එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුව

එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා යනු එක්සත් ජනපදයෙහි රාජ්‍ය නායකයා සහ රජයේ ප්‍රධානියා වෙයි.

විධායක ශාඛාවෙහි ප්‍රධානියා සහ සමස්තයක් ලෙසින් ෆෙඩරල් රජයේ ප්‍රධානියා ලෙසින්, ජනාධිපතිධූරය යනු බලපුළුවන්කම හා පිළිගැනුම අතින් එක්සත් ජනපදයෙහි උසස්තම දේශපාලන තනතුර වෙයි. සිව්-වසරක ධූර කාලසීමාවකට මැතිවරණමය පර්ෂදයක් මගින් (හෝ එක් පුද්ගලයෙකුට ඡන්ද අතුරින් පරම බහුතරයක් ලබා දීමට මැතිවරණ පර්ෂදය අසමත්වූ අවස්ථාවකදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්) වක්‍රාකාර ලෙසින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලැබේ. 1951දී එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විසි-දෙවන සංශෝධනය අපරානුමත කිරීමෙන් පසුව, කිසිම පුද්ගලයෙක් ජනාධිපති වශයෙන් දෙවතාවකට වැඩි වාර ගණනක් තේරී පත්විය නොහැකි අතර, වෙන යම් අයෙකු තේරී පත්වූ ධූර කාලයක වැඩ බැලීම වසර දෙකකට වඩා වැඩි කාලයක් සිදු කල පුද්ගලයෙක් එක් වතාවකට වඩා වැඩි වාර ගණනක් තේරී පත්විය නොහැක. . ධූරන්ධර ජනාධිපතිවරයා මියයෑම, ඉල්ලා අස් වීම හෝ, තනතුරෙන් බැහැර කිරීම යන අවස්ථා වලදී, උප ජනාධිපතිවරයා තනතුරට පත් වෙයි. ජනාධිපතිවරයා අඩුම වශයෙන් වසර 35 ක වයසින් යුතු විය යුතු අතර එක්සත් ජනපදයෙහි "උපතින්ම රටවැසිභාවය" ලැබූවකු විය යුතුයි.

එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුව
ධවල මන්දිරය, ජනාධිපතිවරයාගේ නිල නිවහන සහ පරිපාලන කේන්ද්‍රය

මෙම ලැයිස්තුවෙහි අඩංගු වන්නේ, 1789 මාර්තු 4 වන දින බලාත්මකවූ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපරානුමත කිරීමෙන් පසුව, ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් පුද්ගලයන් පමණි . මෙම අපරානුමත කිරීමට පෙර සිටි ඇමරිකානු නායකයන් සඳහා කොන්ටිනෙන්ට්ල් කොංග්‍රසයේ ජනාධිපතිවරු බලන්න. එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විසි-පස් වන සංශෝධනය පරිදී පත් කෙරුණු වැඩබලන ජනාධිපතිවරුන් අතුරින් කිසිවකු මෙම ලැයිස්තුවෙහි අඩංගු නොවෙති.

ධූර ප්‍රාප්තව දිවුරුම් දුන් පුද්ගලයන් 43 දෙනෙකු සිටි අතර, ජනාධිපති ධූර 44 ක් තිබුණේ, ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් විසින් අනුගාමී-නොවන ධූර වාර දෙකක් හෙබවූ බැවින් 22වන හා 24වන ජනාධිපති ලෙසින් කාලානුරූපව සැලකෙන බැවිනි. ජනාධිපති වශයෙන් තේරී පත්වූ පුද්ගලයන් අතුරින්, සතරදෙනෙකු ධුරය හොබවද්දී ස්වභාවික හේතු නිසාවෙන් මිය ගිය අතර (විලියම් හෙන්රි හැරිසන්, සැකරි ටේලර්, වොරන් ජී. හාඩිං, සහ ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල්ට්), සතරදෙනෙක් ඝාතනය කෙරුණු අතර (ඒබ්‍රහැම් ලින්කන්, ජේම්ස් ඒ. ගාෆීල්ඩ්, විලියම් මැක්කින්ලි, සහ ජෝන් එෆ්. කෙනඩි) එක් අයෙකු ඉල්ලා අස්විය (රිචඩ් නික්සන්).

මැතිවරණමය පර්ෂදයෙහි ඒකඡන්ද අනුමැතිය අනුව, ප්‍රථම ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් 1789 දී ධූර සම්ප්‍රාප්තක විය. විලියම් හෙන්රි හැරිසන් 1841දී කෙටිම ධූර කාලයවූ දින 32 ක් හෙබවූ අතර, ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල්ට් වසර දොළොසකට වඩා වැඩිවූ දීර්ඝතම ධූර කාලය හෙබවූ මුත් 1945දී ඔහුගේ සතරවන ධූර කාලය ඇරඹී කෙටි කලකින් මිය ගියේය. ධූර වාර දෙකකට වඩා සේවය කල එකම ජනාධිපතිවරයා වූයේ ඔහු වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගනු ලැබුවේ මෙය නැවත සිදු වීම වලක්වා ලීම සඳහාය. ඉඩම්-හිමි-නොවන්නන් ඡන්දය දීමෙන් වලකන බොහෝ නීති 1828 දී අවලංගු කිරීමෙන් පසුව සියළු පංති වල පුරුෂයන් විසින් තෝරා පත් කර ගන්නා ලද පළමුවැන්නා, සත්වන ජනාධිපති ඇන්ඩෲ ජැක්සන් විය. 1920දී කාන්තාවන් ඡන්ද ප්‍රකාශ කිරීමේ හිමිකම් ලැබීමෙන් පසු තේරී පත්වූ පළමු වැන්නා වොරන් හාඩිං විය. සිවිල් අයිතිවාසිකම් යුග ප්‍රතිසංසකරණ තුලින් සුළුතර ඡන්ද මර්දනය කල නීති ඉවත් කිරීමෙන් පසුව 1964දී තේරී පත්වූ පළමුවැන්නා ලින්ඩන් ජොන්සන් විය. ජනවරම නොලැබුනද මැතිවරණමය පර්ෂදය තුල ලද ජයග්‍රහණය නිසා පදවි ප්‍රාප්ත වූ ජනාධිපතිවරුන් සතරදෙනෙක් - ජෝන් කිවු. ඇඩම්ස්, රදර්ෆර්ඩ් බී. හේස්, බෙන්ජමින් හැරිසන් සහ ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් - පිළිබඳ ඉතිහාසයේ සඳහන් වෙයි. රෝමානු කතෝලික ලම්ධිකයෙක්වූ එකම ජනාධිපතිවරයා ජෝන් එෆ්. කෙනඩි වූ අතර, වර්තමාන ජනාධිපති, බැරක් ඔබාමා, අප්‍රිකානු ඇමරිකානුවකු වන පළමු ජනාධිපති වෙයි.


ජනාධිපතිවරු

      අනුබද්ධ-විරහිත (2)            ෆෙඩරලිස්ට් (1)            ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් (4)           ඩිමොක්‍රටික්] (15)           විග් (4)           රිපබ්ලිකන් (19)           නැෂනල් යූනියන් (2)
ජනාධිපති ධුරය ජනාධිපතිවරයා පෙර නිලය පක්ෂය ධූර වතාව උප ජනාධිපතිවරයා
1 අප්‍රේල් 30, 1789


මාර්තු 4, 1797
එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුව  ජෝර්ජ් වොෂිංටන්
1732–1799
(දිවි ගෙවීම: 67 වසර)
කොන්ටිනෙන්ටල්
යුද්ධ හමුදාවෙහි
ආඥාපතිවරයා

(1775–1783)
  අනුබද්ධ-නොමැති
(1788–89)
1
(1789)
ජෝන් ඇඩම්ස්
(1792)
2
(1793)
2 මාර්තු 4, 1797

මාර්තු 4, 1801
එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුව  ජෝන් ඇඩම්ස්
1735–1826
(දිවි ගෙවීම: වසර 90)
එක්සත් ජනපදයෙහි
පළමුවන උප ජනාධිපතිවරයා
ෆෙඩරලිස්ට් (1796)
3
(1797)
තෝමස් ජෙෆර්සන්
3 මාර්තු 4, 1801

මාර්තු 4, 1809
එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුව  තෝමස් ජෙෆර්සන්
1743–1826
(දිවි ගෙවීම: වසර 83)
එක්සත් ජනපදයෙහි
2වන උප ජනාධිපතිවරයා
ඩිමොක්‍රටික්-
රිපබ්ලිකන්
(1800)
4
(1801)
ඒරන් බර්
මාර්තු 4, 1801මාර්තු 4, 1805
(1804)
5
(1805)
ජෝර්ජ් ක්ලින්ටන්
මාර්තු 4, 1805මාර්තු 4, 1809
4 මාර්තු 4, 1809

මාර්තු 4, 1817
එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුව  ජේම්ස් මැඩිසන්
1751–1836
(දිව ගෙවීම: වසර 85)
එක්සත් ජනපදයෙහි
පස්වන රාජ්‍ය ලේකම්
(1801–1809)
ඩිමොක්‍රටික්-
රිපබ්ලිකන්
(1808)
6
(1809)
ජෝර්ජ් ක්ලින්ටන්
මාර්තු 4, 1809අප්‍රේල් 20, 1812
(නිලයේදී මිය ගියේය)
නිලය හිස්ව පැවතිණි
(ක්ලින්ටන්ගේ ධූර කාලයෙහි ඉතිරිය)
(1812)
7
(1813)
එල්බ්‍රිජ් ජෙරී
මාර්තු 4, 1813නොවැම්බර් 23, 1814
(නිලයේදී මිය ගියේය)
නිලය හිස්ව පැවතිණි
(ජෙරීගේ ධූර කාලයෙහි ඉතිරිය)

සටහන්

ආශ්‍රිත


බාහිර සබැඳි

Tags:

එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුව ජනාධිපතිවරුඑක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුව සටහන්එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුව ආශ්‍රිතඑක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුව බාහිර සබැඳිඑක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවඑක්සත් ජනපදඑක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඑක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයඑක්සත් ජනපදයේ ජනාධිපතිවරයාමැතිවරණමය පර්ෂදය (එක්සත් ජනපදය)රාජ්‍ය නායකයා

🔥 Trending searches on Wiki සිංහල:

බුද්ධඝෝෂ හිමිඑක්සත් රාජධානියකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයබටතොට ලෙනහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ක්‍ෂීරපායි සත්තුආදිවාසීන්සිංහබාහු රජශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවසරම්පනිල්ලක්ගම බෝධි ඝරයස්වාභාවික උපද්‍රවධර්ම සංගායනාපියයුරු සංසර්ගයවැලිවිට සරණංකර හිමිමහාභාරතයකහඇසතෙරේසා මවුතුමියටයිටැනික් (නෞකාව)දුටුගැමුණු රජපෘථිවියෙහි භ්‍රමණයඅනුරාධපුර ජේතවනාරාමයබිලාවල් රාගයගෝලයජලභීතිකාවඅහිකුණ්ඨකභූගෝල විද්‍යාවශ්‍රී ලංකාවේ ඉතිහාසයජනතා විමුක්ති පෙරමුණදමිතා අබේරත්නඇල්බර්ට් එලිස්ත්‍රිපිටකයකැලණිය රජ මහා විහාරයඅනුරාධපුර යුගයගුවන්විදුලියශ්‍රී ලංකාවේ ජනාධිපතිඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්දාගැබ්උපත් පාලන කොපුපන්සල් වචනශ්‍රී ලංකා නාවික හමුදාවශ්‍රී ලංකාවේ අධ්‍යාපනයසිංහල අක්ෂර වින්‍යාසයරාවණා රජආනාපාන සති භාවනාවනාසාඉන්දියාවේ ඉතිහාසයඡායාරූප ශිල්පීදළදා පෙරහැරචර්යා විද්‍යාවඑල්ලේමාර්ටින් වික්‍රමසිංහවිපස්සනාවශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයඑච්. ඇල් ද සිල්වාශ්‍රී ලංකා නිදහස් පක්ෂයජන කවිවිල්හෙල්ම් වුන්ඩ්පදාර්ථයරාජ්‍ය නොවන සංවිධානදියවැඩියාවෙහි රෝග ලක්ෂණශ්‍රී ලංකාවේ ආර්ථිකයශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියගුණ කිරීමේ වගුවශ්‍රී ලංකා මහ බැංකුවශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයආනන්ද කුමාරස්වාමිසෙනසුරු ග්‍රහලොවසාහිත්‍යයශ්‍රී ලංකා‍ අලියාත්‍යාග (නීතිය)රුසියාවඩොල්ෆින්අනුරාධපුර පෞරාණික නගරයලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්වන්නම්🡆 More