ටොලමියානු රාජවංශය

ටොලමියානු රාජවංශය /ˌtɒləˈmeɪ.ɪk/ (පුරාතන ග්‍රීක:Πτολεμαῖοι, Ptolemaioi) හෙවත් ඇතැම් අවස්ථාවන්හි ලැගිඩ්වරුන් /ˈlædʒɪdz/ හෝ ලැගිඩේ /ˈlædʒɪˌdiː/ (පුරාතන ග්‍රීක:Λαγίδαι, Lagidai, Iවන ටොලමිගේ පියා වූ ලැගස් අනුව යෙදුණකි) යනුවෙන් හැඳින්වෙන්නේ හෙලනිස්තික යුගයේ ඊජිප්තුවේ ටොලමියානු රාජධානිය පාලනය කළ මැසිඩෝනියානු සම්භවයක් සහිත ග්‍රීක ඔවුන්ගේ පාලනය වර්ෂ 275ක් පැවති අතර, එය ක්‍රි.පූ.

305 සිට 30 දක්වා පැවතිණි. මෙය පුරාතන ඊජිප්තුවේ අවසන් රාජවංශය ලෙස සැලකෙයි.

ටොලමියානු රාජවංශය
<
p
t
wAl
M
iis
ටොලමියානු රාජවංශය
ර‍ටපුරාතන ඊජිප්තුව, මැසිඩෝනියාව, මෝරිටේනියා
අභිධානපාරාවෝ, මැසිඩෝනියාවේ රජ, මෝරිටේනියාවේ රජ
මුල්ම රජටොලමි I සෝටර්
අවසන් රජක්ලියෝපැට්රා VIII
වත්මන් රජනෂ්ට වූ
ඇරඹුමක්‍රි.පූ. 305
ජනවර්ගයග්‍රීක
ටොලමියානු රාජවංශය
ටොලමි I සෝටර්.

ටොලමි, මහා ඇලෙක්සැන්ඩර්ගේ සෙන්පතීන්ගේ ආරක්ෂකයන් සත්දෙනාගෙන් අයෙකි. ක්‍රි.පූ. 323දී ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසු, ඔහුව ඊජිප්තුවේ ප්‍රදේශ රාජයා ලෙස නම් කරන ලදී. ක්‍රි.පූ. 305දී ඔහු තමන්ව Iවන ටොලමි ලෙස හඳුන්වා ගත්තේ ය. පසුකලෙක ඔහුව සෝටර් හෙවත් "ගැලවුම්කරුවා" ලෙස හැඳින්විණි.

ඊජිප්තුවරුන් මඳ කලෙකින්ම ටොලමිවරුන්ව, නිදහස් ඊජිප්තුවේ පාරාවෝවරුන්ගේ අනුප්‍රාප්තිකයින් ලෙස සලකන ලදී. ක්‍රි.පූ. 30දී රෝමය විසින් යටත් කරගන්නා තෙක්ම ටොලමිගේ පවුල විසින් ඊජිප්තුවේ පාලනය ගෙන යන ලදී.

මෙම රාජවංශයේ සියලුම පුරුෂ පාලකයින් ටොලමි යන නාමය භාවිතා කර තිබේ. ඇතැම් ටොලමියානු රාජ්‍ය කළ රැජිනියන් සිය සැමියන්ගේ සොයුරියන් වූ අතර ඔවුන්ව බොහෝවිට ක්ලියෝපැට්රා, ආර්සිනෝයි හෝ බෙරෙනිස් යන නාමයෙන් හැඳින්විණි. මෙම පෙළපතේ වඩාත් ප්‍රකට සාමාජිකයා මෙහි අවසන් රැජිනිය වූ VIIවන ක්ලියෝපැට්රා ය. ඇය ජුලියස් සීසර් සහ පොම්පේ අතර පැවති දේශපාලන අරගලවලදීත්, පසුව ඔක්ටේවියන් සහ මාක් ඇන්ටනි අතර ඇති වූ අරගලවලදීත් දැක්වූ දායකත්වය හේතුවෙන් ප්‍රකට වූවා ය. රෝම ආක්‍රමණයේ දී ඇය විසින් සිය දිවි හානි කරගැනීම ඊජිප්තුවේ ටොලමියානු පාලනයේ අවසානය සනිටුහන් කළේ ය.

ටොලමියානු පාලකයින් සහ බිසෝවරුන්

මෙහි වරහන් තුළ දක්වා ඇති දිනයන් ටොලමියානු පාරාවෝවරුන්ගේ රාජ්‍ය වර්ෂයන් වේ. ඔවුහු බොහෝ විට සිය භාර්යාවන් සමග හවුල් පාලනයක් ගෙනගියෝ ය. බොහෝ විට මෙම භාර්යාවන් ඔවුන්ගේම සොයුරියන් විය. රැජිනියන් කිහිප දෙනකු විසින් රාජ්‍ය අධිකාරය හොබවා තිබේ. මේ අතරින් අවසාන මෙන්ම සුප්‍රකටම රැජිනිය ක්ලියෝපැට්රා ("ක්ලියෝපැට්රා VII ෆිලොපේටර්", ක්‍රි.පූ. 51–30) ය. ඇය ඇගේ සොයුරන් දෙදෙනා සහ පුත්‍රයා සමග ගෙනගිය හවුල් පාලන සමයේ ක්‍රියාකාරී පාලකයා වූයේ ඇයයි. අවසන් පාලකයින් අංකනය කිරීම සඳහා නොයෙකුත් ක්‍රමවේද භාවිත වී ඇත. මෙහි භාවිත ක්‍රමය නූතන විද්වතුන් විසින් වඩාත් බහුලව භාවිතා කෙරෙන ක්‍රමයයි.

ටොලමියානු පවුල් ගස

ටොලමියානු රාජවංශයේ සෙසු සාමාජිකයින්

  • ටොලමි කෙරෝනොස් (ක්‍රි.පූ. 279දී මියගිය) - ටොලමි I සෝටර්ගේ වැඩිමහල්ම පුත්‍රයායි. ක්‍රමයෙන් මැසිඩෝනියාවේ රජු බවට පත් විය.
  • ටොලමි ඒපියන් (ක්‍රි.පූ. 96දී මියගිය) - ටොලමි VIII ෆිස්කන්ගේ පුත්‍රයායි. සිරෙනයිකාවේ රජු ලෙස පත්කෙරිණි. සිරෙනයිකාව රෝමයට පවරා දුන්නේ ය.
  • ටොලමි ෆිලඩෙල්ෆස් (ක්‍රි.පූ. 36දී උපන්) - මාක් ඇන්ටනි සහ VIIවන ක්ලියෝපැට්රාගේ පුත්‍රයායි.
  • මෝරිටේනියාවේ ටොලමි (ක්‍රි.ව. 40දී මියගිය) - නුමිඩියාවේ සහ මෝරිටේනියාවේ රජු වූ IIවන ජුබාගේත්, VIIවන ක්ලියෝපැට්රා හා මාක් ඇන්ටනිගේ දියණිය වූ ක්ලියෝපැට්රා සෙලීන් IIගේ පුත්‍රයායි. මෝරිටේනියාවේ රජු ය.

වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණය

වර්තමාන විද්වතුන් පවසන්නේ ටොලමියානු රාජවංශයේ බොහෝ දෙනා අධික ස්ථූලභාවයෙන් පෙළුණු බවයි. එයට හේතුව ප්‍රතිමා සහ කාසිවල දැක්වෙන් ඔවුන්ගේ රූපවල නෙරා ආ ඇස් සහ ඉදිමුණු ගෙල සහිත බැවිනි. කුටුම්භීය ග්‍රේව්ස් රෝගය මගින් ඔවුන්ගේ ඉදිමුණු ගෙල සහ නෙරා ආ ඇස් (උදක්ෂිය) පිළිබඳ විස්තර කළ හැක.

මෙම සොයාගැනීම් පිළිබඳ කුටුම්භීය ස්වරූපයෙන් සොයාබලන විට, මෙම රාජවංශයේ සාමාජිකයන් බහු-ඉන්ද්‍රිය ෆයිබ්‍රෝටික තත්ත්වයකින් පෙළෙන්නට ඇති බව පෙනේ. මෙම තත්ත්වය අර්ඩ්හයිම්-චෙස්ටර් රෝගය හෝ කුටුම්භීය බහු කේන්ද්‍රීය ෆයිබ්‍රොස්‍ක්ලෙරෝසිස් ත්ත්වයක් විය හැක.

පින්තූර ගැලරිය

මේවාත් බලන්න

  • සෙලියුකිඩ් පාලකයින් ලැයිස්තුව
  • හෙලනිස්තික යුගය
  • පුරාතන ඊජිප්තුවේ ඉතිහාසය
  • ටොලමියානු නියෝග
  • ටොලමියානු පාරාවෝවරුන්ගේ ලැයිස්තුව

මූලාශ්‍ර

වැඩිදුර කියවීමට

  • සුසෑන් ස්ටීවන්ස්, Seeing Double. Intercultural Poetics in Ptolemaic Alexandria (බර්ක්ලේ, 2002).
  • ඒ. ලැම්පෙලා, Rome and the Ptolemies of Egypt. The development of their political relations 273-80 B.C. (හෙල්සින්කි, 1998).
  • ජේ. ජී. මැනිං, The Last Pharaohs: Egypt Under the Ptolemies, 305-30 BC (ප්‍රින්ස්ටන්, 2009).

බාහිර සබැඳි


Tags:

ටොලමියානු රාජවංශය ටොලමියානු පාලකයින් සහ බිසෝවරුන්ටොලමියානු රාජවංශය ටොලමියානු පවුල් ගසටොලමියානු රාජවංශය ේ සෙසු සාමාජිකයින්ටොලමියානු රාජවංශය වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණයටොලමියානු රාජවංශය පින්තූර ගැලරියටොලමියානු රාජවංශය මේවාත් බලන්නටොලමියානු රාජවංශය මූලාශ්‍රටොලමියානු රාජවංශය වැඩිදුර කියවීමටටොලමියානු රාජවංශය බාහිර සබැඳිටොලමියානු රාජවංශයඊජිප්තුවඋදවු:IPA/Englishග්‍රීක ජනයාපුරාතන ඊජිප්තුවපුරාතන ග්‍රීකවිකිපීඩියා:IPA for English

🔥 Trending searches on Wiki සිංහල:

ගෞතම බුද්ධ පරිනිර්වාණයසන්නිවේදනයපළමුවන විජයබාහු රජඩයලොග් ආසියාටාසිංහල වෙදකමශ්‍රී ලංකා නාවික හමුදාවරබින්ද්‍රනාත් තාගෝර්පොළොන්නරු යුගයශ්‍රී ලංකාවේ වල් පැලැටිව්‍යාපෘති කළමනාකරණයහින්නෝන්මාදයප්ලේටෝප්‍රේමසිරි කේමදාසනේටෝඍග් වේදහිරුශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවනග්නත්වයත්‍රිවිද්‍යාඅටමස්ථානඑඩ්මන් පිරිස් රදගුරුබෝවන රෝගසොලොස්මස්ථානශ්‍රී ලංකාවේ කම්කරු නීතියශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ප්ලූටෝශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්මයිකල් ජැක්සන්හුරුළු වැවඑක්සත් ජනපදයසමනලයාචෛත්‍යශ්‍රී ලංකා පොදුජන පෙරමුණපොන්නම්බලම් රාමනාදන්ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයමයිනාසිංහයාඅර්ජුන රණතුංගබැක්ටීරියාමුදු කරවලාසිංහල අක්ෂර මාලාවහරිතාගාර ආචරණයසෙංකඩගල පෙරහැර මංගල්‍යයආවර්තිතා වගුවනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ලෝක ජනගහනයදකුණු ආසියාවපෙරහැර - ශ්‍රී ලංකාසුදු බිංදුමවෘත්තීය අධ්‍යාපනයකොට්ටම්බාආපදා‍ කළමනාකරණයපොළොන්නරුව වටදාගෙයඅලෙවිකරණයදැල්පන්දුඋඩුනුවර ලංකාතිලක විහාරයනව අරහාදී බුදුගුණශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයඑස්‌. මහින්ද හිමිඉරානයආසියාවශ්‍රී ලංකාවේ ජාතික සංකේතයාපහුව බලකොටුවසතර සතිපට්ඨානයසිදත් සඟරාවඅධ්‍යාපනයඇඩොල්ෆ් හිට්ලර්ලක්දිව රාජාවලියඑස් පහ (5S) ක්‍රමයශ්‍රී ලංකාවේ අපරාධකැලණියසූත්‍ර පිටකයඅඹදුන්හිඳ ඇල්ලඑක්සත් රාජධානියකඩවත🡆 More