චන්ද්‍ර මාස ක්‍රමය

සාමාන්‍ය අවුරුද්දකට මාස 12කි.

සිංහල මාස සඳෙහි තිථියට අනුව පොහොය ලැබීම සහ පොහොය ගෙවීම ලෙස චන්ද්‍ර මාස පිරීමෙන් සකසයි .අමාවක දින සිට ගැණෙන පළමු දිනයේ සිට ගණනය කෙරේ . අමාවක දින යනු සඳ නොපෙනෙන දිනයයි. එයින් පැමිණෙන පළමු දිනයේ සිට සඳ පිරෙන කාලය පුර පක්ෂයයි. පෑළවිය යනු චන්ද්‍රයාගේ කුඩා තීරුවක් පමණක් පෙනෙන දිනයයි. එමෙන්ම දින 30 ඇතුලත පුර පක්ෂයෙන් දෙකක්ද අව පක්ෂයෙන් දෙකක්ද ලෙස පොහොය හතරක් යෙදේ. මෙය "සතර පෝය" ලෙස හැදින්වේ. එනම් "පුර අටවක", "පුර පසළොස්වක","අව අටවක" සහ "අව අමාවක" ලෙසයි.මෙය චන්ද්‍ර මාස ක්‍රමයයි

තිථි

පුර පක්ෂය

  • පුර පෑළවිය – 1 දිනය -(පෝය පුරන දිනය)
  • පුර දියවක – 2 දිනය
  • පුර තියවක – 3 දිනය
  • පුර ජලවක – 4 දිනය
  • පුර විසේනිය – 5 දිනය
  • පුර සැටවක – 6 දිනය
  • පුර සතවක – 7 දිනය
  • පුර අටවක – 8 දිනය – මෙය පොහොය දිනයකි
  • පුර නවවක – 9 දිනය
  • පුර දසවක – 10 දිනය
  • පුර එකොළොස්වක – 11 දිනය
  • පුර දොළොස්වක – 12 දිනය
  • පුර තෙළෙස්වක – 13 දිනය
  • පුර තුදුස්වක – 14 දිනය
  • පුර පසළොස්වක – 15නි දිනය – මෙයද පොහොය දිනයකි (පසොලොස්වක පෝය දිනය)

අව පක්ෂය

පුර පක්ෂයට පසුව එළඹෙන්නේ අව පක්ෂයයි. එයද පිළිවෙලින් පෑළවිය, දියවක ආදීලෙස ගැනේ. මෙහි ඇති විශේෂත්වය නම් සඳ පිරීමේ හෝ පිරිහීමේ තිථියන් අනුව පුර සහ අව යනුවෙන් පක්ෂ දෙකක් සලකා තිබීමයි.

  • අව පෑළවිය – 16 දිනය -(පෝය පුරන දිනය)
  • අව දියවක – 17 දිනය
  • අව තියවක – 18 දිනය
  • අව ජලවක – 19 දිනය
  • අව විසේනිය – 20 දිනය
  • අව සැටවක – 21 දිනය
  • අව සතවක – 22 දිනය
  • අව අටවක – 23 දිනය – මෙය පොහොය දිනයකි
  • අව නවවක – 24 දිනය
  • අව දසවක – 25 දිනය
  • අව එකොළොස්වක – 26 දිනය
  • අව දොළොස්වක – 27 දිනය
  • අව තෙළෙස්වක – 28 දිනය
  • අව තුදුස්වක – 29 දිනය
  • අවඅමාවක – 30 වන දිනය – මෙයද පොහොය දිනයකි

දිනය ලිවීම

සිංහල ක්‍රමය

ශ්‍රී සාලිවාහන ශක වර්ෂ' (අවුරුද්ද දැක්විය යුතුය)---- වැන්නේ (මාසය දැක්විය යුතුය)----මස (පුර / අව වශයෙන් තිථිය දැක්විය යුතුය )----නම් තිථිය ලත් (දිනය දැක්විය යුතුය)
නිදසුනක් ලෙස "ශ්‍රී සාලිවාහන ශක වර්ෂ 1915 වැන්නේ බක් මස පුර සැටවක නම් තිථිය ලත් කිවිදා"

බෞද්ධ ක්‍රමය

ශ්‍රී බුද්ධ වර්ෂ' (සම්බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්මගිය අවුරුද්ද දැක්විය යුතුය)---- වැන්නේ (මාසය දැක්විය යුතුය)----මස (පුර / අව වශයෙන් තිථිය දැක්විය යුතුය )----නම් තිථිය ලත් (දිනය දැක්විය යුතුය)
නිදසුනක් ලෙස "ශ්‍රී බුද්ධ වර්ෂ 2500 වැන්නේ බක් මස පුර සැටවක නම් තිථිය ලත් කිවිදා"

මාස 12

    සිංහල ක්‍රමයට වසර බක් මාසයෙන් ඇරඹේ.
    බෞද්ධ ක්‍රමයට වෙසක් මාසයෙන් ඇරඹේ.

බක්

භක්තිමත් මාසය නමින් හැඳින්වෙන මේ මාසය තුළ අලුත් සහල් මංගල්‍යය, මුට්ටි මංගල්‍යය හා කෝණ මංගල්‍යය (හෙවත් සිංහල, හින්දු අවුරුදු උත්සවය) ආදිය පැවැත්විණි. බක්මී මල් හා එරබදු මල් පිපෙන සමයද වේ.

වෙසක්

වෙසක් මාසය බෞද්ධයන්ගේ මංගල මාසයකි.මෙම කාලයට බෞද්ධයන් තෙමඟුල සිහි කිරීමට වෙසක් තොරණ්,පහන් කූඩු වැනි දෑ සකකස් කර ප්‍රදර්ශණය කරනු ලබයි.,දන්සල් දෙමින්, සිල් රකිමින් බොහෝ දනා මෙය මහත් ඉහළින් සමරනු ලබයි. මෙම මාසය බෞද්ධයන්ට වැදගත් වනුයේ ,

බුදුරජාණන් වහන්සේගේ ඉපදීම,බුදුවීම ,පිරිනිවන් පෑම යන තෙමගුල සිදුවීම.දීපංකර බුදුරදුන් හමුවේ සම්මා සම්බුද්ධ පදවිය සඳහා ගෞතම බුදුරදුන් නියත විවරණ ලැබීම.කිසාගෝතමී දේවිය විසින් "නිබ්බුතා නූන සා මාතා"යන නිබ්බුත පද පැවසීම.බුදුවීමෙන් පසු ප්‍රථම වරට කිඹුල්වත් පුරයට පැමිණ යමාමහ පෙළහර පෑම.බුද්ධත්වයෙන් අටවන වසරේදි කැළණියට වැඩමකිරීම. මෙය බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනයයි. පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරදුන් වෙත පැමිනි සක්දෙව් රදුට ලංකාවත් සිංහලජාතියත් රක්නා ලෙස පැවරීම.විජය කුමරු ලක්දිවට පැමිණීම.ධර්මාශෝක රජු විසින් තිළිණ කොට එවන ලද පංච කකුධ භාණ්ඩ සහිතව (සිංහාසනය, කඩුව, හක් ගෙඩිය, මිරිවැඩි සඟල, ඔටුන්න) දෙවන පෑතිස් රජු දෙවන අභිෂේකය ලැබීම.අනුරපුර මහමෙවුනා උයනේ රුවන්වැලි සෑ රදුන් සැදීමට වීසා නැකතින් වැඩ ඇරඹීම. ආනන්ද හිමියන් පිරිනිවන් පෑම. මහා විහාරවංශික භික්‍ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්‍රථමවරට පැවැත්වීම. ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය සිදුකිරීම. වෙසක් මාසය බොහොම වැදගත් මාසයකි.

පොසොන්

පස්සොන කාලය ,කරල්වලින් බීජ වෙන්කරන කාලය

ඇසල

ඇහැළ මල් පිපෙන මාසය

නිකිණි

නිකිණිය යන්නෙහි අර්ථය ඉඩෝරය යන්නයි.මෙම කාලයේදි වර්ශාව අඩු වීමත් ඉඩෝර වැනි තත්ව ඇති වීමත් මෙම මාසයට නිකිණි යන නාමය ලැබී තිබේ.

බිනර

බිනර මල් පිපෙන මාසය

වප්

වපුරන කාලය

ඉල්

මෙය සිල් මාසය ලෙස හදුන්වයි. කඨින පිංකම මෙම මාසයේ පවත්වයි. ස්වාමීන්වහන්සේලා වස් වසන මාසයයි. සිල් මාසය යන්න ඉල් මාසය ලෙසද හදුන්වයි. එමෙන්ම මෙකල වර්ෂාව බහුල කාල සමයක් වන අතර හීල් සුළඟ සහිත වර්ෂාවද බහුල වේ. මෙම හීල් යන පදය ඉල් ලෙසද හඳුන්වනු ලැබේ.

උඳුවප්

උඳු වපුරන කාලය

දුරුතු

ගස්වල කොළ අතු දුරු වෙන කාලය "දුරුතු"

නවම්

නව අංකුර එන කාලය "නවම්" ( නැවුම් මාසය)

මැදින්

මැදින් රිකිලි එන කාලය "මැදින්"

ආශ්‍රිත ලිපි

Tags:

චන්ද්‍ර මාස ක්‍රමය තිථිචන්ද්‍ර මාස ක්‍රමය දිනය ලිවීමචන්ද්‍ර මාස ක්‍රමය මාස 12චන්ද්‍ර මාස ක්‍රමය ආශ්‍රිත ලිපිචන්ද්‍ර මාස ක්‍රමයපෑළවිය

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල සන්ධිසත්ත්‍ව විවිධත්වයසරත් ගුණපාලලෝක ජල දිනයරුධිර සංසරණ පද්ධතිය (මානව)ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිසකස්කඩලාඕසයනීතියසෙංකඩගල පෙරහැර මංගල්‍යයතාරකා විද්‍යාවකෘත්‍රීම බුද්ධියනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.පන්සියපනස් ජාතක පොතශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමජල විදුලියමහ වැව් නාමාවලියE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)යකඩඅළු බදාදාසෛලීය ශ්වසනයශ්‍රී ලංකාවේ ආර්ථිකයබුද්ධදාස රජුජනතා විමුක්ති පෙරමුණකොරල් පරශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරජංගම දුරකථනයේ උපතසමගි ජන බලවේගයපරිණාමයශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයසීගිරි බලකොටුවලෝ වැඩ සඟරාවපංච කල්‍යාණසේනක බිබිලේවැදි ජනයාඑල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුවසතර සංග්‍රහ වස්තුකිරි වෙහෙර, කතරගමපොළොන්නරුව පෞරාණික නගරයදියලුම ඇල්ලබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාස්ත්‍රී ස්වයං වින්දනයසියඹලාශ්‍රී ලංකාවේ ගමනාගමනයමී මැසි පාලනයපළමුවන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවගජමන් නෝනාකන්‍යාභාවයශ්‍රී ලංකා පොදුජන පෙරමුණබෝවන රෝගකොළඹ ජාතික කෞතුකාගාරයදහඅට සන්නියසිංහල රාජධානියඉතිහාසයඅයිසැක් නිව්ටන්ප්‍රේමසිරි කේමදාසකජුදිළිඳුබවසබරගමු මහ සමන් දේවාල‍යේ ඇසළ පෙරහැරග්‍රාම නිලධාරීකලා වැවබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයවයඹ පළාත, ශ්‍රී ලංකාවඒ.ටී. ආරියරත්න10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”මහත්මා ගාන්ධිශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනේටෝඅප අවට පරිසරයමහ පොළොවශ්‍රී ලංකාවේ ජාතික සංකේතශ්‍රී ලංකා නිදහස් දිනයවාරියපොල ශ්‍රී සුමංගල හිමිවට්ස්ඇප්🡆 More