ලෝක සෞඛ්‍ය සංවිධානය

ලෝක සෞඛ්‍ය සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජනයක් වන අතර එය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ගැටළු පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු කරන අධිකාරිය ලෙසට ක්‍රියා කරයි.

1948 අප්‍රේල් 07 වන දා ස්ථාපිත, මෙහි මූලස්ථානය ස්විට්සර්ලන්තයෙහි ජිනීවා අගනුවර පිහිටා ඇති අතර, එහි පූර්වගාමී හා ජාතීන්ගේ සංගමයෙහි නියෝජනයක් වූ, සෞඛ්‍ය සංවිධානයෙහි, විධිනියෝගය සහ සම්පත් උරුම කොට ගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය   ලෝක සෞඛ්‍ය සංවිධානය(සිංහල)
World Health Organization(ඉංග්‍රීසි)
منظمة الصحة العالمية (අරාබි)
世界卫生组织 (චීන)
Organisation mondiale de la santé (ප්‍රංශ)
Всемирная организация здравоохранения (රුසියානු)
Organización Mundial de la Salud (ස්පාඤ්ඤ)
 
ලෝක සෞඛ්‍ය සංවිධානය
ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ධජය
සංවිධාන මාදිලිය එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතායතනයකි
සංකේත නාමය WHO
ප්‍රධානි ටෙද්‍රස් ඇඩ්හැනොම්
තත්ත්වය සක්‍රීය
පිහිටුවීම 1948 අප්‍රේල් 7
මූලස්ථානය ජිනීවා, ස්විට්සර්ලන්තය
වෙබ්අඩවිය http://www.who.int/
මුල් සංවිධානය ECOSOC
ද්වාරය Portal:United Nations එක්සත් ජාතීන් ද්වාරය

1948 ජුලි 24 දින අවසන් වූ ලෝක සෞඛ්ය කමිටුවේ පළමු රැස්වීමට සමගාමීව 1946 ජුලි 22 වන දින ලෝකය පුරා රටවල් 61ක් ලෝක සෞඛ්ය සංවිධානයේ ව්යවස්ථාව අත්සන් කර ඇත. ඒ හරහා මහජන සෞඛ්ය පිළිබඳ ජාත්යන්තර කාර්යාලය සහ ජාතීන්ගේ සෞඛ්ය සංවිධානය සංස්ථාපනය විය. එය නිර්මාණය වීමේ සිට, වසූරිය මුලිනුපුටා දැමීමේදී ප්රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. එහි වර්තමාන ප්රමුඛතාවයන් අතරට බෝවෙන රෝග, (විශේෂයෙන්ම එච්.අයි.වී. ඒඩ්ස්, ඉබෝලා, මැලේරියා සහ ක්ෂය රෝගය) සහ බෝ නොවන රෝගවලින් සිදුවන බලපෑම අවම කිරීම; ලිංගික සහ ප්‍රජනක සෞඛ්ය සංවර්ධනය සහ වයෝවෘද්ධ වීම; පෝෂණය, ආහාර සුරක්ෂිතතාව සහ සෞඛ්ය සම්පන්න ආහාර වේල අනුභවය; වෘත්තීය සෞඛ්යය මත් ද්‍රව්‍ය පිළිබඳ වාර්තා කිරීම, ප්රකාශනය සහ ජාලකරණය වර්ධනය කිරීම ඇතුළත් වේ.

ලෝක සෞඛ්ය වාර්තාව, ලෝක සෞඛ්ය සමීක්ෂණය හා ලෝක සෞඛ්ය දිනය සඳහා ලෝක සෞඛ්ය සංවිධානය වගකිව යුතු ය. ලෝක සෞඛ්ය සංවිධානයේ නව අධ්‍යක්ෂ ජනරාල් ටෙද්‍රස් ඇඩ්හැනොම් ස්වකීය පස් අවුරුදු නිළ කාලය 2017 ජූලි 01 වනදායින් ආරම්භ කළේය.

ව්‍යවස්ථාව හා ඉතිහාසය

ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ව්‍යවස්ථාව පවසන අන්දමට එහි අරමුණ වනුයේ, "සමස්ත ජනතාව උදෙසා ලඟා කර ගත හැකි උසස්ම තත්ත්වයේ සෞඛ්‍යයක් ලබා දීමයි." එහි ප්‍රධාන කර්තව්‍ය වනුයේ රෝග, විශේෂයෙන්ම මූලික බෝවෙන රෝගයන්, සමග සටන්වැදීම සහ, ලෝක වාසී ජනයාගේ සාමාන්‍ය සෞඛ්‍යය තත්ත්වය නංවාලීමය.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එක්සත් ජාතීන්ගේ ආදිතම නියෝජනයන්ගෙන් එකක් වන අතර, එහි ව්‍යවස්ථාව විධිමත් ලෙසින් බලාත්මක වූයේ පළමු ලෝක සෞඛ්‍ය දිනය, (1948 අප්‍රේල් 7) ට සමගාමීව, 26වන සාමාජීක රාජ්‍යය විසින් එය අපරානුමත කල විටය. මෙයට පෙර, මෙහි ක්‍රියාන්විතයන් හා, ජාතීන්ගේ සංගමයෙහි සෞඛ්‍ය සංවිධානයහි ඉතිරි ක්‍රියාකාරකම්, පැවතියේ, 1946 ග්‍රීෂ්ම සෘතුවෙහි පැවැති ජාත්‍යන්තර සෞඛ්‍ය සම්මේලනයකට ඉක්බිතිව පිහිටවුනු අතුරු කමිටුවක පාලනය යටතේය. පැවරීම සඳහා අධිබලය පවරන ලද්දේ මහා මණ්ඩලයේ යෝජනා සම්මතයක් මගිනි.

ආශ්‍රිත

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල අක්ෂර වින්‍යාසයදළදා පෙරහැරපාරමිතාකන්‍යාභාවයසතර සතිපට්ඨානයමහගම සේකරචන්ද්‍ර මාස ක්‍රමයපණීභාරතආණමඩුව තෝනිගල සෙල් ලිපියදේවානම්පිය තිස්ස රජවිෂ්ණුකෘෂිකර්මයවිවාහයරණතුංග කරුණානන්දප්‍රභාසංශ්ලේෂණයමරියානා අගාධයවගුරුජේසුස් වහන්සේඡායාරූපයලසිත් මාලිංගමයිනාකෝළම්මානව සැකිලි පද්ධතියසයිකෝසියාවබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්පද්මසිරි ත්‍රීමා විතාරණඅධ්‍යාපනයආගම්රාජාවලියසුසන්තිකා ජයසිංහආවර්තිතා වගුවශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවඅනුරාධපුර ජේතවනාරාමයපන්සියපනස් ජාතක පොතප්‍රජාපතී ගෝතමීක්‍ෂීරපායි සත්තුශ්‍රී ලංකාව ආවේණික මසුන්ඝනත්වයඋද්ධමනයශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අචාල්ස් බැබේජ්සුළඟචෛත්‍යදඹදෙණිය යුගයශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවඒබ්‍රහම් ලින්කන්කාංසා අක්‍රමතාවයපංච නීවරණමානව සම්පත් කළමනාකරණයසතර අපාය2024 ගිම්හාන ඔලිම්පික්දඬුලේනාහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගෞතම බුද්ධ පරිනිර්වාණයඅටමස්ථානකිරි වෙහෙර, කතරගමනාසාදෙවන ලෝක යුද්ධයමිරිසවැටියජාතික ජන බලවේගයනෙළුම් කුළුණකන්‍යා පටලයඋසස් පෙළ දේශපාලන විද්‍යාවප්‍රථමක සංඛ්‍යාවැලිවිට සරණංකර හිමිඅර්ජුන රණතුංගසිංහල උපසර්ගගුණ කිරීමේ වගුවතොරතුරු තාක්‍ෂණයඅභයගිරි විහාරයමී ගසගෞතම බුදුරජාණන් වහන්සේශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ ආර්ථික සහ සමාජ ප්‍රතිපලකශේරුවදීපවංශයලන්දේසි ලංකාවසිංහල වර්ණ මාලාවදෙවොල් මඩුව🡆 More