එදිරිවීර සරච්චන්ද්‍ර: ජීවන තොරතුරු

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර (1914 ජුනි 3 – 1996 අගෝස්තු 16) ශ්‍රී ලාංකික නාට්‍ය රචකයෙක්, නවකතාකරුවෙක්, කවියෙක්, සාහිත්‍ය විචාරකයෙක්, නිබන්ධකයෙක් සහ සමාජවිවේචකයෙක් ද වන්නේය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ නාට්‍ය රචකයෙක් ලෙස සලකනු ලබන ඔහු අවුරුදු ගණනාවක්ම පේරාදෙණිය විශ්ව විද්‍යා‍ලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස ද ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවර‍යා ලෙස ද (1974 – 1977) සේවය කළේය. ඔහුගේ ප්‍රථම නාට්‍යය මනමේ නාටකයයි. මෙය නාඩගම් හෝ ජන නාට්‍ය සම්ප්‍රදායේ සිට නවීන වේදිකා නාට්‍ය ආකෘතිය වෙත මාරු වීම පෙන්නුම් කරන ප්‍රථම සැබෑ සිංහල නාට්‍ය ලෙස සලකනු ලැබේ. ඔහුගේ බොහෝ නාට්‍ය, බෞද්ධ ජාතක කතා හෝ සිංහල ජනශ්‍රැත මුල් කරගෙන නිර්මාණය වූ ඒවාය. මෙය ඔහුගේ නිර්මාණවලට ක්ෂණික හා කල් පවතින ජනප්‍රියත්වයක් ලබා දුනි.

එදිරිවීර සරච්චන්ද්‍ර: මුල් කාලීන අධ්‍යාපනය, ත්‍යාග සහ ගරු බුහුමන්, වේදිකා නාට්‍ය
Sri Lankan Ambassador to France
තනතුර දරමින්
1974–1977
පුද්ගලික තොරතුරු
උපත3 ජුනි 1914(1914-06-03)
ගාල්ල
විපත16 August 1996(1996-08-16) (වයස 82)
කොළඹ, ශ්‍රී ලංකාව
ජාතියශ්‍රී ලාංකික
කලත්‍රයාAilean (Beleth) Sarachchandra, ලලිතා (ස්වර්ණා පෙරේරා) සරච්චන්ද්‍ර
දරුවන්නන්දිතා සරච්චන්ද්‍ර, සුනේත්‍ර සරච්චන්ද්‍ර, කිසාගෝතමී සරච්චන්ද්‍ර, යශෝධරා සරච්චන්ද්‍ර, රන්සි සරච්චන්ද්‍ර
අධ්‍යාපනයරිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල
ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල
ශාන්ත ජෝන් විද්‍යලය, පානදුර
ශාන්ත තෝමස් විද්‍යාලය
කොළඹ විශ්වවිද්‍යාලය
ලන්ඩන් විශ්වවිද්‍යාලය , ලන්ඩනය
AwardsHonorary D. Litt. from the University of Jaffna, Honorary D. Litt. from the University of Peradeniya in addition to the Professor Emeritus
වෙබ් අඩවියsarachchandra.org

මුල් කාලීන අධ්‍යාපනය

එදිරිවීර සරච්චන්ද්‍ර 1914 ජුනි 3 වැනිදා උපත ලැබීය. ඔහුගේ මූලික අධ්‍යාපනය ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් ද, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ද, ගල්කිස්සේ ශාන්ත තොමස් විද්‍යාලයෙන් හා ගාල්ලේ ශාන්ත ඇලෝසියස් යන විද්‍යාලවලින් සම්පූර්ණ කළේය. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල, සංස්කෘත හා පාලි විෂයයන් හැදෑරූ අතර 1936 වර්ෂයේ ගෞරව සම්මාන සහිතව සිය උපාධිය ලබා ගත්තේය.ඔහුවැල්ලවත්තේ ශාන්ත පීතර විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස රැකියාව ආරම්භ කළේය. ඉන්පසුව ඔහු ලේක් හවුස් ප්‍රකාශන ආයතනයේ පරිපාලන තනතුරට සම්බන්ධ විය. 1939 වර්ෂයේ දී ඔහු අයිලීන් බෙලන් සමඟ විවාහ විය. ඉන්පසුව ඔහු ඉන්දියානු දර්ශනය හා සංගීතය හැදෑරීමට ශාන්ති නිකේතනය ‍කරා ගියේය. ඔහු 1940 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ නැවත ඉගැන්වීම ආරම්භ කළේය. ඔහු සිංහල ශබ්ද කෝෂයේ උප සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කරන අතර තුර 1942 සිට 1944 දක්වා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බාහිර ශිෂ්‍යයකු ලෙස ඉන්දියානු දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හැදෑරුවේය. ඔහු නැවත කොළඹ විශ්ව විද්‍යාලයට පැමිණ එහි පාලි කථිකාචාර්යවරයෙකු ලෙස 1947 සිට 1949 දක්වා සේවය කළේය. ඔහු 1949 වර්ෂයේ දී බටහිර දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරීමට ලන්ඩන් විශ්ව විද්‍යාලයට ප්‍රවේශය ලබා ගත්තේය

සරච්චන්ද්රයන්ගේ නාට්‍ය(sarathchandra's drama)

සරච්චන්ද්‍ර 1956 වර්ෂයේ දී සිය ප්‍රථම නාට්‍යය වන මනමේ නිෂ්පාදනය කළේය. එය විශේෂයෙන්ම සාම්ප්‍රදායික නාඩගම් නාට්‍ය කලාවේ ආභාසය සහිතව නිර්මාණය වීම පිළිබඳව පැසසුමට ලක් කෙරේ. ඔහු නාට්‍ය රචකයෙකු වශයෙන් දිගටම කටයුතු කළ අතර ඔහු විසින් නිෂ්පාදනය කෙරුණු සිංහබාහු (1961) නාට්‍ය ඔහුගේ හොදම නිර්මාණය ‍ලෙස පුළුල්ව සලකා බැලීමට ද ලක්විය.

ත්‍යාග සහ ගරු බුහුමන්

1982 වර්ෂයේ දී යාපනය විශ්ව විද්‍යාලය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය සරච්චන්ද්‍රට සාහිත්‍යය පිළිබඳ ආචාර්ය උපාධිය ප්‍රදානය කරන ලදී. එසේම එම වර්ෂයේදී පේරාදෙනිය සරසවිය විසින් ඔහුට ගෞරව සහිතව විශ්‍රාමලත් මහාචාර්යයවරයෙකුගේ තත්වය ලබා දෙනු ලැබිණි. 1983 වර්ෂයේ දී දකුණු ඉන්දීය කේරළ රාජ්‍යය විසින් ඔහුට කුමාරන් ආසියානු ලෝක ත්‍යාගය ප්‍රදානය කරන ලදී. 1988 වර්ෂයේ දී ඔහු සාහිත්‍යය සඳහා රාමන් මැග්සේසේ ත්‍යාගය දිනා ගත්තේය.

වේදිකා නාට්‍ය

ගුවන්විදුලි ‍ නාට්‍යය

නවකතා

  • මළගිය ඇත්තෝ (1959)
  • වල්මත් වී හසරක් නුදුටිමි(1962)
  • මළවුන්ගේ අවුරුදු දා (1965)
  • ලොකු පුතා නොහොත් බන්දුල‍ගේ පුරාවෘත්තය
  • හෙට එච්චර කලුවර නෑ (1975)
  • විලාසිනී‍යකගේ ප්‍රේමය (1988)
  • ඇඳිරිනීතිය සහ පුරහඳ (1978)
  • පාත්තරය සමඟ (1986)
  • දොළ මත පෙණ කැටි (1987)

කෙටි කතා

  • කාලයාගේ ඇවෑමෙන් (1969)
  • මායං රූපය (1974)
  • රූප සුන්දරී (1984)
  • මිඩිය, ගෘහණිය හා උපාසිකාව (1993)
  • රැජිණක් සහ ගණිකාවක් පිළිබඳ (1970)
  • මිතුරෙකුගේ මරණය (1981)

ගවේෂණ, සාහිත්‍යය

Tags:

එදිරිවීර සරච්චන්ද්‍ර මුල් කාලීන අධ්‍යාපනයඑදිරිවීර සරච්චන්ද්‍ර ත්‍යාග සහ ගරු බුහුමන්එදිරිවීර සරච්චන්ද්‍ර වේදිකා නාට්‍යඑදිරිවීර සරච්චන්ද්‍ර ගුවන්විදුලි ‍ නාට්‍යයඑදිරිවීර සරච්චන්ද්‍ර නවකතාඑදිරිවීර සරච්චන්ද්‍ර කෙටි කතාඑදිරිවීර සරච්චන්ද්‍ර ගවේෂණ, සාහිත්‍යයඑදිරිවීර සරච්චන්ද්‍රකාව්‍යයජන නාට්‍යජාතක කතානවකතාවනාට්‍යනාඩගම්ප්‍රංශයපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයමනමේවේදිකා නාට්‍යශ්‍රී ලංකාවසමාජයසාහිත්‍ය විචාරයසිංහල

🔥 Trending searches on Wiki සිංහල:

රණතුංග කරුණානන්දලූනුහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්අලිසරම්පසුසන්තිකා ජයසිංහඑස් පහ (5S) ක්‍රමයජෝන් ලොගී බෙයාඩ්ගල් විහාරයහෙද සේවයශ්‍රී ලංකා‍ අලියාශ්‍රී ලංකාව ආවේණික මසුන්ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයපාලිත තෙවරප්පෙරුමපදවිය වැවසෞඛ්‍යයශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා)රිදී විහාරයඅංගම්පොර සටන් කලාවශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවමිහින්තලයපාසල්ප්‍රජාපතී ගෝතමීකර්ම (බුදු දහම අනුව)නිකොලස් කොපර්නිකස්තුන්වන පරාක්‍රමබාහු රජරාජ්‍ය නොවන සංවිධානවැදි සාහිත්‍යයසීගිරි ගීසිංහල මිණුම් ඒකකයෝනි මුඛයමානව පැපිලෝමා වෛරසයසත්තුශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ලගෞතම බුදුන්ගේ ධාතූන්ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිදුටුගැමුණු රජදියතලාවකජුසන්දේශ කාව්‍යසිදත් සඟරාවශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවගණිකාවදෙවි දේවතාවියෝබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවඋල්කා වර්ෂාවසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයසිඟාලෝවාද සූත්‍රයපින්නවල අලි අනාථාගාරයකාංසා අක්‍රමතාවයසාහිත්‍යයමහා මංගල සුත්‍රයසමාධි බුදු පිළිමයක්‍රිස්තු වර්ෂ ක්‍රමයචන්ද්‍රයාචන්ද්‍ර මාස ක්‍රමයකන්‍යා පටලයඅපද්‍රව්‍ය කළමනාකරණයවොලිබෝල්මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයඅවුරුදු කුමරිය තේරීමනාසාසිංහල සහ හින්දු අලුත් අවුරුද්දකාව්‍යශේඛරයමහියංගනය රජ මහා විහාරයඑස්‌. මහින්ද හිමිඅට විසි බුදුවරුශ්‍රී ලංකාවේ අපරාධඉන්දියාවේ ඉතිහාසයනිදහස් දිනය (ශ්‍රී ලංකාව)නියුමෝනියාව🡆 More