වෙරළු

වෙරළු ශාකයක් වසරකට දෙවරක් ඵල දරණ නමුත් සමහර ශාකවල වසර පුරාම ඵල හට ගෙන තිබෙනු දක්නට ලැබේ.

කුඩා පළතුරක් වුවත් ඉතාම ගුනදායී වන අතර සාමාන්‍යයෙන් අතීතයේ සිටම ගර්භනී මවුවරුන් වෙත වෙරළු ලබාදීම ශ්‍රී ලංකික සමාජයේ දක්නට ලැබුණා. විටමින් C  , ඛනිජ ලවණ  මෙන්ම මෙහි ඇති ෆයිබර් ගුණාංග නිසා ලොකු කුඩා සැමටම කිසිදු සැකයකින් තොරව අහාරයට ගත හැකියි.

අපි හරිම කැමතියි වෙරළු කන්න ඉතිං ගම්වල මේ වෙරළු කාණ්ඩ කිහිපයකට ගම්මු වෙන්කරගෙන තිබෙනවා – මස් වෙරළු, ඇට වෙරළු, පොල් වෙරළු, තිත්ත වෙරළු යනුවෙන්  මස් වෙරළු යන වෙරළු කාණ්ඩය සාමාන්‍යයන්  ටිකක් විශාල අතර අමු වෙරළු කන විටදී හරි පහසුවෙන් වෙරළු ඇටයෙන් මාංශල කොටස වෙන් වෙනවා, ඇට වෙරළු ඉතා කුඩා ගෙඩි වන අතර මාංශල ගතියත් අඩුයි, පොල් වෙරළු යන කාණ්ඩය ප්‍රමාණයෙන් විශාල වන අතර මාංශල ගතියත් වැඩියි, තිත්ත වෙරළු ගසේ ගෙඩි අමුවෙන් හෝ ඉදවා කෑමට අපහසු තරමට තිත්ත ස්වභාවයකින් යුක්තයි කෙසේ වෙතත් මේ සියලු වෙරළු වල ගුණාත්මක භාවයෙහි වෙනසක්නම් නැහැ. මීට අමතරව ගල් වෙරළු යනුවෙන් වෙනත් ඖෂධීය ශාකයක් තිබෙන නමුත් ඒවා ආහාරයට ගන්නේ නැහැ.

වෙරළු


වෙරළු ආහාරයට ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන

  • ගැහැණු පිරිමි හෝ වයස සීමාවක් නැතිව කොයි කවුරුත් වද විඳින ඉස්හොරි වසංගතයට වෙරළු කොළ ඉස්ම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක්. ගොඩපර ගෙඩි දෙහි සහ උළුහාල් සමඟ තම්බා සාරය හිස්කබලේ ඇතිල්ලීම, පේර කොළ යුෂ ප්‍රතිකාරය  අතර වෙරළු කොළ යුෂ වලිනුත් අපූරුවට මේ රෝගය සුව වුනා.
  • දොළ දුක් අම්මලාට බය සැක නැතිව කන්නට ඉඩ හරින ඇඹුල්  වර්ග අතර ලොකු ගෞරවයක් වෙරළු ගෙඩියට ලැබුනේ ඒ කාලයට කන ලොවි, අඹ ගැට වැනි වෙනත් ඇඹුල් වල ඇති අධික ආම්ලික ගතිය, ආහාර උඩට එන ගතිය  වෙනුවට ඇඹුල් වූවත් වෙරළු ගෙඩියේ ඇති අඩු ආම්ලිකතාවය නිසායි.  
  • වසංගතයක් ලෙස කුඩා දරුවන් අතර පැතිර යන ළමා දියවැඩියාව අපේ කාලේ නම් අහන්න වත් නොතිබුනේ එදා දරුවන්ට ඕනෑ පදමට කන්නට තිබු ගඩා ගෙඩි නිසා වන්නට පුළුවන්. ගොඩේ  පලතුරු ලෙස කියවෙන බොහෝ පලතුරු අතරේ දියවඩියා රෝගය වැලක්වීමේ හැකියාව අතර  වෙරළු ගෙඩිය සිටින්නේත් ඉදිරියෙන්.
  • විටමින් සි, ලවන වර්ග ,යකඩ සහ තන්තු අධික වෙරළු ගෙඩිය ශරීරයට ප්‍රතිශක්තිය එකතු කිරීමටත්, මල බද්ධය වැලක්විමටත් හේතු වෙනවා.
  • සිංහල වෙදකමේදී වෙරළු කොළ, ඇට, පොතු සහ මුල් විවිධ රෝගාබාධ සුව කිරීමට යොදාගෙන ඇති නමුත් ඉන් මූලිකම තැනට පැමිණෙන්නේ සන්ධි ආබාධයි.
  • සමේ රෝග, දිලිර ආසාධන, හිස් කබලේ ආසාධන, උකුණන් වඳ කිරීම, වේදනා නාශක, ප්‍රති සජලන ඖෂධ නිපදවීමට, අතීසාරය වැනි රෝග මෙන්ම මානසික රෝග සඳහා ප්‍රතිකාර ලෙස යොදාගත් හිසකුඩිච්චි වලටත් වෙරළු ගහේ පස් පංගුව යොදා ගනී.


Scientific name: Elaeocarpus serratus

Rank: Species

Family: Elaeocarpaceae

Kingdom: Plantae

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

විටමින් Aවේදිකා නාට්‍යක්‍රීඩාශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයප්‍රස්තාව පිරුළු යනුදුම්කොළඖෂධවේදයශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කලෝකයේ රටවල්නව යොවුන්වියපරමාණුමුහුදඊශ්‍රායලයආගම්ශ්‍රී ලංකාවේ පුරාවස්තුසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයගොක් කලාවකාලයරුසියානු විප්ලවයශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝලේනාගෝඨාභය රාජපක්ෂරන්මසු උයනසාර ධර්මභගමණියසෝවාන්මනමේඉතිහාස මුලාශ්‍රවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගරසායනික සූත්‍රශාන්ති නිකේතන විද්‍යාපීඨයවාරියපොල ශ්‍රී සුමංගල හිමිඉන්දියාවේ දේශපාලන පක්ෂශ්‍රී ලංකාවේ දියඇලික්ෂුද්‍ර ජීවීන් සහ රෝගටොලමිගේ ලෝක සිතියමශ්‍රී ලංකාවේ කැටයම් කලාවඇල්ගීහලාවතවිජය රජලේ ගැලීමසැතපුමවැදි භාෂාවසමාජ ඉගෙනුම් වාදයඅමරදේවශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමසොරබොර වැවමුහම්මද් නබිසද්ධර්ම රත්නාවලියවිවාහයරඹුටන්සඳකඩපහ‍ණේ විකාසනයබළලාශ්‍රී ලංකාවේ නර්තනයන්මනෝ විශ්ලේෂණවාදයශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලසිකුරු ග්‍රහලොවසතර මහෝපදේෂදර්ශනයශ්‍රී ලංකාවේ සිනමාවසිංහල අක්ෂර මාලාවළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාසොළොස්මස්ථානමාක්ස්වාදය සහ රාජ්‍ය ප්‍රතිපත්තිඅනුරාධපුර රාජධානියතෙත් කලාපයේ ශාක විවිධත්වයදේශගුණයසියදිවි නසාගැනීමබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයඊජිප්තුවතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවසරත් ගුණපාල🡆 More