ඊජිප්තුවේ Xivවන ටොලමි

‍ටොලමි XIV (ග්‍රීක: Πτολεμαῖος, Ptolemaĩos, දිවිය ක්‍රි.පූ.

60/59–44; රාජ්‍ය සමය ක්‍රි.පූ. 47 –44) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ XIIවන ටොලමි රජුගේ පුත්‍රයෙකි. එසේම ඔහු ඊජිප්තුවේ ටොලමියානු රාජවංශයේ අවසන් සාමාජිකයන් අතුරින් අයෙකි. සිය වැඩිමහල් සොයුරා වූ ඊජිප්තුවේ XIIIවන ටොලමිගේ මරණින් පසු ක්‍රි.පූ. 47 ජනවාරි 13 දින ඔහු පාරාවෝ ලෙස ප්‍රකාශ කෙරුණු අතර, ඔහු අනෙක් පාරාවෝ ලෙස ක්‍රියාකළ සිය වැඩිමහල් සොයුරිය වූ ඊජිප්තුවේ VIIවන ක්ලියෝපැට්රාගේ සම-අනුරාජයා ලෙස කටයුතු කළේ ය. ඔහු සහ ක්ලියෝපැට්රා විවාහ වුවත්, ක්ලියෝපැට්රා රෝම ආඥාපති ජූලියස් සීසර්ගේ පෙම්වතිය ද වූවා ය. ටොලමි විසින් රාජ්‍ය කළේ නාමිකව යැයි සැලකේ. සැබැවින්ම රාජාධිකාර බලය පැවතියේ ක්ලියෝපැට්රා සතුවයි. ක්‍රි.පූ. 44 මාර්තු 15 දින රෝමයේ දී මාකස් ජූනියස් බෲටස් සහ ගේයස් කැෂියස් ලොංගිනස් ඇතුළු කුමන්ත්‍රණකරුවන් පිරිසක් විසින් සීසර්ව ඝාතනය කරන ලදී. ඉන් මඳ කලකට පසු ටොලමි ද මියයන්නට ඇත. ක්‍රි.පූ. 44 ජූලි 26 දිනට අයත් ශිලාලේඛනයක ඔහු ජීවත්ව සිටි බව දක්වා ඇත. ක්ලියෝපැට්රා, සීසර්ට දාව උපන් සිය පුත්‍රයා වූ ටොලමි XV සිසේරියන් සිය සම-අනුරාජයා ලෙස පත්කරගැනීමේ අරමුණින් ඔහුව ඇකනයිට් ලබා දී ඝාතනය කළ බවට අදහසක් පැවතුණ ද, එය සනාථ වී නොමැත. ක්‍රි.පූ. 44 සැප්තැම්බර් 2 දින සිසේරියන්ව ඇගේ සම-අනුරාජයා ලෙස පත්කෙරිණි. ක්ලියෝපැට්රාගේ අදහස වූයේ ඔහුව ඔහුගේ පියාගේ අනුප්‍රාප්තිකයා ලෙස නම් කිරීමටයි.

ඊජිප්තුවේ Xivවන ටොලමි
XIVවන ටොලමි නිරූපිත රුවක්

පෙළපත

බාහිර සබැඳි

ඊජිප්තුවේ XIVවන ටොලමි
උපත: ක්‍රි.පූ. 60 පමණ මරණය: ක්‍රි.පූ. 44
පූර්වප්‍රාප්තිකයා
ක්ලියෝපැට්රා VII සහ ටොලමි XIII
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 47–44
ක්ලියෝපැට්රා VII සමග
අනුප්‍රාප්තික
ක්ලියෝපැට්රා VII සහ ටොලමි XV සිසේරියන්

Tags:

ඊජිප්තුවඊජිප්තුවේ XIIIවන ටොලමිඊජිප්තුවේ XIIවන ටොලමික්ලියෝපැට්රාග්‍රීක භාෂාවජූලියස් සීසර්ටොලමියානු රාජවංශයපාරාවෝරෝමයසිසේරියන්

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල වෙදකමප්ලේටෝශ්‍රී ලංකාවේ නීති පද්ධතියරබින්ද්‍රනාත් තාගෝර්තාක්‍ෂණයකටුස්සාඋභය ජීවීන්බ්‍රහස්පති ග්‍රහයාශ්‍රී ලංකාව ආවේණික මසුන්ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවශ්‍රී ලංකාවේ දාගැබ්භගමණියශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවඅර්ජුන රණතුංගචතුරාර්ය සත්‍යයවිර පුරන් අප්පුසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩායූටියුබ්සිංහල න-ණ ල-ළ බේදයසිංහල ප්‍රස්ථාව පිරුළුකන්‍යාභාවයසුසන්තිකා ජයසිංහඅශ්වයාඅධ්‍යාපනයෆාහියන් හිමිදළදා පෙරහැර‍දේශගුණික විපර්යාසලෝවාමහාපායක්‍රිස්තියානි ආගමමහාද්වීපගොක් කලාවකාර්මික විප්ලවයබදුලු ටැම් ලිපියකඩොලාන පරිසර පද්ධතියවිටමින්රණතුංග කරුණානන්දසාගර විද්‍යාවමාර්ටින් වික‍්‍රමසිංහමහා මංගල සුත්‍රයශ්‍රී ලංකාවේ සංගීතයනාඅකුණුතිරසාර සංවර්ධනයගම්පහ පාසල් නාමාවලියසේනක බිබිලේසෙනසුරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ විදුලි බලයශ්‍රී ලංකාවේ වල් පැලැටිශ්‍රී ලංකා රුපියලපොළොන්නරුව පෞරාණික නගරයකොස්අභය වැවශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයබුද්ධඝෝෂ හිමිමහාවංශයනේටෝහෝමෝ හැබිලිස්ආතර් වී. දියෙස්නව යොවුන්වියපෘතුගීසි ලංකාවශ්‍රී ලංකාවේ ආදි වාසීන්ආර්ථික විද්‍යාවශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවනන්දා මාලනීදෙමළ ජනතාවපරිගණක ජාලපරිගණක මෘදුකාංගසුළඟග්‍රාම නිලධාරීඉතිහාසයකොහොඹා කංකාරියඅනුරාධපුර පෞරාණික නගරයස්වාභාවික උපද්‍රවමොණර කුඩුම්බියශ්‍රී ලංකාවවොලිබෝල්ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුව🡆 More