ඊජිප්තුවේ Ivවන බෙරෙනිස්: ඊජිප්තුවේ රැජින

බෙරෙනිස් IV එපිෆේනියා (ග්‍රීක: Βερενίκη; ක්‍රි.පූ.

77–55) යනු ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ උපත ලැබූ සහ මරණයට පත්වූ ටොලමියානු රාජවංශයේ ග්‍රීක කුමරියකි.

බෙරෙනිස් IV
ඊජිප්තුවේ රැජින
රාජ්‍ය සමයක්‍රි.පූ. 58–55
අනුප්‍රාප්තිකයාටොලමි XII ඕලීට්ස්
උපතක්‍රි.පූ. 77
ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව
මරණයක්‍රි.පූ. 55
ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව
භූමදානයඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව
වල්ලභයාසෙලියුකස් VII කයිබියෝසැක්ටෙස්
ආර්චෙලෝස්
සම්පූර්ණ නාමය
බෙරෙනිස් IV එපිෆේනියා
වංශයටොලමියානු රාජවංශය
පියාටොලමි XII ඕලීට්ස්
මවඊජිප්තුවේ Vවන ක්ලියෝපැට්රා

චරිතාපදානය

බෙරෙනිස් යනු ටොලමි XII ඕලීට්ස් සහ බොහෝවිට ක්ලියෝපැට්රා V ට්‍රිෆේනා‍ගේ දියණියයි. ඇය සුප්‍රකට VIIවන ක්ලියෝපැට්රා (රෝම සෙන්පතීන් වූ ජුලියස් සීසර් සහ මාක් ඇන්ටනිගේ පෙම්වතිය) රැජින, IVවන ආර්සිනෝයි, XIIIවන ටොලමි සහ XIVවන ටොලමි යන අයගේ සොහොයුරිය ද වේ. ක්‍රි.පූ. 58දී, XIIවන ටොලමි සහ VIIවන ක්ලියෝපැට්රා රෝමය වෙත පලාගියේ අතිශයින් බලවත්ව සිටි බෙරෙනිස්ගේ වැඩිමහල් සොයුරිය වූ ක්ලියෝපැට්රා VI ට්‍රිෆේනාට එරෙහිව දේශපාලනික සහ යුධ ආධාර ලබාගනු පිණිසයි. ක්‍රි.පූ. 57දී ට්‍රිෆේනා මියගිය පසු (බෙරෙනිස් විසින් වස ලබාදුන්නා විය හැක), 20වන වියේ පසුවූ බෙරෙනිස් ඊජිප්තුවේ තනි පාලකයා බවට පත්වූවා ය. ඇගේ පියා සහ ක්ලියෝපැට්රා නොසිටීම නිසා තමන් සිහසුනෙන් නෙරපනු හෝ දඬවම් පමුණුවනු ඇතැයි බියවීමට ඇයට කිසිදු හේතුවක් නොවිණි.

ඊජිප්තුව පාලනය කළේ හුදකලා කාන්තාවක බැවින්, ඇය පුරුෂයකු හා විවාහ වී ඔහුව සිය සම-අනුරාජයා ලෙස පත්කරගනු ඇතැයි අන්‍යයන් අපේක්ෂා කළහ. ඇය එසේ සිදු නොකළ විට ඇගේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ ඇයට සෙලියුකස් VII කයිබියෝසැක්ටෙස් කුමරු සමග විවාහ වන ලෙස බලකළහ. නමුත් ඔහුගේ ගෙල සිරකොට මරා දැමූ ඇය ඊජිප්තුවේ අසහාය පාලිකාව ලෙස රාජ්‍ය පාලනය කළා ය. බෙරෙනිස් විවාහය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්‍ ටොලමියානු රාජ්‍ය සමය බිඳවැටේ යැයි ජනතාව බියවූහ. ඇය විලාසිතා සහ සැපසම්පත් කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ හෙයින් ඇගේ වියදම් ඉහළ ගිය බව ද විශ්වාස කෙරේ. පසුව ඇය ආර්චෙලෝස් සමග විවාහ වූව ද, ඔහු ‍ඇගේ සම-අනුරාජයා නොවී ය. ආර්චොලෝසිව කැපඩොෂියාවේ කොමානාහි ප්‍රධාන පූජකවරයා ලෙස පත්කළේ පොම්පේ විසිනි. ඔහු පොන්ටස්හි VIවන මිත්රිඩේටස් රජුගේ පුත්‍රයකු යැයි සැලකේ. නමුත් ස්ට්‍රාබෝ සඳහන් කරන්නේ ආර්චෙලෝස්ගේ පියා පළමු මිත්රිඩේටික යුද්ධයේ දී VIවන මිත්රිඩේටස්ගේ සෙන්පතියකු වූ ආර්චෙලෝස් නැමැත්තකු බවයි. ඔහු රෝමවරුන්ට එරෙහිව කැරැලි ගැසූ අයෙකි.

ක්‍රි.පූ. 55දී ඕලස් ගැබිනියස්ගේ නායකත්වයෙන් යුත් රෝමවරුන්ගේ ආධාර ඇතිව ඇගේ පියා විසින් සිහසුන යළි හිමිකරගැනීමත් සමග බෙරෙනිස්ගේ රාජ්‍ය සමය අවසන් විය. එහිදී බෙරෙනිස්ගේ හිස ගසා දමන ලදී. ස්ට්‍රාබෝ පවසන පරිදි, ගැබිනියස් සමග පෙර මිත්‍ර සබඳතා පැවැත්වූ ආර්චෙලෝස් ගැබිනියස්ගේ හමුදාවට එරෙහි සටනක දී මියගොස් ඇත.

පෙළපත

මේවාත් බලන්න

  • සිරියානු පාලකයින් ලැයිස්තුව
  • සිරියානු ඉතිහාසයේ කාලරේඛාව

මූලාශ්‍ර

ප්‍රභව

  • ඩියෝ කැෂියස් 39.12 - 39.14, 39.55 - 39.58
ඊජිප්තුවේ IVවන බෙරෙනිස්
උපත: ක්‍රි.පූ. 77 පමණ මරණය: ක්‍රි.පූ. 55
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ටොලමි XII
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 58-55
ක්ලියෝපැට්රා VI සමග
අනුප්‍රාප්තික
ටොලමි XII

Tags:

ඊජිප්තුවේ Ivවන බෙරෙනිස් චරිතාපදානයඊජිප්තුවේ Ivවන බෙරෙනිස් පෙළපතඊජිප්තුවේ Ivවන බෙරෙනිස් මේවාත් බලන්නඊජිප්තුවේ Ivවන බෙරෙනිස් මූලාශ්‍රඊජිප්තුවේ Ivවන බෙරෙනිස් ප්‍රභවඊජිප්තුවේ Ivවන බෙරෙනිස්ඊජිප්තුවග්‍රීක භාෂාවටොලමියානු රාජවංශය

🔥 Trending searches on Wiki සිංහල:

සැළලිහිණි සන්දේශයඋසස් පෙළ දේශපාලන විද්‍යාවආවර්තිතා වගුවඅභයගිරි දාගැබවිකිපීඩියාගෞතම බුද්ධ පරිනිර්වාණයහෙන්රි ස්ටීල් ඕල්කට්යූටියුබ්නව යොවුන්වියනේටෝඔස්ට්‍රලෝපිතකස්නාගදීප පුරාණ විහාරයශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තරශිෂ්‍යත්ව විභාගයවිවාහයමින්නේරිය වැවසමාධි බුදු පිළිමයබුධත්‍යාග (නීතිය)ශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයබිතු සිතුවම්ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයමඩොල් දූවගෞතම බුදුරජාණන් වහන්සේසාර ධර්මසියඹලානීතියමහාභාරතයදළදා වහන්සේමුවාකෘත්‍රීම බුද්ධියශ්‍රී ලංකාවේ අධ්‍යාපනයපින්නවල අලි අනාථාගාරයසිකුරු ග්‍රහලොව1000000000000 (number)මහාද්වීපඅනුර කුමාර දිසානායකදඹදෙණිය යුගයචතුරස්‍රයවැහි ලිහිණියාතාරුණ්‍යය හා විවේකයත්‍රිකුණාමලය වරායදියලුම ඇල්ලසමලිංගිකතාවකුට්ටම් පොකුණබහු මාධ්‍යයපිළිකානොබෙල් ත්‍යාගයලංකා ඉතිහාසය-මහාවංශය යනුDVD-Audioතත්පරයවලාකුළු පරිගණනයමහියංගනය රජ මහා විහාරයසිංහල අලුත් අවුරුද්දහෘදයපලතුරු වර්ග ලැයිස්තුවබොරතෙල්ශ්‍රී දළදා මාළිගාවශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජශ්‍රී ලංකා ජාතික කොඩියකුඩාපොළ හිමිසකස්කඩඩොල්ෆින්ප්‍රතිචක්‍රීයකරණයහේන් ගොවිතැනදළදා පෙරහැරශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලකාලයමිත්‍රත්වයශ්‍රී ලංකාව ආවේණික මසුන්හෙද සේවයෙහි ඉතිහාසයග්‍රහලෝකදියවැඩියාවෙහි රෝග ලක්ෂණශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයගෞතම බුදුන්ගේ ධාතූන්🡆 More