නව වසර

නව වසර යනු නව ලිත් වර්ෂයක් ඇරඹීම සනිටුහන් කරන දිනය වන අතර, කිසියම් විශේෂිත දින දසුනක භාවිත වන වර්ෂ ගණනය වර්ධනය වන දිනයද වෙයි.

බොහෝ සංස්කෘතීන්හී, මෙම අවස්ථාව කිසියම් ආකාරයකට උත්සවශ්‍රීයෙන් සැමරෙයි.

වත්මන ලොව පුරා භාවිත වන්නාවූ ග්‍රෙගෝරියානු දින දසුනෙහි නව වසර, රෝමානු දින දසුනෙහි පරිචයම අනුගමනය කරමින් ජනවාරි 1 දින සැමරෙයි. නව වසරෙහි ආගමනය ස්වීය අයුරින් ගණනය කරන්නාවූ හා ප්‍රාදේශීය ලෙසින් භාවිතා වන්නාවූ විවිධ දින දසුන් බොහෝමයක් පවතියි.

ග්‍රෙගෝරියානු දින දසුන

ග්‍රෙගෝරියානු දින දසුන භාවිතා කරන රටවල, සාමාන්‍ය වශයෙන් නව වසර දිනය සමරනු ලබන්නේ ජනවාරි 1 දිනදීය.

ප්ලුටාච් සහ මක්‍රොබියස් ට අනුව ක්‍රිපූ 700 දී පමණ නුමා පොම්පිලියස් රජගේ කාලයේදී සිට රෝමානු දින දසුනේ මාස පිළිවෙල ජනවාරි සිට දෙසැම්බර දක්වා විය. ක්‍රිස්තියානි චාරිත්‍රය අනුව, ජනවාරි 1 දින වන්නේ ජේසුස්වහන්සේගේ චර්මඡේදනය (උපතින් දින අටක් ගෙවුනු දින) දිනය වන අතර, එදිනදී එතුමාට ජේසුස් යන නම දෙන ලදි (ලූක් 2: 21). එතැන් පටන්, ජනවාරි1 දින වසරෙහි පළමු දිනය වූ අතර, මෙයින් බැහැර වුනේ මධ්‍යතන යුගවලදී වෙනත් දින කිහිපයක් පළමු දින වූ විට (මාර්තු1, මාර්තු 25, පාස්කු, සැප්තැම්බර් 1, දෙසැම්බර් 25) පමණි.[උපහරණ ඇවැසිය]

විසිවන සියවසෙහිදී බටහිර සංස්කෘතිය ලොව අනෙකුත් ප්‍රදේශයන්ට පැතිරීමත් සමගම, ජනවාරි 1 දින භාවිතය ගෝලීය සම්මතයක් බවට පත්වුනේ, වෙනත් දිනවලදී ස්වීය නව වසර උත්සව පවත්නා රටවල පවා (නිද., චීනය සහ ඉන්දියාව) භාවිතයට පත්වෙමිනි.

වර්තමානයේදී, නව වසර සැමරීම ලොව පුරා ප්‍රධාන උත්සවාංගයකි. නව වසරෙහි උදාව (දෙසැම්බර් 31) සමගම බොහෝ විශාල ගිණිකෙලි උත්සව හා සමගින් බොහෝ මහා-පරිමාණ උත්සවාංග ලොව පුරා ප්‍රධාන නගරයන්හී පැවැත්වෙයි.

නව වසර 
ග්‍රෙගෝරියානු නව වසර උත්සව 2006දී නිව්-යෝර්ක් නගරයෙහි පැවැත්වුනු අයුරු.

මධයම රාත්‍රියේදී, මිලියන එකහමාරකට වැඩි ජනකායක් ඉදිරිපිට, 80,000 කට වැඩි ගිණිකෙලි ප්‍රමාණයක් සිඩ්නි නගරයෙහිදී දල්වනලදි; 2009දී ලොව පුරා ‍රූපවාහිනී නාලිකා ඔස්සේ වඩාත්-නැරඹුනු ප්‍රචලිත උත්සවාංගයද වූයේ මෙයයි. වල්පරයිසෝ හිදී ස්වභාවික පසුතලයක සිට එළිදැක්වුනු විශාලතම ගිණිකෙලි සන්දර්ශනය නැරඹීමට දෙමිලියනයකට අධික ආගන්තුක පිරිසක් වරම් ලැබූහ; මෙය සමන්විත වූයේ වල්පරයිසෝ වාණිජ වරාය නගරයෙහි සිට කොන්කොන්, චිලි දක්වා මුහුදුබොක්කේ, මුළුමනින් කිලෝමීටර 21 කට වඩා වැඩි දුර ප්‍රමාණයක් තුල, විනාඩි 25 ක් තුල පැවැති ගිණිකෙලි සංදර්ශන වලිනි.


ආශ්‍රිත

Tags:

සංස්කෘතිය

🔥 Trending searches on Wiki සිංහල:

මොහන්දාස් කරම්චන්ද් ගාන්ධිඝනත්වයශ්‍රී දළදා මාළිගාවසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයනාසාපාරමිතාක්‍රිකට්පුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයනිෂ්පාදන හැකියා මායිමකොළඹ පාසල් නාමාවලියලක්දිව රාජාවලියගැලලියෝ ගැලලීඅහිකුණ්ඨකආසියාවසමාජවාදයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිනිල් මානෙල්ඉරානයසේනානායක සමුද්‍රයඋඩුනුවර ලංකාතිලක විහාරයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයඑක්සත් ජනපදයශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවමානව අයිතිවාසිකම්සෝනියා දිසාආකල්පරක්‍ෂණයපණිභාරතශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවඅඹආවර්තිතා වගුවධම්මපදයමුවා2004 සුනාමියඋඩරට ගිවිසුමසාරිපුත්ත රහතන්වහන්සේඅනුරාධපුර යුගයපාපන්දු ක්‍රීඩාවහෙද සේවයඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයඋපායමාර්ගික කළමනාකරණයදෙවන ලෝක යුද්ධයඊශ්‍රායලයමිනිත්තුවළගම්බා රජශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසසංස්කෘතියSLS ප්‍රමිති ලැයිස්තුවශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුවී බිස්සඅභිප්‍රේරණයසෙංකඩගල පෙරහැර මංගල්‍යයසිරිත් මල්දමකොළඹ විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවරනිල් වික්‍රමසිංහකොහාඑස්‌. මහින්ද හිමිඅකුණුශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියවැව්පාෂාණපංච මහා වාදරසායනික සූත්‍රයමන් රාගයපොළොන්නරුව පෞරාණික නගරයමාර්ටින් වික‍්‍රමසිංහඅපේ යාළු පුංචි භූතයා (2010 චිත්‍රපටය)ශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවකාලස් පුයිජ්දෙමොන්සිරිමාවෝ බණ්ඩාරනායකසිංහරාජ වනාන්තරය🡆 More