ක්ලියෝපැට්රා I සයිරා

ක්ලියෝපැට්රා I සයිරා (ග්‍රීක: Κλεοπάτρα Σύρα; ක්‍රි.පූ.

204 පමණ - 176) යනුවෙන් හැඳන්වෙන්නේ සෙලියුකිඩ් අධිරාජ්‍යයේ කුමරියකි. විවාහයෙන් පසුව ඇය ටොලමියානු ඊජිප්තුවේ රැජින බවට පත්වූවා ය.

ක්ලියෝපැට්රා I සයිරා
ඊජිප්තුවේ රැජින
ක්ලියෝපැට්රා I සයිරා
උපතක්‍රි.පූ. 204 පමණ
මරණයක්‍රි.පූ. 176 හෝ ක්‍රි.පූ. 178/177
වල්ලභයාඊජිප්තුවේ Vවන ටොලමි
දරුවන්ඊජිප්තුවේ VIවන ටොලමි, ටොලමි VIII ෆිස්කන් සහ ඊජිප්තුවේ IIවන ක්ලියෝපැට්රා
රාජවංශයටොලමියානු
පියාමහා IIIවන ඇන්ටියෝකස්
මවලැඔඩිස් III

පවුල

Iවන ක්ලියෝපැට්රා, සෙලියුකිඩ් අධිරාජ්‍යයේ රජු වූ මහා IIIවන ඇන්ටියෝකස්ගේත් IIIවන ලැඔඩිස් රැජිනගේත් දියණිය වූවා ය. ක්‍රි.පූ. 193දී ඇය ඊපිප්තුවේ රජු වූ Vවන ටොලමි සමග විවාහ වූවා ය. ඔවුනට අවම වශයෙන් දරුවන් තිදෙනකුවත් සිට ඇත. එම දරුවන් නම්:

චරිතාපදානය

ක්‍රි.පූ. 197දී IIIවන ඇන්ටියෝකස් විසින් මුලින් ඊජිප්තුවේ ටොලමියානු රාජධානිය යටතේ පැවති සුළු ආසියාවේ නගර කිහිපයක් අල්ලා ගත්තේ ය. ක්‍රි.පූ. 196දී සෙලියුකිඩ් රජු සමග ලිසිමේකියාවේ ධී පැවති සාකච්ඡාවකින් පසු රෝමවරු ඊජිප්තුවට සහාය දැක්වූහ. එයට ප්‍රතිචාරයක් ලෙස Vවන ටොලමි සමග සාමදාන වීමට සිතූ IIIවන ඇන්ටියෝකස් සිය දියණිය වූ Iවන ක්ලියෝපැට්රාව Vවන ටොලමිට විවාහ කරදුන්නේ ය. ක්‍රි.පූ. 195දී ඔවුන් විවාහ ගිවිසගත් අතර, ක්‍රි.පූ. 193දී රේෆියාහි දී විවාහ මංගල්‍යය පැවැත්විණි. මේ වනවිට Vවන ටොලමි 16වන වියේ පමණ පසුවූ අතර, Iවන ක්ලයෝපැට්රාගේ වයස අවුරුදු 10ක් පමණ විය. පසුව, ටොලමියානු රජවරුන් පවසන්නට වූයේ Iවන ක්ලියෝපැට්රාගේ දෑවැද්ද ලෙස කොයිලි-සිරියා ප්‍රදේශය ලබාදුන් බැවින්, එම භූමිය නැවත ඊජිප්තුවට අයත් විය යුතු බවයි. නමුත් මේ පිළිබඳ තොරතුරු පැහැදිළි නැත. කෙසේනමුත්, ප්‍රායෝගිකව, ක්‍රි.පූ. පැනියම්හි සටනෙන් පසු කොයිලි-සිරියා ප්‍රදේශය සෙලියුකිඩ් භාරකාරීත්වය යටතේ පැවතිණි.

ඇලෙක්සැන්ඩ්‍රියාව තුළ Iවන ක්ලියෝපැට්රාව හඳුන්වන ලද්දේ සිරියානුවා යන නාමයෙනි. ටොලමියානු වන්දනාව අනුව ඇයට ඇගේ සැමියා සමග තියොයි එපිෆේන්ස් යන නාමයෙන් ගෞරව කෙරිණි. පුරාතන ඊජිප්තු සම්ප්‍රදාය අනුව, ඇයව Vවන ටොලමිගේ ඇඩෙල්ෆ් (=සොයුරිය) ලෙස ද හැඳින්විණි. ක්‍රි.පූ. 185දී මෙම්ෆිස්හි පැවති පූජක සභාවක දී, ක්‍රි.පූ. 196දී Vවන ටොලමි ලද ගෞරව නාමයන් සියල්ල (රොසෙටා පාෂාණයේ ලියා තිබේ) ඔහුගේ භාර්යාවට ප්‍රදානය කෙ‍රිණි.

ක්‍රි.පූ. 187දී, Iවන ක්ලියෝපැට්රා අමාත්‍යවරියක ලෙස පත්කෙරුණු අතර, ක්‍රි.පූ. 180දී ඇගේ සැමියාගේ මරණින් පසු ඇය සිය ලාබාල පුතු වූ VIවන ටොලමි වෙනුවෙන් රාජ්‍ය පානය මෙහෙයවූවා ය. ඊජිප්තුවේ තනි පාලකයා බවට පත් පළමු ටොලමියානු රැජින ඇයයි. මේ බව නිගමනය කළ හැක්කේ ක්‍රි.පූ. 179 සිට 176 දක්වා ලියැවුණු පැපිරසයන්හි සඳහන් සූත්‍ර අනුවයි. මේවායේ Iවන ක්ලියෝපැට්රාව තියා එපිෆේන්ස්ලෙස හඳුන්වා ඇති අතර, ඇගේ නාමය ඇගේ පුත්‍රයාගේ නාමයට ඉදිරියෙන් ලියා ඇත. ඇය විසින් ඇගේම කාසි නිකුත් කළ අතර, ඒවායේ ඇගේ නාමය ඇගේ පුතුගේ නාමයට ඉදිරියෙන් වේ.

2010 ජූනි 22වන දින, පුරාවිද්‍යාඥයින් විසින් ඇගේ රුව දරන රන් කාසියක් ලෙබනන් දේශසීමාව අසල ඊශ්‍රායලයේ ටෙල් කෙඩෙෂ් ප්‍රදේශයෙන් සොයාගන්නා ලදී. එය මෙතෙක් ඊශ්‍රායලයෙන් හමුවූ වඩාත් බරැති සහ වටිනාකමින් වැඩිම රන් කාසිය වේ.

සිය මරණයට මඳ කලකට පෙර Vවන ටොලමි සෙලියුකිඩ් රාජධානියට එරෙහිව යුද්ධයක් ඇරඹීමට සැලසුම් කළේ ය. නමුත් Iවන ක්ලියෝපැට්රා රාජ්‍ය පාලකයා බවට පත්වීමත් සමග, ඇය වහාම සිය සොයුරා වූ සෙලියුකස් IV ෆිලොපේටර්ට එරෙහි යුධ ප්‍රකාශය නැවැත්වූවා ය. ක්‍රි.පූ. 176 අවට දී Iවන ක්ලියෝපැට්රා මියගියා ය‍.

පෙළපත

සටහන්

ක්ලියෝපැට්රා I සයිරා
උපත: ක්‍රි.පූ. 204 මරණය: ක්‍රි.පූ. 176
පූර්වප්‍රාප්තිකයා
ටොලමි V
ටොලමියානු රාජවංශය
ක්‍රි.පූ. 193–176
ටොලමි V සහ ටොලමි VI සමග
අනුප්‍රාප්තික
ටොලමි VI ෆිලොමීටර්

මූලාශ්‍ර

  • ස්ටැහෙලින්, Kleopatra 14). තුළ: Realencyclopädie der Classischen Altertumswissenschaft, වෙළු. XI 1, 1921, col. 738-740.
  • වර්නර් හබ්, Ägypten in hellenistischer Zeit (හෙලනිස්තික යුගයේ ඊජිප්තුව). මියුනික් 2001, p. 499; 514f.; 535; 537-540.
  • ගන්තර් හෝල්බ්ල්, Geschichte des Ptolemäerreichs (ටොලමියානු අධිරාජ්‍යයේ ඉතිහාසය). ඩාර්ම්ස්ටැඩ්ට් 1994, p. 125; 127f.; 147f.; 153.

Tags:

ක්ලියෝපැට්රා I සයිරා පවුලක්ලියෝපැට්රා I සයිරා චරිතාපදානයක්ලියෝපැට්රා I සයිරා පෙළපතක්ලියෝපැට්රා I සයිරා සටහන්ක්ලියෝපැට්රා I සයිරා මූලාශ්‍රක්ලියෝපැට්රා I සයිරාඅගබිසවඊජිප්තුවටොලමියානු රාජවංශයපුරාතන ග්‍රීක

🔥 Trending searches on Wiki සිංහල:

නාමල් උඩුගමපහතරට නැටුම්ස්වභාවික වෘක්‍ෂලතාDVD-Audioසියඹලාශ්‍රී දළදා මාළිගාවමිනිස් ඇසපෘථිවිය මත මූලද්‍රව්‍යවල සුලභතාවශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තසිංහල පිල්ලම්කාලයශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවහේන් ගොවිතැනමහාසේන රජදිලීරසත්ත්‍ව විවිධත්වයනේටෝමිත්‍රත්වයවිකිපීඩියාසීගිරි බලකොටුවශාකබිසෝ කොටුවපරිගණක මෘදුකාංගඑල්ලේකන්‍යාභාවයඍතුගාලු කොටුවඋභය ජීවීන්හික්කඩුවේ සුමංගල තෙරණුවෝභික්ෂු සාසනයප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)සාරිපුත්ත රහතන්වහන්සේඅරයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිසෙම්ප්‍රතිශ්‍යාවඝනත්වයබර්ගර් ජනයාශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තරක්ෂුද්‍ර ජීවීන් සහ රෝගඅළු බදාදාශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවසතර සංග්‍රහ වස්තුඋකුස්සාඖෂධවේදයනාට්‍ය කලාවක්‍රි.ව.1818 පළමු නිදහස් සටනමධ්‍යම සැකසුම් ඒකකයපෙරහැර - ශ්‍රී ලංකාබෞද්ධ දිනදසුනකන්‍යා පටලයආනන්ද විද්‍යාලය, කොළඹමලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව්මුදල්මහින්ද රාජපක්ෂසිදත් සඟරාවහින්නෝන්මාදයසත්තුදුන්හිඳ ඇල්ලලෝකෝපකාරයශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයනාගරීකරණයවළි කුකුළාඇල්බට්‍ අයින්ස්ටයින්ජල චක්‍රයපෘතුගීසි ලංකාවසංචාරක කර්මාන්තයචාමර වීරසිංහවයඹ පළාත, ශ්‍රී ලංකාවවිධායක ඡනාධිපතිමහින්දාගමනයපෘථිවියෙහි භ්‍රමණයථේරවාද බුදු දහමශ්‍රී ලංකාවේ ආදි වාසීන්යුගල පද, සිංහල භාෂාව‍දේශගුණික විපර්යාස🡆 More