බළලා

බළලා හෙවත් පූසා ක්‍ෂීරපායී සිවුපාවෙකි.

බළලා
බළලා
විවිධ බළල් වර්ග
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Carnivora
කුලය: Felidae
ගණය: 'Felis'
විශේෂය: F. catus
ද්වීපද නාමය
Felis catus
බළලා

බළලා මිනිසා විසින් ගෘහස්තව ඇති කරන අතර ඇතැම් බළල් විශේෂ වනචාරීව වෙසෙයි.ෆෙලිඩේ කුලයට අයත් එකම ගෘහස්ථ සත්ත්වයා වෙයි. මිනිසා විසින් ගොවි යුගයේදී හීලෑ කරගත් සතෙකි.මිනිසා විසින් රැස්කරගත් ආහාර විනාශ කිරීම සදහා පැමිණුන මීයන් වැනි කරදරකාරී සතුන් ආහාරයට ගැනීම නිසා බළලා මිනිසා ගේ මිතුරකු විය.එසේම සුරතලයට ඇතිකරහැකි මිනිසාට වඩාත් මිත්‍රශීලී සතෙකි.බළල් විශේෂ 70 පමණ ලොව පුරා වාසය කරති.

බළලා කොටියා සිංහයා ආදී සතුන් එකම පවුලකට අයත්ය. සාමාන්‍ය බලළෙකුගේ ශරීර උෂ්ණත්වය 100.4°F-102.5°අතර වේ. සැඟවුන නිය,තියුනු රදනක දත්,මෘදු පතුල්,දියුණු ආඝ්‍රහණ ශක්තිය(ඉව) බළල් පවුලට පොදු දෙයකි.මිනිස් කනට නොඇසෙන තරංග සංඛ්යාතයකින් යුත් ශබ්ද ඔවුන්ට ඇසිය හැක. බළලුන්ගේ ශ්‍රව්‍ය පරාසය 48Hz-85kHz අතර වෙයි. කෙසේ වෙතත් බළලුන්ට පෙනීමේ දුර්වලතාවක් ඇත.එනම් ඔවුන් වර්ණ අන්ධයන්ය.වර්ණ නොපෙනුනද දෘෂ්ටිය ඉතා තියුණුය.බළළුන් සන්නිවේදනය සදහා ශබ්දය හා ශරීර භාෂාව හා රසායනික සංයෝග භාවිත කරති.විවිධ හැඟීම් පලකිරීමේදී එකිනෙකට වෙනස් ශබ්ද පිටකරති.ශරීරය ඇතිල්ලීම වලිගය එසවීම ආදී ශරීරික චලනයන් මගින් පණිවුඩ ලබා දෙයි.බළලුන් බළලුන් අතර සන්නිවේදනයේදී ශරීරයෙන් පිටකරන රසායනික සංයෝග විශේෂ තැනක් ගනී.පිරිමි සතුන් තම සීමාව ලකුණු කිරීමට මුත්‍රා යොදාගනී. මුත්‍රා සහ මළපහ සමග පිට කරන රසායන මගින් ස්ත්‍රී පුරුෂ බව,වයස වැනි තොරතුරු සන්නිවේදනය කරති.තවද බළලුන් කුප්පමේනියා(Acalypha indica) කෑමට රුචියක් දක්වතී.ඊට හේතුව එම ශාකයෙන් නිකුත් වන ගන්ධයයි. එම ගන්ධයට හේතුවන්නේ කුප්පමේනියා ශාකයේ ඇති ට්‍රාන්ස් - නෙප්ටාලැක්ටෝන් නම් රසායන ද්‍රව්‍යයයි.බළලුන්ට දහදිය දමන්නේ අත්ලටය.

බළලුන් සාමාන්‍යයෙන් යම් ආහාරයක් විශ්වාසයෙන් යුතුව කෑමට ගැනීමට පෙර තුන්වරක් දිවගා බලා හතරවෙනි වතාවේදී ආහාරයට ගනිති. එබැවින් බළලුන්ට කෑමත් සමග යම් බෙහෙතක් කැවීමට අවශ්‍ය නම් හතරවැනි කෑමපිඩ සමග එය දිය යුතුය.

බළලුන් සාමාන්‍යයෙන් දවසේ තුනෙන් දෙකක පමණ කාලයක් නිදා ගනී, එනම් අවුරුදු නවයක් වයසැති බළලෙකු ගත කර ඇත්තේ අවුරුදු තුනක් පමණි.අඳුරේදී බළලුන්ගේ මුත්‍රා සිතාගැනීමට බැරි තරම් උණුසුම් වේ. සාමාන්‍යයෙන් බළලෙකු දිනකට 2-4 වරක් මුත්‍රා කරනු ලබයි. බළලුන්ට පැණි රස නොදැනේ.වැඩි වශයෙන් බැළලියකට දකුණත හුරුවන අතර බළලෙකුට හුරුවන්නේ වම් අතය.

බළලුන්ට උරහිසත් පපුවත් යාකෙරෙන අකු ඇටයක් නැත.බළලුන්ට මුහුදු වතුර පානය කිරීමේ හැකියාව ඇත. එයට හේතුව බළලුන්ගේ වකුගඩු වලඇති සංඛීර්ණ යාන්ත්‍රණයක් මගින් වතුරෙන් ලුණු ඉවත්කළ හැකි වීමය.ක්ෂීරපායි සතුන් සහ කුරුල්ලන් ඇතුළු සත්ව විශේෂ 33ක් මිහිතලයෙන් තුරන්වීමට බළලුන් හේතුවී ඇත. එම සත්ව විශේෂ වඩාත්ම වැඩි ව්‍යාප්තියකින් යුතු සත්ව විශේෂ 100 ට අයත්වේ.බළලෙකු හිමිකරු අසල සිටී නම් සහ එහි වලිගය වෙව්ලන්නේ නම්, මෙයින් අදහස් කරන්නේ සත්වයා ඉහළම ප්‍රේමය පෙන්වන බවයි.

ආශ්‍රිත

Tags:

ක්‍ෂීරපායී

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවමල්එක්සත් ජාතීන්ගේ සංවිධානයඅවුකන බුදු පිළිමයවිද්‍යාත්මක ක්‍රමයඋපායශීලී සැලසුම්කරණයකාර්මික විප්ලවයශ්‍රී ලංකා ජාතික ගීයමහා ඇලෙක්සැන්ඩ' රජමහවැලි ගඟනාට්‍ය කලාවඑක්සත් ජනපදයමහනුවර යුගයේ සිතුවම් කලාවරුහුණ විශ්වවිද්‍යාලයයඇමසෝන් වැසි වනාන්තරයඉසුරුමුණි කැටයම්නිවනහෝමෝ ඉරෙක්ටස්සබරගමුව පළාතස්වසන පද්ධතිය10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”සතර අගතිඑල්ලේ ක්‍රීඩාවේ රීතිබැක්ටීරියාබුලත්පොලිස් විමර්ශනතෝමස් අල්වා එඩිසන්නාලන්දා විද්‍යාලය, කොළඹහෘදයපිදුරුතලාගලඋපසර්ගශ්‍රී ලංකාවේ සිනමාවශ්‍රී ලංකාවේ ආගමික පසුබිමඅනුරාධපුර පෞරාණික නගරයකඩොලාන පරිසර පද්ධතියජේසුස් වහන්සේස්ත්‍රීවාදයමාඕ සේතුංබලශක්ති සංරක්‍ෂණයශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියප්‍රංශයසාම්ප්‍රදායික සිංහල සංගීත භාණ්ඩදෙවන පරාක්‍රමබාහු රජමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකශ්‍රී මහා බෝධිය, අනුරාධපුරඅපරාධඕපනායක යෝධ පුස් වැලසිංහල ක්‍රියා පදමහනුවරකාල් මාක්ස්සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ජපානයමුවාක්‍රීඩාඉස්ලාම්ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවලාදුරුපරිසර පද්ධතිකන්නගි අම්මන්කළමනාකරණයදුටුගැමුණු රජශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවසන්දේශ කාව්‍යමිරිසවැටියඅභයගිරි විහාරයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිසමාජානුයෝජනයකලා වැවඑස්‌. මහින්ද හිමිවිද්‍යාවසිංහල අකුරුදඹුල්ල රජමහා විහාරයමධ්‍යම සැකසුම් ඒකකයජාතික නාමල් උයනතිරසාර සංවර්ධනයයසෝදරාවතඅභිචාරාත්මක ප්‍රතිකාරබෞද්ධ පන්සල්🡆 More