ටොලමි Xiii තියොස් ෆිලොපේටර්

ටොලමි XIII තියොස් ෆිලොපේටර් (ග්‍රීක:Πτολεμαῖος Θεός Φιλοπάτωρ, Ptolemaĩos Theós Philopátōr, දිවිය ක්‍රි.පූ.

62/61 – ක්‍රි.පූ. 47 ජනවාරි 13?, ක්‍රි.පූ. 51 සිට රාජ්‍ය පාලනය කොට ඇත) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ ටොලමියානු රාජවංශයේ (ක්‍රි.පූ. 305–30) අවසන් සාමාජිකයන් අතුරින් අයෙකි.

ටොලමි Xiii තියොස් ෆිලොපේටර්
කොම් ඔම්බෝ දෙවොලෙහි XIIIවන ටොලමි සහ අයිසිස් දෙවඟන නිරූපිත කැටයමක්

ඊජිප්තුවේ සම-අනුරාජයා සහ අභ්‍යන්තර අරගල

ඊජිප්තුවේ XIIවන ටොලමි පාරාවෝවරයාගේ (ක්‍රි.පූ. 80–58 සහ ක්‍රි.පූ. 55–51) පුත්‍රයා වූ මොහු ක්‍රි.පූ. 51 වසන්ත ඍතු‍වේ දී සිය වැඩිමහල් සොයුරිය වූ ඊජිප්තුවේ VIIවන ක්ලියෝපැට්රා (ක්‍රි.පූ. 69–30) සමග විවාහ වී සම-අනුරාජයා ලෙස සිහසුනට පත් විය. ක්‍රි.පූ. 50 ඔක්තෝබර් මස XIIIවන ටොලමි සිය සොයුරියගේ ජ්‍යෙෂ්ඨ පාලකයා ලෙස පත්කෙරිණි. පණ්ඩක පොතිනියස් ඔහුගේ අනුරාජයා ලෙස කටයුතුකළේ ය.

ක්‍රි.පූ. 48 වසන්ත ඍතුවේ දී, XIIIවන ටොලමි සහ පොතිනියස් එක්ව VIIවන ක්ලියෝපැට්රාව සිහසුනෙන් නෙරපීඹට උත්සාහ කළහ. එයට හේතුව රැජිනක ලෙස ඇගේ තත්ත්වය ඉහළ යමින් පැවතීමයි. උදාහරණ ලෙස XIIIවන ටොලමිගේ නාමය නිල ලේඛනවල සටහන් නොවූව ද, ඇගේ රුව කාසිවල පවා සටහන් විණි. ටොලමි ප්‍රධාන පාලකයා ලෙස පත්වීඹට අදහස් කළේ ය. නමුත් සිහසුන පිටුපස සිටි බලවේගය පොතිනියස් ය.

සිවිල් යුද්ධය

XIIIවන ටොලමි සහ පොතිනියස් එක්ව ක්ලියෝපැට්රාව සිරියාව වෙත පලවා හැරියහ. නමුත් එහිදී ඇගේම සේනාවක් සංවිධානය කළ ක්ලියෝපැට්රා ඊජිප්තුව තුළ සිවිල් යුද්ධයක් ඇරඹූවා ය. මෙම තත්ත්වය වඩාත් තීව්‍ර කරමින් මඳ කලෙකින්ම ඔවුන්ගේ අනෙක් සොයුරිය වූ ඊජිප්තුවේ IVවන ආර්සිනෝයි (රාජ්‍ය. ක්‍රි.පූ. 48-47) ඊජිප්තුවේ රැජින ලෙස සිහසුනට හිමිකම් පාන්නට වූවා ය.

මේ අවස්ථාවේ පරාජිත රෝම සෙන්පතියකු වූ මහා පොම්පේ තමන් පසුපස ලුහුබැඳි සිය සතුරා වූ ජුලියස් සීසර් ගෙන් බේරීමට සරණ පතා ඊජිප්තුව වෙත පැමිණියේ ය. මුලින් එම ආයාචනය XIIIවන ටොලමි විසින් පිළිගත් නමුදු, ක්‍රි.පූ. 48 සැප්තැම්බර් 29 දින සීසර්ගේ ප්‍රසාදය ලබාගැනීමේ අරමුණින් ඔහු පොම්පේව මරා දැමීමට අණකළේ ය. සීසර් පැමිණි පසු ඔහු වෙත ඔහුට ඔහුගේ පැරණි මිතුරකු වූ මියගිය සතුරු පොම්පේගේ හිස පිළිගැන්විණි. නමුත් වාර්තා අනුව, ප්‍රීතියට පත්වනු වෙනුවට අප්‍රසාදය පලකළ සීසර්, පොම්පේගේ දේහයට නිසි රෝම භූමදානයක් ලබා දීමට කටයුතු කළේ ය. මේ අතර VIIවන ක්ලියෝපැට්රා සීසර්ගේ ප්‍රදානය දිනා ඔහුගේ පෙම්වතිය බවට පත්වූවා ය. සීසර් විසින් පොතිනියස්ට දඬුවම් පමුණුවා VIIවන ක්ලියෝපැට්රාට නිල වශයෙන් සිහසුන හිමිකරදුන්නේ ය. නමුත් ඔහු කිසිදින නිල වශයෙන් XIIIවන ටොලමි සමග ඇගේ විවාහය කටුගා දැමූයේ නැත.

VIIවන ක්ලියෝපැට්රාව යළි සිහසුනෙන් නෙරපීමේ අරමුණින් යුතුව, XIIIවන ටොලමි IVවන ආර්සිනෝයි සමග සම්බන්ධ විය. VIIවන ක්ලියෝපැට්රාට පක්ෂපාතී හමුදාවට එරෙහිව ඔවුහු හවුලේ සේනා සංවිධානය කළහ. මෙම පාර්ශ්වයන් දෙක අතර යුද්ධය ක්‍රි.පූ. 48 දෙසැම්බර් මැද කාලයේ ඇලෙක්සැන්ඩ්‍රියාව තුළ සිදු විය. (ඇලෙක්සැන්ඩ්‍රියාව වටලෑම (ක්‍රි.පූ. 47)) මෙමගින් දැවැන්ත හානියක් සිදුවූ අතර, (ඇතැම් මූලාශ්‍ර අනුව) එහිදී ඇලෙක්සැන්ඩ්‍රියාවේ පුස්තකාලයට අයත් ඇතැම් ගොඩනැගිලි ගිනිබත් විය.

‍රෝම ආධාර පැමිණීමත් සමග නයිල්හි සටන (ක්‍රි.පූ. 47) ක්ලියෝපැට්රා සහ සීසර්ගේ පාර්ශ්වයට සුවිසල් ජයග්‍රහණයක් හිමිකළේ ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස XIIIවන ටොලමි නගරයෙන් පලාගියේ යත ක්‍රි.පූ, 47 ජනවාරි 13 දින නයිල් ගංගාව තරණයට උත්සාහ දැරී‍මේ දී XIIIවන ටොලමි දියේ ගිලී මරණයට පත්වූ බව වාර්තා වේ. ඔහු පලායන්නට උත්සාහ දැරුවේ ද, නැතහොත් ගිවිසුමකට උත්සාහ දැරූයේ ද යන්න පිළිබඳ මූලාශ්‍රවල තොරතුරු අවිනිශ්චිත ය. VIIවන ක්ලියෝපැට්රා ඊජිප්තුවේ අසහාය පාලකයා බවට පත්වූවා ය. නමුත් ඇය ඇගේ ලාබාල සොයුරා වූ ඊජිප්තුවේ XIVවන ටොලමි (ක්‍රි.පූ. 40) සිය නව සම-අනුරාජයා ලෙස නම්කළා ය.

ජනප්‍රිය සංස්කෘතිය තුළ

චලන චිත්‍රපටයක් වන ක්ලියෝපැට්රා (1963) තුළ ටොලමිගේ චරිතය නිරූපණය කරන්නේ රිචඩ් ඕ'සුලිවාන් විසිනි.

පෙළපත

සටහන්

මූලාශ්‍ර

බාහිර සබැඳි

ටොලමි XIII තියොස් ෆිලොපේටර්
උපත: ක්‍රි.පූ. 62 පමණ මරණය: ක්‍රි.පූ. 47 පමණ
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ටොලමි XII ඕලීට්ස් සහ ක්ලියෝපැට්රා VII
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 51–47 පමණ
ක්ලියෝපැට්රා VII සමග
අනුප්‍රාප්තික
ක්ලියෝපැට්රා VII සහ ටොලමි XIV

Tags:

ටොලමි Xiii තියොස් ෆිලොපේටර් ඊජිප්තුවේ සම-අනුරාජයා සහ අභ්‍යන්තර අරගලටොලමි Xiii තියොස් ෆිලොපේටර් සිවිල් යුද්ධයටොලමි Xiii තියොස් ෆිලොපේටර් ජනප්‍රිය සංස්කෘතිය තුළටොලමි Xiii තියොස් ෆිලොපේටර් පෙළපතටොලමි Xiii තියොස් ෆිලොපේටර් සටහන්ටොලමි Xiii තියොස් ෆිලොපේටර් මූලාශ්‍රටොලමි Xiii තියොස් ෆිලොපේටර් බාහිර සබැඳිටොලමි Xiii තියොස් ෆිලොපේටර්ඊජිප්තුවග්‍රීක භාෂාවටොලමියානු රාජවංශය

🔥 Trending searches on Wiki සිංහල:

මහියංගනයආනන්ද විද්‍යාලය, කොළඹසීගිරියේ ඉතිහාසයඅන්තර්ජාලයජංගම දුරකථනයේ උපතලිබියාවපෙර පාසල්ස්ත්‍රී පුරුෂ භාවයසොළොස්මස්ථානදරු නැලවිලි ගීමුඛ සංසර්ගයකොහොඹමිනිස් ඇසවැදි ජනයාව්ලැඩිමියර් ලෙනින්මුල් පිටුවඋෂ්ණත්වය මැනීමතල් ශාකයශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවතාරකා විද්‍යාවශ්‍රී ලංකාවේ ආදි වාසීන්අමාවතුරපුරාවිද්‍යාවඩොල්ෆින්දළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමමහ ඔයඅවසාදිත පාෂාණඑච්ටීඑම්එල්කෘෂි කර්මාන්තයවිෂ්ණුකන්‍යාභාවයසමාජානුයෝජනයටූපැක් ශාකූර්මුතියංගන චෛත්‍යයපුවත්පත්චියෑන් අධිරාජිනියශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිමහියංගනය රජ මහා විහාරයසමාජවාදයඩී.එස්. සේනානායකසිංහබාහුපුරාතන මිසරයකාංසා අක්‍රමතාවයපරිණාමයශ්‍රම බලකායමිනිස් ආහාර ජීරණ පද්ධතියබුද්ධ චරිතයක්‍රීඩාසිංහල අක්ෂර වින්‍යාසයජේතවනාරාමය, අනුරාධපුරනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ජලභීතිකාවගබ්සාවමනමේශ්‍රි ලංකාවේ පාසල්ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ අවස්ථාවේ පැවැති අඳුරශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවඌව වෙල්ලස්ස කැරැල්ලස්වභාවික පරිසරයසාහිත්‍යයශ්‍රී ලංකා ජාතික ගීයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිදුටුගැමුණු රජඩයලොග් ආසියාටාවැව්දේවානම්පිය තිස්ස රජබ්‍රිතාන්‍ය ලංකාවසිද්ධාර්ථ කුමරුයෝනි මාර්ගයගොටුකොලජුදාස් ඉස්කාරි‍යොත්මඩු දේවස්ථානයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිදියවැඩියාවවිර පුරන් අප්පුශ්‍රී ලංකාවේ ඉතිහාසයයුරෝපය🡆 More