ලියෝ ටෝල්ස්ටෝයි

ලෙව් නිකොල්විච්(නිකොලායි) ටෝල්ස්ටෝයි (1828 සැප්තැම්බර් 09 - 1910 නොවැම්බර් 20), යනු ‍ශ්‍රේෂ්ඨ රුසියානු සාහිත්‍යකරුවෙකි.

ඔහු විටෙක නවකතාකරුවකු, විටෙක නිබන්ධකයකු, විටෙක නාට්‍ය රචකයකු සහ තවත් විටෙක දර්ශණවාදියකු ලෙස තම ජීවන දර්ශණය ලොවට ඉදිරිපත් කළේය. මෙම සාහිත්‍යකරුවා ලෝකය තුළ වඩාත් ප්‍රචලිතව ඇත්තේ ලියෝ ටෝල්ස්ටෝයි යන නමිනි. මොහු පැසිස්ට්වාදී ක්‍රිස්තියානි විරුද්ධවාදියකු ලෙසද, අධ්‍යාපන සංස්කාරකයකු ලෙසද ප්‍රසිද්ධය. වංශවත් ටෝල්ස්ටෝයි පවුලේ සිටි වඩාත් නිර්මාණශීලි පුද්ගලයා වුයේ මොහුය.

ලියෝ ටෝල්ස්ටෝයි
ලියෝ ටෝල්ස්ටෝයි

ලියෝ ටෝල්ස්ටෝයිගේ ප්‍රශස්ත නිර්මාණ ලෙස සලකනු ලබන්නේ යුද්ධය සහ සාමය හා ඇනා කැරනිනා යන කෘතීන්ය. මෙම කෘතීන් ද්විත්වය 19 වන ශතවර්ෂයේ රුසියානු ජන ජීවිතය පිළිබඳ යථාරූපීව විස්තර කරනු ලබන යථාර්ථවාදී ආකෘතියෙන් ලියන ලද කෘතීන් වේ. දර්ශණවාදියකු ලෙස ඔහු තම කෘතීන් හරහා ඉදිරිපත් කළේ, අවිහිංසාව පිළිබඳ දර්ශණයයි. මෙම අදහස් ඔහු විසින් ලියන ලද ‘The Kingdom of God is within you’ කෘතියෙන් මොනවට පැහැදිලි වේ. මෙම අදහස් විසිවන ශතවර්ෂයේ මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨ මිනිසුන් වන මහත්මා ගාන්ධී, මාටින් ලූතර් කිං, ජේ.ආර්. යන අයගේ දර්ශණයන්ටද විශාල ලෙස බලපෑම් කළේය.

ලියෝ ටෝල්ස්ටෝයි
Yasnaya Polyana වල පිහිටි ටොල්ස්ටෝයිගේ සුසාන භූමිය

ටෝල්ස්ටෝයි තම කෘතීන් හරහා ඉදිරිපත් කරනු ලැබූ ජීවන දර්ශණය එවකට පැවති රුසියානු සමාජයේ පිළිබිඹුවක් බඳු විය. මැතිව් අනෝල්ඩ් විසින් වරෙක ප්‍රකාශ කරන ලද්දේ ටෝල්ස්ටෝයිගේ නිර්මාණ වූ කලී කලාවක් නොව ජීවිතයෙන් කොටසක් බවයි. මොහුගේ කීම සනාත කරමින් ඉසැක් බාබෙල් වරෙක කියා සිටියේ තමන්ට ලිවීමට හැකි නම් ලෝකය තම පෑනෙන් ලියනු ඇත්තේ ටෝල්ස්ටෝයි ලියූ ආකාරයටම බවයි. ප්‍රකට ගත්කතුවරියක වන වර්ජිනියා වුල්ෆ්, 'ටෝල්ස්ටෝයි යනු ලෝකයේ සියළු නවකතාකරුවන්ගේ විශිෂ්ඨතමයා බව' කියා සිටියාය.

ටෝල්ස්ටෝයිගේ ප්‍රථම ග්‍රන්ථ ප්‍රකාශනය වුයේ ස්වයංචරිතාපදාන නවකතා ත්‍රිත්වයකි. ඒවා ළමාවිය, ගැටවරිය සහ තරුණ විය (1852 - 1856) ලෙස හැඳින්වීය. මෙම කෘතිවලින් කියැවෙන්නේ ධනවත් ඉඩම් හිමියකුගේ පුතකු විසින් තමා සහ තමාගේ පවුල යටතේ සේවය කරන්නන් අතර ඇති වෙනස වටහා ගත් ආකාරයයි. පසු කාලීනව ටෝල්ස්ටෝයි විසින් මෙම කෘති භාවාත්මක ඒවා බව කියමින් නොසලකා හැර ඇති නමුත්, එම කෘතීන් ටෝල්ස්ටෝයිගේ ජීවිතය පිළිබද වැදගත් සිද්ධීන් මතු කර ගැනීමේදී වැදගත්කමක් උසුලයි. එමෙන්ම මෙම කෘති මනුෂ්‍යයකු වර්ධනය වීමේදී ඔහුගේ ජීවන දර්ශණය කෙබඳු ආකාරයෙන් වෙනස් වේදැයි පෙන්වා දීමට හැකි විශ්ව සාධාරණීය කෘති ලෙස සැලකේ.

අමතර අවධානයට

  • Anarchism and religion
  • Christian vegetarianism
  • Leo Tolstoy bibliography
  • Leo Tolstoy and Theosophy
  • List of peace activists
  • Tolstoyan movement
  • Henry David Thoreau
  • War & Peace (2016 TV series)

සටහන්

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

ලියෝ ටෝල්ස්ටෝයි අමතර අවධානයටලියෝ ටෝල්ස්ටෝයි සටහන්ලියෝ ටෝල්ස්ටෝයි මූලාශ්‍රලියෝ ටෝල්ස්ටෝයි භාහිර සබැඳිලියෝ ටෝල්ස්ටෝයි

🔥 Trending searches on Wiki සිංහල:

කැලණියමෞර්ය අධිරාජ්‍යයඇසළ (ගස)විද්‍යාවබුද්ධාගමශ්‍රී ලංකාවේ වල් පැලැටිනිශ්ශංක මල්ල රජඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්යුනෙස්කෝකොරෝනා වෛරසයතැපැල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවැස්සඅතුරලියේ රතන හිමිඑනසාල්ඉන්දියාවසිංහල හින්දු අලුත් අවුරුද්දVesakමුදු කරවලාලෝකයේ රටවල්යුගල පද, සිංහල භාෂාවවිටමින්ගුණදාස කපුගේතිස්සමහාරාමයසුනාමි අනතුරු හැඟවීම හා වැළැක්වීමසිරිල් පොන්නම්පෙරුමක‍ඩොලානබෙලිලෙනතොටගමුවේ ශ්‍රී රාහුල හිමිමහ වැව් නාමාවලියමුරගලශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවගිනි කඳුශ්‍රී ලංකා කලු වදුරාලංකාරාමයයුද්ධමහා කාශ්‍යප රහතන් වහන්සේආවර්තිතා වගුවනාගරීකරණයසීගිරි ගීතිරසාර සංවර්ධනයපළමුවන විමලධර්මසූරිය රජදඹදෙණිය යුගයබර්ගර් ජනයාදෙමලිච්ච්චාසිංහබාහු රජසිඟාලෝවාද සූත්‍රයනාලන්දා විද්‍යාලය, කොළඹශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයසීගිරියලාදුරුකරපිංචාෂර්ලොක් හෝම්ස්ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවසිකුරු ග්‍රහලොවනව අරහාදී බුදුගුණJalani premadasaබුද්ධදාස රජඅමරදේවබෞද්ධ භාවනාමුගලන් රහතන්වහන්සේලිංගික සංසර්ගයකැලණිය රජ මහා විහාරයකොළඹ ජාතික කෞතුකාගාරයශ්‍රී ලංකාවේ පුරාවස්තුස්වයං වින්දනයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරතනි වචන (සිංහල භාෂාව)සොංක්‍රන් (තායිලන්තය)ගෞතම බුද්ධ පරිනිර්වාණයජාතික ගීය - ශ්‍රී ලංකාආනාපාන සති භාවනාවශ්‍රී ලංකා නාවික හමුදාවකුප්පමේනියඅපරාධහිරු මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රාන්තිවීමේ උත්සවහෙළ ගණන් ක්‍රමය🡆 More