෆ්ගනිස්ථානය ශබ්දනිෂ්පත්තියඇෆ්ගනිස්ථානය භූ ලක්ෂණඇෆ්ගනිස්ථානය ඉතිහාසයඇෆ්ගනිස්ථානය ආශ්‍රිතඇෆ්ගනිස්ථානයආසියාවඉරානයඋස්බෙකිස්ථානයචීනයටජිකිස්ථානයපාකිස්ථානයපුරා විද්‍යාවසේද මාවත

🔥 Trending searches on Wiki සිංහල:

මනමේඇත් පොකුණනෙළුම් කුළුණබලං‌ගොඩ මානවයාඅභිප්‍රේරණයනන්දා මාලනීඑස්‌. මහින්ද හිමිපන්සියපනස් ජාතක පොතකුප්පමේනියමහ වැව් නාමාවලියගල් විහාරයදාගැබ්හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්බිසෝ කොටුවදැන්වීම්කරණයපරිණාමයසොකරි නාටකයථූපාරාමය, අනුරාධපුරඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයප්‍රතිචක්‍රීයකරණයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයරන්මසු උයනමාතලේ කැරැල්ලපන්සල් වචනමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්ඉබූලා වෛරස් රෝගයක‍ඩොලානකාව්‍යශේඛරයරුධිර සංසරණ පද්ධතිය (මානව)සාරිපුත්ත රහතන්වහන්සේජැක්සන් ඇන්තනීඉසුරුමුණියශ්‍රී ලංකාවේ කැටයම් කලාවවළි කුකුළාකළුතර පාසල් නාමාවලියවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගනත්තලමැතිවරණයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවශ්‍රී ලංකාවේ අපරාධඉස්ලාම් යනුපළමුවන පරාක්‍රමබාහු රජඋභය ජීවීන්බෝධි ඝරමහා මංගල සුත්‍රයශ්‍රී ලංකාවේ සර්පයෝරාමායණයඅන්තර්පාදක ලිංගික චර්යාවශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවශාන්තිකර්මචතුරස්‍රයනවයොවුන් ලිංගිකත්වයඑදිරිවීර සරච්චන්ද්‍රපර්යේෂණදෙවන පරාක්‍රමබාහු රජකමතසිංහල අක්ෂර වින්‍යාසයලිංගික ඊර්ෂ්‍යාවතොරතුරු තාක්‍ෂණයඅනුරාධපුර ජේතවනාරාමයදෙවන රාජසිංහ රජමානව ප්‍රජනන පද්ධතියදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අදළදා වහන්සේනුවරඑළියඇරිස්ටෝටල්සැළලිහිණි සන්දේශයවොලිබෝල්ශ්‍රී ලංකාවේ කුල ක්‍රමයතත් වාද්‍ය භාණ්ඩඅධික අවුරුද්දදඹදෙණිය යුගය🡆 More