ගෘහ නිර්මාණ ශිල්පය

ගෘහ නිර්මාණ ශිල්පය යනු ගොඩනැගිලි හා අනෙකුත් ද්‍රව්‍යමය ආකෘතීන් නිර්මාණය කිරීමේ හා ඉදිකිරීමේ කලාව යි.

මිනිසා විසින් සාදන ලද ගොඩනැගිල්ලක් අවට පරිසර සමග සංකලනය වීමේ සිට ඉතා සියුම් වාස්තු විද්‍යාත්මක හා ඉදිකිරීමේ විස්තරයන් ද ඇතැම්විට ගෘහ භාණ්ඩ ද ඇතුළුව මෙය පුලුල් ව අර්ථකථනය කෙරේ. වාස්තු විද්‍යාත්මක සේවාවන් සැපයීමේ වෘත්තිය ද ගෘහ නිර්මාණ ශිල්පය ලෙස හැඳින්වේ.

tiny globe
බෲනෙලෙස්කි (Brunelleschi) නමැති ගෘහ නිර්මාණ ශිල්පියා ෆ්ලොරන්ස් හි ප්‍රධාන දේවස්ථානයේ කොත නිර්මාණය කිරීම මඟින් ගෘහ නිර්මාණ ශිල්පියෙකු ගේ කාර්යභාරයට හා තත්ත්වයට නව මුහුණුවරක් ගෙන දීමට සමත් විය.
tiny globe
ෆ්ලෝරන්ස් ප්‍රධාන දේවස්ථානයෙහි කොතෙහි හරස්කඩකි.

ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් ස්කන්ධය, අවකාශය, ස්වරූපය, පරිමාව, ස්වාභාවය (සෑදී තිබෙන ආකාරය), ආකෘතිය, ආලෝකය, සෙවනැලි වැනි දෑ මෙහෙයවීමෙන් හා වියදම්, ඉදිකිරීම් හා තාක්ෂණය වැනි දෑ උපයෝගී කරගනිමින් අවසානයේ සෞන්දර්යාත්මක වූත්, ක්‍රියාකාරී වූත්, කලාත්මක වූත් නිර්මාණයක් කරනු ලබයි. ඒ අනුව සලකා බැලුවිට ඉංජිනේරු විද්‍යාවෙන්, ගෘහ නිර්මාණ ශිල්පය වෙනස් වන්නේ ද්‍රව්‍ය හා හැඩ, ගණිතමය හා විද්‍යාත්මක මූලධර්ම වලට අනුකූලව නිර්මාණාත්මකව මෙහෙයවීම නිසාවෙනි.

නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට අමතරව සංවේදනය මුලික කොටගෙන කර්ණික, දෘශ්‍ය, ආඝ්‍රාණ හා ස්පර්ශක ගෘහ නිර්මාණ ශිල්පය ගොඩනැගී ඇත. අපගේ සංස්කෘතියෙහි ගෘහ නිර්මාණ ශිල්පය දෘශ්‍ය අත්දැකීමක් ලෙස සැලකුව ද අනෙකුත් සංවේදනයන් ද අපට ස්වාභාවික හා නිර්මිත පරිසරය අත්විඳීමට ඉවහල් වේ. සංවේදනයන් කෙරෙහි දක්වන්නා වූ ආකල්පය සංස්කෘතීන් අනුව වෙනස් වේ. නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය සංවේදන අත්දැකීම, අදහස්, භාෂාවන් හා උපකල්පනය වැනි දෑ වලින් එකිනෙකට බොහෝ සෙයින් වෙනස් වේ.

මෙවැනි නිර්මාණයන් සංස්කෘතික හා දේශපාලන සංකේත හා කලාත්මක නිර්මාණ වශයෙන් වෙන්කොට දැක්විය හැක. ආදි කාලීන ශිෂ්ටාචාර ප්‍රධාන වශයෙන් හදුනා ගැනෙන්නේ ඔවුන්ගේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ තුළිනි. ඊජිප්තුවේ පිරමීඩ හා රෝමයේ කොලෝසියම් වැනි ගොඩනැගිලි වැදගත් සංස්කෘතික සංකේතයන් වේ. විද්වතුන් විසින් පැරණි ශිෂ්ටාචාර වල සංකේතයන් පිළිබදව නොයෙකුත් විධි වලින් අනාවරණය කරගෙන තිබුණ ද එවැනි සංකේතයන් තමන්ගේ සංස්කෘතිය පිළිඹිබු කරන සංකේත ලෙස ජනතාවට ඉතා සමීප වේ. වර්තමානයේ දී විවිධ නගර, ප්‍රදේශ හා සංස්කෘතීන් ගේ අනන්‍යතාවය සඳහා නොයෙකුත් වාස්තු විද්‍යාත්මක ස්මාරක භාවිතා කෙරේ.

නූතන ගෘහ නිර්මාණ සංකල්ප

ලොව වටා සිටින ගෘහ නිර්මාණ ශිල්පීන් විසින්, අදාළ පරිසරයට සහ සහ සමාජීය සන්දර්භය ට ගැලපෙන පරිදි සිදුකරන ලබන විවිධ නූතන ගෘහ නිර්මාණ සංකල්ප, මේ වන විට ශ්‍රී ලංකාවේ ද ප්‍රචලිත වී ඇත. ඉන් සමහරක් පහත පරිදි වේ.

  • අවම වාදය
  • රළු බව
  • සමකාලීන
  • බොහිමියානු
  • මැදි-සියවස් නූතන
  • ටූඩර්
  • ගොතික්
  • මධ්‍යධරණී
  • නව සම්ප්‍රදායික
  • සංක්‍රාන්තික

අතීත ගෘහ නිර්මාණ සම්ප්‍රදායන් හා දැණුම

ආසියාතික

ඉස්ලාමීය

සටහන්

Architecture
Design concepts in architecture and interior design සංරක්ෂණය කළ පිටපත 2020-07-07 at the Wayback Machine ක්‍රිස්තියානි ගෘහ නිර්මාන ශිල්පයේ විකාශනය

Tags:

ගෘහ නිර්මාණ ශිල්පය නූතන ගෘහ නිර්මාණ සංකල්පගෘහ නිර්මාණ ශිල්පය අතීත ගෘහ නිර්මාණ සම්ප්‍රදායන් හා දැණුමගෘහ නිර්මාණ ශිල්පය සටහන්ගෘහ නිර්මාණ ශිල්පය

🔥 Trending searches on Wiki සිංහල:

සෙංකඩගල පෙරහැර මංගල්‍යයයාල ජාතික වනෝද්‍යානයදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයබුද්ධ චරිතයහරිත විප්ලවයඅග්නිදිග ආසියාවආනාපාන සති භාවනාවඩන්කන් වයිට්වැදි සාහිත්‍යයමහනුවර පාසල් නාමාවලියශ්‍රී ලංකාවේ පළාත් මල්ජයන්ති කුරු උතුම්පාලදඹදෙණිය යුගයකෘෂි කර්මාන්තයමුස්ලිම්ලේනාකිරි වෙහෙර, කතරගමකටුස්සාපරිගණක ඉතිහාසයසමනල කන්දධර්මදූත ලූක් තුමාශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවකඩොලාන පරිසර පද්ධතියසාම්ප්‍රදායික සිංහල විවාහශ්‍රී ලංකාවේ ආගමික පසුබිමහෙළ ගණන් ක්‍රමයපාපන්දු ක්‍රීඩාවශ්‍රී ලංකාවේ නර්තනයන්මහත්මා ගාන්ධිසිකුරු ග්‍රහලොවඅහිකුණ්ඨකඋපසර්ගශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවජලගැල්මමොණර කුඩුම්බියක්ෂුද්‍ර ජීවීන් සහ රෝගජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයඅනුර කුමාර දිසානායකභෛරවී රාගයනාසාබැක්ටීරියාඅර්ථයතුන් සිංහලේසුදු බිංදුමවළගම්බා රජරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවතත් වාද්‍ය භාණ්ඩපියයුරු සංසර්ගයනාට්‍ය කලාවස්නායු පද්ධතියකැලණිය රජ මහා විහාරයශ්‍රීලංකන් ගුවන් සේවයසුනාමිශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයදස මහා යෝධයෝජේතවනාරාමය, අනුරාධපුරසිංහයාප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)මනෝ විශ්ලේෂණවාදයශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියසිංහබාහු රජරූපවාහිනියේ ඉතිහාසයපළමුවන පරාක්‍රමබාහු රජපරිණාමයක්‍රිකට්සිංහල නිපාත පදමධ්‍යම සැකසුම් ඒකකයදාගැබ්සිංහල වෙදකමE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)කොහොඹා කංකාරියස්වාභාවික උපද්‍රවලේ ගැලීමඉබූලා වෛරස් රෝගයශ්‍රී ලංකා රුපියලමොස්කව්ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුව🡆 More