සිංහල උපසර්ග

ලස්සන

සිංහල උපසර්ග

ලස්සන

නාම පදයක හෝ ක්‍රියා පදයක අර්ථය අඩු කිරීමට, අර්ථය වැඩි කිරීමට හෝ අර්ථය වෙනස් කිරීම සඳහා වචනයේ මුලට එක් කරනු ලබන අක්ෂරයක් හෝ අක්ෂර කිහිපයක එකතුවකි. මේවා වර නොනැගෙන හෙවත් ව්‍යය නොවන බැවින් අව්‍යය පද ලෙස හැඳින්වේ. උපසර්ග ඒ හා බැඳෙන පදය සමග එක් කොට ම ලියනු ලැබේ. භාෂා කාර්යයන්හි දී බොහෝ උපසර්ග භාවිතයට ගැනේ. උපසර්ග යෙදීමෙන් පදවලට විවිධ අර්ථ ගැන්වීමට හැකි වේ.

විවිධ භාෂාවල උපසර්ග හැඳින්වීමට භාවිතා කරන නම් මෙසේ ය.

නිරුක්තිය

"උපසර්ග" (සංස්කෘත: उपसर्गाः) යන වචනය සංස්කෘත භාෂාවෙන් සිංහලයට පැමිණි තත්සම වචනයකි. සංස්කෘත ව්‍යාකරණයට අනුව,

"උපසමීපේ ඍජ්‍යතේ උච්චාර්ය්‍යතේ ක්‍රියාවාචකස්‍ය ශබ්දස්‍යොති උපසර්ගඃ" - ක්‍රියාවාචක ශබ්දයක පූර්වයෙන් යෙදී කියැවෙන ශබ්ද, උපසර්ගයි.

සිංහල භාෂාවේ උපසර්ග

සිංහල භාෂාවේ භාවිතා වන උපසර්ග ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි.

  1. සිංහලයේ උපසර්ග (හෙළ උපසර්ග)
  2. සංස්කෘතයෙන් ලද උපසර්ග (සකු උපසර්ග)

සිංහලයේ උපසර්ග (හෙළ උපසර්ග)

සිදත් සඟරාව නැමැති ග්‍රන්ථයට අනුව සිංහලයේ උපසර්ග 20 කි. මෙම උපසර්ග කාව්‍යකරණයේ දී හා තත්භව වචන සඳහා භාවිතා වේ.

උපසර්ගය භාවිතය ගැලපීම නිදසුන්
ප- අර්ථය වැඩි කිරීම ප + බල = බල බල මිනිසෙක් ගස සියතින් බිම හෙළුවේ ය.
පර- විරුද්ධාර්ථය හැඟවීම පර + ගැති = පරගැති පරගැති නිළමේවරුන් සෙංකඩගල රාජධානියේ පරිහානියට වග කිව යුතු ය.
අව- අර්ථය අඩු කිරීම

විරුද්ධාර්ථය හැඟවීම

අව + ගුණ = අවගුණ

අව + ජාතක = අවජාතක

අවගුණ මිනිසුන් සමාජයට පිළිලයකි.

"අවජාතක උන් සමග මට කතාවක් නැහැ." ඔහු පැවසුවේ ය.

ස- අර්ථය වැඩි කිරීම

අර්ථය වෙනස් කිරීම

ස + බඳ = බඳ "බඳ අපි කඳු නොවෙමු - උනුන් පරයා නැගෙන"
අනු- අර්ථය අඩු කිරීම අනු + බල = අනුබල මෙම අපරාධය සඳහා අනුබල දුන් සැවොම නීතිය හමුවේ ගෙන යා යුතු ය.
නි- අර්ථය අඩු කිරීම නි + දසුන = නිදසුන ගුරුවරිය නිදසුන කළු ලෑල්ල මත ලිව්වා ය.
දු- අර්ථය අඩු කිරීම

විරුද්ධාර්ථය හැඟවීම

දු + සිරිත = දුසිරිත

දු + බල = දුබල

දුසිරිතෙන් ජනයා මුදවා ගැනීම පාලකයාගේ වගකීමකි.

දුබල මිනිසා ගැටුමෙන් අසරණ වූවේ ය.

වි- විරුද්ධාර්ථය හැඟවීම

අර්ථය වෙනස් කිරීම

වි + මල් = විමල් විමල් අසරණ මිනිසුන්ට කරුණාව දැක්වී ය.
අ- අර්ථය වෙනස් කිරීම අ + මතක = මතක ඈට පන්තිය මතක වූවා ය.
අදි- අර්ථය වැඩි කිරීම අදි + පති = අදිපති අදිපතිතුමා රැස්වීම ඇමතුවේ ය.
සු- අර්ථය වැඩි කිරීම සු + දනන් = සුදනන් සුදනෝ නොමැති රටකට වඩා නිරය සම්පතකි.
උ- අර්ථය වෙනස් කිරීම උ + පත = පත සිදුහත් පත පිළිබඳ කතාව වෙසක් තොරණෙන් ඉදිරිපත් කරයි.
අබි- අර්ථය වැඩි කිරීම අබි + රහස = අබිරහස ශර්ලොක් හෝම්ස් අබිරහස විසඳීමට කටයුතු කළේ ය.
පිරි- අර්ථය වැඩි කිරීම

අර්ථය වෙනස් කිරීම

පිරි + වර = පිරිවර රැජින පිරිවර ද කැටුව මාළිගයට සැපත් වුණා ය.
උප- අර්ථය අඩු කිරීම උප + දෙස් = උපදෙස් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම හරහා ඔබටත් වසංගතයෙන් ආරක්ෂා විය හැකි ය.
අප- අර්ථය අඩු කිරීම අප + වාද = අපවාද නොයෙක් අපවාද ඇසුව ද ජනපති ඉවත් වීමට සූදානම් නොවුනේ ය.
පස්- විරුද්ධාර්ථය හැඟවීම පස් + මිතුරු = පසමිතුරු පසමිතුරු ඇසුර පරිහානියට හේතු වේ.
පිළි- අර්ථය වෙනස් කිරීම

අර්ථය වැඩි කිරීම

පිළි + තුරු = පිළිතුරු

පිළි + සරණ = පිළිසරණ

තරගකරු නිවැරදි පිළිතුරු දී තරගය ජයග්‍රහණය කළේ ය.

"සොයා පිළිසරණක් ලොවෙන් මා - නොලැබ හවුහරණක්"

අති- අර්ථය වැඩි කිරීම අති + මහත් = අතිමහත් උත්සාහයෙන් අත් කරගත් ජයග්‍රහණය අතිමහත් ප්‍රීතියකින් සමරන තම දුව දැක මව ඉමහත් සන්තෝශයට පත් වූවා ය.
පි- අර්ථය වෙනස් කිරීම පි + යන = පියන
කුමාරතුංග මුනිදාස මහතාගේ උපසර්ග

කුමාරතුංග මුනිදාස මහතා විසින් රචිත ව්‍යාකරණ විවරණයේ දී අති, උප, පි යන සිදත් සඟරාවේ සඳහන් උපසර්ග වෙනුවට වෙනත් උපසර්ග තුනක් හඳුන්වා දී ඇත

උපසර්ගය ගැලපීම නිදසුන
ඔ + වදන් = වදන් ගුරුවරුන් සිසුන්ට දුන් වදන් පිළි පැදීම සිසුන්ගේ වගකීමකි.
කු කු + කවි = කුකවි

කු + මන්ත්‍රණ = කුමන්ත්‍රණ

රජතුමාට අපහාස කළ වරදට කුකවියාට සිර දඬුවම් නියම විය.

රජයට එරෙහිව කුමන්ත්‍රණ කිරීම බරපතල වරදක් ලෙස නීතිය දකියි.

ඉ + මහත් = මහත්

ඉ + බොහෝ = බොහෝ

ඈ නර්ථනයේ යෙදීමෙන් මහත් තෘප්තියක් ලබන්නී ය.

සංස්කෘතයෙන් ලද උපසර්ග (සකු උපසර්ග)

සිංහල භාෂා පඬිවරුන්ට අනුව සංස්කෘතයෙන් ලද උපසර්ග ද 20 කි. මේවා සංස්කෘතයෙන් ලැබුන ද අද වන විට සිංහලයේ බහුල ව භාවිතා වේ.

උපසර්ගය භාවිතය ගැලපීම නිදසුන
ප්‍ර- අර්ථය වැඩි කිරීම

අර්ථය අඩු කිරීම

අර්ථය වෙනස් කිරීම

ප්‍ර + බල = ප්‍රබල

ප්‍ර + දේශ = ප්‍රදේශ

ප්‍ර + සාද = ප්‍රසාද

ප්‍රබල රුසියානු හමුදාව නට්සි ජර්මනිය ආක්‍රමණය කළේ ය.

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි.

ප්‍රසාද දීමනා ඉල්ලා සේවකයෝ උපවාසයේ නිරත වූවෝ ය.

පරා- විරුද්ධාර්ථය හැඟවීම පරා + වර්තනය = පරාවර්තනය ආලෝක පරාවර්තනය නැමැති සංසිද්ධිය ජීවින්ගේ දෘෂ්ටිය නම් සංවේදනය සඳහා වැදගත් වේ.
අප- අර්ථය වෙනස් කිරීම අප + චාරය = අපචාරය

අප + වාද = අපවාද

ළමා අපචාර දිනෙන් දින ඉහළ යමින් පවති.

අපවාද නැගූ ඈ සැනෙකින් නිවස වෙත දිව ගියා ය.

සම්- අර්ථය වැඩි කිරීම

අර්ථය වෙනස් කිරීම

සම් + භාෂණය = සම්භාෂණය ප්‍රිය සම්භාෂණයට සහභාගී වීම සඳහා ඔහු බිරිඳ ද කැටුව නිවසින් පිටව ගියේ ය.
අනු- අර්ථය අඩු කිරීම

අර්ථය වෙනස් කිරීම

අනු + කරණය = අනුකරණය

අනු + කලනය = අනුකලනය

ප්‍රසිද්ධ නළු නිළියන් අනුකරණය කිරීම රසික රසිකාවියන්ගේ පුරුද්දකි.

අනුකලනය අමාරු බව බොහෝ සිසූහු ප්‍රකාශ කළහ.

අව- අර්ථය අඩු කිරීම

අර්ථය වෙනස් කිරීම

අව + භාවිතය = අවභාවිතය

අව + ශේෂ = අවශේෂ

නීතිය අවභාවිතා කිරීම තෙවන ලෝකයේ රටවල්වල දක්නට ලැබෙන සුලබ දසුනකි.

විසල් වපසරියක විහිදුන ප්‍රෞඪ ශිෂ්ටාචරයක අවශේෂ මේ නටඹුන් ය.

නිර්-/ නිස්- විරුද්ධාර්ථය හැඟවීම නිර් + විෂ = නිර්විෂ

නිස් + සාර = නිස්සාර

අද වන විට නිර්විෂ ඖෂධවල මිල ඉහළ ගොස් ඇත.

නිස්සාර භූමියක් බැවින් මෙම ප්‍රදේශයේ ජනාවාස ඇත්තේ ඉතා ස්වල්පයකි.

දුර්-/ දුස් අර්ථය වෙනස් කිරීම

විරුද්ධාර්ථය හැඟවීම

දුර් + මතය = දුර්මතය

දුස් + ශීල = දුශ්ශීල

සුළු ජාතියකයන් සම්බන්ධ දුර්මතයන් ඉවත් වන තුරු සහජීවනය ස්ථාපිත කළ නොහැකි වේ.

දුශ්ශීල භික්ෂූන් ශාසනයෙන් නෙරපා හැරීමට අශෝක අධිරාජ්‍යයා කටයුතු කළේ ය.

වි- අර්ථය වෙනස් කිරීම

විරුද්ධාර්ථය හැඟවීම

වි + ශේෂ = විශේෂ

වි + තර්ක = විතර්ක

බොහෝ වෙළඳ සමාගම් උත්සව සමයේ දී විශේෂ දීමනා ලබා දෙති.

තර්ක විතර්ක මධ්‍යයේ වුව ද කතානායකවරයා විසින් දැඩි තීරණයක් ගනු ලැබී ය.

ආ- අර්ථය වෙනස් කිරීම

අර්ථය වැඩි කිරීම

ආ + රෝපණය = රෝපණය

ආ + මන්ත්‍රණය = මන්ත්‍රණය

රෝපණය වූ බැටරිය එකවර ම පුපුරා ගියේ ය.

ඇමතිතුමා සභාව මන්ත්‍රණය කළේ ය.

නි- අර්ථය වෙනස් කිරීම නි + දර්ශනය = නිදර්ශනය විද්‍යාඥයා නිදර්ශනය බීකරයක තැන්පත් කළේ ය.
අධි- අර්ථය වැඩි කිරීම

අර්ථය වෙනස් කිරීම

අධි + රාජ්‍යය = අධිරාජ්‍යය

අධි + ස්වාභාවික = අධිස්වාභාවික

ඇලෙක්සැන්ඩර් කුමරා විශාල අධිරාජ්‍යයක් ගොඩනැගුවේ ය.

අධිස්වාභාවික චිත්‍රපට සඳහා වර්තමානයේ විශාල ඉල්ලුමක් බිහි වී ඇත.

අපි- අර්ථය වෙනස් කිරීම

අර්ථය අඩු කිරීම

අපි + චර්මය = අපිචර්මය

අපි + ශාඛ = අපිශාඛ

අපිචර්මය බැක්ටීරියා හා දිලීරවලින් ශරීරය ආරක්ෂා කිරීමට කටයුතු කරයි.

ඕකිඩ් යනු ලොව බහුලව වගා කරනු ලබන අපිශාඛ විශේෂයකි.

අති- අර්ථය වැඩි කිරීම අති + විශේෂ = අතිවිශේෂ ජනපති විසින් අද උදෑසන අතිවිශේෂ ගැසට්ටුවක් ප්‍රකාශයට පත් කරනු ලැබී ය.
සු- අර්ථය වැඩි කිරීම සු + ප්‍රසිද්ධ = සුප්‍රසිද්ධ ලියනාඩෝ ඩිකැප්‍රියෝ ලොව සුප්‍රසිද්ධ චරිතයකි.
උත්- අර්ථය වැඩි කිරීම

අර්ථය වෙනස් කිරීම

උත් + සාහය = උත්සාහය උත්සාහය ඇති නම් මිනිසෙකුට කළ නොහැක්කක් නොමැත.
අභි- අර්ථය වැඩි කිරීම

අර්ථය වෙනස් කිරීම

අභි + නිෂ්ක්‍රමණය = අභිනිෂ්ක්‍රමණය

අභි + රූපණය = අභිරූපණය

අභිනිෂ්ක්‍රමණය නැමැති සිතුවම කාගෙත් සිත ඇද ගැනීමට සමත් විය.

ඇය කළ අභිරූපණය කාගෙත් පැසසුමට ලක් විය.

ප්‍රති- අර්ථය අඩු කිරීම

විරුද්ධාර්ථ හැඟවීම

ප්‍රති + ශත = ප්‍රතිශත

ප්‍රති + දේහ = ප්‍රතිදේහ

පසුගිය වසරට සාපේක්ෂව ගත් කල මෙවර නිෂ්පාදනයේ වැඩි වීම ප්‍රතිශතයක් ලෙස 60% කි.

ශරීරයට ඇතුළු වන අහිතකර ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීම සඳහා ශරීරය විසින් ප්‍රතිදේහ නිපදවයි.

පරි- අර්ථය වැඩි කිරීම

අර්ථය වෙනස් කිරීම

පරි + ගණක = පරිගණක

පරි + කල්පනය = පරිකල්පනය

අද වන විට පරිගණකය නැතුව ම බැරි උපකරණයක් වී ඇත.

පරිකල්පනයක් නොමැති මිනිසා අන්ධයෙකි.

උප- අර්ථය අඩු කිරීම

අර්ථය වෙනස් කිරීම

උප + නායක = උපනායක

උප + දේශනය = උපදේශනය

උපනායකයා පන්තියේ සිටියේ නැත.

වර්තමානයේ බොහෝ ගිවිසගත් යුවළ් උපදේශනය සඳහා යොමු වේ.

සමුදේශ

Tags:

සිංහල උපසර්ග උපසර්ගසිංහල උපසර්ග

🔥 Trending searches on Wiki සිංහල:

මොණරවිල කැප්පෙටිපොළඑඩ්මන් පිරිස් රදගුරුඉසුරුමුණියරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවතනි වචන (සිංහල භාෂාව)ගෞතම බුද්ධ පරිනිර්වාණයකළු කුහරසිංහබාහුබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුමර්සලින් ජයකොඩිදළදා පෙරහැරලිංගිකත්ව අධ්‍යාපනයමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියකැලණියවික්ටෝරියා උද්‍යානය, නුවරඑළියඩයලොග් ආසියාටාකාවන්තිස්ස රජශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවයුනෙස්කෝසිංහල හෝඩිසිංහල හින්දු අලුත් අවුරුද්දකෞතුකාගාරහෝමෝ හැබිලිස්කාලී දෙවඟනචිත්‍රපට ඉතිහාසයශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයවසභ රජමහියංගනයනෙළුම්රතු දත්ත පොතනිදිකුම්බාරත්න ශ්‍රී විජේසිංහබලශක්ති සංරක්‍ෂණයමැලේරියාවඒ.ටී. ආරියරත්නසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයධාතුසේන රජපරිගණක ඉතිහාසයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලමොණර කුඩුම්බියසමාජානුයෝජනයදීඝ නිකායදළදා වහන්සේශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවඉන්දියාවනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.මිනිස් ලිංගික ක්‍රියානේටෝඅපේ යාළු පුංචි භූතයා (2010 චිත්‍රපටය)පාරිසරික විද්‍යාව-ශාක වල වැදගත්කම.පළමුවන පරාක්‍රමබාහු රජබුදුසමය හා පරිසරයබැඩ්මින්ටන්එස් පහ (5S) ක්‍රමයශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවශ්‍රී ලංකාවේ අධ්‍යාපනයමූලික ජීවන නිපුණතාඇල්බට්‍ අයින්ස්ටයින්ශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අලෙප්ටොස්පයිරෝසිස්ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කමොනරාමානව කායච්ඡේද විද්‍යාවකුමාරතුංග මුනිදාසශාන්ත ජුසේ වාස් තුමාඉලෙක්ට්‍රෝන වින්‍යාසයසීලබල්ලෝපණීභාරතකටු අනෝදාශ්‍රී ලංකාවේ කැටයම් කලාවගෝලීයකරණයනිදන්ගත වකුගඩු රෝගයබුදුගුණ අලංකාරයහෘදයාබාධයආතර් සී. ක්ලාක්මහා පත්තිනි දේවාලය, නවගමුව🡆 More