සිංහල සන්ධි: සන්ධි

සිංහල භාෂාවේ සන්ධි නම් පද විශේෂයක් ඇත.

මින් සිදු වන්නේ පද එකිනෙකට ගලපා පදයක් නිර්මාණය කර ගැනීමයි. සිදත් සඟරා කතුවරයා මෙම ව්‍යාකරණාංගය හඳුන්වා ඇත්තේ, “පෙර පර වනන් - නිසි විදිනු ගලපනු - සඳනම්“ ලෙසයි. මෙහි අර්ථය වන්නේ “පූර්ව අපර වචන නිසි ලෙස ගැලපීම සන්ධි මඟින් සිදු වේ“ යන්නයි. සරලව කිවහොත් වෙන් වෙන්ව ඇති පද දෙකක් එකතු කර ලිවීම සන්ධි මඟින් සිදුවේ. සිංහල භාෂාවේ සන්ධි දහයක් දක්නට ලැබේ.

සිංහල
සිංහල siṁhala
කලාපයසිංහල සන්ධි: ස්වර සන්ධිය, පූර්වස්වර (පූර්ව ස්වර) ලෝප සන්ධිය, පරස්වර (පර ස්වර) ලෝප සන්ධිය ශ්‍රී ලංකාව
ස්වදේශික හසුරුවන්නන්
මිලියන 20 (date missing)
ඉන්දු-යුරෝපීය
ලේඛන ක්‍රමය
සිංහල අබුගිඩා (බ්‍රාහ්මීය අක්ෂර අබුගිඩා වලින් පැවත එයි)
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
සිංහල සන්ධි: ස්වර සන්ධිය, පූර්වස්වර (පූර්ව ස්වර) ලෝප සන්ධිය, පරස්වර (පර ස්වර) ලෝප සන්ධිය ශ්‍රී ලංකාව
භාෂා කේත
ISO 639-1si
ISO 639-2sin
ISO 639-3sin

උදාහරණයක් ලෙස "දකුණතින් පහණද වමතින් මල් වට්ටියද ගත් උපාසක උපාසිකාවන් මලසුන වෙත ගියේය." යන වාක්‍යයයේ දකුණතින්, වමතින් සහ මලසුන යන පද සන්ධි පද වලට උදාහරණ වේ. ඉහත පද සෑදී ඇත්තේ;

දකුණු + අතින් = දකුණතින් වම් + අතින් = වමතින් මල් + අසුන් = මලසුන

ආදී ලෙස වචන දෙකක් එකට බද්ධ වීම හෙවත් සන්ධි වීම මගිනි. පද සන්ධිය උච්චාරණය පහසුව සඳහා ඇති වුවක් යයි කිව හැක.

ඉහත ආකාරයට පද අතර සන්ධි වීම සිදුවන ක්‍රම දහයකි.

  1. ස්වර සන්ධිය
  2. පූර්වස්වර (පූර්ව ස්වර) ලෝප සන්ධිය
  3. පරස්වර (පර ස්වර) ලෝප සන්ධිය
  4. ස්වරාදේශ (ස්වර ආදේශ ) සන්ධිය
  5. ගාත්‍රාක්‍ෂර (ගාත්‍රා අක්‍ෂර) ලෝප සන්ධිය
  6. ගාත්‍රාදේශ (ගාත්‍ර ආදේශ) සන්ධිය
  7. පූර්වරූප (පූර්ව රූප) සන්ධිය
  8. පරරූප (පර රූප) සන්ධිය
  9. ද්විත්වරූප (ද්විත්ව රූප ) සන්ධිය
  10. ආගම සන්ධිය

සැකිල්ල:පරියේෂණ සන්දි විදියක් colend

ස්වර සන්ධිය

සන්ධි වන පද දෙකෙන් පළමු වන පදයේ අග හල් අකුරට දෙවන පදයේ මුල යෙදී ඇති ස්වරය එක් වීමෙන් ගැළපෙන සන්ධිය ස්වර සන්ධිය නම් වේ.

උදා: මලසුන

මල් + අසුන : ආරම්භක පද

ම (ල් + අ) සුන : පළමු පදයේ හල අකුරත් දෙවන පදයේ ස්වරයත් එකතුවී තනි අකුරක් සෑදීම

ම (ල) සුන : සන්ධි වීමෙන් පසුව → මලසුන

  • ඔවුනොවුන් = ඔවුන් + ඔවුන්
  • උපනුපන් = උපන් + උපන්

පූර්වස්වර (පූර්ව ස්වර) ලෝප සන්ධිය

සන්ධි වන පද දෙකෙන් පළමු වන පදයේ අග ස්වරය හෙවත් පූර්ව ස්වරය ලොප් වී (ඉවත්වී) දෙවන පදයේ මුල් ස්වරය හා ගැළපීම.

උදා: නැණැති

නැණ + ඇති : ආරම්භක පද

නැ (ණ් + ) + ඇති  : පළමු පදයේ අග අකුරේ ඇති ස්වරය ලොප් වීම

නැ (ණ් + ඇ) ති : දෙවන පදයේ මුල ඇති ස්වරය සමග පළමු පදයේ අග අකුර එකතු වීම

නැ (ණැ) ති : සන්ධි වීමෙන් පසුව → නැණැති

  • දකුණැස (දකුණු + ඇස)
  • ගමනාගමනය (ගමන+ආගමනය)
  • සුරිඳු (සුර+ඉඳු)
  • නරිඳු (නර+ඉඳු)
  • යනෙන (යන+එන)
  • කර්ණාභරණ (කර්ණ+ආභරණ)
  • උදරාබාධ (උදර+ආබාධ)
  • සියැසින් (සිය+ඇසින්)

පරස්වර (පර ස්වර) ලෝප සන්ධිය

සන්ධි වන පද දෙකෙන් දෙවන පදයේ මුල්ස්වරය හෙවත් පර ස්වරය ලොප් වී (ඉවත්වී) පළමු පදයේ අග ස්වරය හා ගැළපීම.

උදා: මුනිතුමා

මුනි + උතුමා : ආරම්භක පද

මුනි + () + තුමා  : පළමු පදයේ අග අකුරේ ඇති ස්වරය ලොප් වීම

මුනි + තුමා  : සන්ධි වීමෙන් පසුව → මුනිතුමා

  • ගුරුතුමා (ගුරු + උතුමා)
  • යතිතුමා (යති + උතුමා)

ස්වරාදේශ (ස්වර ආදේශ ) සන්ධිය

එක් ස්වරයක් වෙනුවට වෙනත් ස්වරයක් ආදේශ වීමෙන් සැකසෙන සන්ධිය මෙයයි. සිදත් සඟරාවේ මෙය සිදුවන ආකාර තුනක් දක්වා ඇත.

සන්ධි වන පද දෙකෙහි පූර්ව ස්වරට "අ" වන අතර, පරස්වරය "ඉ" වන විට ඒ සඳහා "එ" ආදේශ කිරීම සිදුවේ. නිරාකූල

සන්ධි වන පද දෙකෙහි පූර්ව ස්වරට "අ" වන අතර, පරස්වරය "උ" වන විට ඒ සඳහා "ඔ" ආදේශ කිරීම සිදුවේ.

උදා: වට + උර → වට් + අ + උ + ර → වට් + + ර → වටොර


සන්ධි වන පද දෙකෙහි පූර්ව ස්වරට "අ" වන අතර, පරස්වරය "උ" වන විට ඒ සඳහා "ඕ" ආදේශ කිරීම සිදුවේ.

උදා: සහ + උදර -> සහ් + අ + උ + දර -> සහ් + + දර = සහෝදර

ගාත්‍රාක්‍ෂර (ගාත්‍රා අක්‍ෂර) ලෝප සන්ධිය

සිංහල භාෂාවේ සඤ්ඥක අකුරු පහක් දක්නට ඇත. (ඟ,ඦ,ඬ,ඳ,ඹ) මින් ඦ හා ඬ යන අක්ෂර දෙක හැර ඉතිරි අක්ෂර තුන මෙම සන්ධියට මුල් වේ. මෙහි දී සඤ්ඥක අකුර තුළ ඇති අකුරු දෙකෙන් එකක් ලොප් වීම සිදුවේ.

  • ගඟ + වතුර → ග + o + + වතුර → ගංවතුර
  • කොළඹ + තොට → කොළොම් + + තොට → කොළොම්තොට

==

පූර්වරූප සන්ධිය

මෙහි දී පූර්වරූපය (මුල් පදයේ අග අකුර) පරරූපය (පසු පදයේ මුල් අකුර) ඇති තැනට ගොස් සම්බන්ධ වේ.

උදා:

  • ගුරු + උපයෝජන→ වත් + + + ම් → වත්තම්
  • අත් + කම් → අත් + + + ම් → අත්තම්

පරරූප සන්ධිය

මෙහි දී පරරූපය (පසු පදයේ මුල් අකුර), පූර්වරූපය (මුල් පදයේ අග අකුර) ඇති තැනට ගොස් සම්බන්ධ වේ.

උදා:

  • අත් + සන → අ + ත් + ස් + සන → අස්සන

හික්කඩුව

  • ලක් + ගල → ල + ක් + ග් + ගල → ලග්ගල

ද්විත්වරූප (ද්විත්ව රූප ) සන්ධිය

සන්ධි වීමට නියමිත පද දෙකේ මුල් පදයේ අග අකුරේ ස්වරය ලොප් කළ යුතුය. පසුව ඉතිරිවන හල් අකුර ද්විත්ව කර පසු පදය හා සම්බන්ධ කරයි.

උදා: වැද්දා

වැදි + ආ : ආරම්භක පද

වැද් + + ද් + ආ : පළමු පදයේ අග අකුරේ ඇති ස්වරය ලොප් වේ. “ද්“ ද්විත්ව කර පසු පදය හා සම්බන්ද වේ.

වැද් + දා : සන්ධි වීමෙන් පසුව → වැද්දා

ආගම සන්ධිය

මෙහි දී සිදුවන්නේ සන්ධි වන පද අතරට වෙනත්ම අකුරක් පැමිණීමයි. මෙය ව්‍යඞජනයක් නම් “ව්‍යංජනාගමනය“ ලෙස හඳුන්වන අතර, පැමිණෙන අකුර ස්වරයක් නම් “ස්වරාගමනය“ ලෙස හඳුන්වයි. ව්‍යංජනාගමනයේ දී ව, ය, ර යන අක්ෂර තුන ආගමනය වේ.

උදා: දෙ + ආකාර

  • පිරි + අත් → පිරි + (ය් + අ) + ත් → පිරියත් (පර්යන්ත)
  • දැන් + දු → දැ (න් + ) + දු → දැනුදු

ආශ්‍රිත ලිපි

සටහන්

මහෝත්සවය අ+අ=ආ අ+උ=ඔ/ඕ ඉ+ඉ=ඊ අ+ඉ=එ අ+ඊ=ඒ

බැහැර පිටු

Tags:

සිංහල සන්ධි ස්වර සන්ධියසිංහල සන්ධි පූර්වස්වර (පූර්ව ස්වර) ලෝප සන්ධියසිංහල සන්ධි පරස්වර (පර ස්වර) ලෝප සන්ධියසිංහල සන්ධි ස්වරාදේශ (ස්වර ආදේශ ) සන්ධියසිංහල සන්ධි ගාත්‍රාක්‍ෂර (ගාත්‍රා අක්‍ෂර) ලෝප සන්ධියසිංහල සන්ධි පූර්වරූප සන්ධියසිංහල සන්ධි පරරූප සන්ධියසිංහල සන්ධි ද්විත්වරූප (ද්විත්ව රූප ) සන්ධියසිංහල සන්ධි ආගම සන්ධියසිංහල සන්ධි ආශ්‍රිත ලිපිසිංහල සන්ධි සටහන්සිංහල සන්ධි බැහැර පිටුසිංහල සන්ධි

🔥 Trending searches on Wiki සිංහල:

ඌව වෙල්ලස්ස කැරැල්ලශ්‍රී ලංකාවේ අධිකරණයසමාජවාදයලාඕසයපහතරට නැටුම්දන්ත කුමරු හේමමාලා කුමරියශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.පරිගණක මෙහෙයුම් පද්ධතිගැට බෙරයපොළොන්නරුව වටදාගෙයප්ලූටෝසීගිරියේ ඉතිහාසයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවගණිකාවපොල්ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවපාරමිතාසුසන්තිකා ජයසිංහපාෂාණSLS ප්‍රමිති ලැයිස්තුවආනන්ද කුමාරස්වාමිකෝළම්සන්නි යකුමඩෙංගුසොළොස් මහා ජනපදනියඟයග්‍රැෆික් නර්මානකරණයශ්‍රී ලංකා‍ අලියාඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයකුරුඳුමහාවංශයවිජිතපුර සටනඇසළ (ගස)දළදා පෙරහැරඇල්බට්‍ අයින්ස්ටයින්රන්මසු උයනලෝවැඩ සඟරාවඉන්දියාවඋපත් අනුපාතිකයමානව පරිණාමයසිංහල නිපාත පදඅර්ථයමඩොල් දූවකෘත්‍රීම බුද්ධියඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාධර්මදූත ලූක් තුමාශ්‍රී වික්‍රම රාජසිංහ රජසිංහල සහ හින්දු අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවහෘදයාබාධයස්වයං වින්දනයත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයවිකිපීඩියාහබන් කුකුළාවිජය රජශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයබැක්ටීරියාසෞරග්‍රහ මණ්ඩලයනියුමෝනියාවමෛත්‍රී බුදුරජාණන් වහන්සේකාල් මාක්ස්සිතාරයකළු වදුරාඡායාරූපයශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයඊශ්‍රායලයශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියමහ පොළොවබ්‍රහස්පති ග්‍රහයාදඹුල්ල රජමහා විහාරයඉන්දුනීසියාවඉස්ලාම්සමනල කන්ද🡆 More